.

Saturday, January 23, 2010

කොටි ජාත්‍යන්තර ජාලය,,,

ජනාධිපතිවරණයට ඇත්තේ තව දින දෙකකි. මැයි 19 වැනිදා කොටි ඝාතක සමාගම විනාශවීම නිමිත්තෙන් උදම් ඇනූ මෙරට බහුතරයේ ඇතැම් පාර්ශ්වයන්ට මාස නවයක්‌ ගතවීමට පෙර අතීතය අමතක වී ඇත. මෙවන් අවස්‌ථාවක්‌ පුන පුනා බලාසිටියේ ඇමරිකානු කොටි එAජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන් සහ කොටි ජාත්‍යන්තර ජාලයයි. මෙය තවදුරටත් සනාථ වන්නේ යාපනයේ ද්‍රවිඩ පුවත්පතක කර්තෘවරයකු ලන්ඩනයේ ටෙලිග්‍රාප් පුවත්පතට කළ ප්‍රකාශයකිනි. "තේරීම ඇත්තේ ඝාතන සිදු කළ මිනිසා සහ නියෝග දුන් මිනිසා අතර යෑයි ඔහු පවසා තිබේ. එහෙත් ඔහු ප්‍රභාකරන් ඝාතකයකු යෑයි පවසා නැත.
මේ තත්ත්වය මැද බෙල්ජියානු ජාතික ප්‍රැන්කොයින් හව්ටාට්‌ නමැති පූජකයා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වූ හොර උසාවියක සභාපති ලෙස ක්‍රියා කරමින් ශ්‍රී ලංකාව යුද අපරාධවලට වරදකරු යෑයි ප්‍රකාශයක්‌ කර ඇත. මෙය දින දෙකක තීන්දුවකි.

මෙකී ප්‍රකාශය සැනින් කොටි වෙබ් අඩවි හා කොටි රූකඩය වූ බී.බී.සී. සේවාවද විකාශනය කෙරිණි. එසේම මෙම හොර උසාවිය පැවැත්වීමේ උප කොන්ත්‍රාත්කරු අයර්ලන්තයේ අයිරිශ් පෝරම් ෆොa පීස්‌ ඉන් ශ්‍රී ලංකා නමින් රාජ්‍ය නොවන සංවිධානයක්‌ මෙහෙයවන ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තා යෑයි හෙළිවිය. සෙවිර් නමැති රාජ්‍ය නොවන සංවිධානය මෙහෙයවූ හව්ටාට්‌ නමැති පූජකයා ප්‍රමුඛ දස දෙනකුගෙන් යුත් හොර නඩුකාරයන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබාදුන් නිගමනයන් මෙසේය.

* ශ්‍රී ලංකා රජය යුද අපරාධවලට වරදකරුවේ.

* මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට ද වරදකරුය.

* සාම සාකච්ඡා බිඳවැටීම ගැන බ්‍රිතාන්‍යය, ඇමරිකාව හා බටහිර ප්‍රජාව වගකිව යුතුයි.

* යුද අපරාධ ගැන සෙවීමේ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමකට ඉඩදිය යුතුයි.

* කඳවුරුවල සිටින 11000 ක්‌ මුදාහැරිය යුතුයි

* ශ්‍රී ලංකාවේ මුළු ද්‍රවිඩ ජනගහනයම සහභාගි කරගෙන දේශපාලන විසඳුමක්‌ දිය යුතුයි.

මෙම හොර උසාවියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් වන්නේ ඇමරිකාවේ ටැමිල් එගේන්ස්‌ට්‌ ජෙනෝසයිඩ් සහ ජර්මනියේ ෙ-.ඩී.එස්‌. සංවිධානයයි. එහෙත් පූජක හව්ටාට්‌ තමා බෙල්ජියානුවකු නිසා බෙල්ජියානු යටත්විජිත ලෙස තිබූ රුවන්ඩාව සහ බුරුන්ඩියේ සිදුවූ මිනිස්‌ ඝාතන ගැන විමර්ශනය කර නැත. හව්ටාට්‌ගේ මෙම හොර උසාවිය හමුවට වන්නියෙන් පැන ආ බව කියන මේ කොටි ත්‍රස්‌තයන් කීප දෙනකු පවසා ඇත්තේ යුද මුක්‌ත කලාපයේදී බර අවි භාවිත කර ද්‍රවිඩයන් 20,000 ක්‌ ඝාතනය කිරීමට ශ්‍රී ලංකා හමුදාව ක්‍රියා කළ බවයි.

මේ ප්‍රකාශය එංගලන්තයේ සිට විකාශනය කෙරෙන කොටින්ට සම්බන්ධ ජී.ටී.වී. හෙවත් ග්ලෝබල් ටැමිල් විෂන් නමැති චන්ද්‍රිකා රූපවාහිනි සේවාව විසින් විකාශනය කර ඇත. මේ ජී.ටී.වී. කොටි රූපවාහිනිය ද්‍රවිඩ ප්‍රජාවේ රූපවාහිනි සේවාවක්‌ නමින් ව්‍යාජ ලෙස ක්‍රියාත්මක වන බව තවදුරටත් අනාවරණය වී තිබේ.

මේ සතියේ දිනෙක මෙම ජී.ටී.වී. රූපවාහිනිය හා මෙරට විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයකු අතර පැවැති සම්මුඛ සාකච්ඡාවක්‌ විදෙස්‌ ගත ශ්‍රී ලාංකිකයන්ට අසන්නට ලැබීමෙන් ඔවුහු එය විගස පටිගත කළහ. මේ පටිගත වූ ප්‍රකාශය අප වෙත ලැබී ඇත. මෙහිදී ද්‍රවිඩ ප්‍රශ්න අසන්නා නැඟූ ප්‍රශ්නවලට එකී දේශපාලකයා දැක්‌වූ ප්‍රතිචාරය මෙසේය.

1. මාවිල්ආරු සිද්ධිය ශ්‍රී ලංකා රජය විසින් ඇති කරනු ලැබූවකි.

2. මැතිවරණයෙන් පසු යාපනයේ යුද හමුදා සේනාංක දකුණට කැඳවනු ඇත.

3. කොටි සංවිධානය පරාජය වූයේ ප්‍රභාකරන් විසින් කරුණාට අසීමිත බලය දීම නිසා.

4. ඇන්ටන් බාලසිංහම් යනු තමාගේ මිත්‍රයෙකි.

ජී.ටී.වී. රූපවාහිනිය සමග පැවැත්වූ මෙම සාකච්ඡාවෙන් සනාථ වන්නේ මෙරට දේශපාලකයන් මෙරටදී එක්‌ ප්‍රකාශයකුත් විදේශයන්හි ද්‍රවිඩයන්ට තවත් ප්‍රකාශයකුත් කරන බවයි. මේ අතර ජනාධිපතිවරණයට සමගාමීව ස්‌විස්‌ කොටි ජාලය ඊයේ මුළු ස්‌විට්‌සර්ලන්තය පුරා ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ හිමිකර ගැනීම පිණිස ජනමත විචාරණයක්‌ ආරම්භ කර ඇත. මෙය අද ද ජිනීවා සිට සුරීච් දක්‌වා පැවැත්වේ. මෙකී ජනමත විචාරණය මෙහෙය වන්නේ සුරීච් නුවර තැ.පෙ. අංක 1511 යටතේ ක්‍රියාත්මක වන ස්‌විස්‌ කොටි ජාලයයි. සුරීච් නගරයේ කොටි එAජන්තවරුන් වූ කුරුපාරන් හා මාලති නමැති කොටි එජන්තවරුන් එය සංවිධානය කර තිබේ. මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී කොටි නැව් හා බැංකු ගිණුම් සම්බන්ධයෙන් පැතිරී යන චෝදනාවට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ජාතික ඔත්තු සේවාවේ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණට මාධ්‍ය හමුවක්‌ වෙත ඉදිරිපත්වීමට සිදුවිය. මෙයට වසර අටකට පෙර එනම් 2002 දී මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි දිගු දුර විහිදුම් බළකාය අල්ලා ගැනීමට එවකට මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරීව සිටි කුලසිරි උඩුගම්පොළ ක්‍රියා කිරීමේ හේතුවෙන් යුද හමුදා බුද්ධි සේවාවේ ප්‍රධානියාව සිටි හෙන්ද්‍රdවිතාරණට උසාවිය හමුවට යැමට පවා සිදුවිය. මේ දිගුදුර විහිදුම් බළකාය පාවාදීම සාධාරණීකරණය කළ මාධ්‍ය අඳබාලයකු අද හිටපු ජෙනරාල්වරයා සමීපයට වී ගිනි ඇවිලවීමේ මෙහෙයුමක නිරත වී සිටී.

මේ කොටි නැව් හා බැංකු ගිණුම් රජය විසින් අයථා ලෙස භාවිත කරන බවට සාවද්‍ය ලෙස ප්‍රචාරයවීමෙන් ඉදිරි බුද්ධි කටයුතුවලට හානියක්‌ සිදුවන බව ජාතික ඔත්තු සේවා ප්‍රධානියා කියා සිටියේය.

මෙලෙස ඔහු මාධ්‍ය හමුවට පැමිණ කළ ප්‍රකාශය නිසා ලෝකයේ බුද්ධි ප්‍රධානියකු මුල් වරට ජනතාව හමුවට පැමිණි බවට ප්‍රචාරය විය. එහෙත් ඊශ්‍රායලයේ මොසාඩ් හා බ්‍රිතාන්‍ය එම්. 6 සහ රුසියාවේ එෆ්.එස්‌.බී. බුද්ධි සේවා ප්‍රධානියා ද මෙයට කලකට පෙර මාධ්‍ය අමතමින් එකී රටවලට එල්ලවී ඇති චෝදනාවලට ප්‍රතිචාර දක්‌වා තිබිණි.

මේ අතර ජර්මනියේ ෙ-.ඩී.එස්‌. නම්වූ කොටි හිතවාදී මාධ්‍ය සංවිධානය ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් ඝාතනය කරන බවට දක්‌වමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆොa රූපවාහිනියට වීඩියෝ පටයක්‌ යොමු කර ශ්‍රී ලංකාව යුද අපරාධකරුවන් කිරීමට දැඩි උත්සාහයක්‌ ගනිද්දී නිහඬව සිටි ඇතැමුන් දැන් ලකුණු දමාගැනීම උදෙසා මෙරටට පැමිණ ඇත.

ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතක සමාගම විනාශ කළ යුතු යෑයි අප පමණක්‌ වසර ගණනාවක්‌ තිස්‌සේ සෘජුව කියා සිටියදී බ්‍රිතාන්‍යයේ ත්‍රස්‌ත විරෝධී එකමුතුව කළ දෙයක්‌ නැත. ප්‍රභාකරන්ගේ පාදයක්‌ කැපූ බවට මෙරට විද්යුත් නාලිකාවක්‌ ඔස්‌සේ සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කළ පිරිස්‌ මාධ්‍ය හමුවක්‌ කැඳවමින් විවිධ රටවල වැරදි මත පරාජය කිරීමට විශාල වැඩකොටසක්‌ ගෙනගිය බව පැවසීම විහිළුවක්‌ නොවේද?

මේ ලකුණු දමා ගැනීමට උත්සාහ කරන බ්‍රිතාන්‍ය ත්‍රස්‌ත විරෝධී එකමුතුවෙන් රජයේ බලධාරීන් ප්‍රවේසම් විය යුත්තේ මේ නිසාය. යුද අපරාධවලට ශ්‍රී ලංකා හමුදාව වරදකරු කිරීමට නායක වන ඡේ.ඩී.එස්‌. සංවිධානයට එරෙහිව මේ එකමුතුව කුමක්‌ කළේද යන්න හෙළිදරව් කළ යුතුය.

මෙලෙස විවිධ පාර්ශ්වයන්ගේ ක්‍රියාදාමයන් ගැන හෙළිවෙද්දී පසුගිය ඉරිදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරියේදී බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය ජනහමුවක්‌ පැවැත්වූහ. මෙම ජනහමුවට සහභාගි වූ ශ්‍රී ලාංකිකයන් කියා සිටියේ බෙදුම්වාදී ඊළාම් සිහිනය පරාජය කළ යුතු බවයි.

මේ අතර ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සම සභාපති ක්‍රිස්‌ පැටන් නමැත්තා ප්‍රකාශයක්‌ කරමින් ජනාධිපතිවරණයෙන් පසු ද්‍රවිඩ ප්‍රශ්නයට විසඳුමක්‌ නොලැබුණොත් කොටි සටන්කාමීන් නැගිටිනු ඇතැයි පවසා ඇත.

ක්‍රිස්‌ පැටන්ගේ මෙම ප්‍රකාශයෙන් සනාථ වන්නේ ජාත්‍යන්තර බලවේග කොටින්ට යළි ජීවය දීමට උත්සාහ කිරීම නොවේද?

මෙවර ජනාධිපතිවරණයත් සමගම මෙරට සිදුවන්නේ කුමක්‌ද? යන්න ගැන දැන් විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට හා කම්පනයට හේතුවී ඇත.

එ කොටි රූකඩය වූ ද්‍රවිඩ සන්ධානයේ අබිරහස්‌ ක්‍රමවේදයයි. 2008 ජුලි මාසයේ දිනෙක ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කරමින් යුද්ධය නවත්වා ස්‌වයංපාලනයට ඇති අයිතිය පිළිගත යුතුයි කියා සිටියේය.

සම්පන්දන්ලාගේ මේ රට දෙකඩ කිරීමේ වෑයම මෙතෙක්‌ නතර වී නැත.

හමාස්‌ පලස්‌තීන හා හිස්‌බුල්ලා ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියා කළ ඊශ්‍රායලයේ එරියල් ශැරොන්, එහුද් බරක්‌, බෙන්ජමින් නෙතන්යාහු වැනි රාජ්‍ය බලධාරීන් අනුගමනය කළේ අපි කිසිවිටෙකත් සාමය මුවාවෙන් ත්‍රස්‌ත ඉල්ලීම්වලට ඉඩ දෙන්නේ නැති බවයි.

මේ ස්‌ථිර ප්‍රතිපත්තිය අපේ රටේ සියලුම බලධාරීන් අනුගමනය කරන්නේද? මෙම වාතාවරණය මැද ලොස්‌ ඇන්ජල්ස්‌ නුවර ශ්‍රී ලංකන් ප්‍රේට්‌රියට්‌ස්‌ (Sරස ඛ්බන් ච්එරසදඑs) ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ හා සරත් ෆොන්සේකා වෙතින් ඉල්ලීමක්‌ කර ඇත. ද්‍රවිඩ සන්ධානය සමග ගිවිසුමක්‌ ඇත්නම් එය වහාම ප්‍රසිද්ධ කරන ලෙසත් හිටපු ජෙනරාල්ගෙන් ද ජනාධිපති ලොස්‌ ඇන්ජලීස්‌ වෙත පැමිණි අවස්‌ථාවේ දූෂණය හා නාස්‌තිය වැළැක්‌වීමට ක්‍රියා කරන බවට වූ ප්‍රතිඥව ඉටු කරන ලෙස ජනාධිපතිගෙන් එකී සංවිධානය විසින් ඉල්ලා තිබේ.

මේ අතර ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී චන්ද්‍රනේරු නමැත්තා ඔහුගේම පිස්‌තෝලය පත්තුවීම නිසා තුවාල ලබා ඇතැයි වාර්තා විය. වන්නි මෙහෙයුමේ අවසාන සමයේ කොටින්ව බේරාගැනීමට උත්සාහ කළේ ද මේ ද්‍රවිඩ සන්ධාන දේශපාලකයාය. මේ අතර මෙරට ජනතාව අතීතය සිහිපත් කළ යුතුය. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතක සමාගම බේරාගැනීම සඳහා වත්මන් රජයට විවිධාකාර පිරිස්‌ විසින් බලපෑම් කර තිබිණි.

මේ එම පිරිසයි.

ඩෙස්‌මන්ඩ් ටුටු - අගරදගුරු අප්‍රිකාව, මහාචාර්ය පිරුවසාමි - මැලේසියාව, මහාචාර්ය පීටර් පොල්ස්‌ - ස්‌වීඩනය, බර්නාඩ් කුච්නර් - ප්‍රංශ විදේශ ඇමැති, ජෙසී ජැක්‌සන් දේවගැති - ඇමරිකාව, අරුන්දති රෝයි - ඉන්දියාව, ඩේවිඩ් මිලිබෑන්ඩ් - බ්‍රිතාන්‍ය විදේශ ඇමැති, කාල්බිල්ඩ් - ස්‌වීඩන් විදේශ ඇමැති, එරික්‌ සෝල්හයිම් - නෝර්වේ ජාත්‍යන්තර සංවර්ධන ඇමැති, රොබට්‌ බ්ලේක්‌ - හිටපු ඇමරිකානු තානාපති, රොබට්‌ ඊවන්ස්‌ - යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී, වයිකෝ, තොල්තිරුමාවලන්, නෙදුරාමන් නමැති තමිල්නාඩු කොටි හිතවාදී දේශපාලනඥයන් කණ්‌ඩායම, ආර්. සිංහජපා - දකුණු අප්‍රිකානු සන්නිවේදන ඇමැති, එලිසන් ශැන්දර් - ඇමරිකානු නීතිඥ, ජෙන් ස්‌ටොල්ටන්බර්ග් - නෝර්වේ අගමැති, විශ්වනාදන් රුද්‍රකුමාරන් - ඇමරිකානු කොටි එAජන්ත.

මේ අතර බටහිර ප්‍රජාවේ ඇතැම් රටවල් ශ්‍රී ලංකා හමුදාවට අවශ්‍ය අවි ආයුධ ලබාදීම ප්‍රතික්‍ෂේප කළා පමණක්‌ නොව තම අහස්‌ කලාපවලින් අවි ගෙන එමින් තිබූ යානාවලට පියාසර කිරීම ද තහනම් කරනු ලැබූ බව මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා කියා සිටියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රජය විසින් ලබාදුන් නියමුවන් රහිත යානාවලින් කොටි ප්‍රදේශවල තත්ත්වය නිරීක්‍ෂණය කිරීමට හැකිවීම නිසා යුදමය කටයුතුවලට ඉමහත් සහායක්‌ ලැබුණ බවද හෙතෙම තවදුරටත් පල කළේය. කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව යුද වැදීමට රජය අපට බර අවි ලබාදුන්නා යෑයි මේජර් ජෙනරාල්වරයා පැවසුවේ, හිටපු හමුදාපතිවරයා අපට රජය පතරොම් පමණයි දුන්නේ යන ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනි.

කොටි වෙබ් අඩවියක්‌ මෙම සතියේ නිවේදනයක්‌ කරමින් මළ බව කියන ප්‍රභාකරන් ළඟදීම ජීවමාන වන බව පවසා ඇත. බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ යෙදී සිටින විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයක්‌ කිලිනොච්චියේ ඇති අබිරහස්‌ කන්ටේනර් තුනක්‌ ඉවත් කරගැනීම සඳහා උත්සාහ කිරීමේ සිද්ධියක්‌ මෙම සතියේදී වාර්තා විය. මෙම කන්ටේනර් තුනේ වටිනා උපකරණ ඇති බව කියමින් එකී සංවිධානයේ ප්‍රධානියා වූ විදේශිකයා එම කාර්යයට ද්‍රවිඩ ජාතිකයකු යොදවා ඇතැයි වාර්තා විය. ශ්‍රී ලංකා යුද හමුදාව ද උතුරේ අලුතින් හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා මේ සතියේදී ක්‍රියාත්මක විය. ස්‌විට්‌සර්ලන්තයේ සුරීච් නගරයේ කොටින්ගේ රහස්‌ සාකච්ඡාවක්‌ද වාර්තා විය. මේ සාකච්ඡාවලට මුල්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පිපිරීමක්‌ ගැන යෑයි ද ප්‍රතිවිරුද්ධ ද්‍රවිඩ පක්‍ෂ චරපුරුෂයන්ට සැලවී ඇත.


කීර්ති වර්ණකුලසූරිය