.

Saturday, January 30, 2010

එළියට දාපු අලවංගුව තමයි සරත් ෆොන්සේකා...


මහින්දයි රනිලුයි දෙන්නම දිනුම් .....

ජනාධිපතිවරණය අවසන් වී අවසාන ප්‍රතිඵලයද නිකුත්වී දින ගණනකි. ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැවත වතාවක්‌ මේ රටේ පාලන බලය හිමිකරගෙන අවසන්ය. ජනාධිපති මහින්ද ඇතුළු සහෝදර සමාගමේ වංචා දූෂණ රටට හෙළිකර ඔවුන්ගේ පාලන සමය
අහෝසිකොට ඔවුන් ගෙදර යවා රටට සැබෑ වෙනසක්‌ අත්පත් කරදෙනවා යෑයි කී විපක්‍ෂ සන්ධානයේ නිර්පාක්‍ෂික අපේක්‍ෂක සරත් ෆොන්සේකා මේ වන විට දේශපාලන ලෝකයේ ආගිය අතක්‌ නැති ගානය....

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණය තුළ
කිසිවිටෙකක්‌ රටේ ජනතාවට අමතක කළ නොහැකි කරුණු කාරණා බොහෝය. රසමුසු තැන්ද බොහෝය. එබඳු රසමුසු තැන් කිහිපයක්‌ නැවතත් මෙනෙහි කරමින් රසවිඳීම මේ ලිපිය ලිවීමේදී මගේ අරමුණ විය.

පසුගිය ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරක සමයේදී අප වඩාත්ම ආශා කළේ ඒ ඒ අපේක්‍ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් තැන් තැන්වලදී කළ කතා ඇසීමටය. අප රූපවාහිනි නාලිකා ඒ කතා වල තිබූ හරබර සුවිශේෂී තැන් පමණක්‌ නොව රසබර හාස්‍ය බර ජවනිකාද ඉතා අපූරුවට අප හමුවේ ගෙනහැර පෑහ.

අතීතයේදී නම් බඩේ බඩවැල් එළියට එනතුරු හිනාවෙන්ට හරි අපූරු ඔල්මොරොන්දන් කතා රටට කීවේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහය. විටෙක ඔහු පස්‌දුන් කෝරළයේ ඉතිහාසය ගැන මවිතය දනවන කතාවක්‌ ගෙන ඇදබාමින් ප්‍රේක්‍ෂකයා කුල්මත් කළේය. තවත් විටෙක කාගේදෝ ලණුවක්‌ කමින් මේ රටේ තරුණ තරුණියන්ට ඩෙනිම් අන්දවන්නටත්, බ්‍රේස්‌ලට්‌ පළන්දන්නටත් චුයින්ගම් කවන්නටත් යොමුකරන ආකාරයේ කතාවක්‌ කළේය. ඒ ඉස්‌සරය. ඊටත් පසුව රනිල් ඡන්දයකදී ඡන්දය පැවැත්වෙන දිනය වරද්දවා කියමින් තවත් නාට්‍යමය ජවනිකාවක්‌ රඟපෑවේය.

ඒ ඔක්‌කොම පරණ කතාය. අද වන විට අපට රසවිඳින්නට ඊටත් වඩා අලුත් කතා බොහෝ තිබේ.

ඒ අතර වඩාත් කැපීපෙනෙන පුද්ගලයන් හිටියේ ජනතා විමුක්‌ති පෙරමුණේය.

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සිය හාස්‍යමය ජවනිකාව ගෙන හැර පෑවේ තම අපේක්‍ෂකයාගේ ඡන්ද ලකුණ වරද්දා ගනිමිනි.

"මේ පාර අලියා නෑ. පුටුව නෑ. තියෙන එකම ලකුණ සීනුව. රට දිනවන ලකුණ, රට හදන ලකුණ සීනුව...."

ටිල්වින්ට හංසයා වෙනුවට සීනුව මාරුවුණේ එලෙසය.

ඊළඟ විහිළුව කරනු ලැබුවේ ජනතා විමුක්‌ති පෙරමුණේ අද සිටින ප්‍රමුඛම නායකයා ලෙස සැලකෙන අනුර කුමාර දිසානායකය.

"මෙම මැතිවරණයේදී ජය ගන්නේ මහින්ද රාජපක්‍ෂ. මහින්ද රාජපක්‍ෂගේ ජයග්‍රහණය නියතයි....." ඔහු වේදිකාවට ගොඩවී සිටියේ සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණය ගැන කතා කරන්නටය. එහෙත් කට බොරුකියන්නට උත්සාහ කළත් ඔහුගේ දිව ඔහුට බොරුකියන්නට ඉඩදුන්නේ නැත. ඔහු දිගින් දිගටම එදා එසේ කී අනාවැකිය අද සත්‍යයක්‌ වී ඇති බව පැහැදිලිය.

මේ අතර සරත් ෆොන්සේකාගේ වේදිකාවේදී සුරූපී රෝසි සේනානායක නෝනාද අපූරු කතාවක්‌ කියා පොට වරද්දා ගත්තාය.

"මේ මැතිවරණයේදී ජනතාව නිවැරදිදේ තෝරාගනීවි. හරියට අර සිංහයා කිරෙන් දිය වෙන්කරගන්නවා වගේ ...."

කිරෙන් දිය වෙන්කර ගන්නේ සිංහයා නොව හංසයා බව අඩුමතරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාවත් රෝසිට කියාදී නැතිවීම කනගාටුවට කාරණාවකි....

මේ අතර තවත් නාලිකාවක්‌ ජනතාවට අතීතය මතක්‌ කරදීමටද හරි හරි අපූරු දේවලේ කළේය. ඒ අතර කැපීපෙනුනේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහය.

සෝමවංශ අමරසිංහ මීට වසර ගණනාවකට පෙර එක්‌තරා වතාවක්‌ සාකච්ඡාවක්‌

සඳහා ස්‌වාධීන රූපවාහිනියට පැමිණ තිබිණි. සාකච්ඡාව මෙහෙයවූයේ සුදර්මන් රදලියගොඩය. එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළේ ජවිපෙ නායකත්වය රටට අහිමිවීමේ අතීතය ගැනය. ඔහු ඒ ප්‍රශ්නය නිසා ඉතා සංවේදී විය. සිය පක්‍ෂයේ සදාදරණීය නායකයා වූ රෝහණ විඡේවීරගේ දෙකකුල් වලට වෙඩි තබා පණ කෙන්ද තුරන් වන්නට පෙර දෑතින් හා දෙපයින් අල්ලා පද්දවා බොරැල්ල කනත්තේ බෝයිලේරුවට විසිකර පණ පිටින් පුච්චා මරා දැමීමේ අතීතය ඔහු මතක්‌කර දුන්නේ කඳුළු වගුරවමිනි.

ඔහු කීවේ තම මිත්‍රයා තම නායකයා පණ පිටින් පුලුස්‌සා මරා දැමුවේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව කියාය.

මෙම අතීත සිදුවීම ස්‌වාධීන රූපවාහිනිය ගෙන හැර පෑවේ රෝහණ විඡේවීර ගැන රටේ ජනතාවට මතක්‌ කර දීමට නම් නොවේ. එදා විඡේවීරගේ මරණය සම්බන්ධයෙන් රටේ ජනතාව බලාසිටියදී කඳුළු වගුරවමින් හඬමින් එජාපයට චෝදනා කළ සෝමවංශ අමරසිංහ මේ ඉතා මෑතකදී ටයිකෝට්‌ ඇඳ පැළඳ මුව පුරා විහිදුණු පුළුල් සිනාහවකින් යුතුව රනිල් වික්‍රමසිංහ තදින් වැළඳ සිටින අවස්‌ථාවක්‌ ප්‍රසිද්ධ වීම නිසාය. කලකදී වහලු කලකදි රස වෙනවාලු කියා කියන්නේ මේවාට බව රටේ ජනතාවට කියාදීමට රූපවාහිනිය ඒ අවස්‌ථා දෙකම නොමසුරුව ප්‍රචාරය කර තිබිණි.

රූපවාහිනිය හා ස්‌වාධීන රූපවාහිනිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රචාරක ව්‍යාපාරයට සහාය දෙමින් ඒ කටයුත්ත හරි අපූරුවට කළ බව මගේ හැඟීමය.

විපක්‍ෂයේ නිර්පාක්‍ෂික සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය ආකාර දෙකක්‌ ගත්තේය. එක්‌ පැත්තකින් ඔවුහු කළේ තම අපේක්‍ෂකගේ පෞරුෂය හා අභිමානය මෙන්ම ප්‍රෙෘඪත්වය ඉස්‌මතු වන ආකාරයට ප්‍රචාරක සැලසුම් සකස්‌ කිරීමය. අනිත් අතට ඔවුහු කළේ ෆොන්සේකාගේ ප්‍රබල ප්‍රතිවාදියා වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රතිරූපය විනාශ වන ආකාරයට තම ප්‍රචාරක ව්‍යාපාර සැලසුම් කිරීමය. ඒ සඳහා ඔවුහු කටකතා මඩ පත්‍රිකා, මඩ පෝස්‌ටර්, ඊමේල් හා එස්‌. එම්. එස්‌. බොහෝ අපූරුවට යොදාගෙන තිබෙන බව පෙනිණි. ජනාධිපති මහින්ද හා රාජපක්‍ෂ සමාගම පිළිබඳවද ඔවුන්ගේ වංචා දූෂණ කටයුතු පිළිබඳවද හොරකම් පිළිබඳවද නිර්මාණාත්මක ලෙස ගොතන ලද කයි කතන්දර රැසක්‌ ඉතා සංවේදීව කටකතා තුළින් පතුරුවා හැරීම එහිදී ඔවුන්ගේ මූලික සැලසුම වූහ.

ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ මුල් අදියර තුළ මේ කටකතා ප්‍රචාරයට විශේෂ තැනක්‌ ලැබිණි. දුම්රියේ බස්‌රියේ කාර්යාලයේ කඩේ පොළේ හන්දියේ ඉතා සැලසුම් සහගතව ප්‍රචාරය කළ කටකතා ඉතා ඉක්‌මණින් රට පුරා පැතිර ගියේය. රාජපක්‍ෂ සහෝදර සමාගම පසුගිය කාලයේ කළ හොරකම්, ඒවායින් ඉපයූ මුදල්, ඒ මුදල්වලින් ගත් ඉඩකඩම් ගොඩනැඟිලි ගෙවල්, ඉස්‌පිරිතාල, හෝටල් හා වාහන පිළිබඳ නොයෙකුත් පුවත් රට පුරා පැතිර යන්නට වැඩි කලක්‌ ගත වුණේ නැත.

මේ සියල්ල නිසා මුල් ප්‍රචාරක අදියරෙහිදී නිර්පාක්‌ෂික අපේක්‌ෂක ෆොන්සේකා ජනාධිපති මහින්දට වඩා ඉදිරියට ආවේය.

ජනාධිපතිවරණයට සතියක්‌ තිබියදීත් ෆොන්සේකා ලද ජනප්‍රියත්වය ඉතා ඉහළ එකක්‌ වුණේය. ජනපති මහින්ද සිටියේ අවදානම් සහගත තත්ත්වයකය. ජනපති මහින්ද වෙනුවෙන් කතා කරන්නට වේදිකාවේ කථිකයෝ බොහෝ ගණනක්‌ සිටියත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් සතිය වනතුරත් සිටියේ ඉදිරියෙනි.

සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ හුවමාරුවූ මුදල් ප්‍රමාණය සුවිශාලය. රූපවාහිනි නාලිකාවල පළවූ හා පුවත්පත්වල පළවූ දැන්වීම්වල වටිනාකම අනුව බැලුවත් මේ මුදල රුපියල් මිලියන 1114 ක්‌ වන බවද ගණන් බලා තිබිණ. එවන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්‌ රජයට නොතිබිණි.

කෙසේ නමුත් රාජපක්‍ෂවරු පිළිබඳ දිගින් දිගටම කී අවලාදය ජනතාවටද එපාවී ගියේය. එකම කතාව නිතර අසා ජනතාවට තිත්ත වී ගියේය. ඒ තිත්ත කතා වෙනුවට අන්තිම සතිය වනවිට සත්‍ය කතාවද ප්‍රචාරය වන්නට පටන් ගත්තේය.

අවසන් සතිය වන විට ෆොන්සේකා ලබා තිබූ ජනප්‍රියත්වය නැවත ජනාධිපති මහින්ද රාජපක්‌ෂ කරා ඇදෙන්නට වූයේය. ඡන්දයට සතියක්‌ තිබී ජනපති මහින්දගේ පැත්තට කැරකී ආ ජනරැල්ල ඔහුට දරාගන්නට නොහැකි එකක්‌ තරම් වූහ.

අවසානයේ ජනපති මහින්ද ලබාගත්තේ කිසිවකු අපේක්‍ෂා නොකළ තරමේ අති විශාල ජයග්‍රහණයකි.

මෙම ඡන්ද ප්‍රතිඵලයත් සමගම අන්ත පරාජයට පත්වූයේ සරත් ෆොන්සේකා නොව, ජනතා විමුක්‌ති පෙරමුණය.

ජනතා විමුක්‌ති පෙරමුණ දෙස අපේක්‍ෂා සහගතව නිතර බලාසිටියේ මේ රටේ පාවෙන ඡන්ද හිමි මධ්‍යස්‌ථ මතධාරීන්ය. ඔවුහු ජවිපය ගැන සිතුවේ නිතර රට වෙනුවෙන් වැඩ කරන පරාර්ථය සලකන ආත්මාර්ථය නොසලකන පක්‍ෂයක්‌ කියාය. එහෙත් මේ ඡන්ද ප්‍රතිඵලයත් සමගම පෙනෙන්නට ඇති කාරණය වන්නේ පාවෙන ඡන්දවල ඡන්ද පදනමින් නිතර ශක්‌තිමත් වූ ජවිපයට මෙවර අත් වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමයි.

පසුගිය 2005 මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණේ සහ දෙමළ සන්ධානයේ මෙන්ම කොටි සංවිධානයේ සහාය නැතුවත් රනිල් වික්‍රමසිංහ ඡන්ද ලක්‌ෂ 47 ක්‌ මේ රටෙන් ලබාගත්තේය. එහෙත් සරත් ෆොන්සේකාට මේ සියලු ආකාරයේ සහායන් මෙවර ලැබී තිබීම විශේෂත්වයකි. එහෙත් ඔහු ලැබූ ප්‍රමාණය රනිල් ගියවර ලබාගත් ඡන්ද ප්‍රමාණයට යාන්තමින් හෝ කිට්‌ටුවට යාමටවත් බැරි විය.

මෙම ප්‍රතිඵලයට අනුව මේ ජනපතිවරණයේ ජයග්‍රහණය ලැබූ එකම පුද්ගලයා ජනපති මහින්ද පමණක්‌ නොවේ. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහද මෙවර ඡන්ද ප්‍රතිඵලයත් සමගම විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාගත්තේය. එක්‌සත් ජාතික පක්‍ෂය තුළ ඔහුගේ නැතිව ගොස්‌ තිබූ නායකත්වයේ ස්‌ථාවරය නැවත වරක්‌ ආරක්‍ෂාකර ගැනීමට මෙහිදී රනිල් සමත් වී තිබිණි.

රනිල් සිටියේ ඔහුට පක්‍ෂ නායකත්වය අහිමි වෙන්නට ඔන්න මෙන්න අඩියකය. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ඉදිරිපත්a කරන්නට ඔහු කැමැති වූයේද පක්‍ෂයේ අනිත් විවේචකයන්ගේ ඉල්ලීමට පිටුපාන්නට බැරි නිසාය...

දැන් රනිල්ට කියන්නට හරි අපූරු උත්තරයක්‌ තිබේ...

ඔයගොල්ල කිව්වනේ මම නැතුව වෙනත් පොදු අපේක්‍ෂකයෙක්‌ ඕන කියලා. පොදු අපේක්‍ෂකයෙකුට මහින්දව පරද්දන්න පුළුවන් කියලනේ යුද වීර සරත් ෆොන්සේකාව දැම්මේ... කෝ.. එයාට මම ගනිපු තරම්වත් ඡන්ද ගත්ත පුළුවන් වුණාද...

මේ පිළිබඳව කතා කරන විට මා මතකයට නැගෙන්නේ පසුගිය දිනක ඩලස්‌ අලහප්පෙරුම මැතිවරණ වේදිකාවකදී කියපු කතාවකි...

"වහින අවස්‌ථාවල අකුණු ගහනකොට අපේ ගමේ ගොඩේ උදවිය කරන දෙයක්‌ තියනවා. ඒ තමයි ගෙවල්වල තියන අලවංගු, උදළු, පිහි ඔක්‌කොම මිදුලට වීසි කරනවා හෙණ වදින එකෙන් බේරෙන්න. එහෙම කළාම හෙණ වදින්නේ එළියේ තිබෙන අලවංගු උදළුවලට කියල විශ්වාසයක්‌ අපේ ගමේ මිනිස්‌සුන්ට තියනවා. අන්න ඒ වගේ රනිල් වික්‍රමසිංහ 27 වනදා උදේට නොවරදවාම තමන්ට වදින අකුණු පහරින් බේරෙන්න එළියට දාපු අලවංගුව තමයි
සරත් ෆොන්සේකා...

බුලිත ප්‍රදීප් කුමාර

Sarath Wedding Day


Thanks to chamith

Thursday, January 28, 2010

අමරසිරි කලංසූරිය,,,

මං හසලක ඩෑම් එකේ ගල් තාච්චි ඇද්දා....,

අමරසිරි කලංසූරිය තම ජීවිත කතාව ලියමින් කියයි

අපේ අම්මා ගැන මට තියෙන්නේ හීනයක් වගේ මතකයක්. අපේ ගෙයි මැද්දේ දිග ඇරලා තිබුණු පෙට්ටියක අම්මා නිදියගෙන හිටියා. ඒ මූණ හරි ලස්සනයි. මූණ සුදුවෙන්නම පවුඩර් ගාලා තිබුණා.

අම්මා දිහා බලාගෙන ඉඳලා මට මතකයි අම්ම හරි ලස්සනයි කියලා මටම කියවුණා. අම්ම පවුඩර් ගාගෙන ගෙයි මැද්දෙ නිදියගෙන හිටිය නිසා අපි සෙල්ලම් කළා. දවස් දෙක තුනකින් අම්මගෙ පෙට්ටිය වහල ගෙනිච්චා. ඊට පස්සෙ දකින්න නැතිවුණාම තමයි දැනගත්තෙ ආයෙ අම්ම එන්නෙ නෑ කියලා.

එතකොට මගේ වයස අවුරුදු 06ක් විතර ඇති. ජීවමානව හිටපු අපේ අම්මා ගැන මට තියෙන්නේ එකම මතකයයි. ඒ මාවත් එක්ක බස් එකක නැගලා කොහේදෝ ගමනක් ගියා. අපේ අම්මා කෙට්ටුයි; සුදුයි. ඒ බස් එකේ යද්දි මගේ තොප්පිය හුළඟෙ ගියා. අම්ම බස් එක නවත්තල දුවල ගිහින් තොප්පිය ගෙනත් දුන්නා. ඊට පස්සෙ මතක අම්මා පෙට්ටියේ නිදියගන ඉන්න එක තමයි.

ඔහුගේ ඇස් දෙකේ කඳුළක් නලියනවා. එළියට පනින්න දඟලන ඒ කඳුළ කියන්නේ කුඩා කලදීම අහිමි වුණු මව් සෙනෙහසක අරුමය නේද කියලා මට හිතුණා. මේ කඳුළු සඟවගන්න හදන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය චරිතයක්. සිංහල සිනමාවේ එක්තරා යුගයක ආන්දෝලනාත්මක චරිතයක්. උස මහත පෞරුෂයක් නොමැති වුණත් මේ මුහුණේ එක ඉරියව්වකින් දහසක් දේ කිව හැකි රංගන පෞරුෂයක් ඔහුට තිබුණා. ඔහු අමරසිරි කලංසූරිය

කලංට පුංචි කාලේට යන්න හිතුණේ ඔහු මේ දවස්වල ආයෙත් ඔහුගේ පුංචි කාලෙත් එක්ක ජීවත්වෙන නිසා. ඒකට හේතුව ජීවිතේ කවදාවත් තමන්ට අමතක කළ නොහැකි සිදුවීම් රැසකින් සපිරි අත්දැකීම් රැසකින් පිරි ඔහුගේ ජීවිත කථාව මේ දිනවල ලියමින් සිටින නිසයි.

”මගේ සම්පූර්ණ ජීවිත කතාව ලියන්න දැන් පටන් අරන් තියෙන්නේ. මුලින්ම මගේ ළමා කාලය. ඒක හරිම දුක් ගැහැටින් පිරුණු අඳුරු යුගයක්. විශේෂයෙන්ම මම පුංචි කාලෙදිම මගේ අම්මා නැතිවීම නිසා. මම පවුලේ දෙවැනියා. අයියා කෙනෙක් ඉන්නවා. නංගිලා දෙන්නෙක් ඉන්නවා. අපේ තාත්තාට ඒ කාලේ හැටියට යමක් කමක් තිබුණා. තාත්තා කළේ ව්‍යාපාරික කටයුතු. තාත්තට කරත්ත එහෙමත් තිබුණා මට මතකයි.

අපි පුංචි කාලේ අගහිඟයක් නැතුව අපව ජීවත් කරවන්න තාත්තට පුළුවන්කම තිබුණා. ඒ කාලේ අපි පදිංචිවෙලා හිටියේ නුවර කිරිබත්කුඹුරේ. කිරිබත්කුඹුරේ ශ්‍රී ස්වර්ණජෝති විද්‍යාලයට තමයි මම ඉස්සරලම ඉස්කෝලෙ ගියේ. තාත්තා මාව හෝඩියේ පන්තියට ඇතුළත් කළා. ටික දවසකින් තාත්තට ඕන වුණා මට ඉංග්‍රීසි උගන්වන්න.

ඒ හින්ද ඔහු මාව ඒ ඉස්කෝලෙන් අස්කරල පේරාදෙණියේ ශාන්ත ක්‍රිස්ටෝපර් විද්‍යාලයට ඇතුළත් කළා. මාත් එක්කම අයියත් ඒ ඉස්කෝලෙට ආව. ඔහු අතීත මතකය දිග හරිනවා. තව නොබෝ දිනකින් ඔහුගේ ජීවිතේ කඳුළු සුසුම සේම ධෛර්යවන්තව ජීවිතේ ගොඩනඟා ගත්ත හැටි ගැනත් කියවන්න අපට පුළුවන් වේවි.

පුංචිම කාලේ අම්මා මිය ගියාම දරුවෝ හතර දෙනෙක් තනියම හදා ගැනීමත් ව්‍යාපාර කටයුතුª කර ගැනීමත් කලං ගේ තාත්තට ප්‍රශ්නයක් වෙලා තියනවා. ඒ හින්දම දරුවන්ගේ් යහපත තකා ඔහු දෙවැනි විවාහයකට එළඹිලා.

“අපි පොඩි කට්ටිය හතරදෙනා බලාගන්න තාත්තා පුංචි අම්ම කෙනෙක් ගෙනාවා. පුංචි අම්මා වුණාට එයා අම්ම වගේම අපට සැලකුවා. අපව ආදරෙන් බලාකියාගත්තා. අපිත් එයාට හරිම ආදරේ වුණා. පස්සෙ කාලෙක පුංචි අම්මටත් නංගිලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි ලැබුණා. අපි හැමෝම සතුටින් හිටියා. අපේ පුංචි අම්මා අවුරුදු 92ක් ආයු වළඳලා මේ මෑතකදි තමයි මියගියේ.

ඔය අතරෙදි කලං ගේ තාත්තා ඔහුව නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරනවා. කලං කියන්නේ තමාගේ ජීවිතේ සුන්දරම කාලය ඔහු ගතකළේ ධර්මරාජ විද්‍යාලයේ කියලයි. ඒ කාලේ කලාව ගැන ඒ තරම් උනන්දුවක් ඔහුට තිබිලා නෑ.

නමුත් ඔහු ක්‍රීඩාවට උපන් හපනෙක්. මලල ක්‍රීඩා කරුවෙක් විදියටත්, ශිෂ්‍ය භටයෙක් විදියටත් ඔහු පාසලේ නමක් දිනාගෙන හිටියා. විෂයට බාහිර වැඩ කළාට ඔහු ඉගෙනීමත් අතපසු කළේ නෑ. ඒ හින්දම තමයි විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ඇතුව ඔහු එස්.එස්.සී. පාස් වුණේ.

ජීවිතේට කරදර බාධක එන්නේ අපි නොසිතූ නොපැතූ මොහොතක. එස්.එස්.සී. පාස්වෙලා ඉන්න තරුණ කොලු ගැටයෙක් වුණු කලංටත් එතැනින් එහාට මූණ දෙන්න වෙන්නේ කරදරවලටමයි.

”මම එස්.එස්.සී. පාස්වෙලා මාස 02ක් යද්දි අපේ තාත්තා නැතිවුණා. ඊට පස්සේ අපේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම ඇණහිටියා. ඒ වෙනකොට අපිට ලොරි කීපයක් තිබුණත් ඒවයින් ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙනියන්න අපට ශක්තියක් හෝ දැනුමක් තිබුණේ නෑ. නංගිලා මල්ලිලාත් එක්ක ජීවත්වෙන්න ලොකු සටනක් කරන්න වුණා.

පුංචි අම්මට හැම දෙයක්ම කරන්න බැරි නිසා අපි කිව්වා නංගිලා මල්ලිලාත් අරගෙන ගෙදර යන්න ඛ්යලා. ඔය අතරේ මම පුංචි, පුංචි රස්සා කරන්න පටන් ගත්තා. අපි හිටපු කුලී ගෙදරින් අපිට යන්න සිද්ධ වුණා. කුලී ගෙවපු නැති නිසා. ඒකාලේ කුලී ගෙවල නෑ කියලා කුලී ගෙදරින් යන්න කියන්නේ අමුතු විදියකට. උසාවියෙන් ඇවිත් අපට ගෙයින් ඉවත් වෙන්න කියලා අණබෙර ගහනවා.

ඒ ළඟපාත හිටපු කෙනෙක් මට මහියංගණේ හසලක ඩෑම් එකක් හදන තැනක ගල් අදින්න කුලී වැඩක් හොයලා දුන්නා. මට මතකයි මම රු. 1.75 පඩියට එතැන්ට ගල් ඇද්දා. ඊට පස්සෙ මම හෝටලේක රස්සාවකට ගියා. එතනින් රුපියල් 40ක් මට දුන්නා. තව ස්ටුඩියෝ එකකත් වැඩ කළා. ඔය අතරේ මම පොඩි වෙළෙඳාමක් කරන්නත් හිතුවා.

නොසඟවා කියන දුක්බර කතාවක කොටසක් මම අහගෙන හිටියා. කලං ගේ ලාබාල තරුණ විය රළු පරළු, ගල්ගෙඩිත් එක්ක සහ වෙනත් කුලී වැඩත් එක්ක ගෙවුණේ මව්පිය සෙනෙහස රැකවරණය අකාලයේ අහිමිවී ජීවිතයට තනියම මුහුණ දෙන්නට සිදුවූ නිසා.

තාරුණ්‍යයට උරුම, ආදරය, විනෝදය, චමත්කාරය විඳින්න තරම් නිදහස් මනසක් කලංට හිමිවුණේ නෑ. ඊට වඩා ඔහුට වැදගත් වුණේ එදා වේල හොයාගෙන බඩ වියත රැක ගැනීමත් තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ බඩ වියත රැකගැනීමත්.

මේ හින්දම අවුරුදු 18 ඉවර වෙනකොටම ඔහු හමුදාවට බැඳෙනවා. ධර්මරාජේ ඉන්න කාලේ ඉඳන්ම කලං හොඳ ක්‍රීඩකයෙක් නිසාත්, ශිෂ්‍ය භටයෙක් නිසාත් පහසුවෙන්ම ඒ අවස්ථාව කලංට උදාවෙනවා. පුහුණුවෙන් පස්සෙ යාපනේ රාජකාරි කරනවා. ඒත් ටික දවසකින් ඔහු හමුදාවෙන් සමුගන්නවා.

”මම කරපු රස්සාවල් ගාණ ගණන් කරන්න බෑ. මම ‘හන්තානේ කතාව‘ චිත්‍රපටයේ රඟපාන කොටත් රෙදි බිස්නස් කරනවා. ‘අහස් ගව්ව’ කරන කාලේ කාමර කෑල්ලක් අරගෙන රෙදි කඩයක් දැම්මා. ‘අපේක්ෂා’ කරන කාලේ මට රෙදි සාප්පු දෙකක් තිබුණා.

චිත්‍රපටි කරන ගමන්ම ව්‍යාපාරත් කළා. මගේ ජීවිතේ අත්දැකීම් ගැන කතා කළොත් කියලා ඉවර කරන්න බැරි තරම්. පෞද්ගලික ජීවිතේ වගේම සිනමා ජීවිතෙත්. තුන් හතර වතාවක්ම ජීවිතේ බේරුණෙත් අනූනමයෙන්. කාලයක් හිරගෙදරට වෙලා හිටියා.

විජයත් එක්ක ගතකරපු ජීවිතේ තවත් පරිච්ඡේදයක්. ජීවිතේ දිහා ආපස්සට හැරිල බලන කොට බොහෝ දෙනකුට මුහුණ දෙන්න සිදු නොවුණු දේට මට මුහුණ දෙන්න සිද්ධවුණා. දේශපාලනය මාව සූරගෙන කාපු හැටිත් මගේ ජීවිත කතාවේ ඇතුළත් වෙනවා.”

අතීත කතා අහගෙන ඉන්නකොට කාලය යනව දැනෙන්නෙත් නෑ. කලංටත් කාලය ගැන වගක් නෑ. දුක්බර අතීතයක් වුණත් ඔහු දැන් ඒ මතකය අවදි කරන්නේ් සතුටින්. දැන් ඔහු පදිංචිවෙලා ඉන්නේ ජා-ඇළ. කලංට දැන් අවුරුදු 70යි.

හිනාවෙනකොට මූණෙ රැලි ටිකක් නැඟුණට ඔහුගේ ගමන බිමන ඉරියව් සියල්ලගේම තාමත් රැඳෙන්නේ යෞවනයේ නෂ්ටාවශේෂ. තවමත් ගමන කඩිසරයි. ඔහු ගෙදරට වෙලා විවේක ගන්නවා. සති අන්තයට නුවර වත්තට යනවා. දූ දරුවෝ විවාහ වෙලා කලං සීයා කෙනෙකුත් වෙලා. පොඩි දුව තාමත් ඉන්නේ කලං එක්ක.

කලංට අවුරුදු 70ක් වුණාට ඔහු තවමත් ඔහුගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්. මස් මාළු ආහාරයට ගන්නෙ නෑ. එළවළුයි පලතුරුයි තමයි කලංගේ ආහාරයේ ප්‍රධාන වෙන්නේ. ඒ විතරක් ද හැමදාම උදේට මීටර් 100 රවුම් 3යි 200 න් රවුම් එකයි දුවනවා. ඩිප්ස් 10ක් ගහනවා. නිරෝගී සෞඛ්‍ය සම්පන්න බවකට තවත් මොනවාද? කලං කියනවා.

’මගේ පුංචි කාලේ අඳුරු අතීතයක්’ තිබුණට දුක් මහන්සියෙන් ගොඩනඟාගත් ජීවිතය ගැන මට අප්‍රමාණ සතුටුය. නළුවෙක් විදියට අදටත් රසිකයෝ මට දක්වන ආදරයට මම ගෞරව කරනවා. නළු ජීවිතයෙන් උපරිම තෘප්තියක් ලබපු මිනිහෙක් මම. සම්මාන ලැබුවා. කාගෙත් ආදරය ගෞරවය ලැබුවා. පෞද්ගලික ජීවිතේ් සතුටින් ගතකළා. ඒ ඇති මට.

Wednesday, January 27, 2010

සිංහලේ අන්තිම රජු....

සිංහලේ අන්තිම රජු හෙවත්
කුණ්‌ඩසාලේ සෙල්ලම් නිරිඳු



"කපිතාන් ජොන්සන්ගේ භටයන් විසින් 1804 දී මාලිගයට අයත් සියලු ගොඩනැඟිලි ගිනි තබා විනාශ කරන ලද බව ෆොaබ්ස්‌ පවසයි. එක්‌දහස්‌ අටසිය ගණන්වල අවසානය වන විට" මෙම භූමි භාගයෙහි අයිතිකරුවන් වූයේ සයිමන් අප්පු රේන්දරළාගේ හා ජොහැන්නස්‌ සිල්වා පූජකතැනගේ දරුවන්ය. ඒ වන විට ද මාලිගයට අයත් කැටයම් සහිත කුළුණු කීපයක්‌ එහි වූ අතර පසුව ඒවායින් දෙකක්‌ පල්ලේකැලේ පිහිටි වොලර් මහතාගේ නිවෙස ආසන්නයේ තිබෙනු දැකිය හැකි විය."

ලෝට්‌ විසින් "A Gazatteer of the Central Province of Ceylon කෘතියේ මෙසේ විස්‌තර කර ඇත්තේ අවසාන සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන්ගේ කුණ්‌ඩසාලේ නුවර රජමාලිගය පිළිබඳවයි. වර්තමාන කුණ්‌ඩසාලේ රජ මහ විහාරයට නැගෙනහිරින් පිහිටි උස්‌ ස්‌ථානයක මෙම රජ මාලිගය තිබී ඇති අතර දෙවන ලෝක යුද සමයේදී එම ස්‌ථානයේ යුද කඳවුරක්‌ ඉදිකර තිබුණු බව කියෑවේ. බිසෝ මාලිගය තිබී ඇත්තේ රජ මැඳුරට ගිනිකොණ දෙසිනි.

නරේන්ද්‍රසිංහයන් ඉතිහාසගත වී ඇත්තේ සිංහලේ අන්තිම රජු වශයෙන් පමණක්‌ නොව රට ජාතිය ආගම පිළිබඳව නොපැතූ සෙල්ලක්‌කාරයකු වශයෙන්ද ජනතාව අතර "කුණ්‌ඩසාලේ සෙල්ලම් නිරිඳු" වශයෙන් ද ප්‍රකට විය.

වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ දෙවන විමලධර්මසූරිය රජුගේ යකඩ දෝලියක වූ මුතුකුඩය දේවියගේ පුත්‍රයකු බව ජනප්‍රවාදයන්හි කියවෙතත් මූලාශ්‍ර ග්‍රන්ථවල එවැන්නක්‌ සඳහන් නොවේ. කෙසේ වුවද ඔහු සිංහාසනාරූඪ වූයේ 1707 දීය. ඒ වන විට ඔහු දාහත් හැවිරිsදි ලාබාල තරුණයෙකි. 1708 දී එනම් සිහසුනට පත්වී යන්තම් වසරක්‌ ගතවෙන විටම ඔහුට සිදුවූයේ උඩරට නායකයන් අටදෙනකු මෙහෙයවූ කැරැල්ලකට මුqහුණදීමටය. ඊට නායකත්වය දුන්නේ දුම්බරින් දෙගල්දොරුවේරාළ, උඩුනුවරින් කැටකුඹුරේරාළ හා කිරිවවුලේරාළ, යටිනුවරින් දෙහිගමරාළ, සතර කෝරලෙන් ඒදඬුවේරාළ, සත්කෝරලෙන් ධම්මන්නේරාළ, දවටවරාළ හා උඩුබද්දාවේරාළ යන අටදෙනාය.

මොවුන් විසින් මුළු උඩරටම නියෝජනය වන අයුරින් සිය විශ්වාසවන්තයන් එකසිය විසිදෙනකු කැරැල්ල සඳහා සහභාගි කරගත් බව රාජාවලිය පවසයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ රජු සිහසුනෙන් පහකොට විමලධර්මසූර්යගේ තවත් යකඩ දෝලියකගේ පුත්‍රයකු වූ පට්‌ටියේ බණ්‌ඩාර රජ කරවීමටයි. ඒ අනුව විමලධර්මගේ නායක්‌කර බිසවගේ පුත්‍රයා වූ නරේන්ද්‍රසිංහ පලවා හැර උඩරට රදළ පවුලක අයකු රජ කරවීමට ප්‍රයත්න දැරූ අවස්‌ථාවක්‌ ලෙස දැක්‌විය හැකිය.

කැරලිකරුවන් සෙංකඩගල නුවරට එක්‌රැස්‌ වූයේ රජුට නැරඹීම පිණිස "කොරවාහල්කඩ" සමීපයෙහි ඇත් පොරයක්‌ පවත්වන්නේ යෑයි ප්‍රචලිත කරමිනි. කොරවාහල්කඩ යනු උඩරට රජ කෙනෙකු හා භික්‍ෂූන්වහන්සේලා අතර ඇති වූ අර්බුදයක්‌ විසඳීමට කොරෙකුගේ වෙසින් සක්‌දෙව් රජ පැමිණි ස්‌ථානය යයිද, එය මලබර් වීදිය අසල තිබුණේ යයි ද පැවැසේ. (මධ්‍යම ලංකා පුරාවෘත්ත නාවුල්ලේ ධම්මානන්ද හිමි පිටුව 38)

කුමන්ත්‍රණය පිළිබඳ තතු දෙවන අදිකාරම් වූ රම්මලකගෙන් දැනගත් නරේන්ද්‍රසිංහයන්, 1708 දෙසැම්බර් 08 වැනි දින මහනුවර විෂ්ණු දේවාලයට අල්ගම ගම රන් සන්නසකින් පුදමින් ඉල්ලා සිටියේ තමන්ට එරෙහි වූ දුෂ්ට දුර්ජනයන්ගේ කුමන්ත්‍රණ හිරු දුටු අඳුර මෙන් දුරිභූත කරදෙන ලෙසයි. ළාබාල රජු කෙතරම් මුදු සිත් ඇත්තො වීද යන්න ඉන් ප්‍රකට වේ. එහෙත් එම කන්නලව්ව දිව කනට නොඇසුණු නිසාදෝ 1709 ජනවාරි 15 දින කැරළිකරුවන් මහ මළුවට රැස්‌වූයේ රජු ගලග්‍රහයෙන් ගැනීමටය. මේ කිසිවක්‌ නොදත් රජු මාලිගයෙහි සිටි අතර රම්මලක අදිකාරම සිටියේ මාලිගය වෙත යමිනි. එහිදී ඔහු වටකරගත් කැරලිකරුවන් විමසා සිටියේ පට්‌ටියේ බණ්‌ඩාර සිංහාසනාරූඪ කරවීමට මෙවරවත් සහාය නොදෙන්නේද යන්නයි. උපක්‍රමශීලී වූ රම්මලක පළමුව මාලිගයට ගොස්‌ තොරතුරු සොයා බලා පිළිතුරක්‌ දෙන බවට පොරොන්දු වී ගොස්‌ රජුට සියලු විස්‌තර සැලකොට ඉල්ලා සිටියේ හැකි ඉක්‌මණින් පලායන ලෙසයි. උද්ගතව ඇති අනතුරුදායක තත්ත්වය දැනගත් රජු උඩවත්ත කැලේ හරහා ගොස්‌ "වදඅත්ත පාදියෙන්" (වටපුළුව) ගඟෙන් එගොඩට පලා ගියේය. අනතුරුව රම්මලක කළේ රජුගේ යහනෙහි කෙසෙල් කොටයක්‌ තබා එයට සළුපිළි පොරවා රජු සැතපෙන බව කැරලිකරුවන් හට දැන්වීමයි. ඒ අනුව කඩාවැදුණු කැරලිකරුවන් කෙසෙල් කොටය කඩු ගාද්දී රම්මලක උඩුනුවරට පලා ගියේය.

තමන් රැවටුණා පමණක්‌ නොව රජුගේ කනට ද කුමන්ත්‍රණය නතු ගිය බව වටහා ගත් කැරලිකරුවෝ තමන් කරා මරුවා ළඟාවීමට ප්‍රථම රජු වැනසිය යුතු බව තීරණය කොට කුණ්‌ඩසාලේ, හඟුරන්කෙත, වලපනේ, තලගංවත්ත, බින්තැන්න, හඳගනාව, මැදමහනුවර ආදී ප්‍රදේශ පීරන්නට පටන් ගත්හ. මේ වන විට රජු සිටියේ උඩුගොඩ ග්‍රාමයේය.

රාජාවලිය පවසන අයුරින් උඩුගොඩපිටියේ දේවාලයට ගිය නරේන්ද්‍රසිංහ රජු ආවේශයෙන් හැඳිනගත් කපුවා. සත් දිනක්‌ ඇවෑමෙන් රජුට ජයග්‍රහණය ලබාදෙන බවත් එතෙක්‌ සැඟවී සිටින ලෙසත් නියම කළ අතර තමන්ට ජය ලබාදුනහොත් දේවාලය තනන බවට බාරයක්‌ වූ රජු පොද්දල්ගොඩ "නයින් කෙළින පතනෙහි" ලෙනට පලා ගියේය.

රජු පොද්දල්ගොඩ සැඟවී සිටිනැයි කටින් කට ගොස්‌ එය මැද මහනුවර සිටි කැරලිකරුවන්ගේ කනටද වැටිණි. ඔවුන්ගේ නියමය වූයේ රජු අල්ලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් තමන්ට සහාය විය යුතු බවයි. ඊට එකඟ බව පෙන්වූ ඔවුහු කැරලිකරුවන් එකසිය විසිඅට දෙනාම රවටා රැහැණින් බැඳ සිය රාජපාක්‍ෂිකභාවය පෙන්වමින් රජුට බාර දුන්හ. මින් තහවුරු වන්නේ කුමන්ත්‍රණයේදී සාමාන්‍ය ජනතාව රජු සමඟ සිටි බවයි.

කැරලිකරුවන් අල්ලා ගැනීමෙන් පසු කටුගොඩගල නම් ස්‌ථානයට පැමිණි රජු "රාජෙද්‍රdaහීන් පිළිබඳ පෙර රජ සිරිත කුමක්‌වීදැ...." යි ඇමැතිවරුන්ගෙන් විමසූ විට ලැබුණු පිළිතුර වූයේ "මරණය" යන්නයි. එසේ නම් මනාපයක්‌ කර ගන්නා ලෙස රජු පැවැසුවෙන් කැරලිකරුවන් ඝාතනය කොට දේපළ රාජසන්තක කරන ලදී. එසේම සත් කෝරළ නිලධාරීන්ගේ සේවය ඉන්පසු රජ වාසලට අනවශ්‍ය බවටත්, ඔවුන් සිය ප්‍රදේශවල රැඳී සිsටිමින් රාජකාරි කළ යුතු බවත් නියෝග නිකුත් කෙරිණි. මේ තොරතුරුවලින් ප්‍රකට වන්න් රාජෙද්‍රdaහීන්ට වුවද අත්තනෝමතිකව දඬුවම් නොකොට පෙර සිරිතට මහජන සම්මතයට අනුකූලව කටයුතු කිරීමට තරුණ නරේන්ද්‍රසිංහයන් මුලදී උත්සාහ දරා ඇති ආකාරයයි.

කැරැල්ල සංසිඳුවා දුම්බර, හේවාහැට, වලපනේ, ඌව වෙල්ලස්‌ස ආදී ප්‍රදේශවල සේනාව පිරිවරා ලේවැල්ලේ ගංතොටට පැමිණි රජු පිළිගත්තේ රම්මලක අදිකාරම්ය. ඔහුගේ රාජපාක්‍ෂිකභාවය පිළිබඳව ප්‍රසාදයට පත් රජු එතැනදීම ඔහුට සත් කෝරළය ඇතුළු දීසාවන් පහක්‌ ද, නින්දගම් දහඅටක්‌ද, උඩ ගම්පහ හා පල්ලෙ ගම්පහ මහ අදිකාරම් ධුර ද ප්‍රදානය කළේය.

මාලිගයට පැමිණ නැවතත් රම්මලකඩ රන් මාලයක්‌ කර ලා තවත් ප්‍රසාද ලබාදීමෙන් පසු රජුවගබලා ගත්තේ පට්‌ටියේ බණ්‌ඩාරගේ ඉරණම විසඳීමටයි. රාජ නියෝගය අනුව ඔහු තලවින්නේ බලනගලහින්නට ගෙන ගොස්‌ එල්ලා හීසර පන්සියයක්‌ විද මරා දමන ලදී. සිය අර්ධ සහෝදරයා හට මෙවැනි දරුණු මරණයක්‌ ලබාදීමට රජු පෙළඹීමෙන් පෙනී යන්නේ රදළයන්ගේ රාජෙද්‍රdaහිකම් නිසාම ක්‍රමයෙන් ඔහු දැඩි සිතැත්තකු බවට පත්වෙමින් සිටි බවයි.

මෙම කැරැල්ලෙන් පසු නරේන්ද්‍රසිංහයන් සිය නිත්‍ය වාසය සඳහා තෝරාගත්තේ කුණ්‌ඩසාලේ නුවරයි. "මහවැලි වංශය" ට අනුව 1708 වන විට ද "උඩුමාලෙ දෙවියෝ" නමින් හැඳින්වූ නායක්‌කර් වංශික කාන්තාවක්‌ රජු විසින් සරණ පාවා ගෙන සිට ඇති අතර 1710 දී තවත් නායක්‌කර් වංශික කුමරියක්‌ සරණ පාවාගෙන ඇත. නායක්‌කර්වරුන් උඩරටට අරක්‌ ගත්තේ මෙම විවාහවලින් පසුව වන අතර පසුව රජුගේ සමීපස්‌ථයන් බවට පත්වූයේ ද ඔවුන් හා කතෝලිකයන්ය.

නරේන්ද්‍රසිංහ සමයෙහිදී කතෝලික සමය උඩරට ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ පේදුරු ගස්‌කොන්, ජාකෝමේ ගොන්සාල්වෙස්‌ ආදීන් හරහා බව පැවැසේ. මොවුන් හා රජු අතර වූ සම්බන්ධය කොතෙක්‌ දැඩි වීදැයි කිවහොත් හඟුරන්කෙත රජ මාලිගය ආසන්නයෙන් පල්ලියක්‌ තනාගැනීමට ද ඔවුනට අවසරය ලැබී ඇත.

පේදුරු ගස්‌කොන් යනු දෙවන රාජසිංහ සමයෙහි මෙරටට පැමිණි "දුකි ද ලැනරෝල්" නම් ප්‍රංශ තානාපතිවරයා සමඟ ආ ගස්‌කොන් නම් අස්‌ගොව්වාට දාව පෘතුගීසි කාන්තාවක කුස උපන්නෙකි. ඔහු නරේන්ද්‍රසිංහ කුමරුගේ ද මිත්‍රයෙක්‌ විය. සිංහල භාෂාව පිළිබඳ ප්‍රමාණික උගතෙකු වූ ගස්‌කොන් කවියෙහි, රජුට එරෙහි කැරැල්ලෙහිදී රාජපාක්‍ෂිකව ක්‍රියා කළ හෙයින් අදිකාරම් ධුරයක්‌ ඇතුළුව තාන්න මාන්න ලද ඔහු වාසය කොට ඇත්තේ හඟුරන්කෙත රජ මාලිගාව අසල නිවෙසකය. මොහු විසින් ලෙස ලියන ලදැයි කියෑවෙන "ශ්‍රී නාමය" නම් ප්‍රශස්‌ති කාව්‍යයෙහි සඳහන් මෙම කවෙන් ඔහුගේ සිංහල භාෂා පටුත්වය මෙන්ම කවීත්වය ද මනාව පැහැදිලි වේ.

මුවමද සඳුනුත් පිණිදිය කොකුමුත් නලසිළු එකයුත්විය තාපේ

මදරද පසරක්‌ ගෙන බැඳ මින් කොත් විදි කර සේසත් නිජ සේපේ

හැම සඳ සිරිකත් පුළුලුරතල පත් නරේන්ද්‍රසිංහ හිමි නොව තාපේ

සකිසඳ මුදුනත බැඳ පද පත්මත් වැඳ කිය වඩිනට ම සමීපේ

(මධ්‍යම ලංකා පුරාවෘත්ත - පිටුව 368)

කතෝලික මිතුරන් නිසා භික්‍ෂූන්වහන්සේලා ද නායක්‌කර් ඥතීන් නිසා රදළයන් ද රජු සමඟ නොහොඳ නෝක්‌කාඩුවීමේ ප්‍රතිඵලය වූයේ දෙවන කුමන්ත්‍රණයක්‌ ද දළුලන්නට පටන් ගැනීමයි. එය සෘජුවම රජුට නොව රජුගේ සමීපතමයන්ට එරෙහි වූවක්‌ විය. මෙම කුමන්ත්‍රණය පුපුරා ගියේ රජුගේ උපදේශකයා මෙන්ම ගුරුවරයා ද වූ සූරියගොඩ රාජසුන්දර හිමියන් විසින් දිනක්‌ එතුමාගේ කනට කෙඳිරූ රහසක්‌ නිසාවෙනි. මුළු උඩරට රාජධානියම වෙවුලුවාලන්නට සමත් වූ එම රහසින් කියෑවුණේ රජුගේ මෙහෙසිය හා ගස්‌කොන් අදිකාරම අතර අයථා සම්බන්ධයක්‌ පවතින බවයි. එය අසා නාගයෙකු සේ කිපී රජු දෙවරක්‌ නොසිතාම ගස්‌කොන් මරා දැමීමටත්, ගොන්සාල්වෙස්‌ පියතුමා සිර කිරීමටත් අණ කළ බව ඇතැමෙකුගේ අදහසයි. අනියම් ප්‍රේමවන්තයින් අතර හුවමාරු වූ රහසිගත තල්පත් ද පැමිණිලිකරුවන් විසින් ඉදිරිපත් කර තිබීම එම ක්‍ෂණික තීරණයට හේතුව බව සඳහන්ය. එහෙත් කොටගම වාචිස්‌සර හිsමියන් පවසන අයුරින් හිස ගසා දැමීමට පළමු රජු විසින් ගස්‌කොන් සිර කළ අතර ඔහු විසින් සිය නිරවද්‍යතාව සනාථ කිරීමට "නෝක්‌කාඩු මාලය" නම් පොතක්‌ ලියා රජුට යවා ඇත. එයද පත්වූයේ කුමන්ත්‍රණකරුවන් අතර හෙයින් සිය නිර්දෝෂී බව ඔප්පු කිරීමට අවස්‌ථාවක්‌ නොලැබීම ගස්‌කොන් මරණ දඬුවමට යටත් විය. "ගොන්සාල්වෙස්‌ චරිතය" නම් කෘතියට අනුව ඒ 1721 දීය. මන්දාරම්පුර පුවතෙහි (පිටුව 128) සඳහන් වන්නේ රජුගේ අග මෙහෙසිය ද අප්‍රකටවම 1721 දී මියගිය බවයි. නරේන්ද්‍රසිංහයන් ආගම දහමට වඩාත් ලැදිව කටයුතු කරන්නට පටන් ගත්තේ ඇයගේ අභාවයෙන් පසුව බව ද එහි සඳහන්ය.

කුමන්ත්‍රණය පිළිබඳ තතු රජුට හෙළිවී ඇත්තේ කලක්‌ ගතවීමෙන් අනතුරුවය. එහි ප්‍රතිඵලය වූයේ භික්‍ෂුවක වුවද සූරියගොඩ හිමියන්ට ද රජ උදහසින් ගැලවීමෙන් නොලැබීමයි. උන්වහන්සේ මරණයට පත්කොට වෙහෙර විහාර රාජසන්තක කෙරුණු අතර ඥතීන් ද බින්තැන්නෙහි සිරකරන ලදී. ගස්‌කොන්ගේ හිස ගසා දැමූ ලෙව්කේරාළ සිර කළේ මාකෙහෙල්වලය. වැලිවිට සඟරජ හිමියන් විසින් 1757 දී ලියන ලද ලිපියක මෙම සිදුවීම සඳහන් වන්නේ "සූරියගොඩ සාමනේර උන්නාන්සේ සඟුරන්කිතදී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහරජාණන්ට කරුණානුකූල ලීම කීමෙන් අර්ථයෙන් ධර්මයෙන් ප්‍රයෝජනවත්ව වැඩ සිsටියාය. ගස්‌කොන් අදිකාරමත් වැඩි කරුණාව ඇතුළු ප්‍රබන්ධාදියෙන් වැඩි ප්‍රයෝජන ඇතුළුව හැදී යෙදී සිටියාය. පෙරළියක්‌ සැදි සූනියමක්‌ අරඹයා නොවෙයි. දුක්‌ ගැනගෙන හිටිය අයට උදහසක්‌ ආ විට වරද වැටෙන හැටියට වරද වැටී අදිකාරමත් මැරුවාය. සාමනේර උන්නාන්සේ අපටත් කර දැමුවාය..." යනාදී වශයෙනි.

(සිංහල සාහිත්‍ය, වංශය පිටුව 763) ලන්දේසීන් හා තිබූ සම්බන්ධයක්‌ හේතු කරගෙන ගස්‌කොන් මැරවිය යනුවෙන් ඇතැමුන් දරන අදහස මෙම ලිපියෙන් නිෂ්ප්‍රභ වේ.

මේ අයුරින් රදළයන් සමඟ ගැටෙමින් සිහසුන රැකගත්තා විනා රට දැය සමය වෙනුවෙන් නරේන්ද්‍රසිංහයන් විසින් කිසියම් සේවයක්‌ නොකළේ ද යන්න මෙහිදී ඇතිවෙන ගැටලුවකි. මෑතකාලීන ලේඛන අනුව නම් ඔහු සෙල්ලක්‌කාරයකු මිස රටට හිතැතිව වැඩක්‌ කළ අයෙක්‌ නොවේ. එහෙත් මහාවංශය හා මන්දාරම්පුර පුවත ඔහුගේ සේවාවන් පිළිබඳව කොතෙකුත් විස්‌තර පවසයි. ඒවාට අනුව ඔහු වන්දනා ගමන් ගොස්‌ ඇති වාර ගණනාවකි. දෙවර බැගින් මහියංගන හා ශ්‍රීපාද වන්දනාවේද වරක්‌ අනුරාධපුර වන්දනාවේ ද ගොස්‌ පුද පූජා පවත්වා දානාදී පුණ්‍යකර්මයන් සිදුකොට ඇති අතර ශ්‍රීපාද වන්දනාවේදී තලතෙල් හා තැඹිලි තෙල් පහන් නවලක්‍ෂයකින් පූජාවන් පවත්වා ඇත. එසේම දිරාපත්ව තිබූ දළදා මාලිගය වෙනුවට නව දෙමහල් මන්දිරයක්‌ කරවීම, සෙංකඩගල නුවර බෝධියක්‌ ප්‍රතිෂ්ඨාපනය කරවා චෛත්‍යය ඉදිකිරීම, භික්‍ෂූන්වහන්සේලාට සිව්පසය සැපයීම, රෝගීන්ට බෙහෙත් හා මගීන් සඳහා මංමාවත් අසල තැබීමට කිරි, උක්‌ හකුරු ආදිය සැපයීම, ගුරුදෙණිය කෙත තමන් විසින්ම අස්‌වද්දා දළදා හිමියන්ට පිදීම ආදිය ද මේ රජු විසින් කර ඇති තවත් පුණ්‍යකර්මයන්ය. අලුතින් ගම් හැටදෙකක්‌ ඉදිකොට නිවාස ද සාදා දිළිඳුන්ට ලබාදී ඉතිහාසයේ "ගම්උදාව" පවත්වා ඇත්තේ ද මේ රජු විසිනි. එසේම වර්තමානයේදී කුණ්‌ඩසාල රජ මහ විහාරයේ තැන්පත් කර ඇති රන් ආලේපිත රත් හඳුන් පිළිමය එදිනෙදා වැඳුම් පිදුම් කටයුතු සඳහා කුණ්‌ඩසාලේ මහ වාසලෙහි තැන්පත් කර තිබූ පිළිමය බව සඳහන් වීමෙන් ගම්‍ය වන්නේ බෞද්ධ පිළිවෙත් අනුව රජු දිවි ගෙවා ඇති බවයි.

කුණ්‌ඩසාලෙ රජමහා විහාරය යනු වැලිවිට සරණංකර හිමියන්හට ආරක්‍ෂා සහිතව වැඩවිසීම සඳහා රජු විසින් ඉදිකර දුන් සේනාසනයයි. මැණික්‌ ගල්හත්සිය හතක්‌ ඔබ්බවා රන් ආලේප කොට තැනූ රියන් එකහමරක්‌ උස කරඬුවක්‌ ධාතූන්වහන්සේලා විසිනමක්‌ ද සහිතව උඩුනුවර නියම කන්දේ විහාරයට පූජා කිරීම පිළිබඳව සතුටට පත්වූ සරණංකර හිමියන් විසින් රජුට පින් අනුමෝදන් කර ඇත්තේ ගාථා අටකින් යුක්‌ත සන්දේශයක්‌ ඔප්පු කරමිනි. මේ හැරුණු විට දඹුල්ල, දඹදෙණිය, හුම්බුළුව, රුක්‌මලේ, මඩවල, මොරපාය, අරත්තන ආදී පුරාණ විහාර ප්‍රතිසංස්‌කරණය කරවීම, අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියට වන්නියේ ඉඩම් පූජා කිරීම, පෝයමළු විහාරයේ සති පිsරිත් පිංකම් පැවැත්වීම ආදිය ද නරේන්ද්‍රසිංහයන් විසින් සිදුකර ඇති අනෙකුත් පුණ්‍යකර්මයන්ය. එසේම කුලදරුවන් පැවිදි කරවීම සඳහා ද අනුග්‍රහය ලබාදුන් බව සඳහන් වීමෙන් පෙනී යන්නේ බුදුසසුන රැකගැනීමට රජු දැරූ උත්සාහයයි. රජු මේ සියල්ල සිදුකොට ඇත්තේ එවකට සිටි භික්‍ෂූන්වහන්සේලා ලෞකිකත්වයට බර වූ ජීවිත ගෙවමින් සිටියදීය. ඊට හොඳම නිදසුනක්‌ වන්නේ පෝයමළු විහාරයේ නායක කොබ්බෑකඩුවේ ගණේබණ්‌ඩාර හිමිනම පුත්තලමේ දිසාපති පදවියත්, උඩුනුවර සතර දේවාලවල බස්‌නායක පදවියත් දැරීමයි. රජුගේ ආගමික කටයුතුවල වටිනාකම තව තවත් උද්දීපනය වන්නේ මෙම තත්ත්වය හා සසඳන විටය. එසේ වුවත් ඇතැමුන් පවසන්නේ මෙම රජු බුද්ධාගමට ප්‍රමාණවත් අයුරින් අනුග්‍රහ නොදැක්‌වූ බවකි.

රජු දැඩි දේව භක්‌තිකයකු වූ බවට ද සාක්‍ෂි ඇත. සෙංකඩගල නුවර නාථ දේවාලය කරවීම, පිටියේ දෙවියන් සඳහා උඩුගොඩ හා දම්බරාව දේවාල කරවීම, අත්තනකුඹුර පත්තිනි දේවාලයට දිනපතා තෙල් වියදම් ලබාදීම, හඟුරන්කෙත මහ විෂ්ණු දේවාලයේ පෙරහැර කටයුතු වෙනුවෙන් දේවාලය ඉදිරිපිට ඇති ඉඩම් පවරා දීම මගින් ඒ බව තහවුරු වේ.

කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජු කළ කටයුතු ලෙස උඩුගොඩ සිට කුණ්‌ඩසාලේ දක්‌වා සැතපුම් දහයක්‌ පමණ දිග "රහස්‌ ඇළ" කරවා කුඹුරු සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීම, දම්බරාව, අඹේවෙල, මහවැව, දඹව ආදී වැව් කරවීම, වාගොල්ල, තලාතුඔ ආදී ප්‍රදේශවල කුඹුරු අස්‌වැද්දවීම, වලපනේ, ඌව, හේවාහැට ආදී ප්‍රදේශවල වාරිමාර්ග කරවා කුඹුරු අස්‌වැද්දවීම ආදිය දැක්‌විය හැකිය. එදා ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක්‌ වූ පුවක්‌ වගාව නැංවීමට රජු කටයුත කළ බව.

"සදා පොල් පුවක්‌ ගහ දෙපස දැලේ

සෙල්ලං නිරිඳු වඩනා කුණ්‌ඩසාලේ..."

යන කවි දෙපදයෙන් හෙළිවේ.

නරේන්ද්‍රසිංහයන්ගේ මාර්ග සංවර්ධනයට අයත් ව්‍යාපෘති වූයේ කොත්මලේ හා ඌවේ මාර්ග තැනවීම, රට මැද පාර, වලපනේ හෙය (පාලම) හා මාර්ගය පැනවීම දුම්බර හා සෙංකඩගල මාවත් තැනවීම, මහවැලි ගඟ හරහා ගෙයක්‌ කරවීම ආදියයි. (මන්දරාම්පුර පුවත 463 වන කවිය)

සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් ද උරදුන් මේ රජුගේ කාලය තුළදී ලියෑවී ඇති ග්‍රන්ථ ගණනාවකි. ඒ අතරින් "සාරාර්ථ සංග්‍රහය", "භේසජ්ජ මංජුසා සන්න" ආදිය කළේ සඟරජ හිමියන්ය. සතුරු කරදර මැද වුවද ග්‍රන්ථකරණයට උචිත පරිසරයක්‌ රජු විසින් සලසා දුන් බව "ශෘංගාරාලංකාරය" "හේම කුරුළු සංදේශය", "මනිචෝර ජාතකය", "ඉතිබිසෝ" ජාතක කාව්‍යය", "සුමුගු දා කව", "අතුල රජ පුවත", "තෙරුවන් මාලා" ආදී වශයෙන් වන ග්‍රන්ථ නාමාවලියෙන් තහවුරු වේ. මේවාට අමතරව හරිශ්චන්ද්‍ර කතාව,දුකුල රජ පුවත ආදී දෙමළෙන් සිංහලට පරිවර්තනය කළ ග්‍රන්ථ ද ලියෑවී ඇත්තේ ද මෙම වකවානුවේදීය. එසේම පෘතුගීසි වෛද්‍ය ග්‍රන්ථ දෙකක්‌ පරිවර්තනය කිරීමට ද රජු විසින් අනුග්‍රහය දක්‌වා ඇති බව සඳහන්ය.

තමන්ට එරෙහිව කෙතරම් කුමන්ත්‍රණ තිබුණද කවිකළු රසයෙහි රජු තුළ වූ ලොල්බවෙහි ද අඩුවක්‌ තිබී නැත. වර්තමානයේදී ද භාවිත වන උඩරට වන්නම දහඅට නිර්මාණය වී ඇත්තේ නරේන්ද්‍රසිංහ සමයේදී බව, වන්නම් උපත පිළිබඳව කියෑවෙන සන්නයක... "ශ්‍රී ලංකා භූ මණ්‌ඩලේස්‌වර වූ ශ්‍රී වීර පරාක්‍රම අධිරාජයාණන් වහන්සේගේ රාජ සභා... සර්ගාදී අටලොස්‌ වර්ගය නොහොත් වන්නම් දහඅට විභාග කොට ශෘංගාරාදී නව නාට්‍ය රසයෙන් යුක්‌තව...." යනාදී වශයෙන් සඳහන් වීමෙන් පැහැදිලි වේ. සෝමා විඡේසේකර පිටුව 39) ඒවායින් ගජභා වන්නම ලියෑවී ඇත්තේ රජුගේ මංගල හස්‌තිරාජයා වූ කෙංගල්ලේ ඇතාගේ ගමන් විලාශය අනුව යයි පිළිගැනීමක්‌ පවතී. මෙම ඇතුගේ දළ දෙක අදද කුණ්‌ඩසාලේ රජමහ විහාරයේදී දැකගත හැකිවේ.වන්නම් ප්‍රබන්ධකරුවන් ලෙස සැලකෙන්නේ රම්මලක අදිකාරම, ගණිතාලංකාර බ්‍රාහ්මණ සහ මල්වතු විහාරයේ වැඩ විසූ හිsමිනමකි. රම්මලක විසින් ශෘංගාලංකාරය නම් කෘතිය ප්‍රබන්ධ කොට ඔප්පු කිරීමෙන් පසු ඒ පිළිබඳව ප්‍රසාදයට පත් රජු උඩුනුවර රම්මලක ගම ඔහුට ත්‍යාග කොට ඇත්තේ මත්ගමු ඔයෙහි ඇති ගලක කොටවන ලද සන්නසක්‌ මගිනි. උඩරට ශාසනික හා අධ්‍යාපන දියුණුවේ උච්චතම අවස්‌ථාව ලෙස සැලකෙන්නේ 1675-1760 අතර කාලය වන අතර ඊට මේ රජුගේ පාලන වකවානුව ද අයත් වන බව අමතක කළ යුතු නොවේ.

ඇතැමෙක්‌ මේ රජු සම්බන්ධයෙන් නඟන චෝදනාවක්‌ වන්නේ ලන්දේසීන් විසින් කවරාකාරයේ මදිපුංචිකමක්‌ කළ ද ඒ වග නොතකමින් සෙල්ලක්‌කාර ජීවිතයක්‌ ගෙවීය යන්නයි. එහෙත් මොහු ලන්දේසීන් හා ගනුදෙනු කර ඇති අයුරු බලද්දී එසේ ඇස්‌ කන් පියාගෙන සිටි වගක්‌ පෙනෙන්නට නැත.

1706 දී ලන්දේසීන් මෙරට සියලු වරායන් වසා දැමුවේ උඩරට නිදහස්‌ වෙළෙ¹මට නැවතීමේ තිත තබමිනි. ඒවා විවෘත කරන ලෙස 1715 වන තෙක්‌ සුහදව ඉල්ලා සිටියත් ලන්දේසීන් එය කනකට නොගත්තෙන් 1715 දී උඩරට සියලු කඩවත් වසා දැමිණි. ගස්‌ යට පුවක්‌ කුණුවන විට කඩවත් ඇරෙනු ඇතැයි ලන්දේසීන් සිතුව ද ඒවා ඇරුණේ අවුරුදු දහඅටකට පසුව 1734 දීය. රජුගේ මෙම දැඩි ක්‍රියාව නිසා උඩරට සම්බන්ධ සිය ප්‍රතිපත්තිය වෙනස්‌ කිරීමට පවා ලන්දේසි ආණ්‌ඩුවට සිදු වූ බව සඳහන්ය.

පසුකාලීනව සම්බන්ධතා පළුදු වුවද මුලදී දෙපක්‍ෂය අතර තෑගි බෝග පවා හුවමාරු වී ඇත. ලන්දේසීන්ගෙන් රජුට ලැබුණු ත්‍යාග අතර අශ්වයන්, අශ්ව කරත්ත දෙකක්‌, පෝය දින සහිත රන් ඔරලෝසුවක්‌, වියත් හතහමාරක්‌ දිග දුර දක්‌නයන් හැරුණු විට රන් රිදී හෙප්පුවල දමන ලද මුතුඇට පනස්‌ දෙකක්‌ ද වූ බව කියෑවේ. 1717 දී යෑවූ අශ්ව කරත්තය හංසයකුගේ හැඩය ගත් එකකි. රජු විසින් ද විවිධ ත්‍යාග ලබා දී ඇති අතර වරක්‌ ලන්දේසි ආණ්‌ඩුකාරයකුගේ පවුලේ සාමාජිකයන් තිදෙනකුට ඇතුන් තිදෙනකු ත්‍යාග කර ඇත.

එදා නරේන්ද්‍රසිංහයන් සතුව තිබූ භාණ්‌ඩ රැසක්‌ අද කුණ්‌ඩසාලේ රජමහ විහාරයේදී දැකගත හැකිය. ඒවායින් වඩා වැදගත් වන්නේ රජුගේ උඩුකය ඇඳුමයි. වර්තමානයට වුවද ගැලපෙන මෝස්‌තරයකින් මසා ඇති අය කොඩ්රින්ටන් නම් ඉතිහාසඥයා විසින් විශාල මුදලකට මිලදී ගැනීමට උත්සාහ කළත් එවකට සිටි විහාරාධිපති හිමියන් ඊට එකඟ වී නැත්තේ ජාතියේ වාසනාවටය.

නරේන්ද්‍රසිංහයන්ට එරෙහිව ඉදිරිපත් වන ප්‍රබලම චෝදනාව වන්නේ සරණංකර හිමියන් විසින් කොතෙකුත් ඉල්ලා සිටියද භික්‍ෂු උපසම්පදාව ගෙන්වා දීමට උනන්දුවක්‌ නොගත්තේය යන්නයි. මෙම ඉල්ලීම ඉටුකරන්නට රජුට නොහැකි වූයේ අභ්‍යන්තර දේශපාලන ආරාවුල් නිසා මෙන්ම ලන්දේසීන් හා උඩරට අතර හොඳ හිත පසු කාලයකදී පළුදු වීම නිසා ද විය හැකිය. ඇතැම් විට ගනේ බණ්‌ඩාර වැනි හිමිවරුන් විසින් ඒ සඳහා උනන්දු නොවන ලෙස ලන්දේසීන්ගෙන් ඉල්ලා සිටින්නට ද ඇත. එම හිමිකම රජු වෙනුවෙන් ලන්දේසීන් හා සාකච්ඡා සඳහා නිතර නිතර කොළඹට ගිය අයෙකි. එසේම සරණංකර හිමියන් හා අමනාපයෙන් පසුවුවෙකි. වරක්‌ රජු විසින් සරණංකර හිමියන් නුවරින් පිටුවහල් කරන ලද්දේ ද මෙම හිමියන්ගේ බතට අවනතවීමෙන් යෑයි කියෑවේ.

නරේන්ද්‍රසිංහයන්ට එරෙහිව විවිධ කුමන්ත්‍රණ දියත් වුවද රට දැය ආගම වෙනුවෙන් රජු කළ සේවය නිසාම ඔහු ජනප්‍රිය නරපතියකු වූ බවට කොතෙකුත් සාක්‍ෂි ඇත. "හේම කුරුලු සංදේශය" ලියූ දික්‌වැල්ලේ හිමියන් කඳසුරිඳුට එය ඔප්පු කරමින් ඉල්ලා සිටියේ රජු රැකගනිමින් ඔහුට උතුම් පුත් රුවනක්‌ ලබාදෙන ලෙසයි. එසේම සුමගු දා කව" ලියූ ගන්නොරු විහාරයේ මහාසේන හිමි රජුගේ පරිත්‍යාගශීලීව වර්ණනා කර ඇත්තේ කව් ගණනාවකිනි. සිංහල සාහිත්‍ය වංශය, පිටුව (399) කර්තෘ අඥත වූ "නිසබා අස්‌න" ලියෑවී ඇත්තේද නරේන්ද්‍රසිංහයන්ගේ යසස්‌ තෙද උසස්‌ කොට, ශතාධික වර්ෂයක්‌ දිගසිරි ද සව්සිරි ද ලබාදීම පිණිසයි. ජීවිතය අහිමි වන්නට ගිය අවස්‌ථා දෙකකදීම රජු බේරාගෙන ඇත්තේ හිතවත් ඇමැතිවරුන් ඉදිරිපත් වීමෙනි. ලේවැල්ලේ තොටට දිය කෙළියට ගිය රජු ගඟේ ගසාගෙන යද්දී බේරා ගත්තේ දෙණියේ හළුවඩන මැතිඳුය. එසේම සිරිපා කරුණා කරද්දී ලක්‍ෂපානේදී රජු ඉදිරියට දිවආ මඳ කිපුණු වල් අලියාගෙන් බේරුණේ කොට්‌ටාව නිළමේ ඉදිරියට පැන මතුරා අලියා පලවාහැරීම නිසාය. (මන්දාරම්පුර පුවත 447, 449 කවි)

කෙතරම් ජනප්‍රිය වුවද රජු ගත් නොමනා තීරණයක්‌ හේතුවෙන් සියල්ල කනපිට පෙරළිණි. ඒ 1732 දී උඩරට රදළ පවුල් සතු තනතුරක්‌ වූ මහ ගබඩා නිළමේ ධුරයට සිය නායක්‌කර් මෙහෙසියගේ සුළු පියාගේ පුත්‍රයා පත්කොට ඔහුට "අලකොලංශ" ගම පවරාදීම නිසයි. මින් රදළයන් පමණක්‌ නොව සාමාන්‍ය ජනතාව ද රජුට එරෙහි විය. කැරලිකරුවන් විසින් නායක්‌කර් වංශික ගබඩා නිළමේ මරණ ලද්දෙන් යක්‍ෂාවේශ වූ රජු ඔවුන් ඝාතනය කොට ඔවුන්ගේ ගම්බද ගිනි තැබුවේය. රම්මලක මහ අදිකාරම මෙන්ම රජු මරණයෙන් බේරාගත් දෙණියේ හළුවඩන නිළමේ හා කොට්‌ටාව නිළමේ ද එක ළඟ පිහිටි ගල් දෙකක්‌ අතරින් මුළු මහවැලි නදියම ගලන රන්ටැඹේ ගල අසලින් සැඩ දිය පහර හරහා පීනා රාජ සම්මාන දිනූ බ-ජල නිළමේද ඇතුළු උඩරට ප්‍රධානීන් විසිපස්‌දෙනෙක්‌ පමණ නායක්‌කර් වංශිකයා වෙනුවෙන් සිය ජීවිතවලින් වන්දි ගෙවූහ.

මුල්වරට රාජකීය සම්බන්ධයක්‌ නැති පවුලකට මහ අදිකාරම් ධුරය හිමිවූයේ ද මේ අවස්‌ථාවේදීය. ඒ තරුණ ඇහැලේපොල විෙ-සුන්දර මුදියන්නැහේ එම තනතුරට පත් කිරීමෙනි. ඉන් රජු බලාපොරොත්තු වූයේ රදළයනට පාඩමක්‌ ඉගැන්වීම වුවද එයට සාමාන්‍ය ජනතාව ද එරෙහි වූ බව "සිංහල සාහිත්‍ය වංශය" පවසයි. (පිටුව 383) ඇහැලේපොල සන්නස අනුව එම පරම්පරාව දෙවන රාජසිංහ යුගයේ සිට විවිධ උසස්‌ තනතුරු දැරුව ද මහ නිලමේ තනතුරට පත්වන්නේ මෙම සිද්ධියෙන් පසුවය. සාමාන්‍ය ජනතාව නරේන්ද්‍රසිංහ රජුට එරෙහි වූ මුල් අවස්‌ථාව ලෙස මෙය සඳහන් කළ හැකි අතර ඊට සම්බන්ධ වූ හේවාහැට ජනතාවට රජු දඬුවම් කළේ ඔවුන් තරාතිරමෙන් පහත හෙළීමෙන් බව ලෝරි පවසයි.

නරේන්ද්‍රසිංහ රජු මියයන්නේ වසරක පමණ කාලයක්‌ තිස්‌සේ බරපතල ලෙස රෝගාතුරව සිටීමෙන් පසුවය. රජුට ප්‍රතිකාර කිරීම පිණිස ලන්දේසීන් විසින් ද ඩැනියෙල්ස්‌ නම් වෛද්‍යවරයකු එවුවද ඉනුදු පළක්‌ නොවීය. ක්‍රි.ව. 1739 මැයි 13 වැනි දින රජුගේ අභාවය සිදුවූ අතර ඒ වසර හතළිස්‌ නවයක්‌ වැනි කෙටි ජීවිත කාලයක්‌ ඇවෑමෙනි. සිය තිස්‌ අවුරුදු රාජ්‍ය කාලය තුළ රජු මුහුණදුන් සිදුවීම් දෙස බලන විට එම මරණය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ වීමට ද පුළුවන.

අවසානයේ රජු මියගියේ සිය නායක්‌කර් වංශික මෙහෙසියගේ සොහොයුරාට උඩරට සිංහාසනය පවරා දෙමින් මන්දාරම්පුර පුවත පවසයි. ඇතැම් මූලාශ්‍රවලට අනුව රජුගේ යකඩ දෝලියකගේ පුතකු වූ උනම්බුවේ බණ්‌ඩාර සිංහාසනාරූඪ කරවීමට රජුට හා සමහර ඇමැතිවරුනට අවශ්‍ය වුවත් ඊට එරෙහි වී ඇත්තේ සරණංකර හිමියන් හා මහාදිකාරම් වූ ඇහැලේපොළ මුදියන්නැහේය. සරණංකර හිමියන්ට අවශ්‍ය වූයේ සිය ගෝලයා සිහසුනට පත්කොට ඔහු ලවා උපසම්පදාව ගෙන්වා ගැනීමටයි. ඇහැලේපොළට වුවමනා වූයේ තමන් අභිබවා වෙනත් රදළ පවුලක්‌ ඉස්‌මතුවීම වැළැක්‌වීමටයි. එසේම ඇහැලේපොළත්, නායක්‌කර් වංශික බිසවත් අතර තිබූ අයථා සම්බන්ධයක්‌ නිසා ඔහු නායක්‌කර් පක්‍ෂය ගත් බවක්‌ ද ජනප්‍රවාදයෙහි සඳහන්ය.

1739 දී සරණංකර හිමියන් හා ඇහැලේපොළ මැදිහත් වී බිසවගේ සහෝදරයා වූ ශ්‍රී විජය රාජසිංහ නමින් සිහසුනට පත්කරන ලදී. රෝගාතුරව සිටි රජුට එය වැළැක්‌වීමට නොහැකි වූයෙන් හිතවත් ඇමැතියකුලවා පාරම්පරික රාජකීය ඔටුන්න මහවැලි ගඟේ ගැඹුරු වක්‌කලමකට දම්මවන ලද බවත් එම නිසා ඔටුණු පැළඳීමේදී නව රජුට ඔටුන්නක්‌ සාදවා ගැනීමට සිදු වූ බවත් අද කෞතුකාගාරයෙහි දක්‌නට ඇති දෙමළ ඌරුවක්‌ සහිත අටමුළු ඔටුන්න විය හැකි බවත් එම ජනප්‍රවාදයෙන් තවදුරටත් කියෑවේ. (මග දිගට ජනකතා, ඩී. පී. වික්‍රමසිංහ, පිටුව 196) සත්‍යය එය නම් නරේන්ද්‍රසිංහයන් ජාතිවාත්සල්‍යයෙන් යුක්‌ත වුවෙකු බවද පිළිගත යුතු වේ.

ඇහැලේපොල මුදියන්නැහේ විසින් එදා 1739 දී උඩරට සිහසුන පරහස්‌ත ගත කළද ඉතිහාසය විසින් එම චෝදනාවට ද වගඋත්තරකරු කර ඇත්තේ නරේන්ද්‍රසිංහ රජුවය. මින් පෙනී යන්නේ කවදත් පාවාදෙන්නන්ගෙන් හිඟයක්‌ මෙරටට තිබී නැති බවයි. 1736 සිට වසර හැත්තෑපහක්‌ ගතවන තැනදී තමන්ගේ මුණුබුරෙකු තමන් විසින් බලයට පත්කළ නායක්‌කර් වංශය හා උඩරට සිංහාසනයත් විජාතියකට පාවාදෙන බවත්, ඒ නිසාම ඇහැලේපොළ පරම්පරාව ද සමූලෝත්පාටනය වන බවක්‌ දැනගැනීමට තරම් නුවණක්‌ ඇහැලේපොල විෙ-සුන්දර මුදියන්නැහේට එදා තිබිණි නම් අන්තිම සිංහල රජු ලෙස නරේන්ද්‍රසිංහ නාමය ඉතිහාසයට එකතු වන්නේ නැත.

පද්මිණී සෙනෙවිරත්න

Monday, January 25, 2010

ඇත්ත කතාව,,,,


පොරොන්දු ඉටු කිරීමේ ඇත්ත කතාව

ලංකා ඉතිහාසයේ තවත් තීරණාත්මක ජනාධිපතිවරණයක කට ළඟට අපි පැමිණ සිටිමු. දශක තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවති කොටි ත්‍රස්‌තවාදීන්ගේ ශාපය නිම කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම ජනාධිපතිවරණය මෙයයි. මෙය මුළු රටම මැතිවරණ උණුසුමෙන් උණුසුම් වී ඇති මොහොතකි. එසේම ජනතා සිත්සතන් ආකූල ව්‍යාකූල කළ දැඩි තරගකාරී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක අවසානයටද අප පැමිණ ඇත. ප්‍රධාන ජනපති අපේක්‌ෂකයන් දෙදෙනාම සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනු ලැබුවත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගතව ඇති ප්‍රතිපත්තිමය කරුණුවලටත් වඩා ජනතාව වැඩි අවධානයක්‌ යොමු කළ බව පෙනී ගියේ මැතිවරණ වේදිකාවේ කියන කතා වලටය. එහෙත් ප්‍රධාන ජනපති අපේක්‌ෂකයන් දෙදෙනාම ක්‍රියාත්මක කිරීමට ජනතාවට ප්‍රතිඥා දී තිබෙන්නේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත කරුණුය. ඒ නිසා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයකට හෝ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ඒ නිසා සියලූම කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමට අපහසු වුවත්, ප්‍රධාන ජනපති අපේක්‌ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගත ආර්ථිකමය වශයෙන් වැදගත් කරුණු කිහිපයකට අපි අවධානය යොමු කරමු.

ජනාධිපති අපේක්‌ෂකයන් දෙදෙනාම නොයෙකුත් සහන පොරොන්දු රාශියක්‌ ජනතාවට ලබා දී ඇත. මෙකී සහන පොරොන්දු ගැන වෙන වෙනම කතා කරනවාට වඩා සහන පොරොන්දු ඉටු කිරීමේ පොදු යථාර්ථය පිළිබඳව අපි හඳුනාගැනීම වඩා වැදගත්ය. එවිට එකී සහන පොරොන්දු ඉටු කිරීමේ ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව ඔබටම අවබෝධ කර ගැනීමට පහසුය.

සහන පොරොන්දු ඉටු කිරීමේ දී සිදු වන ප්‍රධාන රාජ්‍ය මුල්‍ය බලපෑම් දෙකකි. එනම් රජයේ වියදම් ඉහළ යැමට තුඩු දීම සහ රාජ්‍ය ආදායම් අඩුවීමට හේතුවීම යන කරුණු දෙකයි. උදාහරණයක්‌ ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කිරීම නිසා එය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය වියදම් ඉහළ යයි. ප්‍රධාන ජනපති අපේක්‌ෂකයන් දෙදෙනාම රාජ්‍ය සේවක වැටුප් නැංවීමකට පොරොන්දු ලබා දී ඇත. වැඩි කරන වැටුපේ ප්‍රමාණය කුමක්‌ වුවත්, පොදු ප්‍රතිඵලය රජයේ වියදම් ඉහළ යැමයි. එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදු තවත් අඩු කරන බවට ලබා දී ඇති පොරොන්දුව ඉටු කිරීමේ දී සිදුවන්නේ රජයේ බදු ආදායම අඩු වීමයි. මෙලෙස කවුරුන් බලයට පත් වී සහන පොරොන්දු ඉටු කළත් එහිදී රජයේ වියදම් ඉහළ යැම සහ රාජ්‍ය ආදායම් අඩු වීම යන ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම සිදු වන්නකි. මෙහි අවසාන ප්‍රතිඵලය රජයේ සමස්‌ත අයවැය හිඟය ඉහළ යැමයි. එනම් රජයේ ආදායම් සහ වියදම් අතර පරතරය ඉහළ යැමයි.

එසේ නම් සහන පොරොන්දු ඉටු කිරීම සඳහා යම් වියදමක්‌ දැරීමට සිදු වෙනවා නම් හෝ ආදායම් අහිමි වීමක්‌ සිදු වෙනවා නම් එහි බර දරන්නේ කවුද? මෙය අප තේරුම් ගැනීම ඉතා වැදගත්ය. රජයට වියදම් දැරීම සඳහා මුදල් සොයා ගන්නේ ජනතාවගෙන් බදු අය කර ගැනීමෙනි. අප දන්නා පරිදි අවසාන වශයෙන් රාජ්‍ය වියදම් දරනු ලබන්නේ මහා භාණ්‌ඩාගාරයයි.

මහා භාණ්‌ඩාගාරයට ආදායම් ලැබෙන්නේ ජනතාවගෙන් රැස්‌ කරගන්නා බදු මුදල් වලිනි. රාජ්‍ය වියදම් දැරීමට රාජ්‍ය ආදායම් ප්‍රමාණවත් නොවන විට (අයවැය හිඟයක්‌ පවතින විට) එය පියවා ගනු ලබන්නේ රජයක්‌ විසින් ණය ගැනීමෙනි. දේශීය වශයෙන් ගත්තත් විදේශීය වශයෙන් ගත්තද එම රාජ්‍ය ණය බර පැටවෙන්නේද මහජනතාව මතය. රජයේ ණය වගකීම දරනු ලබන්නේ පොදු මහජනතාව විසිනි.

මේ නිසා සහන පොරොන්දු ඉටු කිරීමේදී අපට (හෝ යම් පිරිසකට) "යමක්‌ දෙනවා" යන්නෙහි තේරුම ඊට සමාන මුදලක්‌ අපෙන් නැවත ගන්නවා (බදු වශයෙන් අයකර ගන්නවා) යන්නයි. ඒ නිසා මහින්ද රාජපක්‌ෂ මහතා බලයට පත් වුවත්a ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති වුවත් මේ කියන සහන පොරොන්දු ඉටු කර ගැනීමට සිදු වන්නේ ජනතාවගෙන්ම බදු මුදල් අය කර ගැනීමෙනි. එසේ නැතුව මහින්ද රාජපක්‌ෂ හෝ සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ පුද්ගලික ධනයෙන් නොවේ. ඒ නිසා සෑම රාජ්‍ය වියදමකම බර දරන්නේ මහජනතාව නිසා ඔය සහන පොරොන්දු ඉටු කිරීමේ බර පැන දරන්නේ වෙන කවුරුත් නොවේ. අතිමහත් බහුතර පොදු මහජනතාවයි. එහෙත් මෙකී වියදම් පියවා ගැනීම සඳහා ආදායම් රැස්‌ කර ගැනීමේ ක්‍රමවේද ගැන තවමත් අපට හරිහැටි පැහැදිලි නැත.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු තවත් සහන ගණනාවක්‌ රාජ්‍ය සේවකයන්ට ලබාදීමට ජනාධිපති අපේක්‌ෂකයන් දෙදෙනාම පොරොන්දු වී ඇත. ජෙනරාල් සරත් ෆොන්සේකා රාජ්‍ය සේවක මාසික වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීමට ද, ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා රාජ්‍ය සේවක මාසික වැටුප රුපියල් 2500 කින් ඉහළ නැංවීමට ද පොරොන්දු ලබා දී ඇත. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි නොකළ යුතු බව හෝ රජයක්‌ විසින් ජනතාවට කිසිදු සහනයක්‌ ලබා නොදිය යුතු යෑයි අප කියන්නේ නැත. එහෙත් මේ සහන ලබා දීමේදී රටේ ආර්ථික තත්ත්වය, රාජ්‍ය මුල්‍ය තත්ත්වය යනාදියද සලකා බලා සමස්‌ත ජනයාගේ අසහනය වර්ධනය නොවන පරිදි සුදුසු සහන සුදුසු ප්‍රමාණවලින් ලබාදීම වඩාත් වැදගත් වේ. නැතහොත් ඔය කියන සහන නිසා රටේ සමස්‌ත ජනයාගේ අසහනය වර්ධනය වන්නට පුළුවන. කුමන අපේක්‌ෂකයා ජනපති වුවත් රජයේ නිල ආර්ථික උපදේශක වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මේ අවස්‌ථාවේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවේ අදහස කුමක්‌ද? "මෑත කාලීන ආර්ථික ප්‍රවණතා" නමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෑතදී නිකුත් කළ වාර්තාවේ 42 වැනි පිටුවේ ඇති සඳහන මෙසේය.

"ඵලදායිතාවයෙහි වැඩිදියුණු කිරීම් සඳහා කාර්යක්‌ෂම වැඩ පිළිවෙළක්‌ රහිතව රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම, අහිතකර රාජ්‍ය මූල්‍ය ප්‍රතිවිපාක සහ වැටුප් මිල දඟරය තුළින් උද්ධමනය මත පීඩනයක්‌ ඇති කරයි. අඛණ්‌ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක අවශ්‍යතාව පවතින උද්ධමනය සාපේක්‌ෂක පහළ මට්‌ටමක පවතින, පරිසරයක රාජ්‍ය අංශයේ වැටුප්වල සැලකිය යුතු ඉහළ නැංවීමකට ඉඩ සැලසීම එතරම් ඥාණාන්විත නොවේ."

මේ අනුව අපට පැහැදිලි වන්නේ මේ අවස්‌ථාවේදී රාජ්‍ය සේවක වැටුප් විශාල වශයෙන් ඉහළ නැංවීම සුදුසු දෙයක්‌ නොවන බවයි. ඒ තුළින් යළිත් උද්ධමනය ඉහළ ගොස්‌ සමස්‌ත ජනයාගේ "අසහනය" වර්ධනය විය හැකිව තිබෙන බවයි. කවරක්‌ නමුත් විපක්‍ෂයෙන් ඉදිරිපත් වන තර්කවලින් පැවසෙන්නේ වංචාව දූෂණය නතර කිරීමෙන් සහ ඇමැති මණ්‌ඩලය අඩු කිරීමෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සහන පොරොන්දු ඉටුකළ හැකි බවයි. මෙය කළ හැකි දෙයක්‌ ද යන්නත් අපි විමසා බැලිය යුතු කරුණකි.

වංචා හා දූෂණ පිළිබඳ සඳහන් කිරීමේදී ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරන කාරණා තුනක්‌ ලෙස මහා පරිමාණ වැට්‌ බදු වංචාව, හෙජින් ගිවිසුම් නිසා වන පාඩුව සහ ඇමැති මණ්‌ඩලය නඩත්තු කිරීමට අති විශාල මුදලක්‌ දරමින් තිබීම වැනි කාරණා ප්‍රමුඛ කාරණා ලෙස ඉදිරිපත් වෙයි. මේ වැට්‌ බදු වංචාවට තෙල් සංස්‌ථාවේ දූෂිත හෙජින් ගිවිසුම්වලට එරෙහිව පුවත්පත් කලාවේදීනි වශයෙන් අප ඕනෑ තරම් විවේචන ඉදිරිපත් කර ඇත. ඇමැති මණ්‌ඩලය වැඩි බවද ඇත්තය. මේවා තුළින් අති විශාල මහජන ධනයක්‌ නාස්‌ති වූ බවද ඇත්තය. එහෙත් මේ අතරම මේ කරුණු කාරණා සම්බන්ධයෙන් විශාල මහජන නොමඟ යෑවීම් සිදුකරමින් තිබීම ද කනගාටුවට කරුණකි. මෙයින් ප්‍රධාන කරුණක්‌ ලෙස ඇමැති මණ්‌ඩලය නඩත්තු කිරීමට යන වියදම පිළිබඳ අසත්‍ය තොරතුරු ඉදිරිපත්ව තිබීම පෙන්වා දිය හැකිය. මේ පිළිබඳ මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට දැක්‌වූයේ මෙවන් අදහසකි.

"පසුගියදා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ප්‍රසිද්ධ පුවත්පත්වල පළකර තිබූ එක්‌තරා දැන්aවීමක මෙසේ සඳහන් කර තිබුණා. එනම් "ආණ්‌ඩු පක්‍ෂයේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම කුමන අන්දමකින් හෝ අමාත්‍යවරයකු වී ඇත්තේ ලෝකයේ හාස්‍යයට ලක්‌වෙමිනි. සුදු අලියෙක්‌ බඳු මේ දැවැන්ත අමාත්‍ය මණ්‌ඩලය නඩත්තු කිරීමට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන 1890 කි." යන්නයි. මේ සඳහන සම්පූර්ණ අසත්‍යයක්‌. 2009 වසරේ ඇමැති මණ්‌ඩලය වෙනුවෙන් වැය වූ සත්‍ය වියදම රුපියල් බිලියන 1.89 ක්‌ (රුපියල් කෝaටි 189 ක්‌) පමණයි. ඒ නිසා ඇත්ත වටිනාකම දහස්‌ ගුණයකින් වැඩි කර මෙසේ මහජනතාව නොමඟ යවන්නේ ඇමැති මණ්‌ඩලය අඩු කිරීමෙන් සියලු ප්‍රශ්න විසදෙන බව පෙන්වා දීමටයි."

ඇමැති රංජිත් සියඹලාපිටිය කියන ඉලක්‌කම සත්‍ය නම් මුළු ඇමැති මණ්‌ඩලයම අහෝසි කළ ද ඉතුරු කරගත හැකි උපරිම මුදල රුපියල් කෝටි 189 ක්‌ පමණකි. ජෙනරාල් සරත් ෆොන්සේකා පවසන පරිදි රාජ්‍ය සේවක මාසික වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීම සඳහා පමණක්‌ යන වාර්ෂික වියදම රුපියල් බිලියන 144 ක්‌ (රුපියල් කෝටි 14400 ක්‌) වෙයි. එසේම ජෙනරාල් ෆොන්සේකා බලයට පත් වුවත් වැට්‌ වංචාවේ මුදල් හෝ හෙජින් ගිවිසුම් නිසා සිදු වන අලාභයට අදාළ මුදල ඔය කියන ඉලක්‌aකම් වලින් ආර්ථිකයට අලුතින් ලැබෙන්නේ නැත. ඒ නිසා වංචා හා දූෂණ නැතිකර ඇමැති මණ්‌ඩලය අඩුකර, ජෙනරාල් සරත් ෆොන්සේකා දැනටමත් ජනයාට ලබාදී ඇති සහන පොරොන්දු ඉටුකළ හැකිය යන්න ඇත්තක්‌ නොවේ. අවසානයේ සිදු වනු ඇති එකම දෙය මේ සියලු සහනවල බර මහජනයාට දරන්නට සිදුවීමෙන් ඒ අයගේ අසහනය වර්ධනය වීමයි.

වංචාවට, දූෂණයට සහ අක්‍රමිකතාවට ලක්‌වන සෑම රුපියලක්‌ම මහජන මුදල් නිසා ඒවා වළක්‌වා ගැනීමට ගත හැකි හැම පියවරක්‌ම ගත යුතුය. ඒවාට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. වංචා හා දූෂණ නිසා රජයට සිදු වූ අලාභයෙන් කොපමණ ප්‍රමාණයක්‌ වුවත් නැවත අයකර ගත හැකි නම් ඒවා අය කරගත යුතුමය. ඒ ගැන කිසිම තර්කයක්‌ නැත. වංචා හා දූෂණ නවතා, ඇමැති මණ්‌ඩලය අඩුකිරීමෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සහන පොරොන්දු ඉටුකළ නොහැකිය යන්න ඇත්ත තත්ත්වය වුවත් රුපියලකින් හෝ මහජන මුදල් නාස්‌තියට හෝ දූෂණයට ලක්‌වන්නට ඉඩ දිය යුතු නැත.

වැට්‌ බදු වංචාව වළක්‌වා ගැනීමටත්, දූෂිත හෙජින් ගිවිසුම් වලට වගකිව යුත්තන්ට එරෙහිවත් මේ රජය හරිහැටි ක්‍රියාත්මක නොවූ බවද කිව යුතුමය. ඒ නිසා දැවැන්ත මහජන මුදල් සම්භාරයක්‌ රටට අහිමි විය.

යුද ජයග්‍රහණයෙන් පසුව රටට උදා වූයේ ස්‌වර්ණමය අවස්‌ථාවකි. ඒ අවස්‌ථාවේදී රට මෙන්ම ජාතියද එක්‌සේසත් විය. එහෙත් යුද්ධයෙන් පසුව රට ගොඩනැඟීම සඳහා උදාවූ ඒ මහඟු අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මේ රජය කටයුතු නොකළ බවට වූ චෝදනාවක්‌ද තිබේ.

යුද ජයග්‍රහණය දේශපාලන වාසි තකා පමණක්‌ යොදා ගනිමින් රට ගොඩනැඟීමට තිබූ මහඟු අවස්‌ථාව පැහැර හැරිය බව ඇතැමුන් පෙන්වා දෙන කරුණයි. මේ ජනපතිවරණය නිසා දැන් ජාතියද බෙදී වෙන් වී ඇත. කවුරු බලයට පත් වුවත් රට ගොඩනැඟීමේදී, ආර්ථික යුද්ධය ජය ගැනීමේදී මේ අවාසිදායක බලපෑම් ද නැතුවා නොවේ. එහෙත් දැන් ඒ සියල්ල සිදුව හමාරය. දැන් කිරීමට ඇත්තේ සිදුවූ හානිය හැකිතාක්‌ අවම කර ගනිමින් ජනවාරි 27 වැනිදා සිට ජාතියේ යහපත උදෙසා රට ගොඩනැඟීමට එකමුතුව නිසි පියවර ගැනීමයි. ප්‍රධාන ජනපති අපේක්‍ෂකයන් දෙදෙනාම මෙය සිතට ගත යුතු බව අපේ හැඟීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

because of the,,,

මේ මිනිහ කොයිතරම් ජරා යකෙක්ද,,???

මෙන්න මේ සයිට් බලන්න. හිතෙනවා .මේ මිනිහ කොයිතරම් ජරා යකෙක්ද කියල .
http://www.asiantribune.com/news

http://jathikachinthana.blogspot.com

බොරුව

බොරුව හා තර්ජනය...,
බොරුව හා තර්ජනය

මෙම ඡන්ද ව්‍යාපාරයේ අප කාගේත් අවධානයට යොමුවිය යුතු කාරණා කීපයක්‌ ඇත. මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය යනු අප කවුරුත් දන්නා හඳුනන පැරණි ප්‍රපංචයකි. අපේ අවධානයට යොමුවිය යුත්තේ කලින් මැතිවරණවලදී දක්‌නට නොලැබුණු අළුත් අංග කීපයක්‌ පිළිබඳවයි. සර්වජන ඡන්දය හඳුන්වා දීමෙන් පසු පවත්වන ලද කිසිම මැතිවරණයකට වඩා මෙම ඡන්දයේදී වැරදි තොරතුරු හා පට්‌ටපල් බොරු විශාල කාර්ය භාරයක්‌ ඉටුකර තිබීම වඩාත්ම භයානක අංගයයි. වෙබ් අඩවි, විද්යුත් තැපෑල හා එස්‌. එම්. එස්‌. පණිවුඩ මේ වැරදි තොරතුරු හා පච ප්‍රචාරය කිරීමට භාවිතා කොට තිබීම අනාගත ඡන්ද ව්‍යාපාර කෙබඳු ස්‌වරූපයක්‌ ගනීදැයි අප තුළ බියක්‌ ඇති කරයි. මේ කාරණයේදී ප්‍රධාන චූදිතයා වන්නේ විපක්‍ෂයයි. ආණ්‌ඩුව රාජ්‍ය මාධ්‍ය තුළ විපක්‍ෂයට ඉඩක්‌ නොදී තමන්ගේ ඡන්ද වැඩවලට පමණක්‌ භාවිතා කර තිබුණද ඒ ප්‍රශ්නය මෙම රාජ්‍ය මාධ්‍යය පුද්ගලීකරණය කිරීමෙන් එක පෑන් පහරකින් විසඳිය හැකි එකකි. නමුත් වෙබ් අඩවි හා විද්යුත් තැපෑල හරහා පච ප්‍රචාරය කිරීම එතරම් පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක්‌ නොවේ. එම නිසා මෙය අනාගතයේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් හානියක්‌ වීමට ඉඩ ඇත.

මෙම ඡන්ද ව්‍යාපාරය දෙස ආපසු හැරී බැලුවොත් විපක්‍ෂය විසින් මුලින්ම රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව ජන මතයක්‌ ගොඩනැඟීමට උත්සාහ කළේ පවුලේ සාමාජිකයන් කොළඹ හා වෙනත් නගරවල වටිනා දේපොල හා ව්‍යාපාරික ස්‌ථාන විශාල ගණනක්‌a අයථා ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගෙන ඇති බවට කටකතා පැතිරවීමට කටයුතු කිරීමෙනි. මෙසේ මිලදී ගත්තා යෑයි කියන දේපල අතර ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලය පිහිටා තිබුණු ඉඩම, කොළඹ 5, බලපොකුණ පාරේ විශාල නිවසක්‌, තංගල්ල බේ හෝටලය, මාතර ලලිතා හෝටලය, ගාල්ලේ ලයිට්‌හවුස්‌ හෝටලය, ෆොaට්‌ට්‍රස්‌ හෝටලය ඇතුළු විශාල දේපොල ප්‍රමාණයක්‌ සඳහන් වෙයි. මෙවැනි දේවල් පැවැසීමෙන් රාජපක්‍ෂ පවුල අයථා ලෙස පොහොසත්වීම පිළිබඳව සමාජය තුළ කෝපයක්‌ ඇති කරන ලදී. ඒ සියලුම චෝදනා බොරු වුණත් මේ කටකතා වැරදි යෑයි කීමට කිසිවකුත් ඉදිරිපත් නොවූ නිසා ඒවාට කාලයක්‌ මුළුල්ලේ වර්ධනය වීමට ඉඩ ලැබිණි.

රාජපක්‍ෂ පවුල දේපල මිලදී ගත්තා යෑයි කියන කටකතාවලට සමගාමීව තවත් බොරු ප්‍රචාර දියත් කරන ලදී. රටේ සෑම තැනකම දක්‌නට ලැබෙන විශාල ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් රාජපක්‍ෂ පවුල මහා පරිමාණයෙන් හරි හම්බ කරගන්නා බව කියමින් බොරු ගණන් සහිත විද්යුත් තැපැල් පණිවුඩ සෑම තැනකම යැමට පටන් ගත්තේය. එම බොරු ප්‍රචාර ද අදාළ ව්‍යාපෘතිවල වියදම් දෙගුණයකින් වැඩිකොට ඒ සියල්ල රාජපක්‍ෂ පවුල විසින් ගසාකන බවට කියන ලදී. පසුව මේ සියලු චෝදනා එක විද්යුත් තැපැල් පණිවුඩයකට ගෙන විශාල ව්‍යාපෘති, නැතිනම් මිලදී ගැනීම් 14 කින් රුපියල් බිලියන 430 ක මුදලක්‌ ගසාකෑ හැටි ගැන කියන ලදී. අපි ඉකුත් සතියේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ මෙකී "එකතු කළ කෘතියේ" අන්තර්ගතය ගැනය. නමුත් මේවාට ද කලින්ම කිසිවකු උත්තර දුන් නැති නිසා විපක්‍ෂය මේ බොරු මත තවත් බොරු ගොඩනැගීමට පටන් ගත්තේය. කලින් හොරෙන් නිර්නාමිකව යවන ලද ප්‍රචාර පසුව විපක්‍ෂයේ නිල මතය බවට පත්වී මේ ගණන් හිලව් රූපවාහිනි සාකච්ඡාවල ද සඳහන් වීමට පටන් ගත්තේය.

එපමණක්‌ නොව මේ හොරකම් කළා යෑයි කියන මුදල් ආපසු ලබාගෙන ඒවායින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු වෙනත් දේවල් කිරීමට හැකි බව ඔවුන් කීමට පටන් ගත්තේය. මේ සියල්ලම එකක්‌ උඩ එකක්‌ ගොඩ නැඟුණු පච කන්දක්‌ විය. රාවය කර්තෘ වික්‌ටර් අයිවන් මහතා කාට හෝ එරෙහි දූෂණ චෝදනා ඉදිරිපත් කරනවා නම් යම් තරමකට හෝ පිළිගත හැකි සාක්‍ෂි ද ඉදිරිපත් කළ යුතු යෑයි කියා සිටිය ද කිසිදු සාක්‍ෂියක්‌ ඉදිරිපත් වූයේ නැත. සාක්‍ෂි ඉදිරිපත් වූයේ අනෙක්‌ පැත්තටය. බැසිල් රාජපක්‍ෂ මිලදී ගත්තා යෑයි කියන මාතර ලලිතා හෝටලයේ අයිතිකරු තම ව්‍යාපාරය කිසිවකුට විකුණා නැති බවට බැනරයක්‌ ද ප්‍රදර්ශනය කළේය. ගෝඨාභය රාජපක්‍ෂ මිලදී ගත්තා යෑයි කියන ඇපලෝ රෝහල තම ව්‍යාපාරය අයිති ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම හරහා ආණ්‌ඩුවට බව කියමින් දැන්වීම් පළ කළේය.

මේ මුළු ඡන්ද ව්‍යාපාරයේම වංචනික ස්‌වභාවය ඉස්‌මතු කරන තවත් කාරණයක්‌ වන්නේ දෙමළ ජාතික සන්ධානය පිළිබඳ ප්‍රශ්නයයි. සරත් ෆොන්සේකාගේ කඳවුර පවසා සිටින්නේ තමන්ට දෙමළ ජාතික සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමක්‌ නැති බවයි. දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් ද සිංහල ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ කියා සිටින්නේ තමන්ට ෆොන්සේකා සමඟ කිසිදු ගිවිසුමක්‌ නැති බවයි. එසේ වුවත් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු දෙමළ ප්‍රේක්‍ෂකයන්ට කතා කරන විට කියා සිටින්නේ එයට හාත්පසින්ම විරුද්ධ දෙයකි. ඔවුන් කියා සිටින්නේ ෆොන්සේකා මහතා සමඟ ගිවිසුමක්‌ ඇති බවත් විදේශීය රටවල සාක්‍ෂිකරුවන් ඉදිරියේ අත්සන් කරන ලද නිසා මෙකී ගිවිසුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බවත්ය. කේ. තුරෙයිරත්නසිංහම් මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශයක්‌ දෙමළ විද්යුත් මාධ්‍යයකට කර තිබූ අතර ඔහුට පසුව තවත් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනකුත් එවැනිම ප්‍රකාශ දෙමළ විද්යුත් මාධ්‍යයන්ට කර තිබිණි. මේ ප්‍රශ්නයේදී අපි විශ්වාස කළ යුත්තේ මොන කතාවද?

2005 දී ජනතා විමුක්‌ති පෙරමුණ හා හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂට සහයෝගය ප්‍රකාශ කර සිටි විට ඔවුන් ලිත ගිවිසුම්වලට අත්සන් තැබුවේය. හෙළ උරුමයට මහින්ද රාජපක්‍ෂ ගැන නොතිබුණු විශ්වාසයක්‌ දෙමළ සන්ධානයට සරත් ෆොන්සේකා ගැන තිබේ යෑයි විශ්වාස කළ හැකිද? මේ ආකාරයට විපක්‍ෂය විසින් දෙමළ සන්ධානය ලවාම සිංහල මිනිසුන්ට එක්‌ කතාවකුත් දෙමළ මිනිසුන්ට ඊට වෙනස්‌ කතාවකුත් කීම අතිශයින්ම භයානක දෙයකි. මේ අනුව සිංහල මිනිසුන් ඔවුන්ට ඡන්දය දාන්නේ නොදෙනවාය යන පදනම මතය. නමුත් දෙමළ මිනිසුන් ඔහුට ඡන්දය දමන්නේ අනිවාර්යයෙන්ම ලැබෙනවාය යන පදනම මතය. මෙය මේ රට නැවතත් මහා ව්‍යාකූලත්වයකට ඇද දමන වට්‌ටෝරුවකි. 1994 දීත් ඉන් පසුව 2001 දීත් පවත්වන ලද මැතිවරණවලදී එකල සිටි විරුද්ධ පක්‍ෂයත් දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති තමන්ගේ ස්‌ථාවරය ඉතා විවෘතව ප්‍රකාශ කරන ලදී. එකී ඡන්දවලදී සිංහල ඡන්දදායකයන් මෙන්ම දෙමළ ඡන්දදායකයන් ද ඡන්දය දුන්නේ විවෘතව ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියකටය. එකල සිංහලයන්ට එක දෙයකුත් දෙමළ අයට තව දෙයකුත් කීමට විපක්‍ෂයට උවමනාවක්‌ නොවීය. නමුත් මෙම ඡන්දයේදී මේ තරම් කොලය වසා ගැසීමට ඇති උවමනාව කුමක්‌ද? දෙමළ ජාතික සන්ධානය ගැන මිනිසුන්ට තිබෙන සැකය සාධාරණය.

මහා බ්‍රිතාන්‍යයේ විශාල පිළිගැනීමක්‌ ඇති "ද ඉකොනොමිස්‌ට්‌" සඟරාව කොටි සංවිධානය පරාජයවී මාස ගණනක්‌ ගතවී තිබුණද අද වනතුරුත් ඔවුන් දෙමළ ජාතික සංධානය හඳුන්වන්නේ "කොටි හිතවත් දෙමළ ජාතික සංධානය" යනුවෙනි." ඉතින් සිංහල මිනිසුන්ට ඔවුන් ගැන සැකයක්‌ තිබීම පුදුමයට කාරණයක්‌ ද? අද ලංකාවේ කොටි සංවිධානයක්‌ නැත. සිටිය සියල්ලෝම එක්‌කෝ පරලොවය. නැතිනම් සිර කඳවුරු වලය. නමුත් මහා බ්‍රිතාන්‍යයේ තවමත් කොටි දහස්‌ ගණනින් සිටී. "ද ඉකොනොමිස්‌ට්‌" සඟරාව "කොටි හිතවාදී දෙමළ ජාතික සංධානය" වශයෙන් ඔවුන්ව හඳුන්වන්නේ ඒ නිසාය.

මෙකී ඡන්ද ව්‍යාපාරයේ රජයන මේ පච හා ඇස්‌බැන්දුම් වැඩවලට අමතරව තවත් අයගේ අවධානයට යොමුවිය යුතු කාරණයක්‌ වන්නේ විපක්‍ෂ වේදිකාවේ මතුවෙන කැකෑරෙන වෛරයයි. මේ මුළු ඡන්ද ව්‍යපාරය තුළම විපක්‍ෂයේ අපේක්‍ෂකයාගේ මුහුණේ සිනාවක්‌ නොවීය. අඩුම වශයෙන් පෝස්‌ටරයක හෝ රූපවාහිනී දැන්වීමකවත් ඔහු සිනාසෙනු කිසිවෙක්‌ දැක නැත. 1982 දී ජනතා විමුක්‌ති පෙරමුණේ රෝහණ විඡේවීරවත් ඒ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නැත. ජ.වි.පෙ. ආත්ම පරිත්‍යාගය හා ජනතාව වෙනුවෙන් දිවි පිදීම වැනි දේවල් ගැන කථා කළ නිසා ඔවුන්ට සිනාසීමට ඇති හැකියාව නැතිවී ඇතැයි අද ජීවත් වන තරුණ පරපුර සිතනු ඇත. නමුත් 1982 දී රෝහණ

විඡේවීර ජනාධිපති අපේක්‍ෂක හැටියට හැම තැනම ගියේ සිනාමුසු මුහුණෙන්ය. ඔහුගේ පෝස්‌ටර් වල සිනහව දත් බෙහෙත් දැන්වීමකට වුවත් ගත හැකි ආකාරයේ එකක්‌ විය. නමුත් මෙම ඡන්ද ව්‍යාපාරයේදී කිසිදු සිනහවක්‌ නැති හැම විටම රවාගෙන සිටින අපේක්‍ෂකයන් ජ.වි.පෙ. විසින් තෝරාගෙන ඇත. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ සිනහව මුළු පළාතක්‌ම එළිය කිරීමට හැකි එකක්‌ විය. නමුත් අද?

මේ රැවුම් සමග එන ගෙරවුම් ද ලොමුදැහැගන්වන සුළුය. විපක්‍ෂයේ අපේක්‍ෂකවරයා හුදෙක්‌ම පෞද්ගලික වෛරය හා කෝන්තර මුල් කර ගනිමින් තරගයට ඉදිරිපත් වී ඇති බව ඉතාමත්ම පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔහු මුළු ඡන්ද ව්‍යාපාරය පුරාම කළේ ප්‍රසිද්ධ වේදිකාවේ සිට සමාජයේ සියලු කොටස්‌ වලට 27 වනදායින් පසුව බලාගන්නම් යෑයි කියා තර්ජනය කිරීමය. මේ ආකාරයට පොලිස්‌ නිලධාරීන්ගේ කෝට්‌ ගැලවීමටත්, හමුදා නිලධාරීන් යුද අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, ආර්ථික විශේෂඥයන් රටින් පන්නා දැමීමටත්, ඔහුට එරෙහි වන සියල්ල බෝගම්බර හා වැලිකඩ සිරගත කිරීමටත් පොරොන්දු වී ඇත.

මෙසේ තමන්ට බලය ලැබුණ හොත් ජනගහනයෙන් බාගයක්‌ පමණ සිරගත කිරීමටත් ඉතිරි අයගෙන් තවත් පිරිසක්‌ රටින් පන්නා දැමීමටත් ජනවරමක්‌ ඉල්ලන අපේක්‍ෂකයකු සර්වජන ඡන්දය ලැබීමෙන් පසු මේ රටේ කිසිදාක සිට නැත. බලය ගැනීමට පෙර ඔහු හැසිරෙන්නේ මේ ආකාරයට නම් බලය ගත් පසු ඔහු කුමන ආකාරයකට හැසිරේවි දැයි සිතාගත හැක.

ලංකාව මේ වන විට දශක 3 ක යුද්ධයකින් යන්තම් ගැලවී ඇත. රට පුරාම මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්‌ම ක්‍රියාත්මක වෙමින් පවතී. ඡන්දයට දින ගණනක්‌ තිබියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන්ම ලංකාව දුප්පත් රටවල් ගොඩින් ඉවත්කර මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටක්‌ හැටියට ප්‍රකාශයට පත් කොට ඇත. රටේ අනාගතය සඳහා ඉතා සුබ පෙරනිමිති පෙනෙන්නට තිබෙන මෙවැනි අවස්‌ථාවක මෙතරම් වෛරයකින් හා ක්‍රෝධයකින් පුපුරන්න හේතුවක්‌ තිබෙනවාද? 1982 ජනාධිපතිවරණයේදී තම ජීවිතයේ කිරීමට බලාපොරොත්තු වූ සියලු දේ ව්‍යර්ත වී තිබුණු රෝහණ විඡේවීරවත් මේ ආකාරයට වෛරයෙන් පිපිරුවේ නැත. ඔහුවත් කිසිදාක ප්‍රසිද්ධ වේදිකාවෙන් මිනිසුන්ට තර්ජනය කළේ නැත.

විධායක ජනාධිපති ක්‍රමයකදී ආණ්‌ඩුව යනු ජනාධිපතිවරයාය. රටක්‌ දේශපාලන වශයෙන් ස්‌ථාවර වනවාද නැත්ද යන්න තීරණය වන්නේ ජනාධිපතිවරයාගේ පෞරුෂය මතය. චJද්‍රිකා කුමාරතුංග විසින් බලය ගත්දා සිට හත් අවුරුද්දක්‌ යනතුරු විපක්‍ෂයට අඩම්තේට්‌ටම් කිරීම නිසා මුළු රටම අස්‌ථාවර වූ හැටි කාටත් මතක ඇත. මෙසේ ජනාධිපතිවරිය විසින් ඇතිකරන ලද දේශපාලන අස්‌ථාවරභාවය නිසා රටේ ආර්ථිකයද පසුබෑමකට ලක්‌විය. එකල ආර්ථිකයේ පසුබෑමට කිසිදු බාහිර හේතුවක්‌ නොවීය. උදාහරණයක්‌ වශයෙන් 2008 දී හටගත් ආකාරයේ දරුණු ලෝක ආර්ථික අවපාතයක්‌ එකල නොවීය. 1970 ගණන් වලදී සිරිමාවෝ බණ්‌ඩාරනායක ආණ්‌ඩුව අසාර්ථක වීමට හේතු වූ ලෝක ඛණිජ තෙල් අර්බුදය හා ලෝක ආහාර අර්බුදය වැනි කාරණා කිසිවක්‌ 1995 දී නොවීය. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වීමත් සමගම මුළු ආර්ථිකයම එක්‌ වරම පසුබෑමකට ලක්‌ විය. 1998 වන විට ආසියාවේ රටවල් කීපයක මූල්‍ය අර්බුදයක්‌ හටගත්තද එය ලංකාවට දැනුනේ නැත. එයට හේතුව ඊට අවුරුදු 3 කට පෙර සිට ලංකාව පැදුරටම වැටී තිබීමය. ඉන් පල්ලෙහාට වැටෙන්නට තැනක්‌ තිබුණේ නැත. ජනාධිපතිවරයා සමබර මානසිකත්වයකින් නොසිටිය හොත් සියල්ල අවසානය. චන්ද්‍රිකා කුමාරතුංග රට පාලනය කළ මුළු අවුරුදු 12 ටම රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට නොහැකි වූයේ ඇයගේ මුළු කාලයම විපක්‍ෂයට ආඩම්තේට්‌ටම් කිරීමේ නොනවතින ව්‍යාපෘතියට යොමු වී තිබුණ නිසාය. මීට කලින් සිටි මානසික සමබරතාවයක්‌ නැති ජනාධිපතිවරුන් පවා සියලු විරුද්ධවාදීන් සිරගත කිරීමට ජන වරමක්‌ ඉල්ලමින් බලයට පැමිණියේ නැත.

විපක්‍ෂයේ අපේක්‍ෂකයා ප්‍රසිද්ධ වේදිකාවෙන් කාට හෝ එරෙහිව තර්ජනයක්‌ කළ විට පැමිණ සිටින සෙනග ඔල්වරසන් නගයි. විපක්‍ෂ රැස්‌වීම්වලට එන සෙනගින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන් වන නිසා මේ තර්ජන හා ගර්ජන ඔවුන්ට 1988-89 සමයේ සුන්දර මතකයන් නැවත සිහිගන්වනවා විය හැක. එකල ජ.වි.පෙ. ඕනම පහල මට්‌ටමේ සාමාජිකයකුට එක දුරකතන ඇමතුමකින්, එක තුන්ඩු කෑල්ලකින් ඕනම දෙයක්‌ කරවාගැනීමට හැකි විය. ජ.වි.පෙ. ට 1971 දී හෝ 1989 දී සම්පූර්ණ කිරීමට නොහැකි වූ දෙය දැන් එ.ජා.ප. යේම ඡන්ද පාවිච්චි කොට අත ළඟටම පැමිණ ඇතැයි යන හැඟීම ඔවුන්ට පහළවී ඇතුවා විය හැක. අද මේ රට මුහුණ දෙන්නේ කොටි උවදුරටත් වඩා දරුණු තර්ජනයකටය. කොටියාට දෙමළ මිනිසුන් පාලනය කළ හැකි වුවද අපව පාලනය කළ නොහැකි විය. හෙට දිනයේදී සියලුම ජනතාව, විශේෂයෙන්ම තරුණ පරපුර ඉතාම කල්පනාකාරීව තීරණයක්‌ නොගත හොත් මේ රට යළිත් ගොඩ නොඑන අගාධයක වැටෙන බව සහතිකය.

Sunday, January 24, 2010

දේශය පාවා දුන් අධමයෙක්,....


රනිල් කියන්නෙ කොයිතරම් පොන්න දේශය පාවා දුන් අධමයෙක්ද කියන එකට උදාහරණයක් මට ලැබුනා ...මු කොටින්ගේ ජීටීවී කියන නාලිකාවට කරල තියෙන කතාවෙන්...අපේ රටේ අහින්සක මිනිස්සුන්ට කියලා දීපල්ලා යහලුවෙනි මේ වගේ පාදඩයෝ ගැන...


http://lankanthoughts.blogspot.com
බලන්න මේ යහළුවාගේ වෙබ් අඩවිය මට නුඹ ගැන ආඩම්බරයි ...මේ වෙබ් අඩවියේ ලිපිනය හෝ මෙම අකුරු ක්ලික් කරන්න...

සරත්ගේ බළලා මල්ලෙන් එළියට,,,,

"අවසාන අවස්‌ථාව මෙයයි" බළලා මල්ලෙන් එළියට

ජනවාරි මස 18 වැනි සඳුදා ජාතික පුවත්පතක සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්‌ෂකට ජයපතා පළකළ දැන්වීමකි.

මේ අවසාන අවස්‌ථාව යන කියමනේ අරුත් දෙකක්‌ ඇත.

එකක්‌ "සරත් ෆොන්සේකා මැතිතුමාගේ දේශපාලන පිම්මේ අවසානයයි." අනෙක "රටේ නිදහසේ අවසානය" යන්නයි.

අපේ රටවාසීන්ට විශාල ශාපයක්‌, අපලයක්‌ ඇති බව හැමදාම කවුරුත් කතා කළ දෙයකි.

විවිධ දුක්‌ දොම්නස්‌ අවසන් වෙමින් රටේ නිදහසේ ජීවත්වීමේ වරප්‍රසාදය ලබමින් සිටින ජනතාවට එය අහිමි කරන්නට විදේශීය එල්ටීටීඊය, ධනබලය, විදේශීය අධිරාජ්‍යවාදී බලවේග අද ක්‍රියාත්මක වී අවසානය.

ප්‍රභාකරන්ගේ මළගමින් දෙමළ ජනතාවගෙන් බහුතරයක තිබුණ දුර්වල මානසික තත්ත්වය අහෝසි විය. මේ රටේ සිදුවූ ප්‍රාතිහාර්යයට සමස්‌ත ලෝකවාසීන්ම පුදුම වූහ. දෙමළ ජනතාවගෙන් නොමග ගිය කොටස්‌ හරි මාවතට පිවිසියේය.

නමුත් බල තණ්‌හාව නිසා අප රට නැවත උගසට තබන්න, බලයට කවදාවත් එන්නට ඉඩක්‌ නැති සුළු පිරිසක්‌ විසින් නටන ගරානැටුම නිසා අද රටේ විකෘති භාවයක්‌ ඇතිවී ඇති බව නොකියාම බැරිය.

විදේශීය ධනබලය, ත්‍රස්‌තවාදය නැවත පණගන්වන්නට යන මේ උත්සාහය ගැන සකල ලංකාවාසී ජනතාවම ඇස්‌ හැර හොඳ සිහියෙන් බලත්වා. මේ විපතට අපට ළඟා කරන්නට උත්සාහ ගන්නා සැමගේ අතීතය ඉතිහාසය හාරා අවුස්‌සා බලත්වා.

සෑම මගී බස්‌ රථයකම, දුම්රිය පෙට්‌ටියකම සෙනඟ ගැවසෙන සෑම තැනකම ඉතා සියුම් ලෙස උපක්‍රමශීලීව කතා ගොතන කප්පන්කරුවන් හා බ්‍රොaකර්වරුන් රටවාසීන්ගේ මානසික තත්ත්වය වෙනස්‌ කිරීමට විශාල උත්සාහයක්‌ ගන්නා බව ඔබ දන්නවාද?

විවිධ බොරු ගොතමින් රටේ ජනතාව නොමග යෑවීමට අද මුදල් බලය උපයෝගී කරගෙන ඇත. වගා නොකර රටකට අවශ්‍ය ආහාර නොලැබේ. කන බොන අයගෙන් අඩු තරමින් මිරිස්‌ පැළයක්‌වත් සිටුවන අය සිටීද? එසේනම් පිටරටින් ගෙනෙන ආහාරවල මිල පාලනයක්‌ රජයට කළ හැකිද?

සියල්ල රජයෙන් ඉල්ලාගෙන කන බොන රටවල් ලෝකයේ විරලය. ඉන්දීය ජනතාව ඉතා දුප්පත්ය., අසරණය. නමුත් ස්‌වශක්‌තියෙන් නැගී සිටීමට ඔවුන්ට චිත්ත ධෛර්යය තිබේ. රජයෙන් කිසිවක්‌ ඔවුන් බලාපොරොත්තු නොවේ. මේ නිසාම අද දුප්පත්කම ජයගෙන ඉන්දියාව සීග්‍ර දියුණුවකට පත්වෙමින් සිටී.

සමහර දුර්වල, මෝඩ ත්‍රිරෝද රථ රියදුරන්, ත්‍රිරෝද රථ අයිතිකරුවන් කිසිම දැනුමක්‌ අවබෝධයක්‌ නැතිව තම ව්‍යාපාරයෙන් මහජනයා ගසාකමින් රටේ ජනතාව නොමග හරින බව නොකියාම බැරිය. පිටරට රැකියාවකට ගිය අය තමා දන්නා වෘත්තීය අමතක කර, ලෙහෙසි රක්‌ෂාවක්‌ ලෙස මේ ත්‍රිරෝද රථ ව්‍යාපාරය කරති. මහන්සියක්‌ නැති, දුශ්චරිතය වගාකරන මේ ව්‍යාපාරයේ යෙදී සිටින හුඟදෙනකුම රට ගැන හෝ තම දරුපවුල ගැන හෝ කිසිම හැඟීමක්‌ හෝ ආදරයක්‌ නැත.

මේ රටේ දුප්පත් අහිංසක අයට නැගි සිටීමට ත්‍රිරෝද රථවලට බැංකු ණය ලබාගැනීමේ පළමු වරප්‍රසාදය හිමිකර දුන්නේ ගංගාරාමයයි. ඒ පිළිබඳව රිචඩ් පීරිස්‌ සමාගමෙන් විමසා බැලිය හැක.

ත්‍රිරෝද රථ ව්‍යාපාරික අය තම රට ගැන සිතා තම දූදරුවන් ගැන සිතා බියෙන් ගත කළ කාලය ගැන සිතා, අපට ලැබුණ නිදහස උඩ ඔවුන්ටද ලැබුණ වරප්‍රසාද අමතක නොකර යුද්ධයේ භයානක දර්ශන දුටු ඒ අය මීට වඩා යමක්‌ රටට කරන්නට ඇති අවස්‌ථාව අහුරා මහජනයා මුළා නොකරන්න, කරන දුර්වල කතාබහෙන් වැළකී රටේ ජනතාවට සත්‍ය කතාකර රටට ඇතිවූ නිදහසේ අරුත ප්‍රකාශ කිරීමට ඔවුන්ගේ මානසික තත්ත්වය යහපත් වේවා.

කම්මැලියන්, අලසයන් කළයුත්ත නොකළ යුත්ත නොදන්නා දුරදිග දක්‌නා නුවණක්‌ නැති උපාය නුවණ නැති දුර්වල මිනිසුන්ට අද අතීතය අමතකය.

බඩගින්න, බඩු මිල, අගහිඟකම් ගැන කතාකරමින් රට ගිනි වද්දති.

අඩුතරමින් පාන් ගෙඩිය ගන්න බෑගයක්‌ වත් රැගෙන නොගොස්‌ එයටත් අනවශ්‍ය මුදලක්‌ වැය කරන, නාස්‌තිය ගැන නොසිතන, කන දේට වඩා නොකා වීසිකරන, ජනතාවක්‌ අපේ රටේ බහුතරයක්‌ ලෙස සිටිති. බඩට කෑමක්‌ නැතත්, සුරාව, සූදුව අත්නොහරින, තම දූදරුවන්, අඹුදරුවන් ගැන නොසිතන බහුතරයක්‌ රටේ සිටිති.

නිරෝගිකම ආරක්‌ෂා නොකරගෙන රෝහල් පිහිට පතන කම්මැලියන් බොහෝය. කපාගත් ගොයම්, වී ටික අපතේ නොයා ගැනීමට තරම් කම්මැලි ජනතාවක්‌ සිටින මේ රටේ තත්ත්වය මේ තරමින්වත් ආරක්‌ෂාවීම පුදුමයකි. වැසි ජලය බිඳුවක්‌වත් අපතේ නොහෙළන්නට තරම් තායිලන්ත, චීන, ජපන්, වියට්‌නාම් ආදී ජාතීන් උත්සාහවන්තය. මේ රටේ වැසි ජලය ආරක්‌ෂා කර ප්‍රයෝජනයට ගන්නා පිරිස සියයකට එකක්‌වත් නැති තරම්ය.

ස්‌වාභාවික සම්පත්වලට පයින් ගසා නාස්‌තිය ගැන අවබෝධයක්‌ නැතිව කුසීතයන් ලෙස ජීවත්වන අයට පොරොන්දු දෙන අය අගනේය. ඒ පසුපස ගමන් කරන්නේය. නමුත් රටේ ධනයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, රාජ්‍ය සේවයට, සංවර්ධනයට වෙන්වන බව සිතන අය අඩුය.

පගාවට පුරුදු හුඟදෙනෙක්‌ රාජ්‍ය සේවකයන් බව අසන්නට ලැබේ. ඔවුන්ට අගහිඟකම් නැත. නමුත් පගාකරුවන් රටේ ජනතාව නොමග යවන බව අපට අසන්නට ලැබේ.

කළ වැරදි ගැන සිතට ගෙන ඒවායෙන් මිදී රට ජාතිය ගැන කල්පනා නොකර නැවත යුද්ධයකට මුල පුරන්නට ඉඩ නොදී අපට ලැබුණ පූර්ණ නිදහස නැතිකර නොගෙන දෙමළ ජනතාවගේ මානසික තත්ත්වය අවුල් නොකර මුදලට කෑදර නොවී, බඩගින්න අඩුව ගැන ඉවසිලිවන්තව, රටේ උපදින්නට ඉන්න ජනතාවට නිදහසේ ජීවත්වීමට ඉඩතබා කවුරුත් ඇස්‌ ඇර බැලීමට කාලය එළඹ ඇත.

දුප්පත් ජනතාවට "ජනසවි" සංකල්පය හඳුන්වා දුන්නේ ගංගාරාමයයි. එය අද "සමෘද්ධි" නමින් හැඳින්වේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආර්ථික අතින් අහේනියට පත් රටක බලය ගත්විට ජී. එස්‌. ටී. බදු ක්‍රමය ගැන අදහස්‌ ඉදිරිපත් කළේ ගංගාරාමයයි. එදා - මෙදා රටේ දියුණුවට සංවර්ධනයට ගංගාරාමය සිදු කළ, සිදුකරන සේවය අතිවිශාලය.

වෘත්තීය පුහුණු සංකල්පය රටට හඳුන්වාදී නොමග යන තරුණ තරුණියන් යහමගට හරවා හොඳ ආර්ථිකයක්‌ ලබන්න, විදේශීය රටවලට යන්නට මග පෙන්වීමට මුල් වූයේ ගංගාරාමයයි.

රටේ වගාවට, ගෙවතු වගාවට නව පණක්‌ දීමට උත්සාහ කළේ ගංගාරාමයයි. නමුත් අද ඇති ගෙවතු වගාවක්‌ නැත. ඒවා කරන්නට රටවාසීන් කම්මැලිය. ගොවියා රජ කළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමාය. මොනම රජයක්‌වත් සහල් කිලෝවකට, වී කිලෝවකට නියමිත මුදලක්‌ නියම නොකළේය.

මහින්ද රජ සමය ඒ කටයුත්ත කළ නිසා ගොවියා රජවිය. රජයෙන් මොනයම් ආධාරයක්‌ නොලැබුණත්, රජය දුන් ස්‌ථාවර මිල ගොවියන්ට ස්‌වශක්‌තියෙන් නැගී සිටීමට රුකුලක්‌ විය. එසේම රජය විසින් පොහොර සහනාධාරයක්‌ද දෙන ලදී.

බබ්ලිව්. දහනායක අගමැතිතුමා "අමුඩය අපේ ජාතික ඇඳුම" බව ඔප්පුකරමින් ඒ ඇඳුමින්ම පාර්ලිමේන්තුවට ගියේය. අද අමුඩ ගසන ගොවියන් නැත. නමුත් සිංහලකම, ගොවිකම පෙන්වන්නට 26 වැනිදා අමුඩය ගසාගෙන පාරට බැස ගොවියා රජ කළ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා නැවත බලයට පත්කරන්නට ගොවිජනතාව මෙන්ම ගොවි පවුල්ද ඒකරාශී විය යුතුය.

තේ වගාකරුවන්ට ලෝක ආර්ථිකය බිඳ වැටෙද්දී ඔවුන් ආරක්‌ෂා කරගත්තේ මහින්ද රජයයි. පොහොර සහනාධාරය ද ඒ අවස්‌ථාවේ ලබාදෙන ලදී. දැනටද එය දෙනු ලැබේ. එදාට තේ ගොවියන්ද අමුඩය ගසාගෙන ඡන්දපළට යැම වටී. තේ ස්‌ටෝරුකරුවන්, අපනයන කරන අයට මේවා මතක නැත.

අපත් එක්‌සත් ජාතික පක්‌ෂයට ළැදිව රටට වැඩකළ අය වෙමු. ඉන්දියන් හමුදාව ලංකාවට ගෙන එන විට ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ට විරුද්ධව "කළුකොඩි ව්‍යාපාරය" ආරම්භ කළේ ගංගාරාමයෙනි.

අපට දේශපාලන භේද, ජාති භේද, ආගම් භේද හෝ කුල භේද කිසිවක්‌ නැත. අද සිංහල ජාතියට, දෙමළ ජාතියට, මුස්‌ලිම් ජාතියට වෙන්නට යන දේ ඔබට නොපෙනේද? දෙමළ ත්‍රස්‌තවාදීන් මුදලට ගත් කොන්ත්‍රාත්කරුවන් - හවුල් කරුවන් අද වෙළෙඳපොළේ අපේ නිදහස අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබේ.

මෝඩයෙනි, පරණ ශාපයෙන් මිදියල්ලා, ව්‍යාපාරිකයනි, දේශපාලනයට විසිකරන, නැවත ජාතිවාදය අවුස්‌සා රට ගිනි තැබීමට සූදානම් වන වන්දිභට්‌ටයන්ට සල්ලි නොදෙත්වා. පිටරටින් එන ඩොලර්, යුරෝ, පවුම් ආධාර ඒ අයට ඉහවහා ගොස්‌ ඇති බව දැනගනිත්වා.

රජයට එල්ලවන තවත් චෝදනාවක්‌ වන්නේ මන්ත්‍රී සැමට ඇමැතිකම් දීම ගැනය. රජයක්‌ නොතිබුණා නම් යුද්ධයක්‌ අවසන් කළ හැකිද? යුද්ධය තිබෙද්දී විපක්‌ෂය හදිසි නීතිය දීර්ඝ කරන්න කැමැත්ත දුන්නාද? නැත.

රජයක්‌ නොතිබෙන්න යුද්ධය එසේ අවසන් කරන්න පුළුවන් වනවාද? අද එය අවසන් කර නැද්ද? විපක්‌ෂවලින් මන්ත්‍රීවරුන් රජයට ආවේ විපක්‌ෂයේ පිරිහීම උඩය. ඒ ආපු අය රටට වැඩක්‌ නොකළාද? ඇමැති කමක්‌ නොදෙන්න ඒ මන්ත්‍රීවරු ආණ්‌ඩු පක්‌ෂයේ තබාගන්න නීතියෙන් ඉඩක්‌ තිබුණාද? ඒ නිසාම ඇමැතිකම් වැඩි වුණා මිස ජනාධිපතිතුමා සිය කැමැත්තෙන් එය සිදුකළා නොවේ. කළයුතු දේ කළා මිස කැමැත්තෙන් කළ දේ නොවන බව දන්නේ කවුද? මේ විස්‌තරය හේතු සාධක නොදන්නා අයටය.

කෙසේ හෝ රජය ගැටගසාගෙන ලෝක අපවාදවලට බිය නොවී නොසැලී ලෝක ආධාරවලට පයින් ගසා වසර දෙකක්‌ තුළ රටට නිදහස ලබාදුන්නේ කවුද? අද එය අමතක ද? ඩී. එස්‌. සේනානායක අග්‍රාමාත්‍යතුමා 1948 නිදහස ලබාගත්තේය. 2008 මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා එය නැවත ස්‌ථාපනය කරන ලදී. නමුත් බ්‍රිතාන්‍ය පාලනය අධිරාජ්‍යවාදී පාලනය එයට කැමති නැත. ආයුධ තැරැව්කරුවන්ද එයට අකැමැතිය.

අද මහින්ද රාජපක්‌ෂ බිම දැමීමේ සටන මෙහෙයවන මේ බලවේග ගැන ගම්බද ජනතාවටද, අහිංසක ජනතාවටද තේරුමක්‌ නැත. අද සුදු ඇඳගෙන ත්‍රස්‌තවාදය නැතිකිරීම ගැන සතුට පළකරන සමහර සංවිධාන එදා අප රට ලෙයින් නහවන්නට ක්‍රියාකළ අය බව අප හඳුනාගත යුතුය. ඔවුන් අද පවා ගෝනිබිල්ලන් පැත්තට රිංගාගෙන වෙනත් භාවනාවක යෙදෙන බවක්‌ කිව යුතුය. ඔවුන්ට දර්ශනයක්‌ නැත. යමක්‌ කරන්නට අවබෝධයක්‌ හෝ දැනුමක්‌ ද නැත. ඔවුන්ට අවශ්‍ය බලය පමණි. කියන්නත් වාලේ කියන, අද කියන දේ හෙට මතක නැති, රටේ ඒකීය භාවය ගැන ආදරයක්‌ නැතිව සල්ලි ගස්‌ යට බුදියන අය රටේ බලය ලබාගැනීම සඳහා දෙන බොරු පොරොන්දු ඒ අයට දෙන්න කවදාවත් බැරිය. ඒ නිසා "අවසාන අවස්‌ථාව මෙයයි" යන්න පිළිබඳව හොඳ සිහියෙන් සිටිත්වා. ඒ මේ ලිපියේ මාතෘකාවයි. "සීරුවෙන් සිටීන්, ලෙෆ්ට්‌ - රයිට්‌" කරන්න සියලු රටවාසීන්ට අනිවාර්ය කරන්න උත්සාහ ගන්න දුර්වලයන්ට ශක්‌තිය, බලය දෙන්න සූදානම් වූ ඒ සඳහා ක්‍රියාකරන්නා වූ සකල ලංකාවාසී ජනතාවට අත ළඟ එන අනිත් අපලයෙන් බේරෙන්න උත්සාහ ගැනීමට සිහිනුවණ යෙදීමට කාලය එළඹ ඇත.

"කෙළින් කතා කරන්නත්, බිම වාඩිවෙන්නත් කාගෙන්වත් අවසර අවශ්‍ය නැත."

රටට පූර්ණ නිදහසක්‌ ලැබී, ආර්ථිකය සංවර්ධනය කරන්න අඩිතාලම දාන මේ මොහොතේ එය කඩා බිඳ දමන්නට උත්සාහ නොකරන ලෙසට සකල ලංකාවාසී ජනතාවගෙන් ආදරයෙන් හා කරුණාවෙන් ඉල්ලමි.

පාර්ලිමේන්තුවට භික්‌ෂුන් යන්න හොඳය. රටවාසීන්ට යම් දැනුමක්‌ අවබෝධයක්‌ දෙන්න අපට නිදහස නැත. එරවිලි තර්ජනවලට එදත්, අදත්, කවදත් බය නැති අපට අවංකව යමක්‌ ලියන්න, කියන්න, කරන්න නිදහස තිබේ. මේ රටේ අහිංසක ගැහැනු ළමුන්ට මැහුමෙන් ලබාගන්න තිබුණ රැකියාව අද අධිරාජ්‍යවාදීන් ලවා නතරකර ඇත. ඔවුන් බලයට ආපසු දෙන බවක්‌ කියාය. රටට ආදරය ඇති අය කරන වැඩද ඒ?

යුද්ධ අධිකරණයක්‌ මවාපාමින් රටේ පාලකයන් බිය වද්දා ඇත. හිරගෙවල් ශුද්ධකර, හිස්‌කරන්නට නියෝග නිකුත්කර ඇත. පැය 24 න් හිරගත කරන බවට ප්‍රකාශ නිකුත්කර ඇත. හිරේ දැම්මත් ශුද්ධකළ තැනකට දැමීමට සිතීම ගැනත් පුදුමවිය යුතුය. එවැනි ඥනයක්‌ පහළවීමද වර්ණනා කළ යුත්තකි. මුට්‌ටිය නොදා හිස දන්දීම ගැන ලියූ ලිපිය ඒ සියලු කටයුතුවලට ගැලපෙනු ඇත. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාට ඇති චෝදනාව ඡන්ද වැඩිපුර පැවැත්වීමයි. සල්ලි ගියත් ඒ මහජන නිදහස යනු අපට හැෙZඟන දෙය වේ.

"අවසාන අවස්‌ථාව මෙයයි" යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ද? හමුදා පාලනයක්‌ද? අපගේ නිදහස නැති කිරීමද? නිවාස අඩස්‌සියද? වෙඩි උණ්‌ඩයද? ප්‍රජාතන්ත්‍රවාදය නැතිකිරීමද? "බළලා මල්ලෙන් පනී" යන පැරණි කියමන සිහිගන්වමින් "නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි" යන කියනමනද සිහිපත් කරමින් රට වෙනුවෙන් කැපවෙන්න, රටේ ආර්ථිකය ගොඩනගන්න තම පවුලේ සමගිය, සංවර්ධනය, ගමේ දියුණුව, ආගමික වත්පිළිවෙත්වල ආශීර්වාදය ඇතිකරගන්න සැම උත්සාහ ගෙන වසරක්‌ දෙකක්‌ දුක්‌විඳ මේ රට ගොඩගන්න සැමට යහපත් අදහස්‌ සංකල්පනා ඇති වේවායි පතමු.

මේ රටේ දේශපාලනඥයන්ට ආර්ථික විද්‍යාඥයන්ට මොළේ තිබුණා නම් ජීවන වියදමින් සියයට තිහක්‌ හතළිහක්‌ එක දිනකින් පහත දැමිය හැකිය. එදා බඩුවක්‌ ණයට දුන්නේ සතියට දෙකට පමණි. අද නිෂ්පාදකයාගේ නිෂ්පාදනවලට වෙළෙඳපොළ ගෙවීම් කරන්නේ මාස 6 කට පසුවය. එවිට නිෂ්පාදකයා තමා ගත් බැංකු ණය, නිෂ්පාදන විදයමට සියයට පනහක තරම පොලියක්‌ ගෙවීමට සිදුවන නිසා භාණ්‌ඩවල මිල සියයට පනහකට වඩා මිල නංවනු ලැබේ. දුක්‌ විඳින්නේ, ජීවන බර වැඩිවන්නේ පාරිභෝගිකයාටමය. ජීවන වියදම වැඩිවූයේ මේ අයුරිනි. මෙවැනි ක්‍රමයක්‌ ලෝකයේ වෙනත් කිසිම රටක නැත. ණය ක්‍රමය තහනම් කර ගනු-දෙනු අත්පිට මුදලට සිදුකරන නීතියක්‌ පැනවූවා නම් ජීවන වියදම එක දවසෙන් 50% ක්‌ අඩු කළ හැකිය. වෙළෙන්දා එදාට අත්පිට මුදලට අලෙවි කෙරේ. නිෂ්පාදකයා අනතුරේය, මහජනයා පොදුවේ දුකට පත්වේ.

මුගුණවැන්න මිටිය වෙළෙඳපළට දාන ගොවියාට එයට මුදල් ලැබෙන්නේ මාසයකට, දෙකකට හෝ මාස තුනකට පමණ පසුවය. මෙවැනි දෙයක්‌වත් අවබෝධ කරගන්නට අපේ අයට පිණක්‌ නැත. ඒ අප කාගේත් අකුශලයයි. පරණ පව් භුක්‌ති විඳිය යුතුය. එක්‌සත් රටක සියලු ජාතීන් සමගියෙන් ජීවත්වන්නට කාටත් නුවණ පහළවේවා. Æති ප්‍රශ්න ගැන කතාකරන අයට අම්මා - තාත්තා, සහෝදර - සහෝදරියන් නැද්ද? පවුලකට සමගිය අවශ්‍යය, රාජපක්‌ෂ පවුල තුළ තිබූ සමගිය රටේ ආරක්‌ෂාවට, ත්‍රස්‌තවාදය නැසීමට හේතුකාරණා විය.

හොරකම්, වංචා සාධාරණව ඔප්පු කළ හැකිය. කළ හොඳ දේ අමතක කර රට නැවත වළට දාන්නට සූදානම් නොවන්න. නිශේධ බලතල ඇති ජනාධිපති කඩුව විශ්වාස වන්තයෙකු අතට දීම සුදුසුය. ආධුනිකයන් ඉදිරියට ගන්න ළඟ ළඟම එන මහ මැතිවරණය සුදුසුම පිළිතුරයි. එයින් බලය විමධ්‍යගත කළ හැක.


ගලබොඩ සිරි Æණිස්‌සර නායක ස්‌ථවිර
(ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ)

කතිරය ගැසීමේදී ඉතා සිහිබුද්ධියෙන්,,,



බටහිර බලවේග මහින්ද ඉවත් කරන්නට දඟලන්නේ ඇයි...

ලංකා සිංහල බෞද්ධ සංස්‌කෘතිය විනාශ කරන්නට හා රටේ ඒකීය භාවය බිඳ දමන්නට මහා උත්සාහයක පසුවූ දේශීය විදේශීය බල ගැත්තන් දැන් කුමක්‌ද කරන්නේ. සැල්වේසන් ආමි එකටවත් සුදුසු නෑ කියූ හමුදාපති තුමා ජනාධිපතිවරණයට තල්ලු කර තිබේ. ඉන් රට කාබාසිනියා කරන්නට මානබලමින් සිටින කණ්‌ඩායම් බලාපොරොත්තු වන්නේ මේ අවසාන තුරුම්පුවෙන්වත් ජය ගැනීමය. මේ අයගේ එකම අභිලාශය ජනාධිපතිතුමා පලවා හැරීමටය. එතුමා පලවාහැරීමට තරම් ඔහු කරපු බරපතල වරද යුද්ධය නතර කර ලංකාවට සාමය උදා කිරීමද? ජෙනරාල්තුමා ඉදිරියට දාලා ඔහුට ඡන්දය දෙන්න කියා කෑගහන්නේ තිබුණු ත්‍රස්‌තවාදය යළි ඇති කරන්නට වෙන්න ඇති.

තවත් ජනාධිපතිවරණයක්‌ 2010 ජනවාරි 26 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. වැඩිම අපේක්‌ෂක පිරිසක්‌ ඉල්ලුම්කිරීම මෙහි විශේෂත්වයකි. මෙවර ජනාධිපතිතුමෙකු වෙනුවෙන් කතිරය ගැසීමේදී ඉතා සිහිබුද්ධියෙන් හා අවබෝධයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යය. මන්ද, වසර තිහකටත් වැඩි කාලසීමාවක්‌ මේ දේශයේ සංවර්ධනය, දියුණුව ආපස්‌සට තල්ලු කළ වටිනා මිනිස්‌ ජීවිත ලක්‌ෂ ගණනක්‌ අහිමි කළ කුරිරු යුද්ධය සමාප්තියට පත්කරන්නට වත්මන් සේනාධිනායකතුමන් සමත් විය. මෑතක්‌ වන තුරුම සමහර දේශපාලන නායක තුමන්ලා පවා කියා සිටියේ කිසි දිනක ප්‍රභාකරන් අල්ලා ගැනීමට නොහැකි බවත්, යුද්ධය නතර කිරීමටද නොහැකි බවත්ය. එවැනි අති බිහිසුණු යුද්ධය මෙතරම් ඉක්‌මණින් ලක්‌ පොළෝතලයෙන් මුළු මණින්ම අතුගා දමන්නට හැකිවේයෑයි කිසිවකුත් සිතුවේ නැත. මේ නිසා ලක්‌දෙරණ දෙකඩ කිරීමට තැත්කළ ඊනියා විජාතික බලලෝභීන්ගේ සිහිනය දවල් සිහිනයක්‌ම විය.

ලෝකයේ යුද වාතාවරණයක්‌ තිබුණු තුන්වැනි ලෝකයේ රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ යුද්ධය නතර කිරීමට හැකිවීම කෙතරම් පුදුම විය යුතු කාරණයක්‌ද? මේ පුංචි ලංකාවේ තිබුණු යුද්ධය නතර කිරීම පිළිබඳව ලෝකයේ බලවත් රටවල් මහත් ලඡ්ජාවකට පත්වී සිටිති. මේ ලඡ්ජාවෙන් අත්මීදීමට නම් යළිත් මේ රට යුද්ධය කරා ගෙන යා යුතු වෙනවා. එවැනි වාතාවරණයක්‌ ඇති කළ හැක්‌කේ වත්මන් දේශපාලන නායකත්වය ඉවත් කිරීමෙන් පමණි. මේ අනුව දෙස්‌ විදෙස්‌ කොටි හිතවාදීන් එම සටන ජයග්‍රහණය කිරීම සඳහා සතර අතින් විශාල ධනස්‌කන්ධයක්‌ විසිකරනු දක්‌නට ලැබේ. ඔවුන් යළිත් කොටි උපද්දවන්නට කළල සකස්‌ කිරීමට විශාල උත්සාහයක නිරත වී සිටිති.

මෙවැනි දේශෙද්‍රdaහී කුමන්ත්‍රණයක්‌ මේ දිනවල හැම තැනම දක්‌නට ලැබෙනවා. මේ නිසා මේ තීරණාත්මක අවස්‌ථාවේ ඔබ ඔලුව පාවිච්චිකර ක්‍රියා නොකළොත් සේනාධිනායකතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‌ෂක කමිටු දිවිහිමියෙන් නිදහස්‌ කරගත් මේ රට යළිත් විජාතිකයන්ගේ උගුලට හසුවනු ඇත. එසේ යළිත් යුද්ධයක්‌ කරා ශ්‍රී ලංකාව ගෙන යැමට තම ඡන්දය පාව්චිචිකරන්නේද? නැතිනම්, වත්මන් දේශපාලන නායකත්වයෙන් නිදහස්‌ කරගත් රට තව තවත් දියුණුව කරා ගෙනයැමට තම ඡන්දය පාවිච්චි කරනවාද කියා කල්පනා කළ යුතුය. තමන්ට ලැබෙන තාවකාලික වාසි ගැන සිතා ක්‍රියා කළහොත් ඔබටත් ඔබේ දරුවන්ටත් පොදුවේ මුළු ලංකාවාසීන්ටත් එහි භයානක ප්‍රතිඵල වැඩි ඈතක්‌ යන්නට පෙර විඳින්නට සිදුවනු ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මීට වසර හතරකට පෙර ජනාධිපතිත්වයට පත්වෙන විට මේ රට කුමන ආකාරයෙන් පැවතුනා ද යන්න ඇස්‌ ඇති, කන් ඇහෙන අයට පමණක්‌ නොව අඳගොළු බිහිරි අයටද හොඳින් වටහාගත හැකි වූහ. එදා මහින්ද මැතිතුමාගෙන් ජනතාව කෑගහල ඉල්ලා සිටියේ අපට නිදහසේ පාරේ බැහැලා යන්න අවස්‌ථාව උදාකර දෙන ලෙසය. ඒ වන විට කුරිරු යුද්ධය ලක්‌ පොළෝතලයේ දරුණු ලෙස ඇවිලෙමින් පැවතුණි. කොතනින් කවුරු බෝම්බෙකට හසු වී මරණයට පත්වේයෑයි නිරන්තර බියෙන් ත්‍රාසයෙන් මනස ඔද්දල් වෙමින් තිබිණි. හැම දවසක්‌ම දුකෙන් ශෝකයෙන් භීෂණයෙන් ඇළලී ගියේය. පාසල් යන දරුවා යළි එනතුරු විශ්වාසයක්‌ තිබුණේ නැත. රැකියාවට ගිය ස්‌වාමි පුරුෂයා ගෙදර පැමිණෙන තුරු ගිනිගත් හදින් මඟ බලා සිටියාය. අම්මා තාත්තා එකම බසයෙන් ගමන් කළේ නැත. දෙදෙනා බස්‌ දෙකක, දුම්රිය දෙකක ගමන් කළහ. මන්ද, දෙදෙනාම බෝම්බයකට බිලිවුවහොත් දරුවන් අතරමං වන නිසාය.

උතුර නැගෙනහිර පමණක්‌ නොව, දකුණෙන් ද දිනෙන් දින බෝම්බ පිපිරීම වැඩිවන්නට විය. පාසල් බස්‌රථවලටද බෝම්බ ඇටවීමෙන් ළමුන්ද අමානුෂික ලෙස මරණයට පත්විය. මේ වන විට ජනාධිපතිතුමා ඒ අති භයානක යුද වාතාවරණය නැති කරන්නට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියේය. ලංකාවාසී සමහර දෙනා පිටරට පදිංචියට ගියහ. අනෙක්‌ හැමදෙනා සිතුවේ ඉදිරියේදී ජීවිතයත් රටත් දෙකම අහිමි වන බවයි. ත්‍රස්‌තවාදීහු අන්තිමට සැහැල්ලු ගුවන් යානා තුළින් කොළඹ නගරය විනාශ කිරීම සඳහා සැලසුම් කළහ. ඔවුන් ගෙනා බෝම්බ ඒ ඒ තැන්වල හෙලූයේ නම් සුළු වෙලාවක්‌ තුළ මුළු කොළඹම විනාශ කිරීමට ඉඩ තිබිණි. කෙසේ නමුත් පෙර පිනකට එය මඟ හැරී ගියේය.

ක්‍රම ක්‍රමයෙන් හමුදාවෝ උතුර නැගෙනහිර ත්‍රස්‌තවාදීන් පරාජය කරමින් ආහ. ජනතාව වන්ඩේ ක්‍රිකට්‌ මැච් එකක්‌ නරඹන ආකාරයෙන් ඒ දිනවල සටන් බිමේ තොරතුරු නැරැඹූහ. විජාතික බලවේගවල දේශීය අතකොළු ක්‍රියාත්මක වන්නට විය. විපක්‌ෂයේ කණ්‌ඩායම් එකතු වී යුද්ධය නතර කරන්නැයි ඉල්ලා සිටියහ. මානව හිමිකම් කියන අවස්‌ථාවාදීන් රජයට චෝදනා කළේ අහිංසක වැසියන් ඝාතනය නොකර යුද්ධය නතර කරන ලෙසය. අලිමංකඩ ජයග්‍රහණය කළාම මේ දේශයේම සමහර අමනයෝ කීවේ පාමංකඩ අල්ලාගත් බවය. ඉතා බිහිසුණු සටනකින් තොප්පිගල ජයගත්තාම විපක්‌ෂ නායකතුමා කීවේ තොප්පිගල කියන්නේ කිසි වැදගත්කමක්‌ නැති කැලෑවක්‌ කියාය. යුද හමුදාපති සැල්වේසන් ආමි එකටවත් ගැළපෙන්නේ නෑ කීවේත් ඔවුන්මය. ඒ වන විට විපක්‌ෂ නායකතුමා ජාත්‍යන්තරයට ගොස්‌ රජයට විරුද්ධව වැරැදි තොරතුරු දුන්නේය. යුද්ධය නතර කිරීම සඳහා විදේශිකයන්ගේ සහයෝගය ලබා ගැනීමට නොකළ දෙයක්‌ නැත. ඒ කිසිදු දෙයක්‌ ඔවුන්ට සාර්ථක කර ගන්නට හැකියාව ලැබුණේ නැත. අන්තිමට කේලමා යන අන්වර්ථ නමකුත් දාගෙන නතර වන්නට විය.

පසුව ජාත්‍යන්තරවද යුද්ධය නතර කිරීමට විවිධ අදහස්‌ ගලා යන්නට විය. යුද්ධය නතර කළේ නැත්නම් ආධාර දෙන්නේ නෑ කියා සමහර රටවල් කීහ. ඒ අනුව ජනාධිපතිතුමා අවසන් වරටද සාම කාලයක්‌ දුන්හ. දැන්වත් ප්‍රභාකරන්ට ඇවිත් භාරවන්නට යෑයි කීය. එසේ නොවුණු තැන ඉතිරි බිම් ටිකද මුදා ගැනීම සඳහා යළි ක්‍රියාත්මක විය. ඒ අනුව කුමන්ත්‍රණකරුවන් නොසිතූ ආකාරයෙන් ත්‍රස්‌තවාදීන් පරාජයට පත්කර කෙටි කලකින් යුද්ධය අවසන් කරන්නට හැකියාව ලැබිණි. ඒ කුමන කාරණාවක්‌වත් නිසා නොව විජාතික බලවේග හමුවේ නොනැමෙන සෘජු කොන්දක්‌ ජනාධිපතිතුමාට තිබූ නිසාය. එවැනි සෘජු ප්‍රතිපත්තියක්‌ ඔය කෑගහන කිසිම කෙනෙකුට නොමැති බව ජනතාව හොඳින් දැනහඳුනා ගෙන ඇත.

ලංකා සිංහල බෞද්ධ සංස්‌කෘතිය විනාශ කරන්නට හා රටේ ඒකීය භාවය බිඳ දමන්නට මහා උත්සාහයක පසුවූ දේශීය විදේශීය බල ගැත්තන් දැන් කුමක්‌ද කරන්නේ. සැල්වේසන් ආමි එකටවත් සුදුසු නෑ කියූ හමුදාපති තුමා ජනාධිපතිවරණයට තල්ලු කර තිබේ. ඉන් රට කාබාසිනියා කරන්නට මානබලමින් සිටින කණ්‌ඩායම් බලාපොරොත්තු වන්නේ මේ අවසාන තුරුම්පුවෙන්වත් ජය ගැනීමය. මේ අයගේ එකම අභිලාශය ජනාධිපතිතුමා පලවා හැරීමටය. එතුමා පලවාහැරීමට තරම් ඔහු කරපු බරපතල වරද යුද්ධය නතර කර ලංකාවට සාමය උදා කිරීමද? ජෙනරාල්තුමා ඉදිරියට දාලා ඔහුට ඡන්දය දෙන්න කියා කෑගහන්නේ තිබුණු ත්‍රස්‌තවාදය යළි ඇති කරන්නට වෙන්න ඇති.

හිටපු හමුදාපතිතුමා දැන් කියනවා යුද්ධය ජයග්‍රහණය කළේ එතුමා නිසා කියා. එසේනම්, ඉන් අර්ථවත් වන්නේ මීට පෙර හිටපු හමුදාපතිවරු නිසි ආකාරයෙන් ක්‍රියා නොකළා කියන එක නේද? එක්‌ අතකින් එවැනි ප්‍රකාශයක්‌ කිරීමෙන් හිටපු හමුදාපතිවරුන් නිග්‍රහයට ලක්‌කළාසේම, අනෙක්‌ කාරණය පසුගිය කාලයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි දක්‌ෂ හමුදාපතිවරුන්ට කුමක්‌ සිදු වූයේද? ඒ පිළිබඳව මේ රටේ මිනිසුන්ට හොඳ අවබෝධයක්‌ ඇත. එසේනම්, එම හමුදාපතිවරුන් කොතරම් දක්‌ෂ වුවත් යුද්ධය නිමා කිරීමට අවශ්‍යතාව තිබුණත්, දේශපාලන නායකත්වය ඒ කෙරෙහි උනන්දුවක්‌ නැතිනම්, සෘජු ප්‍රතිපත්තියක්‌ නැතිනම් හමුදාපතිට කළ හැකි දෙයක්‌ නැත. මහින්ද රාජපක්‌ෂ මැතිතුමා සේනාධිනායක වශයෙන් නොසිටියානම් ෆොන්සේකා මැතිතුමාට නිසි ආකාරයෙන් යුද මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නොහැකිවනු ඇත. දැන් එතුමා විජාතික බලවේගයේ අතකොලුවක්‌ වී හමාරය. හමුදා නායකයකු හැටියට එහි සදාචාරාත්මක බව සිඳ දමා ඇත. රට ආපසු අගාධයට තල්ලුකිරීමට මාන බලමින් සිටින ඊනියා කණ්‌ඩායම් වල හවුල්කාරයෙක්‌ වී හමාරය. රට පාවාදීම සඳහා සමහර හමුදා රහස්‌ ජාත්‍යන්තරයට හෙළිකර ඇත. මේ ආකාරයෙන් බලන විට එතුමා ජනාධිපතිවරණයට ඉල්ලා ඇත්තේ ඒ විජාතිකයන්ගේ මනදොල පිනවීම සඳහා බව ඔබට පැහැදිලි වනු ඇත.

ලක්‌ ජනතාවනි, ඔබට ඔයතරම් ඉක්‌මනට අතීතය අමතක වෙනවාද? අතීතය අමතක කරන අයට සැබෑ අනාගතයක්‌ තිබිය හැකිද? මීට වසර 4 කට පෙර මේ රට තිබුණේ කොතරම් අඳුරු සහගත තත්ත්වයකද? අද කොතරම් ප්‍රශ්න තිබුණත් නිදහසේ පාරේ බැහැලා යන්නට හැකිය. රැකියාවට ගිය පුද්ගලයා හා පාසලට ගිය ළමයා පිළිබඳව අද සැකසංකා නැත. සමාජයේ පවතින ප්‍රශ්න අඩුපාඩුකම් කිසිවකුට සුළු කාලයකින් ඉවර කළ නොහැක. ආර්ථිකමය වශයෙන් හා අනෙකුත් සංවර්ධන කටයුතු ඉදිරියේදී ඉටුවෙනු දකින්නට ලැබෙනු ඇත.

එසේනම්, වසර තිහක්‌ පුරා මරණ බියෙන් භීතියට පත්වූ මේ රට දැන් නිදහස ලබා ඇත. සුබ අනාගතයක්‌ ගැන බලාපොරොත්තු තැබිය හැකිය.

මේ ලංකාවාසීන්ට ආදරය ඇති, දරු දැරියන්ට ආදරය ඇති, සිංහල බෞද්ධ සංස්‌කෘතියට ආදරය ඇති, අවංක නායකතුමෙක්‌ සිටීනම්, ඒ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා පමණයි. තෙරුවන් සරණයි, කියා නියම බෞද්ධයෙක්‌ වශයෙන් ආශීර්වාද ලබා ගන්නට හැකියාව ඇත්තේත් එතුමාටය. ගරු ජනාධිපතිතුමනි, මේ රට තව තවත් සංවර්ධනය කරා ගෙන යන්නට හා ලෝකයේ ගෞරවාන්විත උතුම් රටක්‌ බවට පත්කරන්නට නැවතත් ඔබට රට භාරයි.

ගෝණදෙණියේ සීවලී හිමි

ජෙනරාල් ෆොන්සේකා පිළිරුව ඉඹගෙන ඉඹගෙන ගියේය.,,,


මේ උදාවී ඇත්තේ සිහින දකින්නන්ගේ වසන්තයයි

දුරුතු මහේ දිවා කාලය බොහෝ උණුසුම්ය. දහවල් හිරු එළිය දැඩිය, තියුණුය, කටුකය, කර්කශය..

දහවල කොතරම් උණුසුම් වුවත් දුරුතු මහේ රාත්‍රිය නම් ශීතල අධිකය. රාත්‍රියේ අලුයම් කාලය තුළත් උදේ පාන්දරත් දැනෙන මේ අධික ශීතල නිසා බොහෝ දෙනකු දුරුතු මාසය හඳුන්වන්නේ ශීතල දුරුත්ත කියාය...

ශීතල දුරුත්ත සිහින දකින්නන්ගේ මාසයයි. රාත්‍රි කාලයේ ශීතල නිසා රාත්‍රියේ පටන් පාන්දර හත අට වනතුරු එක දිගට යන දිගු නින්ද තුළ එක සිහිනයක්‌ නොව, සිහින දෙක තුන නොදකිනා කෙනකු නැති තරම් ය.

මේ ශීතල දුරුත්තට චන්දදාස වඩාත් කැමැති වූයේද මේ සිහින නිසාය. ඔහු දකින නානා ප්‍රකාර සිහින වලින් මිදී පියවි ලොවට පිවිසෙනවාට වඩා අවාසනාවක්‌ නැතැයි විටෙක ඔහුට හිතෙන්නේ ශීතලේ දකින සිහිනවල ඇති මිහිරියාව නිසාමය.

විටෙක සුරංගනා ලෝකයේ සුරවමියන් සමග එකට එකතු වී සිහිනෙන් "ඩාන්සින් ස්‌ටාර්" බලන චන්දදාස තවත් විටෙක දකින්නේ සුරූපී උතුරු ඉන්දීය නිළියන් පිරිසකට මැදිව පබා ටෙලිනාට්‍යය බලන සිහිනයකි. තවත් විටෙක ඔහු සිහිනෙන් සිටින්නේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් සමග මහ හෝටලයක රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ ගනිමිනි. සුපිරි භාරතීය නිළි කරීනා කපූර් ඔහු උරහිසේ නිකට තබාගෙන හිසෙහි කෙහෙරැලි අතර ඇඟිළි තුඩු යවමින් සියුම් ලෙස ඔහුගේ හිස පිරිමදිමින් සිටියාය.

මේ සොඳුරු සුවබර සිහින අතර පසුගිය දිනක චන්දදාස එකම රාත්‍රියකදී හරි අපූරු සිහින හතක්‌ම දුටුවේය. ඊට පසුදාම මා හමුවන්නට ආ චන්දදාස ඒ අරුම පුදුම සිහින හත මා හමුවේ විස්‌තර කළේ මෙසේය.

පුදුමයට කාරණය මේ සිහින හතම වෙනදාට ඔහු දකිනවාට වඩා වෙනස්‌ දේශපාලන සිහින වීමය.

පළමු සිහිනය දුටුවේ රාත්‍රි 12.00 පසුවනවාත් සමගය. ඉතාම සාමකාමී සර්ව සාධාරණ මැතිවරණයකින් හිටපු ජනාධිපති මහින්ද පරදා ඉතා විශිෂ්ට ජයක්‌ ජෙනරාල් සරත් ෆොන්සේකා අත්පත් කරගන්නා ආකාරය ඔහු දුටුවේය.

රටේ ජනතාව ජයග්‍රහණයෙන් ඔද වැඩී ප්‍රීති ඝෝෂා නඟමින් ජෙනරාල් ජනාධිපති වීමේ ජය සමරන්නට වූ අතර ඉන් එක්‌ පිරිසක්‌ කඩු පොලු අතැතිව විරුද්ධවාදීන්ට පහර දෙන්නට සූදානම් වන්නට වූහ. එය දුටු ජෙනරාල්...

විරුද්ධවාදීන්ට තබා කලවැද්දෙකුට වත් හිරිහැරයක්‌ කරන්න එපා.... ජෙනරාල් කීවේය. පිරිස කඩුපොලු බිම දමා ලඡ්ජාවෙන් බිම බලා ගත්හ...

පාරවල් මැද ලිප් බැඳ ජනතාව කිරිබත් උයන්නට වූහ. උයන ලද කිරිබත් පිඟන්වලට දමාගත් ෆොන්සේකා පාක්‍ෂිකයෝ ඒවා ගෙනගොස්‌ මහින්ද පාක්‍ෂිකයන්ට බෙදන්නට වූහ. කවුරුත් සතුටින් ඉපිළ ගියහ. රටේ ජනතාව අතර වාද භේද නැත. ප්‍රශ්න නැත.

ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ රනිල්, සෝමවංශ, රවී, අනුර ඇතුළු පිරිස පිටුපස විවෘත ට්‍රක්‌ රථයක නැඟී ජනතාව කාබී ප්‍රීති වන අයුරු බලමින් රවුමක්‌ යන්නට වූහ...

දැන් කවද්ද ඔයා විධායක බලය අහෝසි කරල මාව විධායක අගමැති කරන්නේ... රනිල් නොඉවසිල්ලෙන් අසා සිටියේය.

ඉක්‌මනටම... ඉක්‌මනටම... මම විධායක බලය තියාගෙන කරන්න ඕන වැඩ කීපයක්‌ තියනවා. ඒ ටික කරපු වහාම මේක ඔයාට දීල මම නාමමාත්‍ර විධායකයා වෙනවා. එතකොට හොඳයිනේ...

රනිල් අහිංසක ලෙස ජෙනරාල් දෙස බලා ඉතා යටහත් පහත් සිනහවක්‌ පෑවේය.

ඒත් සමගම චන්දදාස ඒ සිහිනයෙන් මිදී ඉවතට ආවේය...

චන්දදාස දෙවැනි සිහිනය දුටුවේ ඊට සුළු මොහොතකට පසුවය.

කොළඹ බණ්‌ඩාරනායක සමරු ශාලා පරිශ්‍රයේ ඒ කමිටු ශාලාව පිරී ඉතිරී යන තරමට මාධ්‍යවේදීහු රැස්‌ව සිටියහ. ඔවුහු පුල පුලා බලා සිටියේ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක්‌ ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා සිය පළමු පුවත්පත් සාකච්ඡාව සඳහා පැමිණෙන තුරුය. ඒ පුවත්පත් සාකච්ඡාවට මෙතෙක්‌ කලක්‌ මහින්ද ආණ්‌ඩුවට බියේ විදෙස්‌ ගතව සැඟව සිටි මාධ්‍ය ලෝකයේ දැවැන්තයෝ කිහිප දෙනකුද පිටරට සිට පැමිණීම විශේෂත්වයක්‌ වූහ. සුනන්ද දේශප්‍රිය, සනත් බාලසූරිය, පෝද්දල ජයන්ත, උවිදු කුරුකුලසූරිය පමණක්‌ නොව එකල කොටි මාධ්‍යවේදිනියකැයි හංවඩු ගැසූ තංගරාසා පරමේශ්වරීද පැමිණ සිටියහ. තිස්‌සනායගම් ද සිටියේය. චන්දදාස ද සිටියේ මාධ්‍යවේදියකු ලෙස ය.

ජෙනරාල් ෆොන්සේකා, රනිල්, සෝමවංශ, අනුරකුමාර, හකීම් ඇතුළු පිරිස එන විට මාධ්‍යවේදීහු සියලුම දෙනා නැඟීසිටියහ. ජෙනරාල් සභාවට පැමිණි වහාම පළමුව කළේ සුනන්දට, පෝද්දලට, සනත්ට තිස්‌සනායගම්ට හා පරමේෂ්වරීට මාධ්‍ය නිදහස සමරමින් මල්දම් පළඳවා පිළිගැනීමය.

මාධ්‍ය සාකච්ඡාව ඉන් පසුව ඇරැඹිණි. ආරම්භයේදීම ජෙනරාල් තුන්හුලස්‌ නාලිකාවේ ප්‍රධානියාට හා ලංකා ඊ. නිවුස්‌ කර්තෘවරයාට තමන් ජනාධිපති කරවීමට වෙහෙසීම වෙනුවෙන් වෙන වෙනම සම්මාන දෙකක්‌ පිරිනැමුවේය. ජයග්‍රහණයේ පෙරගමන්කරුවෝ නමින් එA සම්මාන නම් කර තිබිණි.

ඔබ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නම ඕන කියල හිතනවද... මරික්‌කාර් ඇසුවේය.

ඒ ගැන තවම හිතල නැහැ. දේශපාලනය ගැන දැනුම් තේරුම් තියන අයගෙන් අහල තීරණයක්‌ ගන්නම්. ෆොන්සේකා කීවේය.

රාජපක්‍ෂවරුන්ට මොකද කරන්නේ... නඩු දාන්නේ නැද්ද...

ඒක ගැන ජාත්‍යන්තරය බලාගනීවි..

එතකොට අර ශවින්ද්‍ර සිල්වා...

එයා ගැනත් ජාත්‍යන්තරය බලා ගනීවි.

ලේක්‌ හවුස්‌ පත්තර ඔබතුමාට හරියට මඩ ගැහුවා. රටේම ඉන්න කලාකාරයෝ ඔබට විරුද්ධවී වේදිකාවට නැග්ගා. ආණ්‌ඩුවේ රූපවාහිනි චැනල් නිසි බලධාරියාගේ කීම වත් නාහ මහින්දට කඩේ ගියා. මේවාට පාඩමක්‌ උගන්නන්නේ නැද්ද... මාධ්‍යවේදීහු ඇසූහ.

මොකද නැත්තේ. මම හොඳ පාඩමක්‌ උගන්වනවා. රූපවාහිනියයි අයිටීඑන් එකයි තහනම් කරනවා. ලේක්‌හවුසිය වහනවා. සිරස ජාතියේ එකම නාලිකාව කරනවා. හඩ්සන්වයි ලලිත් සිල්වාවයි මහින්ද අබේසුන්දරවයි මුරුසි දිවයිනට පිටුවහල් කරනවා. ඊට පස්‌සේ කලාකරුවන්ට පාඩමක්‌ උගන්නන්න චිත්‍රපට ටෙලිනාට්‍ය නාට්‍ය හදන එකයි රඟපාන එකයි සින්දු කියන එකයි මියුසික්‌ කරන එකයි රටේ තහනම් කරනවා. එතකොට උන්ට තේරෙයි මම කවුද කියලා...

ඒ ප්‍රකාශයෙන් උඩ බිම නැතුව චන්දදාස අවදි වුණේය. ඉන් පසු ඔහු තුන්වැනි හීනය දුටුවේ අලුයම 1.00 ට පමණය.

හීනයේ පෙනුනේ කොළඹ වරාය අතුළත දර්ශනයකි. දෑත් පිටිතල හයා බැඳ දමන ලද ටයිකාරයෝ පෝලිමක්‌ බිමට බර කරගත් හිසින් යුතුව ගාටමින් ගාටමින් ගමන්කර අලස විලාසයකින් නැවකට ගොඩවන අයුරු චන්දදාස දුටුවේය. ෆොන්සේකා මහත් ආඩම්බර ලීලාවෙන් ඔවුන් දෙස බලා සිටියේය.

කවුද ඒ... කොහේද එයාලව යවන්නේ...

මුන්ට තමයි මේ රටේ ආර්ථික විශේෂඥයෝ කියල කියන්නේ. මුන් ටික ඉන්නකන් මේ රට දියුණු කරන්න බැහැ. සේවකයන්ගේ පඩි වැඩි කරන්න බැහැ. මම මුංව නැවක දාල පා කරල හරිනවා මූදේ... අර විජය කුමාරයාට කළා වගේ.. ජෙනරාල් උත්තර දුන්නේය.

මෙයාල පැන්නුවාට පස්‌සේ රජයේ සේවක වැටුප 10,000 කරන්න පුළුවන් වේවිද...

මොකද බැරි. සල්ලි ගහන මැෂිමට කොළ දානවා. තීන්ත දානවා. සල්ලි අච්චු ගහනවා. බෙදනවා එච්චරනේ...

එතකොට උද්දමනය වැඩි වෙනවනේ සර්... චන්දදාස කීවේය.

උඹත් එනවද පණ්‌ඩිත වචන කියල අර ආර්ථික විශේෂඥයෝ වගේ වෙන්න. දානවා බලාගනින් කලවැද්දව ඇදල අර නැවටම මෙහෙන් තොලොංචි වෙලා යන්න.

ඉන් උඩ ගොස්‌ බිම වැටී ඇහැ ඇරුණු චන්දදාස හතරවැනි හීනය දුටුවේ ඊට විනාඩි කිහිපයකට පසුවය. ඉන් ඔහු දුටුවේ ස්‌වයං නිර්ණ අයිතිය දිනාගෙන නිදහස්‌ වුණු උතුර නැගෙනහිර ජනතාවය.

උතුරේ හා නැගෙනහිර හැම හන්දියක්‌ හන්දියක්‌ පාසාම තිබුණේ ප්‍රභාකරන් හා ෆොන්සේකා එකට සිට කරට අතදාගෙන සිටින පිළිරූ ය. උතුරේ හා නැගෙනහිර දෙමළ, මුස්‌ලිම් ජනතාව එකට එකතුව මේ පිළිම දෙකට පහන් හඳුන්කූරු පත්තු කරන්නට වූහ.

අලුයම 2.30 ට පමණ චන්දදාස පස්‌වැනි සිහිනය ද දුටුවේය.

ෆොන්සේකා ජනාධිපති වීමෙන් අනතුරුව රටේ බඩු මිල ශීඝ්‍රයෙන් පහත වැටෙන අයුරු චන්දදාස ඉන් දුටුවේය. මෙතෙක්‌ දිනක්‌ සහල් සඟවාගෙන සිටි වෙළෙන්දෝ සිය සියලුම සහල් තොග එළියට දමන්නට වූහ. සුදු හාල් මිල නැවතත් රු. 40 ට අඩු විය. සම්බා කිලෝව 50 ට වැටිණි. සැමන් 80 ට ගියේය. පරිප්පු 70 ට ගියේය. සීනි 60 ට ගියේය. මෙතෙක්‌ දිනක්‌ ගෑස්‌ උස්‌සාගෙන සිටි ගෑස්‌කාරයෝද ගෑස්‌ මිල තව රුපියල් 500 කින් අඩු කළහ. පෙට්‍රල් හා ඩීසල් වලට රජය අය කරන බද්ද ඉවත් කර ඒ සහනයද ජනතාවට දෙනු ලැබූහ. රජයේ සේවකයෝ රු. 10,000 න් වැඩි වූ පඩිපත් රැගෙන ගෙවල්වලට බඩුමුට්‌ටු රැගෙන ආඩම්බරයෙන් ගෙදර යන අයුරු චන්දදාස දැක බලා ගත්තේය.

මෙය නම් හරි පුදුමාකාරම රටකි. චන්දදාස ඒ සිහිනයෙන් ද අවදි වූයේය.

චන්දදාස ඊටත් පසුව දුටුවේ මහ පුදුමාකාර සිහිනයකි. මුලින්ම දුටුවේ අහසේ කළුම කළු පාට වළාකුලකි. චන්දදාස ඒ වළාකුල තුළ කුමක්‌දෝ අමුත්තක්‌ දැක ඒ දෙස බලා සිටියේය. වළාකුලක්‌ කියලද හිතේ... නැහැ. ඔය යන්නේ රටේම ඉන්න මදුරුවෝ.. පුදුමයි නේද.. ජෙනරාල් කීය.

ඔව්... ඇත්තට මේ කට්‌ටිය එකතුවෙලා කොහේද යන්නේ...

රට අතහැරල යනවා. මීට පස්‌සේ ඔය ඩෙංගුයි, බරවයි, මැලේරියාවයි වගේ වසංගත එකක්‌වත් රටේ නැහැ... ජෙනරාල් සිය අලංකාර දත් දෙපෙළ පෙන්වමින් ආඩම්බර ලෙස සිනහසුනේය.

එතකොට අර මීයෝ ටික කාණුවල පේළියට ඇදිල යන්නෙ කොහේද.

උන් කාණු දිගේ ගිහිල්ල කැලණි ගඟට පැනල දිවි හානිකර ගන්නවා. එතකොට මේ රටෙන් මී උණ ඉවරයි. ඌරෝ ටික පේළි ගැහිල මීගමුවට ගිහින් මීගමුවෙන් මුදට පනිනවා. ඊට පස්‌සේ ඌරු උණ ඉවරයි. කුකුලෝ ටික නොකා නොබී ඉඳල දිවි හානිකර ගන්නවා. එතකොට කුරුළු උණත් ඉවරයි.

චන්දදාස එවර අවදි වූයේ පුදුමය ඉවසාගත නොහැකිවය.

ඉන් පසු ඔහු අවසාන සිහිනය වන හත්වැනි සිහිනය දුටුවේය.

එය එක්‌තරා උත්සවයකි. ඒ වන විට මහ මැතිවරණය ද පවත්වා ප්‍රතිඵල ද නිකුත් කොට තිබිණි. හංසයා ලකුණෙන් තරග වැදි කණ්‌ඩායමේ නායකයා ලෙස රනිල් නව ආණ්‌ඩුවක්‌ පිහිටුවා එහි අගමැතිව සිටියේය. උත්සවය පැවැත් වුණේ පරණ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය ඉදිරිපිටය. උත්සවය පැවැත් වූයේ ජනාධිපති ජෙනරාල් සිය විධායක බලතල අගමැති රනිල්ට පවරාදීම සඳහාය.

උත්සවය ඇරැඹීමට පෙර සරත් ෆොන්සේකා ගොස්‌ සිය ලේකම් කාර්යාලය ඉදිරිපිට ජාතික වීරයන්ගේ පිළිරූ අතර අලුතින් ඉදිකර තිබූ පිළිරුවක්‌ නිරාවරණය කළේය. අනතුරුව ඊට මල්දමක්‌ පළඳවා ආචාරයක්‌ ද පුද කළේය..

ඒ පිළිරුව බොහෝ දෙනකු හඳුනා ගත්තේ මොහොතකට පසුවය. එය පුදුමයට කාරණයක්‌ වූයේ ප්‍රභාකරන්ගේ පිළිරුවක්‌ වීම නිසාය.

ඇයි සර්... මෙයා ත්‍රස්‌තවාදී නායකයෙක්‌නේ. අපේ ජාතික නායකයෝ කීදෙනෙක්‌ව මෙයා මැරුවද මෙයාට කොහොමද අපි ජාතික වීරයෙක්‌ කියල පිළිගන්නේ.

එහෙම කියන්න එපා. මෙයා මට මෙතෙන්ට එන්න හුඟක්‌ උදව් කළා. ඒ උදව්වම මදි ද ජාතික වීරයෙක්‌ වෙන්න.

කොහොමද එහෙම වෙන්නේ.

එහෙම වෙන්නෙද එහෙම වෙන්නේ මෙහෙමයි.

මෙයා ත්‍රස්‌තවාදී නායකයෙක්‌ නිසා තමයි රටේ යුද්ධයක්‌ ඇති වුණේ. යුද්ධය නිසා තමයි මම කරලියට එන්නේ. මෙයාව මරපු හින්ද තමයි අපි යුද වීරයෝ වෙන්නේ.
යුද වීරයෝ නිසා තමයි ජනතාව අපිට ඡන්දේ දෙන්නේ. ඉතින් දෙයියනේ මෙයා නැත්නම් මම කොහොමද මේ රටේ ජනාධිපති වෙන්නේ. මගෙ දෙයියා... කියමින් ජෙනරාල් ෆොන්සේකා පිළිරුව ඉඹගෙන ඉඹගෙන ගියේය.

චන්දදාස සිය සිහින හත මා ඉදිරියේ විස්‌තර කර කීවේ එසේය.







බුලිත ප්‍රදීප් කුමාර