ලංකාවේ ප්‍රථම ද්විත්ව චරිත නිරූපකයා මෙන්ම ප්‍රථම මි. මි. 35 වර්ණ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා මෙන්ම සිංහල සිනමාව වෙනස් මගකට යොමු කළ ශිල්පියා ශේෂා පලිහක්කාරය.
ඔහු ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකවරයෙකි. නැටුම් ආචාර්ය වරයෙකි. මුද්‍රd නාට්‍ය ශිල්පියෙකි. වේශ නිරූපන ශිල්පියෙකි.
කඩවත රන්මුතුගල සහෝදරියන් දෙන්නෙක් අතර එකම පිරිමියා ලෙස උපත ලත් ශේෂා ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනීම කළේය. පාසල් සමයේ චිත්‍රසේන ගේ නැටුම් කෙරෙහි ඇල්මක් දැක්වූ ඔහු චිත්‍රසේනගේ නැටුම් සංදර්ශනයක් නැරඹීමට ගියේය.
ඉන් අමන්දානන්දනයට පත් ශේෂා 1943 වර්ෂයේදී එවකට කොල්ලුපිටිය හන්දියේ ගාලුපාරේ තිබූ චිත්‍රසේන කලායතනයට බැඳී නැටුම් ඉගෙන ගත්තේය. නැටුම් ඉගෙන ගනිමින් සිටියදී ශිෂ්‍යත්වයක් ලැබූ චිත්‍රසේන මහතා සමග ඔහු සහ සූරිය ශංකර් මොල්ලිගොඩ ද ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගියේය.
ශිෂ්‍යත්ව කාලය අවසන් කර චිත්‍රසේන මහතා ලංකාවට පැමිණියද වසර 8 ක් ම එහි රැඳී සිටිමින් විවිධ නැටුම් කලාවන් ඉගෙන ගත්තේය. ලංකාවට පැමිණ නැටුම් පංතියක් ආරම්භ කිරීමට එහි සිටිමින්ම ක්‍රමවේදීන් සකස් කෙරු ශේෂා ලංකාවට පැමිණි විගසින්ම බොරැල්ලේ කොටාරෝඩ් හි නැටුම් පංතියක් ආරම්භ කළේය. පුෂ්ප ගෘංගාරය" නමින් නාට්‍යයක්ද තවත් මුද්‍රd නාට්‍යය කිහිපයක්ද පාසල්වල රඟ දැක්වීමට ශේෂා කටයුතු කළේය. මෙම නාට්‍යවල ගී ගායනා කළේ ලතා වල්පොලය. සංගීතය සැපයුවේ ඩබ්ලිව්. ඩී. අමරදේවය (එදා) ඔහුගේ මුද්‍ර නාට්‍යවල රඟ පෑ අය අතර පසුකලෙක ජනප්‍රිය දක්ෂ නිළියක් වූ ලීනා ද සිල්වා, අධ්යක්ෂවරයෙක් සංස්කරණ ශිල්පියෙක් වූ ටයිටස් තොටවත්ත ද නැටුම් කළේය.
1954 සැප්තැම්බර් 17 තිර ගත කරන ලද ඒ. බී. රාඡ් අධ්‍යක්ෂණය කළ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටයේ නැටුම් නිර්මාණ කරු වූයේ ශේෂා පලිහක්කාරය. ඒ සඳහා ඔහුව පත් කර ගත් එස්. එම්. නායගම් මහතා ඔහු කෙරෙහි ඇති වූ පැහැදීම අනුව ඔහු නිපදවන "මාතලන්" චිත්‍රපටයේ රඟපෑමට ඇරයුම් කළේය.
ඉන්දියාවේ ප්‍රකට ජන කථාවක් වූ "මන්ගම්මා සවනම්" චිත්‍රපටය මාතලන් නමින් සිංහල චිත්‍රපටයක් ලෙසින් නිපදවුණත් ලංකාවේ නාඩගම් නාට්‍ය නිෂ්පාදකවරයෙක් වූ පිලිප් පූ සිංඤaෙCදාa මහතා විසින්ද "මාතලන්" නාඩගම නිපදවා තිබුණි. චිත්‍රපටයේ (පිය - පුතු) වශයෙන් ද්විත්ව චරිත නිසා ශේෂා ද ඉත සිතින් කැමති විය.
එස්. නාගරාජන් මෙය අධ්‍යක්ෂණය කිරීමේදී කැමරා ගත කරන දර්ශනය තිරගත කර පෙන්වා ඒ අනුව රඟපෑ යුතු බව නළු නිළියන්ට අණ කරයි. මෙම ගොරහැඩි දකුණු ඉන්දියානු සම්ප්‍රදායට විරුද්ධව ශේෂා වාද කළද ඉන් පලක් නොවිනි. තම ප්‍රථම රඟපෑම් රැගත් චිත්‍රපටය නිසාත් ගිවිසුම් අත්සන් කර තිබෙන නිසාත් අනුකරණ රඟපෑමක් ඔහු කළේය.
1955 අගෝස්තු 27 වනදා ලංකාවේ මාතලන් තිර ගත කෙරිණි. ද්‍රවිඩ රඟපෑම් සිංහලෙන් දුටු සිනමා ලෝලීන්ට ශේෂා පලිහක්කාරගේ රඟපෑම් හොඳ වුවද ශේෂාට ශේෂාගේ රඟපෑම් ගැන සෑහීමකට පත්විය නොහැකි විය. ප්‍රථම චිත්‍රපටයෙන්ම සිනමාව ගැන කලකිරුන ඔහු එංගලන්තයේ සංචාරයකට ගියේය.
ලංකා රජයේ චිත්‍රපට අංශයේ සේවය කරමින් සිටි ලෙස්ටර් ඡේම්ස් පීරිස් මහතාද, සංචාරයක් සඳහා එංගලන්තයට පැමිණ සිටියදී ශේෂාට හමුවිය. ඔහු නිපදවීමට යන රේඛාව චිත්‍රපටයේ බොරු කකුල් කාරයකු හා බැලුම් බෝල කරුවකු යන චරිත දෙක නිරූපනයට ඔහුට ඇරයුම් කළේය.
ගස් දෙකක ලනුවක් බැඳ, බොරු කකුල් සවි කරගෙන, එම ලනු පොට අල්ලාගෙන යමින් පුහුණු වීමට ගොස් දෙතුන් වර වැටී තුවාල ලබමින් පුරුදු වී බොරු කකුල් කාරයාගේ චරිතය රඟපෑ අයුරු වරක් "මීවිත" සාකච්ඡාවකදී ඔහු මා හා පැවසීය.
නව මගක් ගත් රේඛාව චිත්‍රපටයට ඔහු තුළ තිබූ ඇල්ම නිසා ඔහු ඒ කැපවීම කළේය. ඔබගේ මතකය ටිකක් ඈතට ගෙනගොස් "රේඛාව" ගැන සිතන්න. "අනුරාධපුර පොළොන්නරුව සීගිරි මත නන්දනීය විරුදු පෙළ ගායනා කරමින්, රබාන වයමින් ගියේ ශේෂායි. පසුබිම් ගායනය අයිවෝ ඩෙනිස් ගෙනි.
"රේඛාව" රඟපෑමේදී සිනමාව කෙරෙහි ඇල්මක් යළි ඇතිවූ හෙයින් මුදල් ඉපැයීමේ අරමුණින් යුතුව ශේෂා යළිත් වරක් යුරෝපා රටවල සංචාරය කළේය.
එහි විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රංගනය හා රංගනයට අදාළව කථනය කිරීම පිළිබඳ වැඩ මුළු පාඨමාලා පවත්වමින් මුදල් ඉපැයීය. එම රටවල රූපවාහිනි වැඩ සටහන්වල රඟපෑමෙන් සහ නැටුම් ඉදිරිපත් කිරීමෙන්ද මුදල් ඉපැයූ ඔහු ලංකාවට පැමිණියේ නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවෙනි.
ආතර් සී. ක්ලාක් ගේ ප්‍රබන්ධ කියවා ඔහු තම මිත්‍ර රවී ජයවර්ධන සමග ආතර් සී. ක්ලාක් මහතා හමුවිය. මිලි මීටර් 16 චිත්‍රපටයක් නිපදවූ මයික් විල්සන්ටද ශේෂාව හැඳින ගැනීමට ලැබිණි.
ඒ අතර කිරින්ද මුහුදේ ගිලුණු නැවක සුන්බුන් මුහුදු පතුලේ තිබෙන බවට ලද ආරංචියක් ඔස්සේ ශේෂා ආතර් සහ මයික් එහි ගොස් මයික් සහ ආතර් මුහුදු පත්ලේ ඡායාරූපද ගත්තේය. ඒ ඔස්සේ නවමු චිත්‍රපටයක් නිර්මාණය කළ හැකි බව ශේෂා තම මිතුරන්ට පැවසූහ. ඒ අනුව මේ ත්‍රි මූර්තිය විසින් සෙරන්ඩිබ් චිත්‍රපට සමාගම බිහි කෙරිණි.
ලක්ෂ 4 1/2 ක් වැය කරමින් නිපදවූ රන්මුතුදූව මුල්වටයෙදීම ලක්ෂ තිස් පහක ආදායමක් ලැබීමට සමත් වූහ.
"රන්මුතු දූව" චිත්‍රපටයට පසුව සෙරන්ඩිබ් සමාගම වෙනස් මාදිලියේ කථා කිහිපයක් සිනමාවට නැගීය.
1964 පෙබ. 24 වැනිදා තිරගත වු "ගැටවරයෝ" 1965 ජුනි 25 "සාරවිට" 1967 ජන 31 සොරුන්ගෙත් සොරු" නිපදවීමෙන් පසු ශේෂා පලිහක්කාර තනියම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. ඒ 1970 ජනවාරි 29 තිරගත කරන ලද ලක්සෙට කොඩිය ය.
කුමක් හෝ හේතුවකින් සෙරන්ඩිබ් සමගම කැඩී බිඳී ගියෙන් සිනමා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් වූහ. පසුව 1996 වර්ෂයේදී "කලි කල්ප මුද්‍රd නාට්‍යය ශේෂා නිෂ්පාදනය කළ නමුත් අධික වියදමක් දැරීමට සිදුවූ එම නාට්‍ය දිගටම ගෙන යැමේ හැකියාව ඔහුට නොවිණිs.
සිනමාවේ ගමන් මග වෙනස් කළ පළමුවැනියා ලෙස්ටර් ඡේම්ස් පීරිස් වූ අතර දෙවැන්නා වූයේ ශේෂා පලිහක්කාරය.
හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්
මෙම විශේෂ ලිපි කිහිපය මා තෝරා ගත්තේ ඵ් තුළින් ඹබට යම් ආකාරයක දැනුමක් ලැබෙනු ඇතැයි සිතූ නිසයි