| | |
ලෝකයේ බෝහෝ රටවල බෞද්ධයෝ සිටිති. ඔවුන් අතරින් බොහෝ දෙනා ආසියාතික බෞද්ධ රටවලින් සංක්‍රමණය වූවෝය. සෙසු පිරිස බුදුදහම ගැන පැහැදී ඒ අනුව ජීවත්වන අයයි. අතීතයේ දී යුරෝපය දක්‌වා බොහෝ රටවල පැතිර තිබුණ බුද්ධාගම හා බෞද්ධ ශිෂ්ටාචාරය ජනවාර්ගික ආක්‍රමණ හේතුවෙන් විනාශ විය. එම නිසා වර්තමානයේ දී බුද්ධාගම සැලකෙන්නේ ආසියානු රටවලට සීමා වුණ ආගමක් වශයෙනි. නමුත් බෞද්ධ ජනාධිපතිවරයකු විසින් පාලනය කරනු ලබන බෞද්ධ රාජ්‍යයක් යුරෝපයේ තිබේ. එනම් කල්මිකියා ජනරජයයි. කිර්සාන් නිකොලයවිච් ඉලුම්සිනොව් (ණසරිaබ භසනදක්‌හ්ඩසජය කකහමපzයසබදඩ) ඒ රටෙහි ජනාධිපතිවරයා ය. කල්මිකියා ජාතික කොඩියේ තිබෙන්නේ කහ පසුබිමක අඳින ලද සුදු පියුමකි. එය යොදාගෙන ඇත්තේ බෞද්ධ සංකේතයක් වන බැවිනි.
කල්මිකියාව නැගෙනහිර යුරෝපයේ වොල්ගා නදියේ පහළ මිටියාවතේ තිබෙන රටකි. කැස්‌පියන් මුහුදේ වයඹ දිග වෙරළ කල්මිකියාවේ එක් සීමාවකි. එහි භූමි ප්‍රමාණය දළ වශයෙන් වර්ග කිලෝ මීටර් (72,000) හැත්තෑ දෙදහසකි. ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා වර්ග කිලෝ මීටර් හය දහසකින් විශාලය. රටේ වැඩි කොටසක් වැසී තිබෙන්නේ තණ බිම්වලිනි. කල්මිකියාවට තිබෙන්නේ වසර හාරසියක පමණ ඉතිහාසයකි. ආරම්භය 15 වන සියවසේ අග භාගයේදීය. කල්මිකියාවේ ජනාවාස ඉදිවුණේ මොන්ගෝලියානු ඔයිරාට් හා චීනයෙන් සංක්‍රමණය වූ ජුන්ග්වාරිය නමැති ගෝත්‍රික ජනයාගෙන.s ඔවුන් මුල් අවදියේ ජීවත් වුණේa එෙŒරුන් වශයෙනි. ජිංගීස් ඛාන් යටතේ මොංගෝලියානු රාජ්‍යය බටහිර දෙසට පැතිරෙන විට සංක්‍රමණය වූ ජනයා තණබිම්වල ස්‌ථිරව පදිංචි වූහ. රුසියාවෙන් සහ තුර්කියෙන් එල්ල වූ තර්ජන මැඬලමින් මොංගෝලියානු අධිරාජ්‍යයෙන් රැකවරණය ලබාදුන් නිසා 16 වන සියවසේ සිට 17 වන සියවසේ මැද කොටස තෙක් කල්මීකියාව ස්‌වාධීන රාජ්‍යයක් ලෙස පැවතුණි. අයුඛා ඛාන් සහ ඔහුගේ පුත් යුබාසි ඛාන් කල්මිකියාව පාලනය කර ඇත. කල්මිකියාව වාසභූමිය කරගත් මොංගෝලියානු ඔයිරාට්‌වරුන් එහි සිටි තුර්කි ගෝත්‍රික එෙŒර ජනයා සමඟ මිශ්‍ර වූවත්, ඔවුන්ගේ සිරිත් විරිත් හා විශ්වාසයන් මොංගෝලියානු සංස්‌කෘතියට සමීප විය. මොංගෝලියාව බෞද්ධ රාජ්‍යයකි. ඒ නිසා එයට අයත් වූ සෑම ප්‍රදේශයකටම බුද්ධාගම ව්‍යාප්ත විය. කල්මිකියාව බෞද්ධාගමික රටක් වූයේ ඒ හේතුවෙනි. කල්මික්‌වරුන් අනුගමනය කරන්නේ ටිබෙට් බුද්ධාගමේ කොටසක් වන කහ හිස්‌වැසුම් පළඳින අයගේ සම්ප්‍රදායයි.
දේශසීමා ව්‍යාප්ත කර ගැනීමට නිතරම වෙහෙසුන රුසියාවේ සාර් පාලනයෙන් කල්මිකියාවට වරින්වර තර්ජන එල්ල වුණි. ඒ අතර ජර්මානු ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණවලට මුහුණ දෙන්නට ද කල්මික්‌වරුන්ට සිදුවුණි. ඒ නිසා ඔවුහු ලක්‍ෂ ගණනක් වාසභූමි අත්හැර මධ්‍ය ආසියාව දෙසට සංක්‍රමණය වූහ. ඒ අවස්‌ථාවල ඔවුන්ගෙන් බොහෝ පිරිසක් සා පිපාසාවෙන් මරණයට පත්වුහ. තවත් පිරිසක් කිර්ගීස් සහ කෂාක් ගෝත්‍රික කොල්ලකරුවන් විසින් මරා දමන ලදහ. තම රටෙන් පැන නොගිය කල්මික්‌වරු රුසියානු පාලනය යටතේ ජීවත් වුහ. කල්මිකියාවේ වර්තමාන අගනුවර වන එලිස්‌ටා නගරය ඔවුන් විසින් 1856 දී සකස් කරගන්නා ලද වාසභූමියකි.
1917 රුසියානු විප්ලවයේ දී රුසියානු රජයේ හමුදාවට එක්‌වුණ කල්මික්‌වරු ජෙනරාල් ඩෙන්කින් සහ ව්‍රeන්ගල් යටතේ රතු හමුදාවට එරෙහිව යුද වැදුණහ. එහෙත් රතු හමුදාව ජය ලබමින් ඉදිරියට ඇදෙන විට රට අත්හැර පලා යැමට ඔවුන්ට සිදුවුණි. සරණාගතයන් බවට පත් ඔවුහු බෙල්ග්‍රේඩ්, ප්‍රාග්, පැරිසිය, ප්‍රංශයේ ලියොන්, බල්ගේරියාව වැනි යුරෝපයේ නොයෙකුත් පෙදෙස්‌වල කණ්‌ඩායම් වශයෙන් පදිංචි වූහ. රුසියානු පාලනය යටතේ සනාතන පල්ලිය විසින් කල්මික්‌වරුන් සීමිත පිරිසක් කිතුදහමට හරවා ගනු ලැබූවත් බහුතර පිරිස බුද්ධාගම අත්හැරියේ නැත. සරණාගතයන් ලෙස යුරෝපයේ පදිංචි වූ කල්මික්‌වරු තම පාරම්පරික බෞද්ධ උරුමය රැකගත්හ. ඔවුන්ගෙන් පිරිසක් 1929 දී බෙල්ග්‍රේඩ් නගරයේ පන්සලක් තැනූහ. ඒ අනුව මධ්‍යම යුරෝපයේ මුල්වරට පන්සලක් ඉදිකිරීමේ ගෞරවය කල්මික් බෞද්ධයන්ට හිමිවෙය.s බෞද්ධ විහාර පාර නමින් බෙල්ග්‍රේඩ් නගරයේ වීදියක් නම් කර තිබිණි.
කල්මික්‌වරුන් රතු හමුදාවට බැඳුනොත් ස්‌වාධීනව ජීවත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රදේශයක් ඔවුන්ට වෙන්කර දෙන බවට වී. ලෙනින් පොරොන්දු වී ඇත. ජාතින්ට ස්‌වයං නීර්ණ අයිතිය ලබාදීමේ ප්‍රතිපත්තිය අනුව රුසියානු මධ්‍යම කාරක සභාව විසින් 1920 නොවැම්බර් 04 වැනි දින කල්මිකියාව රුසියාවට අයත් ස්‌වාධීන පාලන ප්‍රදේශයක් වශයෙන් පිළිගන්නා ලදී. එහෙත් දැඩි මතධාරී කොමියුනිස්‌ට්‌වාදීන් එයට කැමැත්ත දක්‌වා නොමැත. මොස්‌කව් බල අධිකාරියෙන් කල්මිකියාවේ පාලන බලය ගිලිහීම අහිතකර බව ඔවුන්ගේ අදහස විය. කල්මික් පාසල් ගුරුවරයකු වූ දොර්ෂා අර්බකොව් ඔවුන්ගේ මතයට එරෙහිව සටන් කළ කෙනෙකි. බෞද්ධයන්ගේ සහ බෞද්ධ ලෝකයේ සිත් දිනා ගැනීමට සෝවියට් බලධාරීන්ට අවශ්‍ය නම්, ලේ වැගිරීමකින් තොරව කල්මික්‌වරුන්ට ස්‌වයං තීරණ අයිතිය ලබාදිය යුතු යෑයි ඔහු පැවසීය. ඒ හේතුවෙන්
කල්මික් බෞද්ධයන් ජාතිවාදී, කොමියුනිස්‌ට් විරෝධී පිරිසක් යෑයි සලකා දේපොළ රාජ්‍ය සන්තක කොට ඔවුහු මරා දමන ලදහ. තවත් පිරිසක් සයිබීරියාවේ කඳවුරුවලට නෙරපන ලදහ.
කල්මික් බෞද්ධයන් දැඩි ලෙස පීඩාවින්දේ සෝවියට් දේශයේ ජෝශප් ස්‌ටාලින්ගේ පාලන සමයේදීය. විහාරස්‌ථාන සහ බෞද්ධ ග්‍රන්ථ විනාශ කරන ලෙස ඔහු 1931 වසරේදී අණ කළේය. එකල කල්මිකියාවේ විහාරස්‌ථාන සියයකට අධික ප්‍රමාණයක් තිබුණ අතර, එහි වැඩි සිටි භික්‍ෂු සංඛ්‍යාව අනුමාන වශයෙන් 3000 කි. ජෝශප් ස්‌ටාලින්ගේ නියෝගය අකුරටම ක්‍රිsයාත්මක කෙරුණ නිසා භික්‍ෂූන් සහ බෞද්ධ නායකයන් විශාල පිරිසකට කල්මිකියාවේ ජීවත්වීමේ අයිතිය අහිමිවුණි. සෝවියට් හමුදාව කෘෂි අස්‌වැන්න හා බැටළු ගොවිපොළ වැනසීම හේතුවෙන් දරුණු සාගතයට මුහුණ දුන් කල්මික්‌වරු 60,000 ක් පමණ මරණයට පත්වූහ.
1942 අගෝස්‌තු 12 වැනි දින රුසියාව ආක්‍රමණය කළ ජර්මන් හමුදාව එලිස්‌ටා අගනුවර යටත් කරගත්තේය. එය දෙවන ලෝක සංග්‍රාමයට හේතු වුණත්, කල්මික් බෞද්ධයන්ට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඇති කළ සිදුවීමකි. ඔවුන් ඒ වන විට ගතකළේ දුක්‌බර ජීවිතයකි. ඔවුන් සිටියේ කොමියුනිස්‌ට් පාලනයෙන් මිඳෙන්නට මාර්ගයක් සොයමිනි. තම හමුදාවට ආධාර කළොත් කල්මිකියාව නිදහස් කරදෙන බව ජර්මන් හමුදාව කල්මික්‌වරුන්ට දැනුම්දුනි. ආක්‍රමණය ආශිර්වාදයක් කරගන්නට සිතූ කල්මික්‌වරු සෝවියට් පාලනයට එරෙහිව සටන් කිරීම සඳහා ජර්මන් හමුදාවට බැඳුණහ. ඔවුන් සේවය කළේ අශ්වාරෝහක හමුදා බළඇණියක් වශයෙනි. එයට කෘතගුණ සැලකීමක් ලෙස ජර්මන් හමුදාව කල්මික්‌වරුන්ගේ භූමි ප්‍රදේශය රුසියාවෙන් නිදහස් කර දුන්හ. බියෙන් සැකයෙන් තොරව බෞද්ධ පුදසිරිත් පැවැත්වීමේ නිදහස ද ඒ සමඟම කල්මික්‌වරුන්ට ලැබිණි.
කල්මික්‌වරුන් ඒ නිදහස භුක්‌ති වින්දේ මාස කීපයකි. රතු හමුදාව විසින් නැවතත් කල්මිකියාව අත්පත් කරගනු ලැබිණි. කල්මික්‌වරුන් ජර්මන් හමුදාවට සහයෝගය දැක්‌වීම ෙද්‍ර`හී ක්‍රියාවක් යෑයි තීරණය කළ රුසියානු බලධාරීහු 1943 දෙසැම්බර් 27 වැනිද දින ඔවුන් එම ප්‍රදේශයෙන් නෙරපා හැරීමට නියෝග කළහ. එයින් බියටපත් කල්මික්‌වරු දහස් ගණනක් දරු පවුල් රැගෙන ජර්මන් හමුදාව සමඟ පලා ගියහ. කරත්තවල පටවා රටින් පිටුවල් කළ තවත් පිරිසක් සයිබීරියාවට යන ගමනේදී ආහාර පාන නොමැතිව අතර මගදී මියගියහ. කොමියුනිස්‌ට් පාලන සමයේදී නොයෙකුත් පෙදෙස්‌වලට විසර ගිය කල්මික්‌වරුන්ට මවුබිමට පැමිණීමේ වාසනාව යළිත් උදාවුණේ නිකිතා කෘෂෙෆ් රුසියාවේ පාලකයා බවට පත්වීමෙන් පසුය. කල්මික්‌වරුන්ට මවුබිමට පැමිණීමට ඔහු 1957 දී අවසර දුනි. කල්මිකියාව රුසියාවට අයත් ස්‌වතන්ත්‍ර ජනරජයක් වශයෙයන් 1992 මාර්තු 31 වන දින ප්‍රකාශයට පත් කෙරුණි. 1993 අප්‍රේල් මස කල්මිකියාවේ ප්‍රථම ජනාධිපති ලෙස තේරී පත්වුණ කිර්සාන් නිකොලයාවිව් ඉලුම්ෂිනොව් තුන්වන වරටත් එම තනතුර උසුලයි.
වර්තමාන කල්මිකියාව බෞද්ධ රාජ්‍යයකි. එහි ජනගහණ තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ වෙයි. එයින් සියයට 85 ක් පමණ බෞද්ධයෝය. ඇමෙරිකාවට සංක්‍රමණය වූ කල්මික් පවුලකින් පැවත එන එර්ඩ්න් ඔම්බඩිකොව්තුමා කල්මිකියාවේ බෞද්ධ ආගමික නායකයාය. එතුමා කල්මිකියාවට ආවේ 1992 වසරේදීය. දෙමවුපියන් විසින් ළමාවියේ දීම ඉන්දියාවේ ධර්මශාලාවට යවන ලද එර්ඩ්න් ඔම්බඩිකොව්තුමා බුදුදහම හැදැරුවේ දලයි ලාමා තුමා ඇසුරෙනි. ටිබෙට් බෞද්ධ උතුමකු ව තිලෝපා ලමාතුමාගේ පුනර්ජන්මය යෑයි විශ්වාස කරන නිසා එතුමා හැඳින්වෙන්නේ තෙලෝ රින්පෝෂේ යන ගෞරව නාමයෙනි. කල්මිකියාවේ තිබෙන්නේ කහ හිස්‌වැසුම් පළඳින තිබ්බතයේ ගෙලුප්සා බෞද්ධ සම්ප්‍රදායයි. කල්මික්‌වරුන්ගේ පාරම්පරික විශ්වාසයන් ද බුද්ධාගමට සම්බන්ධ කර තිබේ. එයින් ප්‍රධාන තැනක් ගනනේ විශ්වය ආරක්‍ෂා කරන දෙවියා වශයෙන් ඔවුන්ගේ මුතුන් මිත්තන් ඇදහූ වයස්‌ගත සුදු මිනිසාගේ පිළිරුවට බෞද්ධ දෙවියකු වශයෙන් සලකා පුදපූජා පැවැත්වීමයි. කල්මිග් බෞද්ධයෝ මැයි මාසයේ දී මහළු සුදු දෙවියා වෙනුවෙන් උත්සව පවත්වති.
විවිධ දුක් පීඩාවන්ට ගොදුරු වුණු කල්මිකියා රාජ්‍යය තුළ යළිත් බුදුදහමේ ආලෝකය පැතිරෙන්නට පටන්ගත්තේ ජනාධිපති කිර්සාන් නිකොලයවිච්ගේ දැඩි ඇපකැපවීම හේතුවෙනි. 1962 අප්‍රේල් 05 වැනි දින උපන් කිර්සාන් කල්මිකියානුවෙකි. මොස්‌කව් විශ්වවිද්‍යාලයෙන් ජපන් ඉතිහාසය, ව්‍යාපාර කළමනාකාරණය සහ ජාත්‍යන්තර සබඳතා යන විෂයයන් හදාරා ඇති ඔහු සතු මූල්‍ය සමාගම් සහ ව්‍යාපාර ගණන පණහකට අධිකය. ඔහුගේ වත්කම් ඩොලර් බිලියන ගණනකි. සුඛෝපභෝගී මෝටර් රථ හා පෞදගලික ගුවන් යානා ඔහු සතුය. 1990 දී කිර්සාන් දේශපාලනයට පිවිසියේ කල්මිකියා ජනරජය වෙනුවෙන් රුසියානු පාර්ලිමේන්තුවේ පෙනී සිටින නියෝජිතයා වශයෙනි. සියලුම ගොවියන්ට සෙලියුලර් දුරකථන ලබාදීම කිර්සාන්ගේ ජනාධිපතිවරණ ඡන්ද පොරොන්දුවකි. ඔහුගේ පාලනය යටතේ කල්මිකියාව විශාල දියුණුවක් ලබා ඇත. ඔහු බලයට පත්ව කෙටි කලකින් සෑම නිවසකටම ගෑස් පයිප්ප හා ජලය ලබාදීමටත්, මංමාවත් ඉදිකිරීමටත් පියවර ගත්තේය. ජනාධිපති කිර්සාන් තම මවුබිමේ සහ රටවැසියන්ගේ යහපත සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කළේ තමන්ගේ පෞද්ගලික ධනයෙනි. ඔහු මුලින්ම ජනාධිපති වූ පසු පාසල් ගුරුවරුන්ට හා වෛද්‍යවරුන්ට වැටුප් ගෙවීමට ඩොලර් මිලියන දෙකක් වැය කළේය.
ජනාධිපති කිර්සාන් ලෝක චෙස් ක්‍රීඩා සංවිධානයේ සභාපතිවරයාය. චෙස් ක්‍රීඩාව කල්මිකියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කර ගැනීමේ අරමුණ ඇතිව දැවැන්ත සැලැස්‌මක් ක්‍රියාත්මක වෙයි. ඒ අනුව ලෝකයේ එකම චෙස් ක්‍රීඩා නගරය එහි ඉදිකර තිබේ. ලොව බොහෝ රටවල චෙස් ක්‍රීඩා ලෝලියෝ කල්මිකියාවට පැමිණෙති. චෙස් ක්‍රීඩාව අනිවාර්ය පාසල් විෂයක පිට්‌ටනිවල විශාල චෙස් ක්‍රීඩා ඵලක පිහිටුවා තිබේ. නිකරුණේ කල් ගෙවන්නට හා මත් ද්‍රව්‍යවලට පුරුදු වී සිටි තරුණ පිරිස් චෙස් ක්‍රීඩාව නිසා විනය ගරුකව හැසිරෙන්නටත්, තර්කානුකූලව හිතන්නටත්. දැන් හුරු වී සිටින බව ජනාධිපති කිර්සාන් පවසයි. ඒ නිසා රටෙහි අර්බුද හා නීති විරෝධී ක්‍රියාවන් අඩු වී ඇත. චෙස් යනු සංස්‌කෘත භාෂාවේ චතුරංග යන්නෙන් සැදුන වචනයකි. දීර්ඝ ඉතිහාසයක් ඇති එම ක්‍රීඩාව හොඳ සහ නරක අතර ගැටුමක් ලෙස ද සැලකෙයි. අතීතයේදී චෙස් ඉත්තන් ලෙස භාවිත කළ බෝසත්වරුන්ගේ රූප මොංගෝලියාවෙන් හමු වී ඇත. කිර්සාන් ජනාධිපති සිතන පරිදි චෙස්a ක්‍රීඩාව මිනිසුන් යහමගට යොමුකරන ආගමකට සමානය.
කිර්සාන් ජනාධිපති තනතුරට පත්වන විට කල්මිකියාවේ එක් පන්සලක් හෝ නොතිබුණි. එහෙත් දැන් එහි ඇති පන්සල් ගණන හතළිහකි. ඒ අතර තිබෙන ස්‌වර්ණ විහාරය යුරෝපයේ විශාලම පන්සලයි. එය විවෘත කළේ ස්‌ටාලින් බෞද්ධ විහාරස්‌ථාන වනසා කල්මික්‌වරුන් රටෙන් නෙරපීම සිහිකරමින් 2005 දෙසැම්බර් 27 වැනිදාය. කිර්සාන් ජනාධිපතිවරයා බුද්ධාගම කෙරෙහි නැඹුරු වූයේ ළමා වියේදීය. ඔහු 2007 ජුලි 16 වැනි දින අල් ජසීරා රූවාහිනියට ලබාදුන් සාකච්ඡාවකින් එය පැහැදිලි වෙයි. එය වෙබ් අඩවියෙන් නැරඹිය හැක. එම සාකච්ඡාවේ දී ඔහු මෙසේ පවසයි. "මා හත් හැවිරිදි වියේ සිටින විට මගේ අත්තම්මා නිවසේ දොර ජනෙල් වසාගෙන බුදුහාමුදුරුවන්ට වැඳුම් පිදුම් කරනවා මම දුටුවා. මම ඇයගෙන් ඇහුවා ඇයි මෙහෙම රහසින් බුදුන් වඳින්නේ කියලා. කේ. ජී. බී. එක ඉන්නවා. සද්ද කරන්න එපා. නිදහසේ බුදුන් වඳින්න බැහැ. ඔබ ලොකු කෙනකු වුණාම මිනිසුන්ට එළිමහනේ නිදහසේ වැඳුම් පිදුම් කරන්න පන්සල් ගොඩක් හදන්න යෑයි අත්තම්මා මට කීවා. මම ඉටු කරන්නේ ඇයගේ උපදේශයයි. මම දැන් පන්සල් හතළිහක් හදලා තිබෙනවා." කල්මිකියාවේ සම්ප්‍රදාය අනුව විශිෂ්ට පුරවැසියකුට පිරිනමන ඉහළම ගෞරවය වනනේ සුදු නෙළුම් ශ්‍රේණියට ඇතුළත් කර ගැනිමයි. ජනාධිපති කිර්සාන් තම ආධ්‍යාත්මික ගුරුවරයා ලෙස සලකන දලයි ලාමා තුමා සුදු නෙලුම් ශ්‍රේණියට පත්කර ගෙන තිබේ. ජනාධිපති කිර්සාන් කඩිසර මිනිසෙකි. බොක්‌සිං ශූරයකු වන ඔහුට දිගු වෙලාවක් එක තැනක නිකරුණේ රැඳී සිටීම අමාරුය. "මම දිනකට පැය විස්‌සක් වැඩ කරන කෙනෙකි. නමුත් මගේ ඇතැම් රටවැසියන් හිතන්නේ ජනාධිපති කිර්සාන් සියලු දේවල් අපට නොමිලේ ලබාදෙයි. අපට තිබෙන්නේ කෑම සහ නිදාගැනීම කියලයි. එසේ සිතීම වැරැදියි. අපේ රට දියුණු කරන්නට නම්, අප කවුරුත් තදින් වැඩ කළ යුතු යෑයි ජනාධිපති කිර්සාන් පවසයි.
බෞද්ධ ලෝකය 2020 දී ක්‍රිස්‌තියානියට හැරවීමේ අරමුණ ඇතිව පෝල් හාටවේ නමැති පාස්‌ටර්වරයා "පීපල්ස් ඔෆ් ද බුඩිස්‌ට් වර්ල්ඩ් - අ ක්‍රිස්‌ටි්‍රයන් ප්‍රේයර්ස් ගයිඩ්" නමින් උපදේශ ග්‍රන්ථයක් පළ කර ඇත. ලෝකයේ සියලුම බෞද්ධ රටවල් හා බෞද්ධ ජනවර්ග ගැන විස්‌තර එහි ඇතුළත් ය. එවැනි පොතක් බෞද්ධයන්ට නොමැත. එහි සඳහන් අන්දමට කල්මිකියාවේ ජනගහනයෙන් සියයට 85 ක් බෞද්ධයෝ ය. ඒ අතරන් බුද්ධාගම පිළිපදින්නේ සියයට 40 ක් පමණි. සියයට 60 ක් සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ පණිවුඩය අසා නොමැත බෞද්ධයන් සියයට 38 ක් එය අසා තිබුණත් කිතුදහම වැළඳගෙන නැත. කල්මිකියාවේ ක්‍රිස්‌තියානි ජනගහණය සියයට එකකි.
මැදගම ධම්මානන්ද හිමි