Wednesday, January 13, 2010
දැන් අවදිවන්න.......
ඔබ ඔබ සුන්දර සිහින දකිමින් සිටින්නේද? එසේ නම් දැන් අවදිවන්න
ජනපතිවරණය දිනෙන් දින ළං වෙමින් තිබේ ඒ සමගම ජනතාවට ලබාදෙන සහන පොරොන්දු ද ඉහළ ගොස් ඇත. ජනාධිපතිවරණ වේදිකාවලදී ප්‍රධාන ජනපති අපේක්ෂකයන් දෙදෙනාම ලබාදුන් නොයෙකුත් සහන පොරොන්දු පිළිබඳව අප මීට පෙරද සාකච්ඡා කළෙමු. එහෙත් දැන් අපට මේ ජනාධිපතිවරණයේ සහන පොරොන්දු පිළිබඳව වඩාත් නිශ්චිතව කතා කිරීමට හැකියාව ඇත. එයට හේතුව නම් ප්‍රධාන ජනපති අපේක්ෂකයන් දෙදෙනාගේම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වන විට ජනතාව හමුවට ඉදිරිපත් කර තිබීමයි. පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය නම් කර ඇත්තේ "විශ්වසනීය වෙනසක්" නමිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්රකාශනය හඳුන්වාදී ඇත්තේ "මහින්ද චින්තන ඉදිරි දැක්ම" ලෙසය. මේ ලිපියෙන් අපගේ අවධානය යොමුවන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්රකාශනයේ අන්තර්ගත වන පොරොන්දු සහ ඒවා ඉටුකරගැනීමට යැමේදී මුහුණදීමට සිදුවන යථාර්ථය පිළිබඳවයි.
"විශ්වසනීය වෙනසක්" නමින් ඉදිරිපත්ව ඇති ජෙනරාල් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය මූලික කරුණු දහයකින් සමන්විතව සංක්ෂිප්තව ඉදිරිපත් කර ඇත. මෙය ඉදිරිපත් කරමින් කතා කළ සරත් ෆොන්සේකා මහතා පැවසුවේ මෙය සියලු ජනවාර්ගික හා ආගම්වලට අයත් ජනතාවට පිළිගත හැකි මෙරට සියලුම අංශ පිළිබඳව සලකා බැලූ රටේ අනාගතය තීරණය කරනු ලබන ස්ථිර ප්‍රතිපත්ති ප්රකාශනයක් බවයි. ආර්ථිකමය වශයෙන් බැලීමේදී රජයට (මහජනතාවට) අතිවිශාල වියදම් දරන්නට සිදුවන සහ ආදායම් අඩුවීමට තුඩු දෙන යෝජනා මෙහි අන්තර්ගතව ඇත. මහින්ද චින්තන ඉදිරි දැක්මේද එවැනිම යෝජනා ඇතුළත්ව තිබේ. ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් විසින් ලබාදෙනවා යෑයි කියන සහන පොරොන්දු පිළිබඳව සාකච්ඡා කිරීමේදී එම එක් එක් කාරණා පිළිබඳව වෙන වෙනම කතා කිරීමට ප්‍රථම මෙකී සහන පොරොන්දුවල පොදු යථාර්ථය ගැන අපි මුලින්ම හඳුනාගැනීම වැදගත්ය.
කවුරු බලයට පත් වුවත් තමන් ජනතාවට ඉදිරිපත් කළ පොරොන්දු ඉටුකිරීමට යැමේදී යම් වියදමක් දැරීමට රජයට සිදුවෙනවා නම්, එසේත් නැතහොත් යම් ආදායම් අහිමිවීමක් සිදුවෙනවා නම් මේ බර දරනු ලබන්නේ කවරෙක්ද යන්න අප හඳුනා ගැනීම වැදගත්ය. අවසානයේ සියලුම රාජ්‍ය වියදම් දරනු ලබන්නේ මහාභාණ්ඩාගාරයයි. මහාභාණ්ඩාගාරයට ආදායම් රැස්කර ගනු ලබන්නේ මහජනයා ගෙවනු බදු මුදල් වලිනි. බදු හා බදු නොවන ආදායම් වලින් රාජ්‍ය ආදායම සමන්විත වන අතර මෙම රාජ්‍ය ආදායමෙන් සියයට 90 ක් පමණ වන වැඩි කොටස රජය උපයා ගන්නේ බදු ආදායම් වශයෙනි. මේ නිසා කුමන රාජ්‍ය වියදමක් දැරුවද ඒ සඳහා රජය විසින් වියදම් කරනු ලබන්නේ මහජනතාව ගෙවන බදු මුදල්ය. ඒ නිසා කවර ජනපති අපේක්ෂකයකු විසින් කවර සහන පොරොන්දුවක් ලබාදුන්නත් ඒ සඳහා වියදම් දරන්නේ අපයි. එනම් මහජනතාවයි. ඒ නිසා සහන පොරොන්දුවලින් උද්ධාමයට පත්ව සිටින ජනයා තේරුම් ගත යුතුවන්නේ "යමක් දෙනවා" යන්නෙහි තේරුම ඊට සමාන මුදලක් යළි අපෙන් ලබා ගන්නවා යන්න බවයි.
මෙහිදී තේරුම් ගත යුතු තවත් වැදගත් දෙයක් තිබේ. එනම් යම් සහන පොරොන්දුවක් නිසා අදාළ රාජ්‍ය වියදම දරන්නේ යම් පිරිසක් වෙනුවෙන් වුවද, ඒ සඳහා වන වියදම සොයා ගනු ලබන්නේ සමස්ත මහජනතාවගෙන් වීමයි. සමස්ත මහජනතාවගෙන් බදු වශයෙන් මේ මුදල් උපයා ගත යුතු වෙයි. ඒ නිසා ඔය කවුරු කවුරුත් දෙනවා කියන ප්‍රමාණයටම නැවතත් අපෙන් ලබා ගන්නවා කියන එකද අප අමතක කළ යුතු නැත. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ දිනන්නට නොයෙකුත් කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් සහන පොරොන්දු ලබාදෙයි. එම සහන හිමිවන පිරිස් මේ නිසා සතුටට පත් වුවද ඒ වියදම අප විසින් දැරිය යුතු බව, එසේත් නැත්නම් බදු හරහා ඒ වියදම් නැවත අපෙන්ම අයකර ගන්නා බව ඉතාමත්ම පැහැදිලි සරල සත්‍යයකි.
නාස්තිය දූෂණය නැති කොට ඇමැති මණ්ඩලය අඩුකර මේ සහන ලබාදීම සඳහා මුදල් සොයා ගත හැකි බවටද කරුණු ඉදිරිපත්ව ඇත. නාස්තිය හා දූෂණය මුලිනුපුටා දැමීම කෙසේ වෙතත් එය හැකිතාක් අවම මට්ටමක් දක්වා උපරිම ලෙස අඩුකර ගැනීම ඉතා හොඳ දෙයකි. එය කළ යුතුමය. රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන නාස්තිය "දූෂණය" වංචා සහ අක්‍රමිකතා පිළිබඳව පුවත්පත්කලාවේදීන් වශයෙන් අප ඕනෑ තරම් සාකච්ඡා කර තිබේ. විවේචන ඉදිරිපත් කර තිබේ. ඒ නිසා නාස්තිය හා දූෂණය සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමීමෙන් වුවද ඔය කියන සහන පොරොන්දු ඉටුකළ හැකිද සහ එසේ කළ යුතුද යන්න වෙනම ප්‍රශ්නයක් වුවත්, නාස්තිය හා දූෂණය නැති කිරීම සඳහා දැඩි පියවර ගැනීම ඉතාමත්ම අත්‍යාවශ්‍ය දෙයකි. මෙසේ නාස්තියට දූෂණයට ලක්වන සෑම රුපියලක්ම මහජන මුදල්වීම ඊට හේතුවයි. මහජනයාගේ රුපියලක්වත් නාස්තියට, දූෂණය වන්නට ඉඩ දිය යුතු නැත.
එබැවින් අල්ලස හා දූෂණය සමග සටන් කිරීම සඳහා ප්‍රමාණවත් බලතල ඇති වඩාත් ශක්තිමත් නව ආයතනයක් පිහිටුවන බවටද, දූෂණයට වරදකරුවන්වූ අයගේ අයථා ලෙස උපයා ගත් දේපොළ රාජසන්තක කරන බවටද ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇති සඳහන අපි අගය කරමු. සියලුම මහජන මුදල් විගණනය කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන බවද එහි සඳහන්ය. මහජන මුදල් නාස්තියට දූෂණයට යටවීම වැළැක්වීම සඳහා මෙවැනි පියවර ගැනීම ඉතා වැදගත් බව අපිදු කියා සිටිමු. දූෂිතයන්ට එරෙහිව පියවර ගැනීමේදී පක්ෂ භේදයෙන් තොරව නීති ප්‍රකාරව සාධාරණව කටයුතු කිරීමද වැදගත්ය. ජනපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වන දේශපාලන බලවේගවල දූෂිතයන් සිටින්නේ නම් ඒ අයටද ඔය කියන දැඩි දඬුවම් ලබාදීම සහ දේපල රාජසන්තක කිරීම එක ලෙසම ක්‍රියාත්මක කළ යුතුමය.
සමස්ත ඇමැති මණ්ඩලයට වැය වන්නේ රුපියල් කෝටි 230 ක් පමණ වූ මුදලකි. ඒ නිසා සමස්ත ඇමැති මණ්ඩලයම ඉවත් කළත් ඉතුරු කර ගත හැකි වන මුදල රුපියල් කෝටි 230 කි. මීළඟට ජෙනරාල්ගේ සහන පොරොන්දු ඉටු කිරීමේදී මහා පරිමාණ වැට් බදු වංචාවෙන් සහ හෙජින් ගිවිසුම් වලින් රටට අහිමිවන මුදල් ද ප්‍රයෝජනයට ගන්නා බව පැවසෙයි. වැට් බදු වංචාව සම්බන්ධයෙන් දැනට මහාධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතියි. අධිකරණ ක්‍රියාවලිය අවසානයේ ලැබෙන තීන්දු තීරණ වලින් සිදුවන දෙයක් හැරෙන්නට එම අධිකරණ ක්‍රියාවලියට පිටින් ගොස් මහාපරිමාණ වැට් බදු වංචාවෙන් රටට අහිමි වූ මුදල ලබාගත හැකි ක්‍රමයක් තිබේ යයි අපට සිතා ගත නොහැකිය. අවශ්‍ය නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වංචනිකව ලබාගත් මුදල් නැවත අයකර ගැනීමට එම දෙපාර්තමේන්තුවට නැවත තක්සේරු නිකුත් කළ හැකිය. එහිදීද ඒවා අයකර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ගයන්ට යැමටද සිදුවිය හැකිය. එසේම සත්‍ය වශයෙන් නොපවතින ආයතනවලට පවා වැට් බදු ආපසු ගෙවීම් සිදු කර, ඒවායේ වගකිව යුත්තන් හඳුනා ගැනීමේ ලිපි ලේඛන ද දැන් අස්ථාන ගතකර ඇති නිසා වැට් බදු වංචාවට වගකිව යුත්තන් සොයා ගැනීමේ දුෂ්කරතා ද පවතියි. මේ නිසා ජෙනරාල් ජනපති වුවත් ඔහුට වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමේ අවංක වුවමනාවක් තිබුණත් වැට් බදු වංචාවේ මුදල් ඔය කියන ඉලක්කම්වලින්ම යළිත් ආර්ථිකයට ලැබෙන්නේ නැත. හෙජින් ගිවිසුම් වලට අනුව අප තවදුරටත් ගෙවිය යුතු මුදල් නොගෙවීමට තීරණයක් ගත හොත් අපට සිදුවන පාඩුවක් වළක්වා ගත හැකිව තිබුණත්, ඒ නිසාද ආර්ථිකයට අලුතින් එකතු වන මුදලක් නැත. මේ නිසා ඇමැති මණ්ඩලය අඩුකිරීමෙන් වැට් වංචාවේ මුදල්වලින් සහ හෙජින් ගිවිසුම් නිසා අහිමි වන මුදල් යනාදියෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක් ලබාදීම ඇතුළු ජෙනරාල්ගේ සහන පොරොන්දු ඉටුකළ හැකිය යන්න ඇත්තක් නොවේ. මේ වංචාවල මුදල් ලබාගෙන පොරොන්දු ඉටු කළ නිසා මහජනයාට බරක් නොපැටවෙන බව මේ අය පෙන්වා දුන්නත් එය යථාර්ථයක් නොවන බව පැහැදිලිය.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 කින් වැටුප් වැඩිකිරීමේ යෝජනාව පමණක් සලකා බැලුවත් ඇත්ත තත්ත්වය අපට වටහා ගත හැකිය. දැනට ලක්ෂ 12 ක පමණ රාජ්‍ය සේවක පිරිසක් සිටින නිසා, රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 කින් වැටුප් වැඩිකිරීමට වසරකට වැය වන මුදල රුපියල් බිලියන 144 කි. එනම් රුපියල් කෝටි 14400 කි. ඇමැති මණ්ඩලය සම්පූර්ණයෙන්ම අහෝසි කළද ඉතුරුවන්නේ රුපියල් කෝටි 230 කි. වැට් බදු වංචාවේ සහ හෙජින් ගිවිසුම් නිසා අහිමිවන්නේ යෑයි සඳහන් වන රුපියල් කෝටි දහස් ගණනක මුදල, ජෙනරාල් බලයට පත්වුවද, ඒ ප්‍රමාණයෙන්ම යළි ආර්ථිකයට නොලැබෙන බව ප්‍රායෝගික ඇත්ත වුවත්, අපට පෙන්වන "සුන්දර සිහිනය" අනුවම එම සියලු මුදල් වහාම 2010 වසර තුළදී ආර්ථිකයට ලැබෙන්නේ යෑයි අපි සිතමු. එසේ සිතා රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 කින් වැටුප් වැඩිකිරීම ඇතුළු සහන පොරොන්දු එක් වසරකදී ඉටු කළා යෑයිද සිතමු. ඊට පසුව එන වසර වලදී මේ වියදම් සඳහා මුදල් සොයාගන්නේ කෙසේද? රාජ්‍ය දේපළ විකිණීම, ජනතාව මත තව තවත් අසීමිතව බදු පැනවීම, වඩ වඩාත් රාජ්‍ය ණය ගැනීම් සිදුකිරීම සහ මුදල් අච්චු ගැසීම යන ක්‍රියාමාර්ගවලින් හැර මේ පොරොන්දු ඉටු කළ හැකි වෙනත් ක්‍රමයක් නැත. එම ක්‍රියාමාර්ගයන් අනුගමනය කළහොත් උද්ධමනය ඉහළ යාම ඇතුළු සිදුවන අහිතකර ප්‍රතිඵල අපි දනිමු. එවිට උද්ධමනය අඩුකරව්, බඩුමිල පහත හෙලව්, බදු බර අඩුකරව් සහ රාජ්‍ය දේපළ විකිණීම වහා නවතව් කියා යළිත් සටන් පාඨ කීමට ජනතා විමුක්ති පෙරමුණට පුළුවන. එහෙත් අප කියන්නේ කිසි ලෙසකින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි නොකළ යුතු බව හෝ රජයක් විසින් ජනතාවට කිසිදු ලෙසකින් සහන ලබා නොදිය යුතු බව නොවේ. ජෙනරාල් සරත් ෆොන්සේකා බලයට පත් වුවත් මහින්ද රාජපක්ෂ මහතා යළි ජනාධිපති වුවත් රජයේ නිල ආර්ථික උපදේශක වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. ශ්‍රී ලංකා මහබැංකුව විසින් "මෑතකාලීන ආර්ථික ප්රවණතා" මැයෙන් නිකුත් කළ නවතම වාර්තාවේ 42 වන පිටුවේ මෙසේ සඳහන්වේ.
"ඵලදායිතාවයෙහි වැඩිදියුණු කිරීම් සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් රහිතව රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම අහිතකර රාජ්‍ය මූල්‍ය ප්‍රතිවිපාක සහ වැටුප් - මිල දඟරය තුළින් උද්ධමනය මත පීඩනයක් ඇති කරයි. අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක අවශ්‍යතාවය පවතින පරිසරයක රාජ්‍ය අංශයේ වැටුප්වල සැලකිය යුතු ඉහළ නැංවීමකට ඉඩ සැලසීම එතරම් ඥනාන්විත නොවේ."
ඒ නිසා රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට මහජනතාව දරණ වියදමට සාපේක්ෂව රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීමට, රාජ්‍ය සේවයේ ඵලදායිතාව වැඩිකර ගැනීමට නිසි වැඩපිළිවෙළක් නැත්නම් මහජනතාව දරණ වියදමට හරියන ප්‍රතිලාභයක් පෙරළා මහජනයාට ලැබෙන්නේ නැත. එවැනි පසුබිමක ජෙනරාල් ෆොන්සේකා සහන ලබාදුන්නත් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහන ලබාදුන්නත් ඒවායේ බර දරන්නේ මහජනතාවයි. එවැනි සහනවලින් වනු ඇත්තේ සමස්ත පොදු ජනයාගේ අසහනය තව තවත් වර්ධනය වීමයි. ඒ නිසා යම් කිසි කොටසකට සහන සැලසීමෙන් සමස්ත මහජනයා අසහනයට පත්වන්නේ නම් එවැනි සහනවලින් ඇති වැඩේ කුමක්ද? "විශ්වසනීය වෙනස" ගැන පමණක් නොව "මහින්ද චින්තන ඉදිරි දැක්ම" ගැනද අපට කියන්නට ඇත්තේ මේ ටිකමය.
නාස්තියට, දූෂණයට ලක්වන සෑම රුපියලක්ම මහජන මුදල් නිසා අවසාන වශයෙන් මේ දෙයද කිව යුතුය. එනම් ඇමැති මණ්ඩලය අඩුකිරීමෙන් ඉතුරු වන මුදල් වලින් සහන පොරොන්දු ඉටුකිරීම යථාර්ථයක් නොවුණත් පවතින අසීමිත ඇමැති මණ්ඩලය අඩු කළ යුතුමය. වැට් වංචාව, ෙද්‍රහී හෙජින් ගිවිසුම්වලට වගකිව යුත්තන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුමය. මේවාට වගකිව යුත්තන්ගේ දේපළ රජයට පවරාගෙන හෝ වංචා කළ මහජන මුදල් හැකි උපරිම ප්‍රමාණයක් දක්වා නැවත ලබාගැනීමටද පියවර ගත යුතුමය. හෙජින් ගිවිසුම්වලින් රටට සිදුවන පාඩුවද වළකා ගත යුතුමය. ඒ ගැන කිසිදු තර්කයක් නැත. ඉදිරි ජනාධිපතිවරණය හමුවේ ජනපති අපේක්ෂකයන් ලබාදී ඇති පොරොන්දු වලින් ඔබ සුන්දර සිහින දකිමින් සිටිනවා විය හැකිය. ඔබ දැන් ඇත්ත දනී. එසේ නම් අවදි වන්න. සුන්දර සිහින ලෝකයෙන් පියවි ලෝකයට පිවිසෙන්න. දකිමින් සිටින්නේද? එසේ නම් දැන් අවදිවන්න

නාස්තියට, දූෂණයට ලක්වන සෑම රුපියලක්ම මහජන මුදල් නිසා අවසාන වශයෙන් මේ දෙයද කිව යුතුය. එනම් ඇමැති මණ්ඩලය අඩුකිරීමෙන් ඉතුරු වන මුදල් වලින් සහන පොරොන්දු ඉටුකිරීම යථාර්ථයක් නොවුණත් පවතින අසීමිත ඇමැති මණ්ඩලය අඩු කළ යුතුමය. වැට් වංචාව, ෙද්‍රහී හෙජින් ගිවිසුම්වලට වගකිව යුත්තන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුමය. මේවාට වගකිව යුත්තන්ගේ දේපළ රජයට පවරාගෙන හෝ වංචා කළ මහජන මුදල් හැකි උපරිම ප්‍රමාණයක් දක්වා නැවත ලබාගැනීමටද පියවර ගත යුතුමය. හෙජින් ගිවිසුම්වලින් රටට සිදුවන පාඩුවද වළකා ගත යුතුමය. ඒ ගැන කිසිදු තර්කයක් නැත. ඉදිරි ජනාධිපතිවරණය හමුවේ ජනපති අපේක්ෂකයන් ලබාදී ඇති පොරොන්දු වලින් ඔබ සුන්දර සිහින දකිමින් සිටිනවා විය හැකිය. ඔබ දැන් ඇත්ත දනී. එසේ නම් අවදි වන්න. සුන්දර සිහින ලෝකයෙන් පියවි ලෝකයට පිවිසෙන්න.
ශ්‍යාම් නුවන් ගනේවත්ත