.

Saturday, January 23, 2010

ද්‍රවිඩ ජනතාවගේ නරකම සතුරා ද්‍රවිඩ ජාතික සන්ධානයයි.


ද්‍රවිඩ ජනතාවගේ නරකම සතුරා ද්‍රවිඩ ජාතික සන්ධානයයි.

- වී. ආනන්ද සංගරී
"අපි නිශ්ශබ්දව සිටියේ නැහැ. ද්‍රවිඩ සන්ධාන නියෝජිත කණ්‌ඩායම නෝර්වේ, ඩෙන්මාර්ක්‌, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය, පින්ලන්තය සහ එංගලන්තය ඇතුළු රටවල් 12 කට ගොස්‌ ශ්‍රී ලංකා රජයේ හමුදා න්‍යායපත්‍රය ගැන කියා සිටියා. රජය කොටි සංවිධානය විනාශ කිරීමට උත්සාහ කරනවා. අවශ්‍ය යෑයි හැඟී ගියොත් කොටි සංවිධානය ප්‍රහාර එල්ල කරාවි. රජය පරාජය කිරීමට අපට අවශ්‍යයි." - සුරේශ් ප්‍රේමචන්ද්‍රන් (2007 සැප්තැම්බර් 30)
ස්‌වයංපාලනය පදනම්ව වාර්ගික අර්බුදය විසඳිය යුතුයි. - ද්‍රවිඩ සන්ධාන නායක සම්පන්දන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති තමිල් අරසුකච්චි සමුළුව (2009 ජනවාරි 13)

1990 වසරේදී ජෙප්රි ස්‌ටර්න් නමැති මාධ්‍යවේදියා එවකට ජනාධිපතිව සිටි ඡේ. ආර්. ජයවර්ධන මුණගැසී ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමට හමුදාව යෙදවීම නිසා බෞද්ධයකු ලෙස ඔබට වේදනාවක්‌ දැනෙන්නේ නැද්දැයි විමසා තිබිණි. ඡේ. ආර්. ඊට ප්‍රතිචාරය දැක්‌වූයේ මහත්මා ගාන්ධිගේ පිළිතුරකිනි. "තමාගේ ආශ්‍රමයේ ඉතා බරපතල අයුරින් රෝගීව වේදනාවෙන් දඟලන වසු පැටවකු ඔහු දුටුවා. එම සතාව වේදනාවෙන් ගලවා ගැනීම සඳහා මරා දමන්නැයි ගාන්ධිතුමා නියෝග කළා. එකී නියෝගයෙන් ගාන්ධිගේ අවිහිංසා ප්‍රතිපත්තිය බිඳෙන්නේ නැතැයි" ඡේ. ආර්. ජයවර්ධන කියා සිටියේය.

* වන්නි මෙහෙයුමට දායක වූ මේජර් ජනරාල් ජගත් ඩයස්‌ට එරෙහිව බර්ලිනයේ කොටි විරෝධතා දැක්‌වූ අයුරු.

ඡේ.ආර්. ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හෝ මානව හිමිකම් බලධාරීන් නිදහසට කරුණු විමසුවේ නැත. මේ ප්‍රකාශයෙන් හිටපු ජනාධිපතිවරයා කොටි ත්‍රස්‌තවාදීන් විනාශ කිරීම සාධාරණීකරණය කළේය. එහෙත් අද සිදුවන්නේ කුමක්‌ද? කොටි ඝාතක සමාගම විනාශ කිරීම නිසා කම්පනයට පත්ව සිටින ඇමරිකාව නෝර්වේ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා හමුදා නිලධාරීහු යුද අපරාධකරුවන් කිරීමට දැඩි ලෙස උත්සාහ කිරීමයි.

මෑතකදී ඉරාකයේ සහ ඇෆ්ගනිස්‌තානයේ අල්කයිදා ත්‍රස්‌තයන්ට එරෙහිව සටන් වැද ආපසු ඇමරිකාව බලා එන ඇමරිකානු සෙබළුන් එරට ස්‌වදේශාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් හඳුන්වනු ලැබුවේ ඇමරිකානු සෙබළුන් ත්‍රස්‌තයන් නොව විරුවන් ලෙසිනි.

මේ බව ඇමරිකානු ක්‍රිස්‌ටියන් සයන්ස්‌ මොනිටර් නමැති පුවත්පතද කියා සිටියේය. එහෙත් කොටි සමූල ඝාතනය වීම නිසා වියරු වැටී සිටින කොටි ආධාරකරුවන් මෙන්ම ජර්මනියේ කොටි හිතවාදී ෙ-.ඩී.එස්‌. නම් වූ මාධ්‍ය සුළුතර සංවිධානය ද දැන් ශ්‍රී ලංකා හමුදා යුද අපරාධකරුවන් කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක නිරත වී සිටී.

මේ ඡේ.ඩී.එස්‌. හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ නමින් පිහිටුවාගත් කණ්‌ඩායම එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිල්ප් ඇල්ස්‌ටන්ට ද්‍රවිඩයන් ඝාතනය කරන බව දක්‌වන වීඩියෝ පටය යොමු කිරීමෙන් ඔහු ඇමරිකානුවන් තිදෙනකු ලවා එය සත්‍ය වීඩියෝ පටයක්‌ බවට වාර්තාවක්‌ ලබාගෙන තිබේ.

* ප්‍රංශයේ කොටි ජාලය පැවැත්වූ හොර ජනමත විචාරණයේ ඡන්ද ගණන් කරන ප්‍රංශ නිලධාරීහු

පිල්ප් ඇල්ස්‌ටන් විසින් එම වීඩියෝ පටය පිළිබඳ ප්‍රකාශයක්‌ කිරීමෙන් පසු ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ නියෝජිත රූපට්‌ කොල්විලේ ශ්‍රී ලංකා රජයට හා හමුදාවට එරෙහිව පූර්ණ විමර්ශනයක්‌ කළ යුතු යෑයි ඉල්ලා ඇත. මේ අතර පසුගිය 8 වැනිදා ලන්ඩනයේ මහත්මා ගාන්ධි ශාලාවේ පැවැති කොටි හිතවාදීන්ගේ රැස්‌වීමක්‌ ඇමතූ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය ගැරත් තෝමස්‌ කොටින්ට එරෙහි පැවැති යුද මෙහෙයුමේ අවසාන සතියේදී එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන ස්‌වාධීන විමර්ශනයක්‌ ආරම්භ කළ යුතු යෑයි පවසා ඇත.

මේ රැස්‌වීම සංවිධානය කර තිබුණේ ටැමිල් ලීගල් ඇඩ්වකේඩ් නමැති කොටි හිතවාදී සංවිධානයයි. ජනාධිපතිවරණයට දෙසතියක්‌ තිබියදී විවිධ පාර්ශ්වවලින් එල්ලවී ඇති මෙකී සාවද්‍ය යුද අපරාධ චෝදනාවලින් සනාථ වන්නේ කොටි සංවිධානය යළි පණගැන්වීම සඳහා දියත් වී ඇති ජාත්‍යන්තර ක්‍රියාදාමයයි.

මෙය තවදුරටත් සනාථ වන්නේ පසුගිය ඉරිදා යාපනයේ නල්ලූර්හි කලෙයිනාර් ශාලාවේදී ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති තමිල් අරසු කච්චි පක්‍ෂයේ 60 වැනි සංවත්සරයේදී එAකමතිකව යෝජනා විසිපහක්‌ සම්මත කර ගැනීමෙනි. ද්‍රවිඩ පාරම්පරික නිජබිම ද්‍රවිඩ රාජ්‍යය සහ ස්‌වයංපාලනයට ඇති හිමිකම මත ද්‍රවිඩ වාර්ගික අර්බුදය විසඳිය යුතුය යන කරුණු එකී සම්මත වූ යෝජනාවලට ඇතුළත් වී ඇත.

* ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන්ගේ ක්‍රියාදාමය බැටළු හම පොරවා ගත් කොටියකුට සමාන නොවන්නේද? මේ ඔහු පොංගු තමිල් රැස්‌වීමකට සහභාගි වූ අයුරුය.

ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා ද්‍රවිඩ සන්ධානය දරන මෙම රහසිගත සැලසුමට අදාළ පුවත ජර්මනියේ විකාශනය වූයේ කරවානේ නමැති ජර්මානු කොටි වෙබ් අඩවිය මගිනි. මෙලෙස යළි මෙරට ස්‌වයංපාලනය හෙවත් ඊළාම් රාජ්‍යය ලබාගැනීමට ප්‍රයත්න දරද්දී කොටින්ව වසර ගණනාවක්‌ තිස්‌සේ පෝෂණය කළ නෝවීජියානු පීපල්ස්‌ එAඩ් නම් වූ එන්.ජී.ඕ. සංවිධානය යළි වන්නියේ ස්‌ථානගතවීමට සැලසුම් කර ඇතැයි වාර්තා විය. මෙය වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ අප්‍රිකානු රටක සිටින නෝවීජියානු ක්‍රියාකාරිකයකු අපි යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව පැවසීමෙනි. කොටි ඝාතක කණ්‌ඩායම සමූල ඝාතනයවීම නිසා බෙහෙවින්ම කම්පාවට පත්වූයේ කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හොයිම්ය. සෝල්හයිම් බලා සිටින්නේ කොටි පැරදවූ ජනාධිපති හා රජය ඇදවැටෙන තුරුය. මෙවන් තත්ත්වයක්‌ මැද මෙරට නෝර්වේ තානාපති ටෝරේ හැම්රන් නමැත්තා ද දැන් දේශපාලකයන් හමුවන බව හෙළිවී ඇත. එA කුමක්‌ සඳහා ද යන්න සනාථ නොවන්නේද?

මේ අතර රට දෙකඩ කිරීම සඳහා උත්සාහ කරන ද්‍රවිඩ සංධානයට අවශ්‍ය වී ඇත්තේ යාපන අර්ධද්වීපයේ අධිආරක්‍ෂක කලාප ඉවත් කරගැනීමයි. මේ සතියේ දිනෙක ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දන් නමැත්තා අවතැන්වූවන් පිරිසක්‌ යෑයි කියමින් කණ්‌ඩායමක්‌ රැගෙන නල්ලූර්හි තෙලිප්පායි අධිආරක්‍ෂක කලාපයට ඇතුළුවීමට දැරූ උත්සාහය ආරක්‍ෂක හමුදාව විසින් ව්‍යර්ථ කරනු ලැබීය.

2003 වසරේ ජුලි මාසයේදී කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක හිටපු දකුණු අප්‍රිකා හමුදා නිලධාරියකු වූ රොකී විලියම්ස්‌ හා නයිජීරියානු හිටපු හමුදා නිලධාරියකු වූ කයෝවේ සේවිප් මෙරටට ගෙන්වා උතුරේ අධි ආරක්‍ෂක කලාප ඉවත් කරලීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

මේ සාකච්ඡාව සඳහා එවකට සිටි ආරක්‍ෂක ලේකම්ගේ නියෝග මත උතුරේ 51 වැනි සේනාංකයේ කර්නල්වරයකුට හා පලාලි හමුදා කඳවුරේ මේජර්වරයකුට ද සහභාගිවීමට සිදුවිය. මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී ප්‍රභාකරන්ගේ පියාගේ අවසන් කටයුතු සඳහා කොටි ආධාරකරුවකු වූ තොල් තිරුමාවලන් වැල්වැටිතුරේ ප්‍රදේශයට පැමිණ සිටි බව අනාවරණය විය. ජනාධිපතිවරයා යුද අපරාධකරුවකු කළ යුතු යෑයි කීS මේ කොටි හිතවාදියාට මෙරටට එAමට ඉඩ දුන්නේ මන්ද? මේ අවමඟුල් උත්සවයට ජනාධිපති අපේක්‍ෂක සිවාජිලිංගම් ද ප්ලොට්‌ නායක සිද්ධාර්ථන් ද ඇතුළු 300 ක්‌ පමණ සහභාගි වී ඇත. එසේම මාධ්‍යවේදියකු යෑයි හඳුන්වා ගන්නා තැනැත්තෙක්‌ ද ඊට සහභාගි වී තිබේ.

එහෙත් කොටි වෙබ් අඩවි මගින් ලොව පුරා ප්‍රචාරය කළේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ සහභාගි වී ඇති බවයි. 1991 වසරේදී ප්‍රභාකරන්ගේ නියෝග මත ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයවීමෙන් පසු ප්‍රභාකරන්ගේ පියා සහ මව වන්නියට සම්ප්‍රාප්ත වූහ.

ශ්‍රී ලංකා හමුදාවට වන්නියට අඩියක්‌වත් තැබීමට හැකියාවක්‌ නැති බවට ප්‍රභාකරන් කළ ප්‍රකාශය මවුපිය දෙදෙනාත් තරයේ විශ්වාස කළහ. එහෙත් 2009 මැයි මස සිතන්නටවත් අපහසු දෙයක්‌ කොටි සංවිධානයට සිදුවුණා. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි නායකත්වය සමූල ඝාතනයකට ලක්‌ වුණා. මේ නිසා තම පුත්‍රයා විසින් විනාශ කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකා හමුදාව වෙත භාරවීමට ප්‍රභාකරන් යුවළට සිද්ධ වුණා යෑයි ඉන්දීය මාධ්‍ය කියා සිටියේය.

පසුගිය ජනවාරි 7 වැනිදා රාත්‍රියේ මියගිය ප්‍රභාකරන්ගේ පියාගේ සිරුර භාරගත්තේ ටෙලෝ සංවිධානයේ ජී. සිවාජිලිංගම්ය. එය දෛවයේ සරදමක්‌. 1986 වසරේදී ප්‍රභාකරන් විසින් සිවාජිලිssංගම් ඝාතනය කරන්නැයි නියෝග කළ නමුත් එම ඝාතනය ප්‍රයත්නයෙන් ඔහු ගැලවිණි.

එසේම ප්‍රභාකරන්ගේ පියාගේ අවමඟුලට පැමිණි ප්ලොට්‌ නායක සිද්ධාර්ථන් ද ඝාතන ඉලක්‌කයක්‌ වී තිබිණි. මේ අතර තමිල් අරසු කච්චි නම්වූ බෙදුම්වාදී සංවිධානයේ හැටවැනි සමුළුවේදී සම්මත කරගත් යෝජනා අතර මෙසේද සඳහන් විය. 1. අධි ආරක්‍ෂක කලාප නිසා අවතැන්වූවන් ඔවුන් සිටි ස්‌ථානවල පදිංචි කළ යුතුය. 2. අවතැන්වූවන් එක්‌සත් ජාතීන්ගේ සුපරික්‍ෂාකාරීත්වය මැද නැවත පදිංචි කළ යුතු වේ.

අධි ආරක්‍ෂක කලාප ඉවත් කර ඊළම ලබාගැනීමේ ෙද්‍රdaහී ක්‍රියාදාමය මෙලෙස දියත්වී තිබියදී ප්‍රංශ කොටි ජාලය එරට සිටින ඊළාම්වාදීන් කැඳවමින් පසුගිය සඳුදා ව්‍යාජ ජනමත විචාරණයක්‌ පවත්වා 30936 ක්‌ ඊළාම්වාදීන් ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවිය යුතු යෑයි පවසා ඇත. ප්‍රංශයේ කොටි සංවිධාන 61 ක්‌ මෙයට සහභාගි වී තිබේ. මේ හොර ජනමත විචාරණයේ නිරීක්‍ෂකයකු ලෙස ප්‍රංශයේ සෙව්රන් නගරාධිපති ස්‌ටීවන් හැටින්ගන් හා ප්‍රංශ නිලධාරීහු සහභාගි වී තිබේ. මෙයට පෙර නෝර්වේ සහ කැනඩාවේ ද මෙවැනි ජනමත විචාරණ පවත්වා ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවිය යුතු බව කොටි විසින් ප්‍රකාශ කර තිබිණි. මේ සතියේ ආරක්‍ෂක කරළිය තුළ මෙවන් තොරතුරු හෙළිවෙද්දී ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය පසුගිය 13 වැනිදා ගි්‍රනිච් වේලාවෙන් පැය 12.36 ට වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් ද්‍රවිඩ සන්ධානයේ කණ්‌ඩායමක්‌ ඉන්දියාවට යන බවත් එකී කණ්‌ඩායමේ තොරතුරු මෙතෙක්‌ වාර්තා වී නැති බවත් පවසා ඇත.

මෙලෙස ද්‍රවිඩ සන්ධාන දේශපාලනඥයන් කණ්‌ඩායමක්‌ ඉන්දියාවට යන්නේ තමිල්නාඩුවේ චෙන්නායි නගරයෙන් ඇඳුම් මිලයට ගැනීමට නොව අතිශයින්ම රහසිගත සැලසුමකට බව පැහැදිලිය. පසුගිය මැයි 19 වැනිදා වනතෙක්‌ම ද්‍රවිඩ සන්ධානය කියා සිටියේ ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා කොටි සංවිධානය බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට චැනල් ෆොa වීඩියෝ පටයෙන් තහවුරු වන්නේ යෑයි එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිල්ප් ඇල්ස්‌ටන් කළ ප්‍රකාශය ඔහුගේ ස්‌වාධීන මතයක්‌ යෑයි මහලේකම් බෑන් කී මූන් පැවසීම ගැන ඇමරිකානු කොටි හිතවාදීන් හා ඇමරිකානු ඉනර් සිටි ප්‍රෙස්‌ නමැති රාජ්‍ය නොවන සංවිධානය කෝපයට පත්වී තිබේ.

"බෑන් කී මූන් ශ්‍රී ලංකාව ආරක්‍ෂා කිරීමට උත්සාහ කරනවා. එසේම පිල්ප් ඇල්ස්‌ටන්ව අවතක්‌සේරුවට ලක්‌ කර තිබෙනවා"යෑයි ඉනර් සිටි ප්‍රෙස්‌ සංවිධානය පවසා ඇත. මේ අතර ජාත්‍යන්තර කොටි ජාලයේ යටි අරමුණ කුමක්‌දැයි මෙරට ජනතාව අවබෝධ කරගත යුතුය. කොටි ඝාතක කණ්‌ඩායම රැකගැනීම සඳහා ලන්ඩනයේ සිට හඬ නැඟූ කොටි එAජන්තවරයකු වන්නේ සුරේශ් සුරෙන්දිරන් නමැත්තායි. පසුගිය 8 වැනිදා මොහු ගාඩියන් පුවත්පතට මෙලෙස ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයාත් හිටපු හමුදාපතිවරයාත් පසුගිය මැයි මසට පෙර වසර තුනක කාලයකදී 80000 කට වඩා සටන්කාමීන් හා සිවිල් වැසියන් මරුමුවට පත්වීමට වගකිව යුතුය. මෙම තත්ත්වය මැද කොටි හිතවාදී වෝ විතවුට්‌ විට්‌නස්‌ නමැති සංවිධානය යුද අපරාධවලට වගකිව යුතු යෑයි දක්‌වමින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 14 කගේ ලැයිස්‌තුවක්‌ ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට හිටපු හමුදාපති ද ආරක්‍ෂක ලේකම් ද ඇතුළත් කර ඇත. සතුරන් අතීතය අමතක කරන්නේ නැතැයි ඊශ්‍රායල් ආරක්‍ෂක ඇමැති එහුද් බරක්‌ වරක්‌ පවසා තිබිණි. 2009 ඔක්‌තෝබර් 1 වැනිදා යුරෝපා කොටි වෙබ් අඩවිය මෙලෙස පවසා තිබිණි. "මුළු කොටි නායකත්වයම සිංහල හමුදාව විසින් ඝාතනය කර ඇත. කොටින්ගේ මේ පරාජය මුළු ඊළාම් ප්‍රජාවට මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ඊළාම්වාදීන්ට ද කම්පනයක්‌ ඇති කළේය. කොටි සටන අත්හරිනු ඇතැයි ද්‍රවිඩ ජනතාව අදහස්‌ කළේ නැත.

මේ අතර ජනාධිපතිවරණයට ඇත්තේ තව දින නවයකි. දෙස්‌ විදෙස්‌ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් කොටි මර්දනය කිරීම නිසා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව සනාථ කිරීමට උත්සාහ කරද්දී තවත් පාර්ශ්වයන් විවිධ ඉල්ලීම් යොමු කරති.

ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරට සාවද්‍ය මානව හිමිකම් වාර්තා යෑවූ කොළඹ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම මෙවර තොරතුරු දැනගැනීමේ පනත Fරුedදප දෙ සබදෙරප්එසදබ aජඑ නමින් පනතක්‌ ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලා ඇත. මේ කුමක්‌ පිණිසද? ඇමරිකාවේ ක්‍රියාත්මක වන මෙවන් පනතක්‌ නිසා දුෂ්කරතාවට ලක්‌වූ හිටපු ඇමරිකානු ජනාධිපති රිගන් නියෝගයක්‌ ප්‍රකාශයට පත් කරමින් ජාතික ආරක්‍ෂාවට ඉවහල්වන තොරතුරු ලබාදීමෙන් වළකින්නැයි ආරක්‍ෂක ආයතනවලට දන්වා තිබේ. මෙයට සමාන නියෝගයක්‌ හිටපු ජනාධිපති ජෝර්- බුෂ් ද නිකුත් කර ඇත. නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම මේ උත්සාහ කර ඇත්තේ රැවුල ගිනි ගන්නා අවස්‌ථාවේ සුරුට්‌ටු පත්තු කිරීමටය. මේ නිසා රටේ ජාතික ආරක්‍ෂාවට අදාළ දැනගැනීමට විදේශිකයන්ට පවා ඉඩ ලැබෙන මෙවැනි පනත් කිසිසේත් සම්මත නොකිරීමට රජය ක්‍රියා කළ යුතුය. කොටි ජාත්‍යන්තර ජාලය දැන් යළිත් එAකරාශී වී ඇත. එA කොටි පරාජය කළ රජය පෙරළා දැමීමට බව පැහැදිලිය.

මේ අතර චැනල් ෆොa වීඩියෝ පටය බෙදාහැරි ජර්මනියේ ෙ-.ඩී.එස්‌. සංවිධානයට හෝ ඔවුන්ට තම නිවසේ ලිපිනය ලබාදුන් ලොහ්බිලර් කණ්‌ඩායමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගත් පාර්ශ්වයන් ජර්මනියේ කොටි ක්‍රියාකාරකම් නැතැයි පැවසීමට පවා ඉදිරිපත්වී ඇත. කොටි ජර්මනියේ මාර්ගවල වන්නි මෙහෙයුමට දායක වූ ජගත් ඩයස්‌ නමැති හමුදා නිලධාරියාට එරෙහිව පෝස්‌ටර් ගසද්දී මොවුන් නිහඬ විය. 2002 සටන් විරාම සමයේ ජර්මානු එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් සමග මෙරටට පැමිණ කිලිනොච්චියට ගිය පාර්ශ්වයන් දැන් ද්විත්ව රංගනයක යෙදී තිබේ.

මේ අතර ඊළාම් ද්‍රවිඩයන් සඳහා වූ නෝවීජියානු කමිටුව නමින් හඳුන්වාගත් නෝර්වේ කොටි ජාලය ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ආරම්භ කිරීමේ මෙහෙයුම තයිපොන්ගල් දිනයේදී ප්‍රකාශයට පත් කර ඇත. මෙවර නෝර්වේ කොටි නායක නෙදියවන් පසුබිමේ සිටිමින් මෙහෙයුම දියත් කර ඇත්තේ එස්‌. ප්‍රදීපන් සහ ප්‍රංශයේ සිටින ක්‍රිෂාන්ති සන්තිනායන් නමැත්තියයි. මේ කොටි කමිටුවේ ප්‍රධානියා කන්දයියා පංචකුලසිංහම් නමැත්තායි. පසුගිය මාසයේදී මේ කොටි කමිටුවේ එAජන්තවරු ජර්මනියේ බර්ලින් නගරයේ රැස්‌වී ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය ගැන සාකච්ඡා කර ඇත. කොටි ත්‍රස්‌තයන් ජර්මනියේ රහස්‌ සාකච්ඡා පවත්වද්දී ත්‍රස්‌තවාදය පිටුදැකීමේ සංවිධාන පිහිටුවා ගත් පාර්ශ්ව කොහේ සිටියේද?

පසුගිය 14 වැනිදා අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේදී විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට තහවුරු කිරීමේ හොර විනිශ්චය සභාවක්‌ ආරම්භ කරනු ලැබීය. මෙහිදී සනාථ වූයේ මේ හොර විනිශ්චය සභාව පිටුපස සිටින්නේ ටැමිල් එගේන්ස්‌ට්‌ ජෙනෝසයිඩ් සංවිධානය බවය. මේ අතර හිටපු හමුදා නිලධාරීහු දැන් එකවරම ජනතාව හමුවට ඉදිරිපත්වී ඇත. එහෙත් අතීතය සිහිපත් කළ යුතුය. 1990 වසරේදී කොටි ත්‍රස්‌තයන් යාපනය කොටුව වටකර තිබියදී එක්‌ හමුදාපතිවරයෙක්‌ යටතේ කොටුව අත්හැර දමනු ලැබීය. කොටි සංවිධානය යාපනය කොටුව තම පාලනයට ගනිද්දී මේ හමුදාපතිවරයා එවකට ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිව සිටි රංජන් විඡේරත්න සමග දකුණු කොරියාවේ සියෝල් නුවර හමුදා උත්සවයකට සහභාගිවීමට එරටට ගියේය. මේ සත්‍යය වසන් කළ හැකිද...?

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ මෙහෙයුමක්‌
නෝවීජියානු කොටි කවුන්සිලය දියත් කරයි

* ඊළමක්‌ සඳහා නැවත එක්‌වෙමු යන මැයෙන් අවතැන් වූ කඳවුරක පසුගිය දා තිබියදී හමුවූ පෝස්‌ටරයක්‌ . මේ යළි අනතුරු ඇඟවීමක්‌ නොවේද? මෙය යුරෝපා කොටි වෙබ් අඩවියේ පලවිය.

* ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායමක්‌ ඉන්දියාවට යන බව ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය කියා සිටී.

* කොටි පෝෂණය කළ නෝවීජියානු පීපල්ස්‌ එAඩ් සංවිධානය යළි මෙරටට එAමට උත්සාහ කරයි

* 1986 දී ප්‍රභාකරන්ගේ ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවාගත් සිවාජිලිංගම් මෙවර ප්‍රභාගේ පියාගේ සිරුර භාරගනී

* ඇමරිකානු කොටි හිතවාදීන් එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ට දොස්‌ පවරයි

* ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දන් අධි ආරක්‍ෂක කලාපයට ඇතුළුවීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වේ.

* රැවුල ගිනි ගනිද්දී සුරුට්‌ටු පත්තු කිරීමේ එන්.ජී.ඕ. උත්සාහයක්‌

* කොටි ජාත්‍යන්තර ජාලයේ කුමන්ත්‍රණ

* උතුර නැගෙනහිරින් ආරක්‍ෂක හමුදාව ඉවත් කරන්නැයි ද්‍රවිඩ සන්ධානය ඉල්ලා සිටියා
- ජනාධිපති කියයි

* ශ්‍රී ලංකාවට එරෙහි ඩබ්ලින් යුද අපරාධ විනිශ්චය සභාව මෙහෙය වන්නේ ඇමරිකානු කොටි ජාලය යෑයි සනාථවේ..,