.

Saturday, March 6, 2010

SriLanka Film History....

’රාජකීය වික‍්‍රමය’ හැදුණේ අවු: 83 කට පෙර

ශ‍්‍රී ලාංකික සිනමාව හෙට හැට එක්වෙනි වියට පා තබයි. හැට එක් වසරක් යනු මහා කාලපරාසයකි. මේ කාලපරාසය තුළ නිෂ්පාදනය කොට ප‍්‍රදර්ශනය කරන ලද මුළු සිංහල චිත‍්‍රපට ගණන එක්දහස් හැට පහකි. (1065) (ගිය 16 වැනි දා ප‍්‍රදර්ශනයට තැබූ හාට් ඇෆ්. ඇම්.(ඩ්ඥචපබ ජ්ර්) චිත‍්‍රපටය ද ඇතුළුව)


කඩවුණු පොරොන්දුව

මුල් ම සිංහල චිත‍්‍රපටය හැටියට හඳුන්වනු ලබන “කඩවුණු පොරොන්දුව“ මුලින් ම තිරගත කරන ලද්දේ 1947 ජනවාරි 21 වැනි දා ය. දෙවැනි චිත‍්‍රපටය වූ ‘අසෝකමාලා’ තිරගත වූයේ ද එම වසරේ දී ම ය.

මේ කාල පරාසය තුළ මිලිමීටර් දහසයෙන් නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපට පහළොවක් ද ප‍්‍රදර්ශනය තබා ඇත.

එම චිත‍්‍රපට පහළොව මෙසේ ය.

1. ගම්බද සුන්දරී (1950)
2. වනගත කෙල්ල (1957)
3. ලේ කඳුළු (1957)
4. සමාජය (1958)
5. මිරිඟුව (1960)
6. මූදින් ගෙදරට (1961)
7. සුනිලා (1963)
8. සමුදායම් (1963) මෙය දෙමළ චිත‍්‍රපටයකි.
9. සැනසුම (1966)
10. සේයාවක් පසුපස (1966)
11. පාසනිලා (1966) - මෙය ද දෙමළ චිත‍්‍රපටයකි.
12. රහස් දූපත (1967)
3. රැයත් දවාලත් (1969)
14. සුගතියක් කරා (1969)
15. සුන්දර මවුබිම (1970)

මේ අවුරුදු හැට එක තුළ වැඩි ම චිත‍්‍රපට ගණනක් ප‍්‍රදර්ශනය කළ වර්ෂය 1982 යි. එම අවුරුද්දේ ප‍්‍රදර්ශනය කරන ලද මුළු සිංහල චිත‍්‍රපට ගණන තිස් අටකි. (38) මේ අවුරුද්දෙන් පසු චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ටිකෙන් ටික පහත වැටීමට පටන් ගත්තේ ය. 1986 වන විට දේශීය සිනමාවේ බහින කලාව නොහොත් අර්බුදය පටන් ගෙන තිබිණ. එම වර්ෂයේ ප‍්‍රදර්ශනයට තබන ලද මුළු චිත‍්‍රපට ගණන දාහතකි.

* * * *

ශ‍්‍රී ලාංකික සිනමාව උපත ලබා හෙට වන විට අවුරුදු හැට එකක් සපිරෙන බව අපි මුලින් ම සඳහන් කළෙමු. එහෙත් මෙම දිනය දේශීය සිනමාවේ හැබෑ උපන් දිනය හැටියට අපට ගණන් ගත හැකි ද?

වැළලී ගිය ඉතිහාසය හාරා අවුස්සා බලන විට අපට පෙනී යන්නේ දේශීය සිනමාවේ ආරම්භය නොහොත් උපත 1947 දී නොව 1925 දී සිදු වී ඇති බවයි. ඒ අනුව බලතොත් දේශීය සිනමාවේ උපත සිදු වී ඇත්තේ මෙයට අවුරුදු හැට එකකට ඉහත දී නොව අවුරුදු අසූ තුනකට ඉහත දී ය.

අප එසේ කියන්නේ ටී. ඒ. ජේ. නූර්බායි නමැති ව්‍යාපාරිකයා සිංහල චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා එකදහස් නවසිය විසි ගණන් වල දී උත්සාහයක් දරා ඇති බැවිනි.

ව්‍යාපාරිකයකු වන නූර්බායිට මුලින් ම සිංහල චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ආශාවක් ඇති වී ඇත්තේ 1923 දී බව පොත පතේ සඳහන් වෙයි. මේ අනුව ඔහු “රාජකීය වික‍්‍රමය” (අධරචත ඒඤමඥදබභපඥ)නමින් සිංහල චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ආරම්භ කොට ඇත්තේ දකුණු ඉන්දියානු කාර්මික ශිල්පීන් ද සහය කොට ගෙන ය. මෙම චිත‍්‍රපටයට අවශ්‍ය කතාව පමණක් නොව කැමරාව ද අධ්‍යක්‍ෂණය ද, සියලු ම කාර්මික ශිල්පීන් ද ලබා ගෙන ඇත්තේ දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයෙනි.


අශෝකමාලා

“රාජකීය වික‍්‍රමය” චිත‍්‍රපටයේ සියලු ම එළිමහන් හා චිත‍්‍රාගාර දර්ශන මෙහි දී රූගත කළ නූර්බායි ඉන් පසු එහි දළ සේයා පටත් රැගෙන දකුණු ඉන්දියාව බලා පිටත්ව ගියේ එහි සංස්කරණ කටයුතුත්, පිටපත් මුද්‍රණයත් නිම කර ගැනීම සඳහා ය.

”රාජකීය වික‍්‍රමය” චිත‍්‍රපටයේ සියලු ම වැඩ කටයුතු (1925) අවසන් කිරීමෙන් පසු නිෂ්පාදක නූර්බායි එහි පිටපතක් බොම්බායේ දීත්, සිංගප්පූරුවේ දීත් ප‍්‍රදර්ශනය කළ බව පැරැණි සටහන්වල සඳහන් වෙයි.

නූර්බායි, ‘රාජකීය වික‍්‍රමය’ චිත‍්‍රපටයේ පිටපතකුත් රැගෙන ලංකාවට පැමිණීමට සූදානම් වෙමින් සිටිද්දී කිසියම් කුමන්ත‍්‍රණකාරි පිරිසක් විසින් එම පිටපතට ගිනි තැබූ බව ද පැරැණි වාර්තාවල සඳහන් වෙයි. ඉන් පසු සිදු වූයේ කුමක් දැයි කිසි තැනක සටහන් නොවෙයි.

”රාජකීය වික‍්‍රමය” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ හිටපු මුදල් ඇමැතිවරයකු වන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විසිනි. දිනක් එතුමා හමු වී මේ ගැන විමසීමක් කළෙමි. චිත‍්‍රපටයේ වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසු 1925 දී එය බොම්බායේ දී ප‍්‍රදර්ශනය කළ බවත්, පසුව කිසියම් පිරිසක් විසින් එය ගිනි තබා ඇති බව තමාට නිෂ්පාදක නූර්බායි ගෙන් දැන ගැනීමට ලැබුණ බවත් ඇන්. ඇම්. මා සමග කීය. ‘රාජකීය වික‍්‍රමය’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑම සඳහා තමන්ට නූර්බායි රුපියල් සියයක මුදලක් ගෙවූ බවත් ඇන්. ඇම්. අප සමග පැවසී ය.

1947 දී ප‍්‍රදර්ශනය කරන ලද මුළු සිංහල චිත‍්‍රපට ගණන දෙකකි.
මේ 61 වසර තුළ සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කර ඇත්තේ මේ ආකාරයෙනි.

1948 චිත‍්‍රපට 03 යි.
1949 චිත‍්‍රපට 02 යි.
1950 චිත‍්‍රපට 01 යි.
1951 චිත‍්‍රපට 02 යි.
1952 චිත‍්‍රපට 03 යි.
1953 චිත‍්‍රපට 06 යි.
1954 චිත‍්‍රපට 05 යි.
1955 චිත‍්‍රපට 07 යි.
1956 චිත‍්‍රපට 07 යි.
1957 චිත‍්‍රපට 07 යි.
1958 චිත‍්‍රපට 09 යි.
1959 චිත‍්‍රපට 09 යි.
1960 චිත‍්‍රපට 08 යි.
1961 චිත‍්‍රපට 06 යි.
1962 චිත‍්‍රපට 05 යි.
1963 චිත‍්‍රපට 09 යි.
1964 චිත‍්‍රපට 14 යි.
1965 චිත‍්‍රපට 18 යි.
1966 චිත‍්‍රපට 20 යි.
1967 චිත‍්‍රපට 21 යි.
1968 චිත‍්‍රපට 20 යි.
1969 චිත‍්‍රපට 21 යි.
1970 චිත‍්‍රපට 15 යි.
1971 චිත‍්‍රපට 14 යි.
1972 චිත‍්‍රපට 19 යි.
1973 චිත‍්‍රපට 13 යි.
1974 චිත‍්‍රපට 22 යි.
1975 චිත‍්‍රපට 28 යි.
1976 චිත‍්‍රපට 27 යි.
1977 චිත‍්‍රපට 24 යි.
1978 චිත‍්‍රපට 25 යි.
1979 චිත‍්‍රපට 27 යි.
1980 චිත‍්‍රපට 32 යි.
1981 චිත‍්‍රපට 35 යි.
1982 චිත‍්‍රපට 38 යි.
1983 චිත‍්‍රපට 33 යි.
1984 චිත‍්‍රපට 34 යි.
1985 චිත‍්‍රපට 23 යි.
1986 චිත‍්‍රපට 17 යි.
1987 චිත‍්‍රපට 17 යි.
1988 චිත‍්‍රපට 12 යි.
1989 චිත‍්‍රපට 11 යි.
1990 චිත‍්‍රපට 20 යි.
1991 චිත‍්‍රපට 24 යි.
1992 චිත‍්‍රපට 26 යි.
1993 චිත‍්‍රපට 24 යි.
1994 චිත‍්‍රපට 27 යි.
1995 චිත‍්‍රපට 23 යි.
1996 චිත‍්‍රපට 24 යි.
1997 චිත‍්‍රපට 22 යි.
1998 චිත‍්‍රපට 16 යි.
1999 චිත‍්‍රපට 20 යි.
2000 චිත‍්‍රපට 17 යි.
2001 චිත‍්‍රපට 26 යි.
2002 චිත‍්‍රපට 26 යි.
2003 චිත‍්‍රපට 26 යි.
2004 චිත‍්‍රපට 22 යි.
2005 චිත‍්‍රපට 15 යි.
2006 චිත‍්‍රපට 19 යි.
2007 චිත‍්‍රපට 16 යි.

ආතර් යූ. අමරසේන