\
ඩබ්ලින් හොර උසාවියේ සභාපති ප්රැන්කොයින් හව්ටාට් සහ හොර තීන්දුව ඇසීමට පැමිණි විදේශිකයන් පිරිසක්.
ලෝකයේ අතිශයින්ම ලාභදායක කර්මාන්තයක් වන්නේ එන්.ජී.ඕ. හෙවත් රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවා ගැනීමයි. මේ සඳහා අවශ්‍ය වන්නේ සුද්දන් හෙවත් විදේශිකයන් කීපදෙනකු පමණි. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පිහිටුවාගත් අයිරිශ් පෝරම් ෆොa පීස් ඉන් ශ්‍රී ලංකා නමැති සංවිධානය ද එවැන්නකි. ශ්‍රී ලංකාවේ සාමය සඳහා වූ අයිරිශ් සංසදය නමැති මේ විදෙස් රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරියා ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තෙකි.
පසුගිය 14 සහ 16 යන කාලසීමාවේදී මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයා ඩබ්ලින් නුවර ත්‍රිත්ව විදුහලේදී ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට තහවුරු කිරීම සඳහා හොර උසාවියක් මෙහෙය වනු ලැබීය.
කොටි ඝාතක සමාගම නඩු ඇසීමට හොර නඩුකාරයන්ව පත් කිරීමට ක්‍රියාකර කැන්ගරු උසාවි පිහිටුවූ ආකාරයටම ඩබ්ලින් හොර උසාවියක් පවත්වා ඇත. එය පුදුමයක් නොවේ. පැමිණිලිකරු හා විනිශ්චයකරු ද ලෙස කටයුතු කරමින් විදේශ මුදල් මත යෑපෙන මෙම අයිරිශ් රාජ්‍ය නොවන සංවිධානය මෙහෙයවූ හොර උසාවිය පසුගිය සෙනසුරාදා තම තීරණ ප්‍රකාශයට පත් කරමින් යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගකිවයුතු යෑයි කියා සිටියේය.
මේ බව පවසා ඇත්තේ එකී හොර උසාවියේ සභාපති ප්රැන්කොයින් හව්ටාට් නමැත්තාය. ශ්‍රී ලංකා රජය යුද අපරාධවලට වරදකරු හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට වරදකරු බවත් එසේම සාම සාකච්ඡා බිඳවැටීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ජාත්‍යන්තර ප්‍රජාව වගකිවයුතු බවටත් මොහු විසින් තීරණය කර ඇත.
එසේම ශ්‍රී ලංකා හමුදාව සහ කොටි අතර අවසාන සමයේදී සිදුවූ යුද අපරාධ ගැන සෙවීමට එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමකට ඉඩදිය යුතු බවත් කඳවුරුවල සිටින 11000 කට අධික පිරිස නිදහස් කළ යුතු බවත් එකී හොර උසාවිය විසින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත. මෙයට අමතරව යුද අපරාධ ගැන සෙවීමට පත් කළ හොර උසාවිය ද්‍රවිඩ ජනතාව මුළුමණින්ම සහභාගි කරගෙන දේශපාලන විසඳුමක් දිය යුතු යෑයි ද පවසා තිබේ.
මේ අයර්ලන්ත හොර උසාවිය හමුවට බොරු සාක්කිදීමට ද පිරිසක් ඉදිරිපත් වී තිබිණි. මෙහිදී ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැති එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයා කොටි රූකඩය වූ බී.බී.සී. සේවාවට ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් ද සාක්ෂි ඉදිරිපත් කර ඇතැයි ප්‍රකාශ කර ඇත.
අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලයත් ඩබ්ලින් නගර විශ්වවිද්‍යාලයත් අරමුදල් සපයමින් පැවැත්වූ මේ හොර උසාවිය අයි.ආර්.එA. සංවිධානයට එරෙහි බ්‍රිතාන්‍ය හමුදාව සිදු කළ මෙහෙයුම් හා බ්‍රිතාන්‍ය හමුදාව ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන් ඝාතනවලට සම්බන්ධවීම ගැන මෙතෙක් කිසිම විමර්ශනයක් කර නැත.
මෙකී හොර උසාවියට සම්බන්ධ හොර නඩුකාරයන් පිරිස මෙසේයි. ප්රැන්කොයින් හව්ටාට්, රාජින්දර් සචාර්, නඩාල් එල් සදාවි, පුලන් සිවරුක්ය. ඩෙනිස් හැලිඩේ, ගියන්ති ටොන්කොන් ඩැනියෙල් පෙයින්ටෙයින් ටේරි ලෝලර, ඔයිස්ටින් ටුවේටර්, එරාග් නෙස්ත්මින්.
මින් සමහරුන්ට තම රටේ පවා වාසය කිරීමට නොහැකිව වෙනත් රටවල ජීවත්වන්නන් යෑයි හෙළිවී ඇත.
එසේම නවදිල්ලි අධිකරණයේ හිටපු අගවිනිසුරු රාජින්දර් සචාර් නමැත්තා ද මෙකී හොර උසාවියේ සාමාජිකයෙකි.
කාශ්මීර් අර්බුදයේදී ඉන්දීය හමුදාවට එරෙහිව බරපතල චෝදනා එල්ලවෙද්දී මේ හිටපු අගවිනිසුරුවරයා එA ගැන ක්‍රියා කළේ නැත. මේ නිසා කොටි ඝාතකයන්ට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව දියත් කළ මෙහෙයුමේදී යුද අපරාධ සිදුවූ බව කියමින් අයිරිශ් හොර උසාවියේ විනිශ්චයකරුවකු වීමට ඔහුට සදාචාරාත්මක හිමිකමක් තිබේද?
ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිව පවා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළේ කොටින්ය. එවැනි විටෙක රාෙ-න්ද්‍ර සචාර් කොටින්ගේ මානව හිමිකම් ගැන හඬ නැගීමට ඉදිරිපත්වීම ලැ-ජාවට කරුණක් නොවන්නේද?
මේ අතර ශ්‍රී ලංකා රජය යුද අපරාධ සම්බන්ධව වරදකරු යෑයි දක්වමින් කොටි වෙබ් අඩවි හා ලන්ඩනයේ බී.බී.සී. කොටි රූකඩය ද අයිරිශ් හොර උසාවියේ තීරණය ලොව පුරා විකාශනය කරනු ලැබීය. (Dමඉකසබ ඩැරාසජඑ - Sරස ඛ්බන් ටමසකඑහ දෙ ආර ජරසපැs)
එහෙත් මේ හොර උසාවිය කොටි ඝාතක සමාගම යුද අපරාධකරුවන් කර නැත.
මෙරට හිටපු ජනාධිපතිවරයකු ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු හා දේශපාලනඥයන් රැසක් ඝාතනය කළ ප්රභාකරන්ගේ කොටි ඝාතක සමාගම සම්බන්ධයෙන් කිසිම නිගමනයක් දී නැති ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තාගේ මෙම හොර උසාවිය කොටි රූකඩයක් නොවෙන්නේද?
මේ වන විට හෙළිවී ඇති අන්දමට ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට ජාත්‍යන්තර ප්‍රජාවට සනාථ කිරීමේ අයර්ලන්ත එන්.ජී.ඕ. සංසදයට කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ ඇමරිකාවේ ටැමිල් එගේන්ස්ට් ජෙනෝසයිඩ් නමැති කොටි හිතවාදී සංවිධානයයි.
මෙම තත්ත්වය මත අයර්ලන්තයේ ඩබ්ලින් හොර උසාවිය රඟදැක්වූ නාඩගම පැහැදිලිය.
ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා නේටෝ සංවිධානය සර්බියානු ජනතාවට එරෙහිව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල පිරිසක් මරුමුවට පත්වූහ. ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ සිදුවූයේ ද එයයි. එහෙත් එවන් යුද අපරාධ සම්බන්ධයෙන් හොර උසාවියක් ඩබ්ලින් නගරයේදී පැවැත්වූයේ නැත.
ත්රස්තවාදීන් සිදු කළ යුද අපරාධ ගැන නොසොයා ත්රස්තවාදයට එරෙහිව මෙහෙයුම් දියත් කළ හමුදාව යුද අපරාධ සිදු කළ බවට විමර්ශනය කිරීම විහිළුවක් යෑයි ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු වරක් පැවසීය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ ද එවැනි ක්රියාදාමයකි.
මෙහිදී නැගෙන බරපතල ප්රශ්නය මෙයයි. ස්වෛරී රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගැන විභාග කිරීමට අයර්ලන්ත රජය ඉඩදීමයි.
අයි.ආර්.එA. සංවිධානය පසුගිය කාලය තුළ අයර්ලන්තයේ බිහිසුණු ක්‍රියා රැසක් සිදු කළේය. එහෙත් අයර්ලන්ත රජය හෝ එන්.ජී.ඕ. සංවිධාන ජනතා විනිශ්චය පතා යෑයි කියමින් හොර උසාවි ආරම්භ කළේ නැත.
ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට නිගමනය කිරීමේ මේ තීන්දුව පසුපස සිටින්නේ කොටි ජාත්‍යන්තර ජාලය හා බටහිර ප්රජාවයි. එA සඳහා අතිවිශාල මුදලක් ලබාදී ඇති බව පැහැදිලිය. රජය මෙහිදී ෙද්‍රdaහීන් හඳුනාගත යුතුය. කොටින්ද සිවිල් වැසියන්ට එරෙහිව නඩු විභාග කිරීමට කැන්ගරු උසාවි ආරම්භ කර තිබිණි. එබැවින් අයර්ලන්ත උසාවිය ද ඊට සමානය.
මේ හොර උසාවියේ නිගමන ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කොටින්ව බේරා ගැනීමට උත්සාහ කළේ හා පෝෂණය කළේද එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ය. දැන් ඝාතකයන්ට සුදුහුණු ගෑමට ඉදිරිපත්වී ඇත්තේ ද ඔවුන්ය.
කීර්ති වර්ණකුලසූරිය