I should be a add this column of divaina irida .its i felt a true focus of our political situation..
ප්රජාතන්ත්රවාදයේ සරදම්!
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව අනුව ද එය මින් පෙර නොවූ වාර්තාවකි. එසේම මෙම මහා සටනෙහි තවත් විශේෂතා කීපයක්ද වේ. එනම් ජනාධිපතිවරණ සටනේ ප්රමුඛ හා ප්‍රබල අපේක්ෂකයන් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ද තිස් අවුරුදු ත්‍රස්තවාදී සටන විජයග්‍රහණය කිරීම සඳහා එක්ව එක කඳවුරකට අයත්වූ දෙදෙනෙක්ව සිට දැන් දෙපිලකට බෙදී සිටීමය.
ශ්‍රී ලංකාවේ දෙවන නිදහස් සටන වෙනුවෙන් දේශප්‍රේමී කඳවුර නියෝජනය කළ එA දෙදෙනා දැන් වෙන වෙනම මුහුණට මුහුණ ලා කෙරෙන ප්රජාතන්ත්රවාදී සටනකට අවතීර්ණ වී සිටිති. තවත් ආකාරයකින් කිවහොත් සේනාධිනායකයා ලෙස ඓතිහාසික නිදහස් සටන සඳහා සේනා සම්පාදනය කරමින් ද භෞතික හා අධ්‍යාත්මික සම්පත් සපයා දෙමින්ද ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ මහතාට තමන් විසින්ම ඔසවා තබන ලද තමාගේ සේනා ප්‍රධානියකු සමග සටන් කිරීමට සිදුවී තිබේ.
එසේම මෙම සේනා ප්‍රධානියා පිරිවරාගෙන සිටින, පාර්ශ්වයෙහි එදා එම නිදහස් සටන දෙස අවඥවෙන් බැලූ අය ද සිටිති. මෙම සේනා ප්‍රධානියා එවන් සටනකට නොමැනවැයි වහසි බස් දෙඩුවෝ අද ඔහු පෙරට දමාගෙන ඔල්වරසන් නගතියි ද සමහරු කියති, සැබෑවකි. එහි කිසිදු අතිශයෝක්තියක් ද නැත. එහෙත් මෙම භේදයට නැතහොත් විරසකයට හේතු මොනවාදැයි අපට නිශ්චිතව කිව නොහැක. කුමක් වුවත් එය ප්රජාතන්ත්රවාදී අයිතියක් ලෙස දැනට අපි පිළිගනිමු.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ යුද හමුදාපතිවරයා ලෙස ක්‍රියා කර, පසුව ඉහළම ආරක්ෂක නිලධාරියා බවට පත්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද ජනාධිපතිවරයාටම එරෙහිව දේශපාලන ප්‍රතිවාදියකු බවට පත්ව සිටීම මේ රටේ බොහෝ දෙනකුගේ කනස්සල්ලට හේතු වී තිබෙන බවද අපි දනිමු. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුදමය ලෙස පරාජය කළ යුතුය යන ස්ථාවරයෙහි අඛණ්ඩවම පිහිටා සිටි අපට ද එය සංවේගයට හේතුවකි.
කෙසේ හෝ අද මෙම භේදය එල්.ටී.ටී.ඊ. හිතෛෂීන්ට මෙන්ම දෙමළ ඩයස් පෝරාව පෝෂණය කෙරෙන ජාත්‍යන්තර දුෂ්ට බලවේගවලට නම් මහත් අස්වැසිල්ලක් වී ඇති බව කිව යුතුය. අපගේ අවංක අදහස වන්නේ ද මෙයින් ජාතික බලවේග දුබල කිරීමට වෑයම් කරන අයගේ අපේක්ෂාවන් දැල්වෙන බවය. මෙහි එක් අවාසනාවන්ත නිදසුනක් ලෙස ජෙනරාල් ෆොන්සේකා මහතා විසින් සති අන්ත ඉංගී්රසි පුවත්පතකට කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය දැක්විය හැකිය.
ජෙනරාල් ෆොන්සේකා මහතාට තමන් විසින් කරන ලද ප්‍රකාශයෙහි බරපතලකම මෙන්ම සාහසික ස්වරූපය ද දැන් හොඳටම ප්රත්යක්ෂ වී තිබෙන බව අපගේ අදහසයි. එහෙත් එA වචන ඉල්ලා අස්කර ගැනීමෙන් වුවද එයින් සිදු විය හැකි හානිය හා විනාශය අවම නොවන බවද කිව යුතුය.
මෙම ඓතිහාසික නිදහස් සටනේ දේශපාලන කළමනාකරණය කරමින් එහි දුක්ගන්නා රාළ බවට පත්ව සිටි විශිෂ්ට මිනිසා වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දෙසට අන්තර් ජාතික වෘකයන් උසි ගැන්වීමට එම ප්‍රකාශය හොඳටම ප්රමාණවත්ය. දැන් ජෙනරාල් ෆොන්සේකා මහතා යුද බිමේ සියලු ක්‍රියාකාරකම්වල වගකීම භාර ගැනීමට සූදානමින් සිටිනු පෙනේ. එහෙත් පොදු ජාතික වගකීම දේශපාලන සූදුවක් කෙලීම සඳහා උගස් කර නැතැයි සිය හෘදය සාක්ෂියට එකඟව ඔහුට කිව හැකිද?
ජෙනරාල් ෆොන්සේකා මහතාට හිමිවිය යුතු යම් ඓතිහාසික ගෞරවයක් වේ නම් එය අහිමි කිරීමට ද කිසිවකුට නොහැක. එහෙත් ඔහුගේ වේදිකාව මත ඔහු සමග පෙළ ගැසී සිටින සමහරුන් පිළිබඳ රටට මෙන්ම අපට ද විවේචනයක් තිබේ. ජාතිකත්වයට එරෙහිවූ සුසංයෝගයකින් රටටත්, රටේ අනාගතයටත් එල්ලවන අනතුරු බොහෝය.
දේශපාලනය හා ප්රජාතන්ත්රවාදය ලෙස අරුත් ගන්වනු ලබන කවර ප්රපංචයක් පිළිබඳ වුවද අප විමසිලිමත් වන්නේ එහෙයිනි. වසර ගණනාවක් අප පාගා යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදීහු දැන් එA උපාය වෙනස් කර අපගේ කරට අත දමා අපගේ ගෙල සිර කිරීමේ අලුත් උපාය මාර්ග සොයමින් සිටිති. අප ප්‍රවේශම් විය යුත්තේ එAවායින්ය. නොඑසේ නම් ප්රජාතන්ත්රවාදය වුවද සරදමක් වනු නොවැළැක්විය හැකිය.