Saturday, December 26, 2009
Point Of View...
ජනාධිපති ශාපය අවසන් කළ නොහැකිද...?
සරත් ෆොන්සේකාගේ ඉදිරිපත්වීම, ත්‍රස්තවාදියකු බෝම්බයක් දමා ගැසීමෙන් මූනිස්සන් දසත වැදී ගියාක් වැනිය. ප්රතිවිරෝධතා පැන නගියි. කොටින්ට රටේ සමස්ත භූමි භාගයෙන් විශාල කොටසක් ලියාදෙමින්, උන් සමඟ සටන් විරාම ගිවිසුම් අත්සන් කළ, එක්සත් ජාතික පක්ෂයේ රනිල්, රවී කරුණානායක හා කිරිඇල්ල තමන් කළ ප්‍රකාශ වමාරා කමින්, කොටි ඝාතක සරත් ෆොන්සේකාගේ සහායට එති.
එක්සත් ජාතික ආණ්ඩුව විසින් මරා දමන ලද ජවිපෙ පාක්ෂිකයන් හා ඔවුන්ගේ සහායකයන් සංඛ්‍යාව, ෆොන්සේකා හා රාජපක්ෂ ආණ්ඩුව විසින් විනාශ කළ කොටි සාමාජිකයන්ගේ සංඛ්‍යාවට වඩා අති විශාලය. රට බෙදිල්ලට හා 13 වැනි සංශෝධනයට එරෙහිව එදා නැගී සිටි ජවිපෙ අද "ආණ්ඩුවේ අනිසි බල භාවිතයට හා දූෂණයට එරෙහි වෙමු" යි කියමින් ෆොන්සේකාගේ සහායට එක්සත් ජාතික පක්ෂය හා එක්ව වේදිකාගතව සිටී.
"අවුට් ලුක්" ඉන්දියානු සඟරාවට ප්‍රකාශයක් කරමින් ෆොන්සේකා මහතා තම පෞද්ගලික මතය දක්වා තිබුණේ 13 වැනි සංශෝධනයට තමා කැමැති බවය. ඊ. පී. ඩී. පී. පක්ෂයේ ඉල්ලීමක් වන 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත. සන්ඩේ ලීඩර් පුවත්පත සමඟ ෆොන්සේකා කළ සාකච්ඡාවකදී යුද අපරාධ සිදුවීමක් ගැන එම පුවත් පත සඳහන් කළේය. එහි කර්තෘ කොටි ඉල්ලූ බිම් ප්‍රමාණයටත් වඩා බිම් ප්‍රමාණයක් සහිත ඊළම් සිතියමක් ඇඳ ජාත්‍යන්තරව ප්‍රචාරය කළ ලංකා විරෝධි ඉන්ටර්නැෂනල් ඇලර්ට් සංවිධානයේ කලින් වැඩ කළාය. ෆොන්සේකා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. එකල චන්ද්‍රිකා ආණ්ඩුවේ සිටි රාජපක්ෂ මහතා ද එදා චන්ද්‍රිකා කොටින්ට දෙන්නට කැස කැවූ සටන් විරාමය හා ඡඔධඵී සම්බන්ධයෙන් දැක්වූයේ එකඟතාවකි. කොටින්ට එදා එම වරදානය ලැබුණා නම් උන්ගේ පුංචි සිහින රාජ්‍යය සැබෑ වන්නට ඉඩ තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා පූර්ණ ජාති ප්‍රේමියෙක් වූයේ තම පසුගිය ජනපති තරගයේදී කථිකයන් වශයෙන් සහාය දීමට මංගල සමරවීර සමඟ ජවිපෙ වේදිකාවට ඒමත් සමඟය. මංගල එදා චන්ද්‍රිකාගේ ජාති ෙද්‍ර`හී සුදු නෙළුම් කණ්ඩායමේ ක්‍රියාකාරකයෙක් වූ කාලයේ රාජපක්ෂ නිහඬව සිටියේය.
ජවිපෙ සහ මංගල අද සරත් ෆොන්සේකාට ආවඩන්නන් වී සිටිත්, රනිල් හා ඔහුගේ සඟයන් සරත් ෆොන්සේකාට එක්වෙමින් දේශප්‍රේමීන් වීමට සූදානම් වෙද්දී, මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 58 වැනි සමුළුව අමතමින් ප්‍රකාශ කළේ "ඊයේ දේශප්‍රේමියා හෙට දේශ ෙද්‍ර`හියකු වන්න පුළුවන්" කියාය. වෙන වචනවලින් කියතොත් "දැන් සරත් ෆොන්සේකා දේශෙද්‍ර`හියෙක් යනුය. මේ ප්‍රකාශය නිකුත් වන තෙක් රාජපක්ෂ මහතාගේ කටින් පිටවූ වචනයක් වචනයක් පාසා ඔල්වරසන් නැගූ පක්ෂපාතී ශ්‍රාවකයන් නිහඬව සිටියේ තමන් එම ප්‍රකාශයත් සමඟ එකඟ නැති බව කියන්නාක් මෙනි. ශ්‍රී ලංකා විරෝධීන්ට අභියෝගයක් වෙමින් හමුදාව ජයග්‍රහණය කරා ගෙන ගිය ජනරාල්වරයා අද ආණ්ඩුව විසින් නිරූපණය කරනු ලබන්නේ විදෙස් ඒජන්තවරයකු ලෙසය.
මේ අතර දේශපාලන ස්ථාවරයක් නොගෙන සිටි පිරිසට ජනරාල්වරයාගේ එක් ප්‍රකාශයකින් ක්ෂණික වාසි සැලසිණ. "සිය දහස් ගනන් මිනිසුන් රැඳවුම් කඳවුරුවල තබා ගැනීම ගැන මං අසතුටුයි" යනු ඒ ප්‍රකාශයයි. ඒ වචන ජෙනරාල්වරයාගේ මුවින් ගිලිහෙත්ම කඳවුරුවල දොරගුළු ඇරුණේය. මේවා තුළ කොටි හිටියානම් ඔවුන් නිදහසේ පිටවී යන්නට ඇත. කඳවුරුවලට ආපසු එතොත් එන්නේ අහිංසකයන් පමණක් වනු සිකුරුය.
දේශපාලන හොරුන්ටත්, ඔවුන්ගේ හෙන්චයියලාටත්, උජාරුවෙන් ගමන් බිමන් යන්නට ඉඩ සැලසූ මාර්ග බාධක ඉවත් වීම තවත් අතුරු ඵලයකි. ජනරාල්වරයාගේ මැජික් තොප්පියේ තරම, මාස දෙකකට කලින් මේ මැජික් පෙන්නුවානම් කඳවුරු ගත වූවන් අතර කොටි සිටිත්දැයි පරීක්ෂා කිරීමට ඉඩ තිබුණු අතර නොබෝදා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව නිසා ලංකාවෙන් ඉවත්කර ගත් පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමද මේ රටේ පවත්වන්නට ඉඩ තිබිණි. ජනපතිවරණයේදී කඳවුරු ගතව සිටි අයගේ ඡන්දය ඉතා වැදගත් විය හැක.
දෙමළ වර්ගවාදය ගැන බෙහෙවින් හෙළිකොට ඇති නලින් ද සිල්වා පසුගියදා සඳහන් කළේ සරත් ෆොන්සේකා දේශප්‍රේමීන් දෙකඩ කොට, දෙමළ වර්ගවාදීන් හා ජාතියට විපක්ෂ වූවන් ශක්තිමත් කරනු ඇති බවය. එල්. ජී. ඕ. සාම වෙළෙන්දකු වන ජෙහාන් පෙරේරා කියා සිටියේ අපේක්ෂකයන් දෙදෙනාම ජාතිකත්වය නිරූපණය කරන බැවින් "තෝරා ගැන්මට සුදුස්සෙක් නැත" කියාය. තවත් ඊනියා විකල්ප සංවිධානයක එන්. ජී. ඕ. වෙළෙන්දකු වන පාක්‍යසෝති සරවනමුත්තු ද කියා සිටියේ "සිංහල අයිය මලෝ දෙන්නා අතර තෝරා ගැන්මක් කළ නොහැකි" බව කියයි. කලෙක අපේ රටේ වැජඹුණු යටත් විජිතවාදී බර්ගර් වරුන්ගෙන් පැවත එන වැන්ඩර්පූටන්ට අනුව "ගලක් හා ඝන බිම් කඩක් යන දෙකෙන් කොයික තෝරා ගන්න" දැයි කිව නොහැකිය. ඔහු අදහස් කරන්නේ ශ්‍රී ලංකා විරෝධීන්ට තෝරා ගත හැකි කෙනෙකු නැති බවය. අපේ පුවත්පත්වලට ලිපි සපයන රෝ සංවිධානයට සම්බන්ධ, ඉන්දියානු රහස් සේවයේ නියුක්ත නිලධාරීන්, තේරුමක් ඇති දෙයක් කියන්නට දඟලති.
යටත් විජිතවාදී පාලනයෙන් පැවත එන්නන් මෙන්ම ඉන්දියානු රෝ යටත් විජිතවාදීන් හා නව විජිතවාදී එන්. ජී. ඕ. වෙළෙන්දන් අද තැති ගෙන සිටින්නේ ෆොන්සේකා රාජපක්ෂ ද්විත්වය ප්රතිමල්ලවයන් වී සිටින හෙයිනි. මෙය පරිණාමක මොහොතකි. විදේශිකයන්ගේ බහට නොනැමී උන්ගේ අපේක්ෂාවන්ට එරෙහිව, කොටින් හා සටන් වැද උන් පැරද වූ දෙදෙනා අද නායකත්වය සඳහා ද්වන්ද සටනකට අවතීර්ණ වී සිටිති. ශ්‍රී ලංකාවේ සංවර්ධනය 50 වසරක් පුරා ඇණ හිට වූ දෙමළ බෙදුම්වාදී වර්ගවාදීහු කුඩා පහේ අපේක්ෂකයකු හැරුණු විට සැලකිය යුතු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අසමත් වී ඇත.
මේ අතර තවත් සුළු අපේක්ෂකයන් කිහිප දෙනෙක් කලඑළි බැස ඇත. නම් වශයෙන් කියතොත්, මාක්ස් වාදීන් යෑයි කියාගන්නා වික්‍රමබාහු කරුණාරත්න සහ සිරිතුංග ජයසූරිය ඒ අතර වෙති. මේ දෙදෙනාට ඡන්ද දහ පහළොස් දාහක් වැටෙන්න පුළුවන. භික්ෂුන් වහන්සේ නමක්ද ඉදිරිපත් වී ඇත. වෙනත් අපේක්ෂකයන් ඉදිරිපත් වෙතොත් එසේ කරනු ඇත්තේ රජයේ රූපවාහිනී මගින් නොමිලේ පෙනී සිටින්නටත්, සරත් ෆොන්සේකා මහින්ද රාජපක්ෂ යන දෙපළගේ පෙරකලාසියන් වශයෙන් ඔවුන්ට ප්‍රචාරය ලබාදීමටත් විය හැක.
මානෙල් මල් ව්‍යාපාරය විසින් මහින්ද රාජපක්ෂ ඉදිරිපත්වීම අනුමත කරනු ලැබිණ. එහිදී එස්. එල්. ගුණසේකර, ගුණදාස අමරසේකර යන දෙපළ තම සහාය පළ කළහ. ජවිපෙ යෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූවෝද මහින්ද රාජපක්ෂට සහාය දෙති.
ගියවර ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පංතික ඡන්දය, ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් බුදු දහම සුරැකීමේ කාර්යය වෙනුවෙන් ලබා ගත් ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂට සහාය දෙයි. ඔවුන් ඉදිරිපත් කළ සචාචාර විරෝධී අන්‍යාගම්කරණයට එරෙහි පනත පාර්ලිමේන්තුවේදී සම්මත නොවූවද තීරු බදු රහිත සුඛෝපභෝගී වාහන ඔවුන් ලබාගත් අතර, ඉන් සමහරක් නීති විරෝධී ලෙස විකුණන ලදැයි ද චෝදනා නැඟුණි.
එක්සත් ජාතික පක්ෂයෙන් හා ජවිපයෙන් අස්වී ආණ්ඩු පක්ෂයට බැඳුණු හැමදෙනාටත්, එසේම නිදහස් සංධානයේ පැරැණි සාමාජිකයන් හැම දෙනාටත් මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් තරග කොට ජය ගත නොහැකි බව සරල ගණිතය දන්නා අයට ඉතා පැහැදිලිය. ඒ කවුරුත් ගණන් හදා බලා අර පැත්තට මේ පැත්තට පනිනු සිකුරුය.
නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමැති පිල්ලෙයාන් ප්‍රකාශයක් කරමින්, තමා හා තම ටී. එම්. වී. පී. පක්ෂය රාජපක්ෂ මහතාට සහාය නොදෙන බව කීවේය. එසේ කියා පැය කීපයකට පසු එම වාර්තාව සත්‍ය නොවන බව ප්‍රකාශ විය. මේ අතර සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකාට ආවඩනු දක්නට ලැබිණි. ඔහුගේ පියා කොටින්ට දුන් ආයුධවලින් උන් ශ්‍ර ලංකා පොලිස් භටයන් 700 ක් අමු අමුවේ මරා දැමිණි. මේ සමූල ඝාතනය මෙහෙය වූ කරුණා පාර්ශ්වය පළමුවන පෙළේ යුද අපරාධ කරුවෙකි. අද ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ සහායකයෙකි. අනාවරණය වී නොමැති සුළු ජාතික ඡන්ද ජනපති තරගයේ ප්‍රධාන සාධකයක් වනු ඇත. මහින්ද රාජපක්ෂ පසුගිය ජනපති තරගය දිනුවේ කොටි ඡන්ද වර්ජනයක් පනවා තිබුණු හෙයිනි. අද ද්‍රවිඩ ජාතිකයන් අතර ඒ ඒ කොටස් සමඟ දෙමළ ජනතාව අතර අනුගත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. විවිධ දෙමළ පක්ෂ මහින්ද රාජපක්ෂට හෝ සරත් ෆොන්සේකාට හෝ සහාය දැක්වීමට පෙළඹීමෙන් ඒ බව ඔප්පු වෙයි. මේ අතර පොදු එකඟතාවකින් තොරව ටී. එන්. ඒ. මා/සාමාජිකයකු වන ශිවාජිලිංගම් තරගයට ඉදිරිපත් වී ඇත. තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්‍රසය, තම සහාය දැක්වීමට මහින්ද රාජපක්ෂ තෝරාගෙන ඇති අතර, රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය සරත් ෆොන්සේකා තෝරාගෙන සිටී. මනෝ ගනේෂන්ගේ ස්ථාවරයද එයයි. කොටින්ගේ පෙරමුණ වන ටී. එන්. ඒ. ලැබූ ඊනියා ඡන්ද ජයග්‍රහණයට මඟ සැලසුනේ අන් සියලු පක්ෂ කොටින් විසින් තහනම් කරනු ලැබීම නිසාය. ඔවුන්ගේ අසාධාරණ වර්ගවාදී දෘෂ්ටි කෝණයෙන් දියත් වූ සටන් කෙළවර වූයේ ව්යසනයෙනි. කොටින්ගේ විනාශකාරී උපක්‍රම නිසා උතුර හා නැගෙනහිර සංවර්ධනය මුළුමනින්ම ඇණහිටිනි. කලින් සෞභාග්‍යමත්ව පැවැති යාපන අර්ධද්වීපය විනාශ මුඛයට ඇද දැම්මේ ඒ නිසාය.
තවමත් පාඩම් ඉගෙනගෙන නැති බවක් පෙනේ. සමහර දෙමළ හා මුස්ලිම් කොටස්, ගොදුරු සොයන විදේශිකයන් හා එක්ව ඒකීය රට කැබැලි කිරීමේ ව්‍යායාමයෙහි තව දුරටත් නියුක්තව සිටිති. මේ අතර ස්විස් ආණ්ඩුවේ වියදමින් බෙදුම්වාදී දෙමළ තොරතුරු මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද, දෙමළ, මුස්ලිම් පක්ෂවල හමුවක් ජිනීවාහිදී පැවැත් වූ බව වාර්තා විය. මෙය, කොටි ත්‍රස්තවාදය, විශේෂයන් දෙමළ නිජබිම් මිත්‍යාව යළි පණගැන්වීමේ ව්‍යායාමයක් විය. මේ සඳහා විය පැහැදම් කළ උපාසක ස්විට්සර්ලන්තය තමන්ගේ රටේ ඇති මුස්ලිම් පූජස්ථාන මත ම්ලේච්ඡ තහනම් පැන වූයේ මේ නොබෝදාය. සමානත්වයේ මහතාෘ
කොටින්ට එරෙහිව මනාව මෙහෙයවන ලද රාජ්‍ය ප්රචාරක යන්ත්‍රය අද රජය විසින් සරත් ෆොන්සේකාට විරුද්ධව යොදනු ලැබෙයි. පසුගිය ජනපතිවරණයේදී රාජ්‍ය මාධ්‍යයේ හුරතලා වූ ජවිපෙ අද ඔවුන් පවත්වන ප්රවෘත්ති සාකච්ඡාවලට රජයේ රූපවාහිනී මාධ්‍යය වැද්ද නොගැනීමට තීරණය කර තිබේ. හේතුව, ප්රවෘත්ති විකෘති කිරීමය. එදා ජාති විරෝධී ස්ථාවරයක සිටි පුද්ගලික රූපාවහිනී මාධ්‍ය අද සරත් ෆොන්සේකාට හොඳහැටි ප්‍රසිද්ධිය ලබා දෙයි.
අද බොහෝ දෙනා ප්රවෘත්ති ලබාගන්නේ "නව මාධ්‍ය" මඟිනි (මම ද එසේ කරමි) අන්තර් ජාලය එස්. එම්. එස්. Faජැ ඊදදන සහ ඔඅසඑඑeර රාජ්‍ය බාධක අභිබවා ප්රවෘත්ති සැපයීමට සමත්ය. මෙකී නව මාර්ග අද කාගේත් අතේ තියෙන ජංගම දුරකථන මගින් ලබා ගැනීම පහසුය.
සරත් ෆොන්සේකාගේ ෆේස් බුක් මෙන්ම ඔහුට අපවාද නඟන ව්‍යාජ එකක්ද නොබෝදා මතු විය. දකුණු කොරියාව, පිලිපීනය වැනි රටවල් මෙකී නව මාධ්‍ය මගින් සිය දේශපාලන ව්‍යාපෘති වලදී ලබා ගන්නා මෙහෙය ඉතා තීරණාත්මකය.
දෙමවුපියන්, තම වස්තුව උකස් කොට දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ ඔවුන්ගේ අනාගතය දක්ෂතා අනුව තීරණය වනු ඇතැයි යන විශ්වාසයෙනි. ජනපති සටනේදී දූෂණය සහ ඥති සංග්‍රහය බෙහෙවින් කතා බහට ලක් වී ඇත. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්, එක් කණ්ඩායමක් විසින් පවත්වන ලද සාකච්ඡාවකදී පුවතපත් ලේඛකයන් කීපදෙනෙක් දූෂණය පිළිබඳ ප්රශ්නය නැඟුහ. සාකච්ඡාව මෙහෙයවූවන් අතර සිටි ප්‍රධානියෙක් දූෂණය පවතින බව පිළිගනිමින් කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු දූෂිත යෑයි කීවේය. එහි සිටි එස්. එල්. ගුණසේකර මහතා, තමා ආණ්ඩුවේ දූෂණය පිළිබඳ පොතක් ලියා ඇති බවද පැවසීය. (ඔහු වෙනත් හේතූන් නිසා මහින්ද රාජපක්ෂට සහාය දෙයි.) ජවිපෙ, තමන් සතුව පැවැති පාර්ලිමේන්තු ආසන 39 ත්, එදා තිබූ ජනප්‍රියත්වයත් සමග, ආණ්ඩුවට එක්විණි නම්, දූෂණය වළක්වන්නට හොඳින් ඉඩ තිබිණි.
මහින්ද රාජපක්ෂ මහතාද මේ පිළිබඳ කනස්සලු වෙයි. තමාගේ පවුලේ අය දූෂණය, අක්‍රමිකතා සහ නාස්තිය සම්බන්ධයෙන් දෝෂදර්ශයට භාජන වී ඇතැයි ඔහු සඳහන් කළේය. රටේ කොතැනක හෝ හැදෙන ඕනෑම ලොකු නිවසක් සම්බන්ධයෙන් තමා, ගෝඨාභය හෝ බැසිල් බැණුම් අසන බව එතුමා සඳහන් කළේය. "අපි හලාවත පොල් ඉඩම් ගන්නවාය, කොළඹ හතේ ගෙවල් ගන්නවාය" කියා බණිනවා. දැන්වීම් පුවරුවල හා සිංදුවල මහරජා ලෙස හැදින්වූවෙකුට "සොරෙක්" යෑයි අවලාද නඟන විට, ඕනෑම රාජකීයෙක් සසල නොවෙයිද? ෆොන්සේකා, රනිල් යුගල මේ අතිශෝක්තිය අල්ලගෙන පද්දවති. "මේ පවුල් කල්ලියට රට කොල්ල කන්නට, යුද වික්‍රමය පාවිච්චි කරන්නට දෙන්න එපා" යෑයි ෆොන්සේකා කියයි. කොටි භාණ්ඩාගාරික කේ. පී. ගේ සල්ලි රාජපක්ෂ පවුලේ වස්තුවට එක්වනු ඇතැයිද, ශ්‍රී ලංකාවේ ධනවත්ම පවුල වශයෙන් ගිනස් වාර්තා ගතවන්නට ඔවුන් උත්සාහ දරතැයි ද රනිල් අවලාද නඟයි.
පැහැදිලිවම මෙම චෝදනා වලින් බොහොමයක් බේගල් බව "ඇපලෝ රෝහල ගෝඨාභය විසින් මිලට ගනු ලැබී යෑයි" යන කතාවෙන් ඔප්පු වී තිබේ. ඇත්ත වශයෙන්ම ඔහු කියන අන්දමට සිදුවී ඇත්තේ ඔහු රජයේ රක්ෂණ සමාගමේ නියෝජිතයා වශයෙන් එහි මුල් පුටුව ගැනීම පමණි. රාජපක්ෂ පවුල වටා දේශපාලන බලය කේන්ද්‍රගත කිරීමක් විනා, හොරකමක් සිදුවී නොමැත. යුද ජයග්‍රහණයට ගෝඨාභය රාජපක්ෂ අවශ්‍යතම සාධකයක් වූ බව නිසැකය. ලෝකයේ ලොකුම ඇමැති මඬුල්ල වන තෙක් ඇමැති මණ්ඩලය ඉහළ නංවමින් ඒ සමග විවිධ දේශපාලන කණ්ඩායම් රජය වටා එක් රෝක් කර ගනිමින් යුද්ධයට අවශ්‍ය පාර්ලිමේන්තු ස්ථාවරත්වය රැක ගැනීම බැසිල් රාජපක්ෂ නොවී නම් උගහටය.
එහෙත් රජයේ නොයෙක් ශ්‍රේණි තුළට, නොයෙක් තරාතිරම් වලින් ඇතුළු වී සිටින ඥතීන් සහ හිත මිතුරන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමකට නැග ඇති බවට සාධක ඇත. රජයේ රූපවාහිනි සේවය එදා යුද පෙරමුණෙන් කළ වාර්තා විශ්මයජනක විය. එම මාධ්‍යයන්ම අද පවුලේ ඇම්බැට්ටයන් වී සිටී. රජයේ සෑම රූපවාහිනි සේවයක්ම එකිනෙක පරයමින් ඒ රාජපක්ෂ හෝ මේ රාජපක්ෂ පිළිබිඹු කරයි. රාජපක්ෂ පවුලේ ව්‍යාප්තිය විශාල යෑයි කියන කතා බහුලය. ඊනිසා "තතු දන්නෝ", රජයේ රැකියා කරන රාජපක්ෂ ඥතීන්ගේ සංඛ්‍යාව විවිධ අකුරු ඉලක්කම් වලින් කියා පාති. පුද්ගලික පුවත්පතක කතුවරයෙකු මා සමග කීවේ එය 250 කට වැඩි බවය. විවිධ සංඛ්‍යා ඉදිරිපත් කරන්නෝ තව බොහෝ වෙති. මේ කවුරුත් වැටෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ ඕපාදූප කාරයන්ගේ ගොඩටය. මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ඇදෙත්ම වඩා නිවැරැදි ලැයිස්තු අපට දක්නට පුළුවන් වනු ඇත. ඒ නම් එක්සත් ජාතික පක්ෂ, ජවිපෙ හා ඔවුනගේ සහායකයන් වෙබ් අඩවිවලට දමනු නිසැකය. කෝප් සභාපති විඡේදාස රාජපක්ෂගේ උදව්වෙන් එසේ කෙරෙනු නිසැකය.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නීති විරෝධී ලෙස වාහන සහ සොල්දාදුවන් යොදා ගන්නවා යෑයි ආණ්ඩුවේ වෙබ් අඩවිය චෝදනා නැඟීය. මේ සම්බන්ධයෙන් උසාවි ගිය සරත් ෆොන්සේකා, තමාට වඩා අඩු අවදානම් තත්ත්වය පසුවන, විශ්‍රාම ගිය යුද නිලධාරීන්ට සහ කරුණා අම්මාන්ට සලසන රැකවරණ හා සම කරන විට, තමා අනතුරට ලක්කරනු ලබමින් තම ආරක්ෂාව කප්පාදු කොට ඇතැයි චෝදනා කළේය.
එක්සත් ජනපදයේ රැකියාවක් කරන සරත් ෆොන්සේකාගේ බෑණා විසින් යුද අවි අක්රමික ලෙස මිලට ගන්නා ලැදැයි රජයට පක්ෂ මාධ්‍යයන් චෝදනා කළේය. සියලු අවි මිලදී ගැනීම් කරන ලද්දේ ගෝඨාභය යටතේය යනු සරත් ෆොන්සේකාගේ ක්ෂණික පිළිතුර විය. මෙකී දෝෂාරෝපණ සම්බන්ධයෙන්, සරත් ෆොන්සේකාගේ බෑණා මිලියන ගණන් ඉල්ලමින් වෙබ් අඩවියකට විරුද්ධව නඩු පවරා තිබේ.
දූෂණය හා ඥති සංග්‍රහය අඩුවෙන්ම පැවතියේ යුද හමුදා අභ්‍යන්තර උසස් කිරීම් ක්ෂේත්රයෙහිය. කිසිවෙක් පවුල් සම්බන්ධතා මත උසස් කරනු නොලැබීය. සමහර උසස් කිරීම්වලදී සරත් ෆොන්සේකා අතින් වැරැදි සිදුවන්නට ඇත. එහෙත් උසස් කිරීමේදී ගෙනයන ලද මෙම හැකියා අනුව උසස් කිරීමේ ප්‍රතිපත්තිය ජයග්‍රහණයට තීරණාත්මක සාධකයක් විය.
සරත් ෆොන්සේකා හා මහින්ද රාජපක්ෂ, දැඩි අධිෂ්ඨානයෙන් යුතුව යුද්ධ කළහ. පුදුමයට මෙන් දෙදෙනාම කියන්නේ එක සමාන කතාය.
මීළඟ වාරයට පසු ජනපති ක්‍රමය අහෝසි කරන්නෙමැයි රාජපක්ෂ මහතාද පවසයි. රජයේ ප්‍රකාශක ඇමැති යාපා කී පරිදි "එක්සත් ජනතා සංධානය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට සැලසුම් කර තිබේ. එය කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යය. එහෙත් එවන් ඡන්ද සංඛ්‍යාවක් අපට නැත."
මෙයට විසඳුම ඉතා සරලය. වසර 6 න් පසු විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට වහා ඉදිරිපත් කරන්නට එක්සත් ජනතා සංධානයට පුළුවන. එක්සත් ජාතික පක්ෂයේ හා ජවිපෙ සහාය එයට ලැබී ඒකමතික ඡන්දයක් තරමටම ජයගනු නියතය. එසේ වුවහොත් විරුද්ධවාදීන්ගේ ඉල්ලීම් තුනී කරමින් මහින්ද රාජපක්ෂ මහතා ජනපති පදවිය ජයගන්නේය. වැඩිම වුණොත් අවුරුදු හයකින් පසු පැවැත්වෙන ජනමත විචාරණයකින් ජනපති ක්‍රමය අහෝසි කෙරෙනු ඇත. සරත් ෆොන්සේකා ජනපති වුණොත් ජනපති ක්‍රමය වහා අහෝසි කරන්නට ප්රතිඥ දී තිබේ. මේ දෙකෙන් කවරක් සිදු වුවද, ඡේ. ආර්. ජයවර්ධනගේ ජනාධිපති සාපය සය අවුරුද්දකින් කෙළවර කරන්නට මේ දෙදෙනාට පුළුවන.
තමාගේ පවුලේ උදවිය හොරු යෑයි කියන කතා අහෝසි කිරීම මහින්ද රාජපක්ෂ මහතාට අසීරු නොවේ. සරල විසඳුම, සියලු අපේක්ෂකයන්ගේ, ඔවුන්ගේ ඥතිවරයන්ගේ සහ ඇම්බැට්ටයන්ගේ වත්කම් ප්‍රසිද්ධ කිරීමය. සරත් ෆොන්සේකා මෙම ඉල්ලීම කර තිබේ.
හැලිය කැකෑරෙයි. තව දුරටත් එය කැකෑරිය යුතුය. මා, මෙසේ කියන්නේ ගිය වාරයේ කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකොට මහින්ද රාජපක්ෂ මහතාට අදහස්, උදහස් හා සම්පත් සැලසුවෙකු වශයෙනි.
රාජපක්ෂ මහතා මේ දිනවල කනස්සල්ලෙන් පසුවෙනු දිස්වෙයි. යුද්ධයෙන් පසු පැවති තෘප්තිය අතුරුදන් වී ගොස්ය. මා නම් හිතන්නේ ඔහු ජයගනු ඇත කියාය. ඡන්දදායකයන් සමහර විට එසේ නොසිතනවා විය හැක.
ආචාර්ය සුසන්තා ගුණතිලක