.

Monday, November 30, 2009

කවුරුත් නොදන්න බොහෝ දේ.....



click above picture
වුරුත් නොදන්න බොහෝ දේ මගේ මතකයේ තිබෙනවා.ඔය දැන් රූපවාහිණී නාලිකාවල මහා ජනමාධ්ය පොරවල් ලෙසට ඉන්න හුග දෙනෙක් මුලින්ම රූපවාහිණී කැමරාවකට මුහුණ දුන්නේ මගේ වැඩසටහනකදී මගේ ඉදිරියේදී

ඒ අතර
මියගිය මා හිත මිත්‍ර
රෝහණ කුමාර

ලසන්ත වික්‍රමතු0ග
වික්ටර් අයිවන් , අනුර හොරේෂස්

බන්දුල පද්මකුමාර වැනි අයත් ඉන්නවා...

Sunday, November 29, 2009

මහින්ද අබේසුන්දර සම්පාප්ත්‍රිය....


හින්ද අබේසුන්දර කියන්නේ හරි අපූරෑ ජාතියක මිනිහෙක් .මම 1998 දී අයි ටී එන් එකේදී පටන් ගත්ත සන්නස කියන වැඩසටහනට ආගිය කතා කියන කොටසත් ඇතුල් කරන්න හිතිලා.ඒකේ නිවේදකයා හැටියට මම අරන් හිටිය ලක්බිම පුවත්පතේ ගැමුණු රත්නායක ට කියල තමයි මුලින්ම මහින්ද අබේසුන්දර ව ගත්තේ...මට මතකයි කොළබ වික්ටෝරියා උද්්‍යාණයෙදී කළ ඒ රූපගත කිරිමේදී..මිනිහා ඇඹරැණ හැටි...මල්ලී මෙවා ඉතින් කවදා කාපු ටකරන්ද කියලයි කිව්වේ.
වැඩසටහන නිසා මිනිහා ජනප්‍රිය උනා.එයා ලක්බිමට ලිව්ව ආගිය කථා පෙළම නැවත කැමරාව ඉදිරියේ කියන එක තමයි කලේ ..එකම එක දේ කිහිප වතාවක් රූපගත කරන්නේ එක පාරම කියවගන්න බැරිඋනාම..අපි කියන්නේ නානවා කියලා...ඉතින් ඔය සන්තෑසියම තමයි ඒ දවස් වල මිනිහටත් උනේ..., එකම දේ නැවත නැවත රූපගත කළා අපිත්..මිනිහ ගේ ජීවිතේ ප්‍රථම වතාවට තමයි කැමරාවකට මුහුණ දුන්නේ...ඒ දවස් වල අයි ටී එන් එකේ පුවෟත්ති අංශය බාරව හිටියේ මම ..ඔන්න සති දෙකකට විතර පස්සේ දවල් වරුවක මහින්ද අයියා ආවා මගේ කාමරයට....ඇවිත් කිව්වා මල්ලී මම මේ ආවේ ලොක්කා හම්බුවෙන්න කියලා.ඒ කියන්නේ සභාපතිව..ඒ වෙලාවේ ඒ මිනිහත් හිටියේ නැහැ මම කිව්වා ඉතින් ඒ එනකම් වාඩිවෙලා ඉන්න කියලා මගේ මේසේ ඉස්සරහ පු‍ටුවත් දීලා කන්න බොන්නත් අරන් දීලා .සභාපති එනකම් තියගෙන හිටියා. ඒ කාළේ සභාපති වෙලා හිටියේ කවුරුත් දන්න ..අපි කිරිගුණයා කියන ආදර වචනයෙන් හදුන්ව්න මෑන්.කොයි වෙලාවේ බැලුවත් ඔ‍ෆිස් එකේ නැති .දේශපාලනයෙන් ආපු තක්කඩියෙක්.
ඉතින් මේ ඉතින් මේ මහින්ද සභාපති ආවා විතරයි මල්ලී මම මිනිහව හම්බුවෙලා එන්නම් කියලා.ගියා...ඊට ටික වෙලවකට පස්සේ .මට සභාපතිගේ ඔ‍ෆිස් එකෙන් ලියුම්ක් ආවා අත්සන් කරලා භාරගන්න...මොනාද දන්නවද ඒකේ තිබුනේ ...
වහාම ක්‍රියාත්මක වන අයුරු මාව වෙනත් අංශයකට මාරු කරල කියල...අනිත් දවසේ සිට මිනිහා මගේ පු‍ටුවේ...
ම්හින්ද අබේසුන්දර රූපවාහිණියට ආවේ අන්න එහෙමයි...

සුමිත් ජයන්ත ඩයස්

චෞර ‍රැජිණ ....



කාලෙකට පස්සේ අපේ පොත් දෙකක් කියෙව්වා. දිගාමඩුල්ලේ අසිරිය මම කියෙව්වේ මම හිතන්නේ පස්වෙනි වතාවට විතර .ඒ කියවන හැම වාරයකදීම දැනෙන්නේ හරිම නැවුම් බවක්...ඒ ලේඛකයාගේ රසවත් බස්වහර නිසාම කියවනකොට දැනෙන්නේ අපිත් ඉන්නේ දිගාමඩුල්ලේ වගේ...
අනික් පොත වික්ටර් අයිවන්ගේ ...,මීට කාලෙකට ඉස්සර අපේ රටේ බොහෝ මතවාදයට ලක්වුන කෘතියක්...චෞර ‍රැජිණ .වික්ටර් ගේ නිර්භීත කම ගැන මාධ්‍යවේදීයෙකු වශයෙන් ලොකු ආඩම්බරයක් ඇතිවෙනවා.අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ පොතක් කියෙව්වමවත් හිතෙන්නේ නැත්ද මීලගටවත් ‍රැවටෙන්න ඔනේ නැහා කියලා...චන්ද්‍රිකා තාම අපේ රටේ හොල්මන් කරනවා.ඒ කාලේ හරි හම්බු කරගත්ත දේවල රහ දන්නවා ඇතිනේ.ඒ කාලේ චන්ද්‍රිකා ගේ
හෙවණැල්ල වගේ හිටපු දේශපාලන බත් බැලයෝ ..,දැන් ගොඩක් ඉන්නේ යු එන් පී එකට හේත්තුවෙලා...මOගල සමරවීර ,එස් .බී දිසනායක .වගේ එවුන් ...අපේ රටේ අහින්සක මිනිසුන්ගේ සල්ලි වලින් කෝටි ගණන් හොරෙන් අරගෙන ගහපු මාළිගා ගැන දැන් අපේ එවුවන්ට මතක නැහැ.දැන් මුන් කථා කරන්නේ කටින් ද...?
දේශ පාළුවටත්,වේස ගැණීටත් ලජ්ජාවක් නැහැ කිව්ව කථාව ඇත්ත කියල හිතෙන්නේ..මේවා දකිනකොට අහනකොට...මුන්ගේ පස්සෙත් හැබැයි අපේ මිනිස්සු ඉන්නවා..ඒක තමයි අපේ රටේ හැටි...

Friday, November 27, 2009

සුද්දන්ටත් හිටපු ගමන් දෙවියෝ බුදුන් සිහිවෙනවා...


සුද්දන්ටත් හිටපු ගමන් දෙවියෝ බුදුන් සිහිවෙනවා...

අපේ රටේ තානාපති කාර්යාල



මම දැක්කා පහුගිය දවසක පැරිස් වල නොමිළයේ බෙදාහරින එක් උදෑසන පුවත් පතෙක තිබුනා බොලිවුඩ් කියලා දාලා සන්දර්ශනයක් ගැන.මේකම විශාල පොස්ටර් වලත් තිබුනා..හැබයි තිබුනේ බොලිවුඩ් නෙවි අපේ රටේ උඩරට නැට්‍ටුවොන් ගේ පොටෝ එකක් දාලා...කෝ දැන් මෙහෙ තියෙන අපේ රටේ තානාපති කාර්යාලය ,තානාපති,මාධ්ය නිලධාරීන් මුන් මොනවද කරන්නේ...උන්ව අපේ රට වෙනුවෙන් පත් කරලා මෙහේට එවපු එවුන් මේවට වග කියන්න ඔනේ...ඔයලට බලගන්න පුළුවන් ඒ පත්තරේ දෑන්...


Thursday, November 26, 2009

Paris street performers,,,

This is Paris street performers ,i catch to this incident yesterday...

Sumith

Wednesday, November 25, 2009

බර්ලින් තාප්පේ



බර්ලින් තාප්පේ අණුස්මරණය තිබුන පහුගිය දවස් වල .දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක ‍රැයකින් වෙන්කරල දාපූ මිනිස්පුරයක් නැවත එක් කෙරුවේ තාප්පය කඩල දාලා...මේ එක පුවත්පතක මුල්පි‍ටුවේ තිබුන පොටෝ එකක්...

Tuesday, November 24, 2009

මිනී මරුවෝ...


මට මතක් උනා බටලන්දේ මිනිස් වදකාගාරය බලන්න ගිය දවස...දැන්
රනිල් ඉන්නේ සිල් අරන් වගේ ඒත් මුගේ අනුදැනුම ඇතුව කොච්චර නම් අහින්සක තරුණ තරුණියන්ව මරණයට පත් කරන්න ඇද්ද ...ඒ දවස් වල ජයවර්ධනපුර රොහල පාරේ රෑ ටයර් වල පිච්චෙන මිනී කොච්චර මම දැකල තියෙනවාද...පැලවත්තේ රේන්ජ් එකේ වත්ත කියන අකුරුගොඩ පාරේ තියෙන වත්තේ කොච්චර මරල දැම්මද...හෝකන්දර තිබුන සමුහ මිනී වළ තවත් එකක් විතරයි ...කඩුගන්නවේ පාරේ පහළ තිබුණ මිනී ඇටසැකිලි කොයි තරම්ද...ඔය තරම් පාහර මිනී මරුවෝ ..අර උඩුගම්පොල වගේ එවුන්ට කරපු කිසි දෙයක් නැහැනේ...චන්ද්‍රිකා ගේ කාලේ මරල දාපු මගේ මිත්‍ර රෝහණ කුමාර...මහින්ද ගේ මේ ආණ්ඩුව කාලේ මරලා දාපු ලසන්ත ...මේ දඩ බල්ලන්ගේ ගොදුරු ඉවර වෙන්නේ කවදද..???

මව්බිම ....


මව්බිම ගැන බොහොම විවුර්තව සිතන්න හම්බුවෙන්නේ මෙහෙම පිටරටක ඉන්නකොට...විශේශයෙන්ම අපේ සමහර බඩගෝස්තරවාදී දේශ පාලුවන් ගැන ...අපේ රටේ මිනිස්සුන්ව මුන් අන්දන හැටි දැක්කම ඇතිවෙන්නේ තරහක් ,හැබයි අපේ රට දැන් මේච්චර දියුණු වෙලත් තාමත් මිනිස්සු ඉන්නේ ඇස් වල එක එක පාට තවරගෙන...යු එන් පී ,ශ්‍රි ලන්කා ,නිදහස් සන්ධානය,ජේ වී පී ,නිදහස් විදිහට සමජය දිහා බලන්න බැහැ...
එකාට එකා ,අල්ලපු වත්තේ එකාව මරන්න බලන්නේ මොකද ඌ අනිත් පැත්තේ හින්දා...මේ ඔක්කොම සන්තෑසී පටන් ගත්තේ කිසිම අද්යාපනයක්,දැක්මක්,දර්ශනයක් නැති එවුන් දේශපලනයට ආපු හින්දා...
මිනිස්සු චන්දේ දුන්නේ ..උගේ හරි ඒකිගෙ හරි ...ජනප්‍රිය කමට..නැත්නම් පක්ශෙට ,පාටට..නැතුව උන් ගාව තිබුන දර්ශනයකට නෙවි...කුඩු මුදලාලිලා,කසිප්පු මුදලාල ,නළුවෝ,නිළියෝ,පොතු හැලිච්ච විවාහක රූප සුන්දරියෝ,ගණිකා මඩම් අයිති එව්වෝ...
සමහර එවුන් ගේ තිබුන එකම සුදුසුකම රූපවාහිනියේ දේශපාලන වැඩසටහනක් ඉදිරිපත් කරපු එක..මිනිස්සු දන්නේ නෑහැ ඒ වැඩසටහන පිටිපස්සේ හිටිය ඌට කරුණු හොයල දුන්නේ වෙන කවුරුවත් කියල...මිනිස්සු හිතුවේ ඌ තමයි පොර දේශපලනය දන්න කියලා....,ඔයවගේ හාල් පාරුවෝ එතකොට රූපවහිනියේ නිවුස් කියපු එවුන් ...,ඔය ලීඩර් කියල හින්දි කොපි චිත්‍රපටි ගහපු නළුවෝ ..දෑන් අපේරටේ දේශපාලනයේ...
ඔන්න අපේ රටට ගිය කල දසාව...,
දේශපාලනය කියන්නේ මරෙනකම් කාලා බීලා ,නම්බු පිටින් ඉන්න පුළුවන් ලේසිම රස්සාව කියල උන් දන්නවා...,නැතුව අපේ රටට ..මිනිස්සුන්ට ආදරේට ..නෙවි..අනිත් කරුණ තම්යි බුදුදහම හෑල්ලුවට ලක් කිරීම...හෙළ උරුමය කියල පටන් ගත්තට අද තියෙන්නේ ව්ලිගෙ විතරයි...හිසක් නැහැ කදක් නෑහැ වෙන එකක් තියා ශරීරෙකුත් නැහැ...පස්ස පැත්තයි වලිගෙයි විතරයි...එකේ ඉන්න ගිහියෝ ඒ කියන්නේ නරි රන්චුව..අර හමුදුරුවෝ ඉස්සරහට දාගෙන වවාගෙන කනවා...පරිසර ඇමත්තා වෙලා චම්පික ආපු ගමන් කෙරුවේ ..පරිසරයට හානී වෙනවා කියල නීතී දාලා පෙරහැර වලටත් පහර ගහපු එක...
අනික...අපේ රටේ ඉන්න ඇමත්තෝ ..ටිකම මදෑයි..මෙච්චර පොඩි රටක ..ඉන්න හාල් පාරුවෝ ටික...මොනාද මුන් කරන්නේ..මෙච්චර අපතයෝ හැත්තක් ලෝකයේ කීසිම රටක නැහැ...මුන්ට දෙන පහසුකම්...යාන ,වාහන,පින්පඩි ,ටෙලිපෝන්,එකෙක්ව නඩත්තු කරන්න අපේ රටේ අහින්සක දුප්පත් මිනිස්සු කී දෙනෙක් නම් හම්බු කරන්න ඔනෙද...???
චන්ද්‍රිකා ගේ ආණ්ඩුව කාලේ ඒ ගෑණී ගහපු ගැහිලි අහුවුනේ පස්සේ.කෝටි ගණන් හම්බු කරගෙන රට කාලා ..අයෙම ලැජ්ජ නැතුව එනවා රටට...හිටියේ හරියට උපාසක අම්මා කෙනෙක් වගේ...වික්ටර් අයිවන් ලියපු පොතේ තියෙන්නෙත් ටිකයි මම හිතන්නේ...දැන් මහින්දට මොකද වෙලා තියෙන්නේ....ආපු දවස් වල චින්තනේ තිබුනා...දැන් ඉන්නේ රජ පවුලක් ...වටේට ඉන්න පල් හොරුන් රන්චුවම ..මිනිහ ලස්සණට අන්දගෙන ඉන්නේ,..ප්‍රශශ්ති කියනවා...දැන් මහින්ද හිතාගෙන ඉන්නේ මහ රජාණෝ කියල..හැබයි ඔය දැන් තියෙන බලය නැති දවසට..ඔය වටෙ ඉන්න හොරු එකෙක් බෙහෙතකට හොයගන්න නැහැ...කිරුළයි ඇදුම් ටිකයි බෑග් එකක දාගෙන පාරේ බැහල යන්න වෙන්නේ....හැබ්යි අපේ රටේ තිබුණ එල් ටී ටී ප්‍රශ්ණේ ඉවර කරන්න තිබුණු හැකියාව ගැන නම් සතු‍ටුයි..මුළු මහත් අපේ රටට ආදරේ මිනිස්සු ඒ ගැණ උන්නැහෙට ස්තුති කෙරුවා.රනිල් වගේ නපුන්සක දේශපාලන චරිතයකට හරි චන්ද්‍රිකා වගේ රට කාපු අම්මණ්ඩියෙකුට කවදාවත් ඕක කරන්න ලබෙන්නේ නැහැ.අනික ඔය වැඩෙදී ජේ වී පී එකෙන් දුන්න බැක් අප් එකත් වටිනවා,
හැම පාරම චන්දයක් එනකොට. ආණ්ඩුවේ හොරණෑවල ගාල් කරගෙන ඉන්න උන්ගේ ලොකු ඉත්තෝ වැඩට බහිනවා,දැනටමත් ඔය සුදර්මන්,මහින්ද අබේසුන්දර,වගේ රෙදි අපුල්ලන්න පත් කරල තියෙන අප්පුහමිලා වෑඩ් පටන් ගන්න සුදානමින් ඇති...මුන් හරියට බල්ලෝ රන්චුවක් වගේ ..ක‍ටුකනවා...ක‍ටු ලෙවකනවා..බුරනවා,හැබයි හපන්න යන්නේ නෑහැ..එච්චර හරියක් මුන්ට බැහැ...අනික මුන්ගෙ දතුත් නැහැ හපන්න..මොකද මුන් වටේට ඉන්න එවුන් මුන්ගේ දත් ගලවලා....චණ්ඩි පාර්ට් වලට මර්වින් සිල්වා වගේ උන් ඉන්නවනේ ඔය අස්සේ ....,
එස් බී වගේ එවුන් ඉන්නේ ඌරෝ කැකුණ තලනකම් ...නැත්නම් බොර දියේ මාළු බාන්න..මන්ගල සමරවීර ඒ අනික් එකා ...හැබැයි .ඒ වගේ දේශපලන අනාතයෝ ඉස්සර සිටම ගාල් උනේ යු එන් පී එකේ..රනිල් ගෙන් පස්සේ...ඉස්සර ප්‍රෙමදාස,ජේ ..ආර් හිටිය කාලේ මුන්ගේ ඇඩ්‍රසුත් නැහෑ ....
මීළග සිදුවිම තියෙන්නේ සරත් ෆොන්සේකා ගේ ආගමනය..එයාත් දන්මම අන්දගෙන වගේ...මන්ගල වගේ එවුන් ඉස්සර කියපු දේවල් අස්කරගෙන..දැන් මාර ආදරෙන් ටෝක්ස් දෙන්නේ...මම නම් හිතන්නේ ඔය කාටවත් ඇන්දෙන්නේ නැතුව නම්බු පිටින් ඉස්සර කිව්වා වගේ දෙශපාලනයෙන් තොරව සිවිල් වැසියෙක් වගේ ජීවත් උනානම් ඉවරයි කියලා....කොහොම උනත් අපි බලමුකෝ ඉස්සරහට...

Monday, November 23, 2009

වෛරස්...වෛරස්..



වෛරස් වර්ග විවිධයි පරිගණක වෛරස් සහ මිනිස් වෛරස්..දැන් සමහරු කියන්න පටන් අරගෙන සුකර උණ කියන්නේ මිනිස්සුම නිපදවපු වෛරස් එකක් කියලයි...මේ පින්තූර මම ගත්තේ ඒ ගැන ලියපු ලිපියක තිබිලා...

අපේ රටේ නිළියෝ...




ඕනම දෙයක් ලබාගන්න පුළුවන් සල්ලි විතරක් නෙවි..ඒකනේ අපේ රටේ නිළියෝ අපේක්ෂකයෝ වෙන්නේ ...ලොකුම තැන්වලට රෙද්ද උස්සපු පින නිසා වෙන්න ඇති නැද්ද ..??? හබැයි මුන්ව චන්දෙන් පත්කරපු අපේ හරක් රන්චුව ගැන අපිට දුකයි...

අපේ රටේ චිත්‍රය ගැන ...


අපි අපිවම ලොක් කර ගන්න දරණ තැත ගැන මොකද හිතෙන්නේ ඔයාලට ...,
පහුගිය දවස් වල ලෝකයේ රටවල් වල කරක් ගහල ගහල අපේ රටට මඩගහපු ,අපේ රටේ දේශපාලුවන් ගැන . ඩොලර් වලින් යැපෙන එන් ජි ඕ කපුටෝ පිටරටට මවල පෙන්නන අපේ රටේ චිත්‍රය ගැන ...අපිත් අවදියෙන් ඉන්නේ තවමත්...

බලාපියව් ...


අද අපේ රටේ රූපවාහිනී කාරයෝ කරන්නේ අපි දෙන දේවල් තොපි බලාපියව් කියන දේ ..ඒ උනාට බහුතර ජනතාව දන්නවා මුන් කරන්නේ බොරු කියලා..කියන්නේ බොරු කියලා...ඇත්ත තත්වය ඕකයි ..විශේශයෙන් රජයේ හොරණැවල්....

ජනාධිපතිවරණය...


ජනාධිපතිවරණය ...අපේ රටේ බල අරගලය අයෙත් ඇවිත් ..මේක තමයි අපේ රටේ බලු පොරය ..මැතිවරණයක් තිබිල එකේ ප්‍රතිපල දැක්කම තම්යි හිතෙන්නේ අපෙ රටේ තව කොච්චර මෝඩ මිනිස්සු ඉන්නවද කියල...නැත්නම් අර දේශපාලනය තියා මෙලෝ රහක් නැති නළුබට්ටෝ ..නළුබට්ටියෝ ,නාකි රූපසුන්දරියෝ ..පුදුමේ කියන්නේ කාන්තා විමුක්තිය ගැන මුන් කතා කරන්නේ හබැයි කරන්නේ ගණිකා මඩම් බිස්නස්...
මුන්ව තමයි අපේ මිනිස්සු චන්දේ දීල පත් කරගන්නේ...
අනික් අතට රනිල් වගේ ,කොන්ද පණ නැති එවුන් හින්දා අපේ රටට වුන වින්නැහිය මතක ඇතිනේ,..මහ එකෙක් ආවම ඌ වටේට එකතුවෙලා බොරු උපදෙස් දීලා ඌව විනශ කරනවා.දන් මහ එකාටත් වෙල තියෙන්නේ ඒකයි...ජනමාධ්ය අමාතෟශයේ ලේකම් තනතුර දෑරුවේ තවත් ලෝක හොරෙක් ඌ කාලයක් අමෙරිකාවේ කොන්සල් කෙනෙක් වෙලත් හිටියා පස්සේ මූ බද්‍රජී මහින්ද ජයතිලකට කියල සුනාමි ගැන පොතක් ලියවගෙන මුගෙ නම එකට දාල ඒක මහා රජාට පිලිගන්වල ලකුණු දාගෙන දන් පොරක් වෙලා ඉන්න හොරෙක්...දන් ඉතින් ලඟදීම අපිට බලගන්න පුලුවන් අලුත් බලුපොරය නිසා සිද්ද වෙන දේව්ල්....

අපේ රටේ මාධ්ය...


අපේ රටේ මාධ්ය කරුවන් පත්ව ඇති තත්වය ගැන යමක් ලියන්න ඕනේ කියලා හිතුනා .බළළ්ලු ලවා කොස් ඇට බාගන්නවා වගේ දෙශපාලුවෝයී ,සල්ලි කරයෝයි විශෙශයෙන්ම මාධ්ය හිමිකරුවෝ...උන්ගේ හැම ජඩ වැඩක්ම වහගන්න යොදගන්නේ මාධ්ය කරුවන්ව .උන්ගෙ යටතේ වැඩ කරන හින්දා හැම අසික්කිත වැඩකටම ඔලුව නවන්න වෙලා...ඕකයි ඇත්තම තත්වය.උන්ගේ පන්තියේ ඒවුන්ගේ හෙලුව වහගන්න අනුන්ට මඩ ගහන්න යොදගන්නේ අර මිනිස්සු .
එක පත්තරේකින් නාවනවා,අනිත් පත්තරේ එවුන් මඩ ගහනවා,කොහොම හරි අන්තිමේදී අර මඩ ගහපු එකා හරි නාවපු එකා හරි කපල දාන්න යොදා ගන්නෙත් උන්ගෙන්ම එකෙක්....ඕක තමයි ඇත්ත
සමහර දෙශපාලුවෝ ගාවට ඉන්ටෙර්වීව් එකකට යන එකා හරි,එකී හරි,අන්දනව ලස්සනට ,අරක කරල දෙන්නම් මේක කරල දෙන්නම් කියල..බලය නැති දේශපාලුවෝ කියන්නෙ ...අපි බලයට ආපුවහම ඔයා තමයි මගේ මිනිස්ට්‍රි එකේ ප්‍රෙස් ඔ‍ෆිසර් කමට ගන්නෙ කියල...එහෙමත් නැත්නම් කියයි ඔයාලගේ මිඩියා කොම්පනියේ අයිතිකාරයා මගේ යාලුවෙක් මම මිනිහට කියල ඔයාට මාර ප්ලේස් එකක් අරන් දෙන්නම්.මාව ටිකක් අප් කරල දාන්න කියල...ඉතින් ඔන්න දැන් අපේ එකා හරි, එකී හරි රෙද්ද පෙන්නුව ගමන් කපලා ,මහලා ,ඇදගෙනත් ඉවරයි...,
ඕක එක ජවනිකාවක් තව ගොඩක් තියෙනව ...මට මතකයි මටම උන සිද්ධි කිහිපයක්.දැන් යූ එන් පී කියන පක්ශෙ ඉන්න මහ එකෙක් දන් උනත් උගේ බෙල්ලක් නැති තරම් ලොකුයි .පෙනුමත් මෝන්ගල් වගේ හැබයි සමරවීර නෙවි. උස ,මහත,ට්යි කෝට් ඇදගෙන ඉන්න සල්ලිකාර ගොන්තඩියෙක්.හිතාගන්න පූලුවන්නේ කව්ද කියල...මම මෙහෙම ලියන්නෙ ඔය හැම දේශපාලුවෙක් ගැනම වගේ පැහැදීමක් නැති හින්ද ඉතින් මේක කියවන ඔබ මොන පාටකින්ද ඇස් දෙක වහගෙන ඉන්නෙ කියල දන්නෙ නැහනේ...? මට ඔය කිසිම පාටක් නැති හින්ද විවෘතව රට දිහා බලන්න පුලුවන්,හැම දේශපාලුවෙක්ම මම දකින්නේ රටට බරක් උන ,අහින්සක මිනිසුන් රවට්ටන මුඝ්දයෝ හැටියට.ඔය දැන් අපේ රටේ අපේම මිනිස්සු පත් කරගෙන ඉන්න හූගක් එවුන් ගේ ඉතිහසය මම දන්නවා,මම ව්තරක් නෙවි ඒ කාලේ විමසුම රුපවාහිනී වැඩසටහනට සම්බන්ධ වෙලා හිටිය මගේ කාර්ය මණ්ඩලයත් ඒකට සාක්ශි කියයි...ඉන්න ගෙයක් දොරක් නැතුව,කිසිම අධ්යාපන සුදුසු කමක් නැතුව හිටපු එවුන් දැන් යන්නේ ප්‍රාඩෝ ,ඉන්ටර්කූලර් වල,උන්ට පාටක් පක්ශයක් වැඩක් නැහැ වැල යන අතට මැස්ස බදිනවා....,අපේ මිනිස්සු මරාගෙන කොටගෙන චන්දේ දෙන්නේ ,නලු බට්ටන්ට,ටීවී එකේ නිවුස් කියපු වාචාලයන්ට ,ගණිකා නිවාස දගෙන හිටිය නාකි රූප සුන්දරියොන්ට ,හොරෙක් අල්ලපු පොලිස් කාරයෙක්ට.සතපහක තරම් වටිනකමක් නැති කබල් ටෙලිනාට්ටයක හරි ,කුණුහරුප චිත්‍රපටියක හරි හිටිය ,අනිත් දේශපලුවෙකුට රෙද්ද උස්සපු පත්තිනි දේනුවකට..,ඔන්න අපේ රටේ තත්වේ..???

ඉතින් ලියන්න ගිය කතාවත් අමතක උනා මුන් ගැන ලියන්න ගිහින්,ඒ කාලේ මම වැඩ කලේ අයි ,ටී,එන් රූපවාහිනියේ ,සබාපති වරයා උනේ හැමදාම බලයේ ඉන්න ආණ්ඩුව්ලට කඩේගිය කිරිගුණයා කියලා කියන මිනිහා,මූත් හරිම කපටි එකෙක් හැම ඉරිදා උදේම විකාශනය උන සජීවී වඩසටහන බාරව හිටිය නිශ්පදකය උනේ මන්තුමායි.ඔය මම කියන්න ගිය උස ,මහත,ට්යි කෝට් ඇදගෙන ඉන්න සල්ලිකාර ගොන්තඩියා ඒ කාලේ දේශපාලනයට ආපු අලුත ,විපක්ශය වෙනුවෙන් මිනිහයි ,ආණ්ඩු පක්ශය වෙනුවෙන් තව එකෙකුයි,තවත් දේශපලන පක්ශ කිහිපයක එවුනුයි හිටියා,ආණ්ඩුවේ ඇමැත්තෙක් හරි තදයෙක් හරි අවොත් අයි ,ටී,එන් රූපවාහිනියේ ,සබාපති වරයා වන කිරිගුණයා කොහොම හරි ඔ‍ෆිස් එකට එනවා ලකුණු දාගන්න ඒ උගේ හැටි. මම මේ කියන කාළ වකවානුව 1998 .,කොහොම හරි වැඩසටහන විකාශනය කරලා ඉවර වෙලා කිරිගුනයා ගියා අර ආපූ ඇමතියා පස්සෙන්.මම මේ කියන විපක්ශයේ හිටිය ගොන්තඩියා මමයි මගේ සහය නිශ්පාදක පිරිස් එක්කයි කතාවට වැ‍ටුනා,මගේ එක සහය නිශ්පාදක කෙනෙක් ඒ කාලේ වැඩ කලේ පත්තරේක.මේ තඩියා ට ඒ කාළෙත් තිබුන ලොකු කොම්පැනි එහෙම ..මූ මේ කොල්ලව ලස්සනට ඇන්දුව මූ ගැන පත්තරේට ලියන්න... උගේ අදහසක් තියෙනවා පත්තරයක් පටන් ගන්න .ඉතින් එක කරන්න මෙයාට බාර දෙනව කියල තමයි අන්දුවේ.පස්සේ ඉරිදා පෙරමුණ පත්තරේ නවත්තපු කාලේ.ඒකේ කතුවරයා උන සමන් වගාආරච්චි,එතකොට ඒ පත්තරේ හිටපු ක‍ටුදෙණිය,සම්පත්,අතුලු පිරිස සහ රජිත් කීර්ති,කුසල්,මම,අපි හැමදාම සෙට් උනේ කෝට්ටේ කුලියට ගත්තු තැනක,අපි ඒ කාලේ මාධ්ය සන්විදානයකුත් අරම්භ කරලා තිබුනා.ඉතින් ඕකේ භාන්ඩාගාරික උනෙත් මම,මගේ සහය නිශ්පාදකවරයෙක් උන මිතුරත් හිටියා,නම කියන්නෙ නැත්තේ දැන් මිනිහා වැඩ කරන්නෙත් ජතික පුවත් පතක හින්දා,
අපි සැලසුම් කලේ නැවත ඉරිදා පෙරමුණ පත්තරේ පටන් ගන්න,මට මතක් උනා එක දවසක් අර දේශපaලූ තඩියා දුන්න පොරොන්දුව.කට්ටියම ගියා උගේ ගෙදරට.ඇත්තටම ඌ දේශපාලනය කරන්නේ රටට මිනිසුන්ට ආදරේට නෙවි කියල වැටහුනේ පාර්ලිමේන්තු පාරේම තියෙන උගේ තරු පහේ හෝටලයක් වගේ ගෙදරට ඇතුල් උනහම.ඒ කාලේ උන්ගේ ආණ්ඩුව බලයේ තියෙන කාලේ.මුලදි නිකම් පාරේ දැක්කත් නවතිලා සනීප අහන ගොයියා ඒදා ඌව මුණ ගැහෙන්න තිබුන අමාරුව...කිරිගරුන්ඩ පොළව,පිහිනුම් තටාක,අනේ අපේ දුප්පත් මිනිස්සු මුන් වගේ එවුන්ට චන්දේ දෙන්නේ ඇයි..කියල පුදුම හිතුනා, රට ,ජාතිය ගැන මු කරන බොරු චා‍ටු කතා වලට පත්තර වලින් දෙන තල්ලුව,
මට අමතක උනානේ සිදුවීම ගැන කියන්න.අපි ගිහින් විනඩි 45 විතර මු එලියට ආවා .කොහේද යන්න තියෙනවා කියලා ...අපේ එකෙක් කිව්වා ආව කාරණය..දෑන් මු අපිව දන්නෙ නැති ගානයි..මගේ මිතුරා මතක් කළා එදා පොරොන්දුව ගැන ...ඒ එදානේ මල්ලී ඔය පත්තර කළා කියල සල්ලි ලබෙනවද..? වෙන මොනහරි සලකල බලමු නෙද ..ආ මට හදිසි රස්වීම තියෙනව යන්න ඔනේ...
හැබ්යි දැන් යලුවා අයෙම විපක්ශයෙ නිස අලුත් මඩ පත්තරයක් පටන් අරගෙන..පහුගිය දවස් වල ,මම දැක්කා,මේ යකා ලොකු විදේශ විනිමය වන්චාවකට මට්‍ටු වෙලා කියලත්...ඔය එක සිදුවීමක් විතරයි..අපේ මිනිස්සු තාමත් ස්යිස් එක විතරයි පෙන්නන්න ඔනේ නිකම්ම ඇන්දගන්නව.


සුමිත් ජයන්ත ඩයස්

නිමා නොවුනු සිත්තමක්...



හිත ගෙවෙනකම්ම හිතනවා
හිත දුවන්නන් වාලේ දුවනවා....
අතීතයට .මෑතට සහ ඈතට දෝලනය වෙනවා...,
ඒ අතර ඔබත් ඉන්නවා...,
ගෙවුනු සෑම සිදුවීමකම කෙටි හෝ සටහනක් සිතට නගාගෙන
රසවිදින්ට පුලුවන් ...
ඒත් අනාගතය රසබර සිතිවිල්ලක් විතරයි...ඒ නොපැමිණිනු අනාගතයට මම ආදරෙයි...
හරියට ඒක නිමා නොවුනු සිත්තමක් වගෙයි...
ජීවිතයේ විඩාව සමග වියපත් වන මා ...,ජීවිතයට නව අරුතක් සොයනවා..
හෙට ඒ දිනය උදවේවිද...???

සුමිත් ජයන්ත ඩයස්

දිනය 21 /10 /09 වේලාව 14 .00
පෑරිසියේ දුම්රිය මෑදිරියක් තුලට වී ක‍ටු ගෑ සටහනක්...

සිතුවිලි...



මා කවියෙකු නොවෙමි නමුත් කවියක ඇති සියුම් රිද්මයට ඇලුම් කරන්නෙමි...
සිතට දැනෙන ,හැගෙන සිතුවිලි සමුදායක් වචන වලට හරවා තැන්පත් කරන්නට මා යත්න දරමි ..ඒ අතරට මියගිය අතිතය සිහිනයක් පමණක් නොවන්නට යමක් එක් කරන්නටද මා උත්සහ දරමි.
ජීවිතය තවත් එක් නවතැනක් පමණි...ඉන් පසු කොහේ යන්නේද ඔබත් මමත් නොදන්නෙමු....මා ඇසුරු කළ අතැම් සබැදි මිතුරන් ගෙන් ඇතැමෙකු අද මිහිපිට නොමැත ...මතකය පමණක් ඉතුරු කොට ඔවුන් වෙනත් නවැතන් කරා ගොසිනී...
ඒ මිනිසුන් ගැන අද බොහෝ අය නොදනී. ඔවුන් ඉතිරි කොට ගිය සුන්දර මතක සටහන් ද මා හට ඉඩ ලබෙන අයුරු එක් කිරිමට සිත සිටිමි.
මෙය කියවන ඔබ ගේ අදහස් මා අගය කරනෙමි.

සුමිත් ජයන්ත ඩයස්