.

Sunday, December 27, 2009

දේශයක් පිනවූ නිහඬ උදාරකලාකරුවා

ආනන්ද සමරකෝන් පිළිබඳ මතක සටහන්

ලොකු - කුඩා අප හැමගේ මුවග රැඳුණු මේ උදාර ජාතික ගීය පසුපස කතාව ද රසවත්ය.

ඔහු ඒ පිළිබඳ මතක සටහන් තබා ඇත්තේ මේ අයුරිනි.

“1940 ඔක්තෝබර් 20 දා සවස ගෙදර ගියෙමි. මගේ උපන් දේශය කෙරේ, මා සිත බැඳුණු උදාර සිතුවිලි හා සෞන්දර්ය කෙළවරක් නැත. මම කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි.

රාති‍්‍ර 10 ට පමණ සිය පහන නිවා කළුවරේ කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් මෙන් "නමෝ නමෝ" ගීතය මනසේ සටහන් විය. පසුදා උදේ එය ලීවෙමි"...

මෙවන් නිර්මාණයක් කිරීමෙන් කිසිවකුගෙන්, කිසි බලධරයෙකුගේ නිසි ඇගයීමක් ලැබුණේ නෑ. අඩුම තරමේ ඔහු නමින් පාරක් හෝ ස්මාරකයක් වත් සාදා නැහැ."

"එදා 1962 අප්‍රේල් 02 වෙනිදා. හරියටම ඔහුගේ මවගේ උපන්දිනය දා. එදා ආච්චි අම්මා හිටියේ අපේ ගෙදර. ඒ දවසේ කාල බීලා, විනෝද වෙලා, ආච්චි අම්මාටත් වැඳලා ඔහු කළා අපූරු නිර්මාණයක්. බුදුන්වහන්සේව සිතුවමට නඟා, ඒ අසල හිඳින සුන්දර මුව පොව්වෙකු. මට ඒ දවසේ සහලෝලා උණ.

එදා ඔහු ගෙදර ගොස් ලොකු අම්මාත් සමඟ සුහදව කතා කරලා තිබුණා. නින්දට ගොස් ඔහු පහුවදා අවදි වූයේ නැහැ. ඔහු නිදි පෙති පානය කළ බව අප දැනගත්තේ පසුවයි."

අපේ රටේ ඉපදී මියගිය ඒ කලාකරුවන්ගේ දුර්ලභ ගීත ඔබේ මතකය යලිත් අවදි කරවී ...නිතැතින්ම..එයයි අපගේ ද සතුට...

එහෙනම් මෙතෙන ක්ලික් කරන්න...