.

Wednesday, January 13, 2010

ලෝකයේ අවධානයට.....

වැඩි අවධානයක්‌ යොමු කළ යුතු සත්ත්ව විශේෂ දහය

ලෝක වනජීවී අරමුදල (WWF) මඟින් ජෛවවිවිධත්ව වර්ෂය වන 2010 වර්ෂයේ දී ලෝකයේ අවධානයට ලක්‌ විය යුතු ඉතා දැඩි ලෙස තර්ජනයට ලක්‌ වී ඇති සත්ත්ව විශේෂ 10ක ලේඛනයක්‌ ප්‍රකාශයට පත් කර තිබේ. මේ ජී¨වී විශේෂ 10 අතර අංක එකට ඇතුළත් වන්නේ ව්‍යාඝ්‍රයා ය. ඒ හැර හිම වළසා, පැසිෆික්‌ වෝල්රස්‌, පෙන්ගුවින් විශේෂයක්‌, දාර කැස්‌බෑවා, බල මාළු විශේෂයක්‌, කඳුකර ගෝරිල්ලා, මොනාක්‌ සමනළයා, ජාවා රයිනෝසිරස්‌, හා මහා පැන්ඩා යන සත්තු ද මේ ලේඛනයට ඇතුළත් වෙති. මේ සත්ත්ව විශේෂ ලෝකයේ විවධ ප්‍රදේශවල දී විවිධ ආකාරයෙන් හා විවිධ හේතු නිසා තර්ජනයට ලක්‌ වී ඇත. එAවා අතර දඩයම, දේශගුණ වෙනස්‌ වීම, වාසස්‌ථාන අහිමි වීම වැනි හේතු ඇත.

ලෝකයේ ජීවත් වන මුළු ව්‍යාඝ්‍රයන් (panthara tigers) ගණන 3200ක්‌ තරම් සුළු ප්‍රමාණයක්‌ බව මෑත කාලයේ සිදු කරන ලද පර්යේෂණවලින් හෙළි වී ඇත. මේ සත්ත්ව විශේෂයට ඇති විවධ තර්ජන අතර දඩයම හා දේශගුණ වෙනස්‌ වීම මුල් තැනක්‌ ගනී. අද ලෝකයේ ව්‍යාඝ්‍රයන් ජීවත් වන භූමි ප්‍රදේශය අතීතයේ ඔවුන් වාසය කළ භූමි ප්‍රදේශයෙන් සියයට 7ක්‌ තරම් අඩු ප්‍රමාණයකට සීමා වී ඇත. ලෝකයේ ජීවත් වන ප්‍රධාන ව්‍යාඝ්‍ර උප විශේෂ නවයක්‌ අතරින් තුනක්‌ මේ වන විටත් වඳ වී ගොස්‌ තිබේ.