.

Tuesday, December 22, 2009

දේශපාලන පිසාචයෝ... ...


චන්ද්‍රිකා කුමාරතුංග විධායක ජනාධිපති පුටුවේ සිටියදීම රනිල් වික්‍රමසිංහ සටන් විරාම ගිවිසුමක්‌ අත්සන් කොට ත්‍රස්‌තවාදයේ නායකයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් පාමුළටම ගොස් සිය නිවට චරිතයට රටම බාල්දු කළේය..කොළඹ ආණ්‌ඩුවත් කිලිනොච්චියේ කැලෑ ආණ්‌ඩුවත් අතර බොහෝ දේවල් සිදු වූයේ ප්‍රභාකරන්ගේ අභිමතය පරිදිය. කොළඹ ආණ්‌ඩුවට හැකිවූයේ ආණ්‌ඩුවේම වියදමින් ප්‍රභාකරන්ට සේවා හා පහසුකම් සැපයීමටය. මෙහිදී නෝර්වේ ඇතුළු බටහිරයන්ගෙන්ද ප්‍රභාකරන්ට සහයෝගයක්‌ ලැබිණි. චන්ද්‍රිකා කුමාරතුංගට හැකිවූයේද සුදු නෙළුම් සංදර්ශන පැවැත්වීමට හා තවලම් යැමට පමණිය..
මහින්ද රජපක්‍ෂ විධායක ජනාධිපති ලෙස පත් වූයේ ප්‍රභාකරන්ට සටන් විරාම ගිවිසුම මගින් සීමා මායිම් ලකුණු කරන ලද ප්‍රදේශයක්‌ද සතුව තිබියදීය. ඒ හැර ඊලාම් බැංකු.. ඊලාම් පොලිසි ඊලාම් උසාවි ඇතුළු ඊලාම් පරිපාලන සංකීර්ණයක්‌ද ප්‍රභාකරන් සතුවිය. මේ සියල්ලටම අමතරව ලංකාවේ ඕනෑම තැනකට ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ හා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් එවීමේ ශක්‌තියද ප්‍රභාකරන්ට විය.
ජාත්‍යන්තරව විහිදී ගිය ඊලම් ජාලය ඔස්‌සේ එල්. ටී ටී. ඊ. ව්‍යාපාරයට ගලා එමින් තිබුණු මහා ධනස්‌කන්ධයක්‌ද විය. අවි ආයුධ මෙන්ම අතිශයින් ප්‍රබල සන්නිවේදන ජාලයක්‌ද ප්‍රභාකරන්ට තිබුණි. බටහිර මිත්‍ර සමාගම්වල ශක්‌තියද රාජ්‍ය නොවන සංවිධානවල හා ඊනියා මානව හිතවාදීන්ගේ ආශිර්වාදයද ප්‍රභාකරන්ට ලැබිණි.
චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ අග භාගය වනවිට ප්‍රභාකරන් සිය හොර ගුහාවෙන් ඉඳහිට එළියට පැමිණ එරික්‌ සෝල්හයිම් සමග පමණක්‌ නොව ඇන්ටන් බාලසිංහම් සමගද අල්ලාප සල්ලාපයේ යෙදීමටද පුරුදුව සිටියේයග නොවැම්බර් 26 වන දිනට නොවරදවා මහාවිරු දේශනයක්‌ද පවත්වා බටහිර තීරයේ සිටි දෙමළ ජනයාට උත්තේජනයක්‌ද ලබා දුන්නේය...
මෙසේ ප්‍රබල ස්‌ථානයක පසුවු ප්‍රභාකරන් මහින්ද රාජපක්‍ෂ විධායක ජනාධිපති වීමෙන් පසු සිය ප්‍රථම සාහසික සංඥාව නිකුත් කළේයග ඒ මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙනිග කුඹුරු අක්‌කර දහස්‌ ගණනක්‌ විනාශ කරමින් පමණක්‌ නොව අහිංසක දෙමළ ජනතාවට බීමට පවා දිය බිඳක්‌ නැති වන අයුරින් කරන ලද එම ත්‍රස්‌ත ක්‍රියාවට විවිධ බලපෑම් ජාත්‍යන්තර වශයෙන්ද සිදුවියග එහෙත් ඔහු ඒ කිසිවකට නොනැමුණි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය හමුදා මෙහෙයුම් මගින් මාවිල්ආරු විවෘත කර ගැනීමේ සටනට යොමු වූයේ ඉනික්‌බිතිවය. ඒ සටන ප්‍රභාකරන්ගේ මළගමෙන් අවසන් වන්නක්‌ බව කිසිවෙක්‌ නොසිතූහ. ඓතිහාසික නන්දිකඩාල් කලපුව දක්‌වා විහිද ගිය ඒ සටන ප්‍රභාකරන්ගේ මෙන්ම එල්ග ටීග ටීග ඊ සංවිධානයේ ඔද තෙද සිඳ දමන්නක්‌ පමණක්‌ නොව ලොව හෙල්ලු කුරිරු ෆැසිස්‌ට්‌වාදියාගේ මෙන්ම ඒ කුරිරු සංවිධානයේද මරණ මංචකය බවට පත් කරවීමට සමත් විය.

තිස්‌ වසරක්‌ ඉක්‌මවු ත්‍රස්‌තවාදයේ නැගීම බැසීම හා අවසානයයි. මෙම ත්‍රස්‌තවාදයේ හිස ගසා දැමීම වෙනුවට බටහිරට වුවමනා වූයේ එය සුරැකීමටයග මිලි බෑන්ඩ්ලා හා කුෂ්නර්ලා ඉහ මොළ රත්වී කිලිනොච්චියට දිව ගියේත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයල යුරෝපා සංගමය වැනි ආයතන අන්දමන්ද වූයේත් එම අවසානය වෙනස්‌ කර ගැනීමට සුළු හෝ අවකාශයක්‌ නොලැබීම පිළිබඳවය, එයට හේතුව ජනාධිපති එහි අවසානය තෙක්‌ ඉන්ද්‍ර‚ලයක්‌ ලෙස නොසැලී සිටීමය.
මෙයට අමතරව හමුදා ක්‍ෂෙත්‍රයන් ගෙන් ලැබුණු අප්‍රතිහත ධෛර්යයද අසාමාන්‍ය කැපකිරීමද ඒ ජයට හේතු විය. ගුවන් හමුදාවල නාවික හමුදාව හා යුද හමුදාව වෙන් වෙන්ව නොව එකාබද්ධව බල ගැන්වූ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රභාකරන්ගේ සියලු බල බිඳ දමමින් පෙරට ගියහ. අහසින්.., මුහුදින් මෙන්ම ගොඩබිමෙන්ද අසීරු මෙහෙයුම් ඇරඹුණි... විශේෂයෙන්ම සඳහන් කළ යුතු සෙන්පතියන්ගේ හා රණවිරුවන්ගේ කැපවීම හා පරිත්‍යාගශීලි භාවයයි. හමුදාපති සරත් ෆොන්සේකාගේ භූමිකාව සුවිශේෂ විය. එහෙත් ඒ හැම ජයග්‍රහණයක්‌ සමගම ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ භූමිකාවන්ද විය. එනිසා අපට මේ ජයග්‍රහණයේ අසවලාගේ පංගුව ලොකුය.. අසවලා නොවන්නට මේ විජයග්‍රහණය අත්පත් කර ගත හැකිද යන විවාද නොවැදගත්ය.. එහෙත් අපට පොදුවේ පෙනී යන සාධාරණ හා යුක්‌ති සහගත කරුණක්‌ තිබේ..
ඒ ජනාධිපති රාජපක්‍ෂ මෙන්ම ඔහුගේ දෙබෑයන් නොවන්නට මේ විජයග්‍රහණය කිසි දිනක අපට උරුම නොවන බවයි. මෙයට පෙර එල්. ටී. ටී. ඊ.යට එරෙහිව දියත් කරන ලද හැම මෙහෙයුමක්‌ම ආපසු හැරුණි.. ඡේ.ආර්. ගේ සිට චන්ද්‍රිකා දක්‌වා ඇරඹුණු සියලු සටන්වල යථාර්ථය එයයි. එහෙත් ජනාධිපති රාජපක්‍ෂ නිශ්චිත අරමුණක සිටියේය... ඔහු ඉන්දියාව සමග මෙන්ම චීනය හා පකිස්‌ථානය සමගද ලෙන්ගතු විය. රුසියාව ඉරානය ඔහුට සමීප විය.මේ වාතාවරණය යටතේ බටහිර බලවේග පසුබැසීම පුදුමයක්‌ නොවේ...
මේ සියල්ල සිදුවූයේ හාස්‌කමකින් නොවේග දෙශීය වශයෙන් කුහක දේශපාලන නරුමයන්ගේ පාවාදීම්ද ජාත්‍යන්තර කොටි ජාලයේ බලපෑම්ද මැදය.. එහෙත් නන්දිකඩාල් කලපුවේ හිරවී ජීවිතයේ ප්‍රථම වරට මරණයේ බිය දැනුණු ප්‍රභාකරන් ගලවා ගන්නට තරම් බලවතකු ලෝකයේම නොවීය.. මුළු රටම විදීවලට බැස කිරිබත් කෑහ... දෑස්‌වලින් වියෝගයේ කඳුළු වෙනුවට සතුටු කඳුලු ගලායන්නට විය. රාජපක්‍ෂ ජනාධිපතිවරයා රජෙක්‌ ලෙස පොඩි මිනිසාට හැඟුණි.. එහෙත් කොම්ප්‍රදෝරු ධනපතියන්ට එය දරා ගත නොහැකි විය. ජනමතය හා ජනබලය ජනාධිපති රාජපක්‍ෂ වටා රොක්‌ වෙද්දී තවත් අමිහිරි දෙයක්‌ සිදුවිය. ඒ දෙවන නිදහස්‌ සටනේ කීර්තිමත් සෙන්පතියකු ලෙස ජන ප්‍රසාදයට පත්ව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ හදිසි වෙනසය.

ජෙනරාල් ෆෙන්සේකා ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන බවට විවිධ ආරංචි පැතිර ගියේ ඉනික්‌බිතිවය.. ජෙනරාල් නොරිස්‌සූ අයද ඔහුගේ ගුණ ගයන්නට වුහ. යුද ජයග්‍රහණය නමැති කේජු කෑල්ල ජෙනරාල්ගේ කටට දැමූ ඇතැම් දේශපාලන සිගාලයෝ ව්‍යාජ වර්ණනා කරන්නටද වූහ. මේ සියල්ල සිදුවන අතර දේශපාලන ක්‍ෂෙත්‍රයෙහිද ඇදහිය නොහැකි දේවල් සිදුවිය.

දිගු කලක්‌ මේ රටේ පාලන වගකීම ඉසිලු ...එ. ජාපයට මෙන්ම ජනප්‍රිය වම බවට පත්ව සිටින ජ. වි. පයද සිය දේශපාලන කෝන්තර මෙන්ම අසාමාන්‍ය දේශපාලන නොගැලපීම්ද අමතක කර දමා ජනාධිපතිවරණ සටනට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ජෙනරාල් ෆොන්සේකා ඉදිරිපත් කර සිටියි.

එ. ජා. පයේ හා ජ. වි. පයේ ආශිර්වාදය පමණක්‌ නොව ෆෙඩරල් වාදයේ කුමාරයා ලෙස හැඳින්විය හැකි මංගල සමරවීර පමණක්‌ නොව රවුෆ් හකීම් ද අද ජෙනරාල් සමග එක්‌ව සිටිතිග මේ සන්ධානය සමග සිටගත් ජෙනරාල්වරයා සිය කීර්තිමත් දේශප්‍රේමී භුමිකාවට පයින් ගසා ඇත... ජ. වි. පයට නම් ජනාධිපතිවරණයට තරම් පක්‍ෂයේ අයෙක්‌ නැතිවිය හැකිය. එහෙත් එ. ජා. පය. අද එග ජාපය බරපතල නායයැමකට ගොදුරු වෙමින් තිබේ...


මහින්ද රාජපක්‍ෂ සමග එක්‌ව මහින්ද චින්තනය අනුව පෙරට යන එ. ජා. පයේ අරටුව බවට පත්ව සිටි සියල්ලෝම පාහේ දැන් රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමගය.. ඔවුන් සිය පැරණි නායක රනිල්ට එල්ල කරන්නේ ෂෙල්වෙඩි හා රොකට්‌ වෙඩි ප්‍රහාරයන්ය. එජාපයේ ප්‍රබල තරුවක්‌ව සිටි එස්‌. බීද දැන් මහින්ද සමගය. අවසන වූ ඓතිහාසික සටනේ තරගයේ වීරයා සම්මානය ජෙනරාල් ෆොන්සේකා සතු විය යුතු බව කීවේද ඒ.. එස්‌. බීමය. අද ඔහුගේ දැක්‌මද වෙනස්‌ වී තිබේ...

කෙසේ හෝ එජාප නායක රනිල් ජනාධිපතිවරණ සටන මගහැරියා පමණක්‌ නොව සිය පක්‍ෂයේ සියලු අනන්‍යතා ලකුණද විනාශ කරන දමා සිටියි. ඒ කොළපාට හා අලියා ලකුණ වීසි කිරීමය ශ්‍රී. ල.නි.. පයද සිය අත ලකුණ පුටුවට මාරු කර සන්ධානයක්‌ ගොඩ නගා තිබේ. අද ඔවුන්ගේ ලකුණ බුලත් කොළය වී තිබේ. ශ්‍රී. ල. නි. පය එසේ කළා නම් එ. ජා. පයටද ඒ අයිතිය හා නිදහස තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ එජාපයේම පිරිසක්‌ ඒ සියලු වෙනස්‌කම් නායකත්වයේ බලයෙන් කරන ලද ඒවා ලෙසම නගන චෝදනාවයි... වැඩිම ඡන්ද පදනමක්‌ සහිත ප්‍රධාන පක්‍ෂයකට ජාතික මැතිවරණයකට නායකත්වය දිය හැකි චරිතයත් නොමැතිවීම ගැන පාක්‌ෂිකයෝ චෝදනා කරති.

අපි දැන් ජෙනරාල් ෆොන්සේකා දෙසට හැරෙමු. හතළිස්‌ වසරක හමුදා අත්දැකීම් සමග දේශපාලන අංකූරන් මැදට වැටුණු ඔහු මේ වනවිටත් සිය දේශපාලන ආධුනිකත්වය රටට තහවුරු කර තිබේ. ජෙනරාල්ගේ ඡන්ද සටනේ තේමාව යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ සඳහා ඔහුට තිබෙන සුදුසුකම ත්‍රස්‌තවාදය පරදවා රට නිදහස්‌ කර ගැනීම බව ඔහු කියා සිටියි.

ජෙනරාල් ෆොන්සේකාගේ යුද ජයග්‍රහණයේ පංගුව කොතරම් දැයි ඔහුම කිරා මැන බැලිය යුතුය. එහෙත් අපි ඔහුට උපකාරයක්‌ වශයෙන් රටක සේනාධිනායකයා ජනාධිපතිවරයා බව පමණක්‌ පවසා නිහඬ වෙමු. අනෙක්‌ අතට ඒ පිළිබඳ යම් යම් අදහස්‌ මෙම සටහනෙහිද ඉන් පරිබාහිරවද පලවී තිබේ. එහෙත් අද ඔහු විසින් කරනු ලබන විවාදාත්මක ප්‍රකාශ ඔහුගේ හදපත්ලෙන්ම මතුවන අදහස්‌ද එසේ නොවේ නම් වෙනත් බලවේග විසින් ඔහු තුළට කාන්දු කරනු ලබන විෂබීජවල ප්‍රතිඵලද යන්න නොදනිමු.... කුමක්‌ වුවත් ගිනි ඇවිලෙන සුළු වචන වලින් ප්‍රවේශම් වීම දේශපාලනයේදී වැඩදායක බව අපගේ හැඟීමයි.

ජෙනරාල්වරයාගේ ,සුදුකොඩි, ප්‍රකාශය දැන් ඔහු විසින්ම ආපසු කැඳවනු ලැබ තිබේ.