Saturday, January 23, 2010
නොදන්න යකා....
වාහනයක අයිතිය තිබුණාට හෝ වාහනයක ගමන් කොට තිබූ පමණින්ම එය හොඳින් පදවාගෙන යැමේ හැකියාව ඇති වන්නේ නැත. අලුතින්ම ලබාගත් රියෑදුරු බලපත්‍රයකින්ද ඒ හැටි ප්‍රයෝජනක් නැත. පරීක්ෂකයා රවටා හෝ පගාවක්දී ලබා ගන්නා රියෑදුරු බලපත් හිමියා අහිංසක ජනාතවට අනතුරක් නොවේද? භාෂාවක් කතා කිරීමට එම භාෂාවෙන් පළවූ පොතක් දැක තිබීම ප්‍රමාණවත් නොවේ. යුද්ධ ටැංකියකට නැග යුද බිමට යැමට පෙර පුහුණුවක් අත්‍යවශ්‍ය වන්නේය. නැතහොත් එහි තුළ වූ ආම්පන්න නොදැන අතපත ගෑමට ගොස් තමන්ටත් තමන්ගේ සගයන්ටත් මහා විනාශයක් වන්නට ඉඩ ඇත. අලුත් සපත්තු යුවළක් වෙන අයකුට පාවිච්චි කරන්නට දී කකුල් කැපීම වළක්වා ගත නොහැක. කිසිදා නොපැළ» පාවහන් පළඳින්නා අඳුනා ගැනීමට ඔහුගේ කාර්යය අවශ්‍ය වන්නේ නැත.දේශපාලනය යනු දේශය පසෙහිලා ගැනීමක් නොවේ. ශ්‍රී ලංකාවේ යම් යම් දේශපාලනඥයෝ දේශයපසෙහි දමාගෙන පාගා විනාශ කොට මඩ ගොහොරු කැලි කසළ පමණක් නොව වසුරු තැලි පවා දේශයෙහි තැවරූ අයුරු අපි කීපවරක් දුටිමු. අඩියේa හිල් පෑදී පට්ටා ගොසින් නැවත ගන්නට දෙයක් ඉතුරු නොවෙන තෙක් මැඩවූ අයුරු ද අපි දුටිමු. එයට එසේ වන්නට ඉඩ දිය යුතු නොවේ. යුද්ධයක් බවට පෙරළුනු ජාතිවාදී අලකලංචිය අවසන් කළ රාජ්‍ය නායකයාහට සපත්තුවට අලුතින් අඩි ගසා සෝදා පොලිෂ් කිරීමට ඉඩ දිය යුතු වන්නේ දන්න යකා නොදන්න යකාට වඩා හොඳ යන්න අප අසා තිබෙන නිසාත් සපත්තු අළුත්වැඩියාව පිළිබඳව හාංකවිසියක් අවබෝධයක් නැති සපත්තු මහන්නෙක් අතට පත් වුවහොත් මේ අබල දුබල වී තිබෙන සපත්තුව හෙවත් පාලනයට කුමකින් කුමක්වේද යන විචිකිච්චාව නිසා හටගන්නා පහන් සංවේගයත් නිසාය.
අප අද සිටින්නේ කබලෙහිය යන්නට විවාදයක් නැත. එහෙත් කබලෙන් ලිපට නොවැටීමට තරම් ජනතාව බුද්ධිමත් වේවා· යනු අපගේ ප්‍රාර්ථනයයි.