.

Showing posts with label ravi karunanayake. Show all posts
Showing posts with label ravi karunanayake. Show all posts

Saturday, January 30, 2010

එළියට දාපු අලවංගුව තමයි සරත් ෆොන්සේකා...


මහින්දයි රනිලුයි දෙන්නම දිනුම් .....

ජනාධිපතිවරණය අවසන් වී අවසාන ප්‍රතිඵලයද නිකුත්වී දින ගණනකි. ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැවත වතාවක්‌ මේ රටේ පාලන බලය හිමිකරගෙන අවසන්ය. ජනාධිපති මහින්ද ඇතුළු සහෝදර සමාගමේ වංචා දූෂණ රටට හෙළිකර ඔවුන්ගේ පාලන සමය
අහෝසිකොට ඔවුන් ගෙදර යවා රටට සැබෑ වෙනසක්‌ අත්පත් කරදෙනවා යෑයි කී විපක්‍ෂ සන්ධානයේ නිර්පාක්‍ෂික අපේක්‍ෂක සරත් ෆොන්සේකා මේ වන විට දේශපාලන ලෝකයේ ආගිය අතක්‌ නැති ගානය....

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණය තුළ
කිසිවිටෙකක්‌ රටේ ජනතාවට අමතක කළ නොහැකි කරුණු කාරණා බොහෝය. රසමුසු තැන්ද බොහෝය. එබඳු රසමුසු තැන් කිහිපයක්‌ නැවතත් මෙනෙහි කරමින් රසවිඳීම මේ ලිපිය ලිවීමේදී මගේ අරමුණ විය.

පසුගිය ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරක සමයේදී අප වඩාත්ම ආශා කළේ ඒ ඒ අපේක්‍ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් තැන් තැන්වලදී කළ කතා ඇසීමටය. අප රූපවාහිනි නාලිකා ඒ කතා වල තිබූ හරබර සුවිශේෂී තැන් පමණක්‌ නොව රසබර හාස්‍ය බර ජවනිකාද ඉතා අපූරුවට අප හමුවේ ගෙනහැර පෑහ.

අතීතයේදී නම් බඩේ බඩවැල් එළියට එනතුරු හිනාවෙන්ට හරි අපූරු ඔල්මොරොන්දන් කතා රටට කීවේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහය. විටෙක ඔහු පස්‌දුන් කෝරළයේ ඉතිහාසය ගැන මවිතය දනවන කතාවක්‌ ගෙන ඇදබාමින් ප්‍රේක්‍ෂකයා කුල්මත් කළේය. තවත් විටෙක කාගේදෝ ලණුවක්‌ කමින් මේ රටේ තරුණ තරුණියන්ට ඩෙනිම් අන්දවන්නටත්, බ්‍රේස්‌ලට්‌ පළන්දන්නටත් චුයින්ගම් කවන්නටත් යොමුකරන ආකාරයේ කතාවක්‌ කළේය. ඒ ඉස්‌සරය. ඊටත් පසුව රනිල් ඡන්දයකදී ඡන්දය පැවැත්වෙන දිනය වරද්දවා කියමින් තවත් නාට්‍යමය ජවනිකාවක්‌ රඟපෑවේය.

ඒ ඔක්‌කොම පරණ කතාය. අද වන විට අපට රසවිඳින්නට ඊටත් වඩා අලුත් කතා බොහෝ තිබේ.

ඒ අතර වඩාත් කැපීපෙනෙන පුද්ගලයන් හිටියේ ජනතා විමුක්‌ති පෙරමුණේය.

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සිය හාස්‍යමය ජවනිකාව ගෙන හැර පෑවේ තම අපේක්‍ෂකයාගේ ඡන්ද ලකුණ වරද්දා ගනිමිනි.

"මේ පාර අලියා නෑ. පුටුව නෑ. තියෙන එකම ලකුණ සීනුව. රට දිනවන ලකුණ, රට හදන ලකුණ සීනුව...."

ටිල්වින්ට හංසයා වෙනුවට සීනුව මාරුවුණේ එලෙසය.

ඊළඟ විහිළුව කරනු ලැබුවේ ජනතා විමුක්‌ති පෙරමුණේ අද සිටින ප්‍රමුඛම නායකයා ලෙස සැලකෙන අනුර කුමාර දිසානායකය.

"මෙම මැතිවරණයේදී ජය ගන්නේ මහින්ද රාජපක්‍ෂ. මහින්ද රාජපක්‍ෂගේ ජයග්‍රහණය නියතයි....." ඔහු වේදිකාවට ගොඩවී සිටියේ සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණය ගැන කතා කරන්නටය. එහෙත් කට බොරුකියන්නට උත්සාහ කළත් ඔහුගේ දිව ඔහුට බොරුකියන්නට ඉඩදුන්නේ නැත. ඔහු දිගින් දිගටම එදා එසේ කී අනාවැකිය අද සත්‍යයක්‌ වී ඇති බව පැහැදිලිය.

මේ අතර සරත් ෆොන්සේකාගේ වේදිකාවේදී සුරූපී රෝසි සේනානායක නෝනාද අපූරු කතාවක්‌ කියා පොට වරද්දා ගත්තාය.

"මේ මැතිවරණයේදී ජනතාව නිවැරදිදේ තෝරාගනීවි. හරියට අර සිංහයා කිරෙන් දිය වෙන්කරගන්නවා වගේ ...."

කිරෙන් දිය වෙන්කර ගන්නේ සිංහයා නොව හංසයා බව අඩුමතරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාවත් රෝසිට කියාදී නැතිවීම කනගාටුවට කාරණාවකි....

මේ අතර තවත් නාලිකාවක්‌ ජනතාවට අතීතය මතක්‌ කරදීමටද හරි හරි අපූරු දේවලේ කළේය. ඒ අතර කැපීපෙනුනේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහය.

සෝමවංශ අමරසිංහ මීට වසර ගණනාවකට පෙර එක්‌තරා වතාවක්‌ සාකච්ඡාවක්‌

සඳහා ස්‌වාධීන රූපවාහිනියට පැමිණ තිබිණි. සාකච්ඡාව මෙහෙයවූයේ සුදර්මන් රදලියගොඩය. එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළේ ජවිපෙ නායකත්වය රටට අහිමිවීමේ අතීතය ගැනය. ඔහු ඒ ප්‍රශ්නය නිසා ඉතා සංවේදී විය. සිය පක්‍ෂයේ සදාදරණීය නායකයා වූ රෝහණ විඡේවීරගේ දෙකකුල් වලට වෙඩි තබා පණ කෙන්ද තුරන් වන්නට පෙර දෑතින් හා දෙපයින් අල්ලා පද්දවා බොරැල්ල කනත්තේ බෝයිලේරුවට විසිකර පණ පිටින් පුච්චා මරා දැමීමේ අතීතය ඔහු මතක්‌කර දුන්නේ කඳුළු වගුරවමිනි.

ඔහු කීවේ තම මිත්‍රයා තම නායකයා පණ පිටින් පුලුස්‌සා මරා දැමුවේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව කියාය.

මෙම අතීත සිදුවීම ස්‌වාධීන රූපවාහිනිය ගෙන හැර පෑවේ රෝහණ විඡේවීර ගැන රටේ ජනතාවට මතක්‌ කර දීමට නම් නොවේ. එදා විඡේවීරගේ මරණය සම්බන්ධයෙන් රටේ ජනතාව බලාසිටියදී කඳුළු වගුරවමින් හඬමින් එජාපයට චෝදනා කළ සෝමවංශ අමරසිංහ මේ ඉතා මෑතකදී ටයිකෝට්‌ ඇඳ පැළඳ මුව පුරා විහිදුණු පුළුල් සිනාහවකින් යුතුව රනිල් වික්‍රමසිංහ තදින් වැළඳ සිටින අවස්‌ථාවක්‌ ප්‍රසිද්ධ වීම නිසාය. කලකදී වහලු කලකදි රස වෙනවාලු කියා කියන්නේ මේවාට බව රටේ ජනතාවට කියාදීමට රූපවාහිනිය ඒ අවස්‌ථා දෙකම නොමසුරුව ප්‍රචාරය කර තිබිණි.

රූපවාහිනිය හා ස්‌වාධීන රූපවාහිනිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රචාරක ව්‍යාපාරයට සහාය දෙමින් ඒ කටයුත්ත හරි අපූරුවට කළ බව මගේ හැඟීමය.

විපක්‍ෂයේ නිර්පාක්‍ෂික සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය ආකාර දෙකක්‌ ගත්තේය. එක්‌ පැත්තකින් ඔවුහු කළේ තම අපේක්‍ෂකගේ පෞරුෂය හා අභිමානය මෙන්ම ප්‍රෙෘඪත්වය ඉස්‌මතු වන ආකාරයට ප්‍රචාරක සැලසුම් සකස්‌ කිරීමය. අනිත් අතට ඔවුහු කළේ ෆොන්සේකාගේ ප්‍රබල ප්‍රතිවාදියා වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රතිරූපය විනාශ වන ආකාරයට තම ප්‍රචාරක ව්‍යාපාර සැලසුම් කිරීමය. ඒ සඳහා ඔවුහු කටකතා මඩ පත්‍රිකා, මඩ පෝස්‌ටර්, ඊමේල් හා එස්‌. එම්. එස්‌. බොහෝ අපූරුවට යොදාගෙන තිබෙන බව පෙනිණි. ජනාධිපති මහින්ද හා රාජපක්‍ෂ සමාගම පිළිබඳවද ඔවුන්ගේ වංචා දූෂණ කටයුතු පිළිබඳවද හොරකම් පිළිබඳවද නිර්මාණාත්මක ලෙස ගොතන ලද කයි කතන්දර රැසක්‌ ඉතා සංවේදීව කටකතා තුළින් පතුරුවා හැරීම එහිදී ඔවුන්ගේ මූලික සැලසුම වූහ.

ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ මුල් අදියර තුළ මේ කටකතා ප්‍රචාරයට විශේෂ තැනක්‌ ලැබිණි. දුම්රියේ බස්‌රියේ කාර්යාලයේ කඩේ පොළේ හන්දියේ ඉතා සැලසුම් සහගතව ප්‍රචාරය කළ කටකතා ඉතා ඉක්‌මණින් රට පුරා පැතිර ගියේය. රාජපක්‍ෂ සහෝදර සමාගම පසුගිය කාලයේ කළ හොරකම්, ඒවායින් ඉපයූ මුදල්, ඒ මුදල්වලින් ගත් ඉඩකඩම් ගොඩනැඟිලි ගෙවල්, ඉස්‌පිරිතාල, හෝටල් හා වාහන පිළිබඳ නොයෙකුත් පුවත් රට පුරා පැතිර යන්නට වැඩි කලක්‌ ගත වුණේ නැත.

මේ සියල්ල නිසා මුල් ප්‍රචාරක අදියරෙහිදී නිර්පාක්‌ෂික අපේක්‌ෂක ෆොන්සේකා ජනාධිපති මහින්දට වඩා ඉදිරියට ආවේය.

ජනාධිපතිවරණයට සතියක්‌ තිබියදීත් ෆොන්සේකා ලද ජනප්‍රියත්වය ඉතා ඉහළ එකක්‌ වුණේය. ජනපති මහින්ද සිටියේ අවදානම් සහගත තත්ත්වයකය. ජනපති මහින්ද වෙනුවෙන් කතා කරන්නට වේදිකාවේ කථිකයෝ බොහෝ ගණනක්‌ සිටියත් ෆොන්සේකාගේ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් සතිය වනතුරත් සිටියේ ඉදිරියෙනි.

සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ හුවමාරුවූ මුදල් ප්‍රමාණය සුවිශාලය. රූපවාහිනි නාලිකාවල පළවූ හා පුවත්පත්වල පළවූ දැන්වීම්වල වටිනාකම අනුව බැලුවත් මේ මුදල රුපියල් මිලියන 1114 ක්‌ වන බවද ගණන් බලා තිබිණ. එවන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්‌ රජයට නොතිබිණි.

කෙසේ නමුත් රාජපක්‍ෂවරු පිළිබඳ දිගින් දිගටම කී අවලාදය ජනතාවටද එපාවී ගියේය. එකම කතාව නිතර අසා ජනතාවට තිත්ත වී ගියේය. ඒ තිත්ත කතා වෙනුවට අන්තිම සතිය වනවිට සත්‍ය කතාවද ප්‍රචාරය වන්නට පටන් ගත්තේය.

අවසන් සතිය වන විට ෆොන්සේකා ලබා තිබූ ජනප්‍රියත්වය නැවත ජනාධිපති මහින්ද රාජපක්‌ෂ කරා ඇදෙන්නට වූයේය. ඡන්දයට සතියක්‌ තිබී ජනපති මහින්දගේ පැත්තට කැරකී ආ ජනරැල්ල ඔහුට දරාගන්නට නොහැකි එකක්‌ තරම් වූහ.

අවසානයේ ජනපති මහින්ද ලබාගත්තේ කිසිවකු අපේක්‍ෂා නොකළ තරමේ අති විශාල ජයග්‍රහණයකි.

මෙම ඡන්ද ප්‍රතිඵලයත් සමගම අන්ත පරාජයට පත්වූයේ සරත් ෆොන්සේකා නොව, ජනතා විමුක්‌ති පෙරමුණය.

ජනතා විමුක්‌ති පෙරමුණ දෙස අපේක්‍ෂා සහගතව නිතර බලාසිටියේ මේ රටේ පාවෙන ඡන්ද හිමි මධ්‍යස්‌ථ මතධාරීන්ය. ඔවුහු ජවිපය ගැන සිතුවේ නිතර රට වෙනුවෙන් වැඩ කරන පරාර්ථය සලකන ආත්මාර්ථය නොසලකන පක්‍ෂයක්‌ කියාය. එහෙත් මේ ඡන්ද ප්‍රතිඵලයත් සමගම පෙනෙන්නට ඇති කාරණය වන්නේ පාවෙන ඡන්දවල ඡන්ද පදනමින් නිතර ශක්‌තිමත් වූ ජවිපයට මෙවර අත් වී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමයි.

පසුගිය 2005 මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණේ සහ දෙමළ සන්ධානයේ මෙන්ම කොටි සංවිධානයේ සහාය නැතුවත් රනිල් වික්‍රමසිංහ ඡන්ද ලක්‌ෂ 47 ක්‌ මේ රටෙන් ලබාගත්තේය. එහෙත් සරත් ෆොන්සේකාට මේ සියලු ආකාරයේ සහායන් මෙවර ලැබී තිබීම විශේෂත්වයකි. එහෙත් ඔහු ලැබූ ප්‍රමාණය රනිල් ගියවර ලබාගත් ඡන්ද ප්‍රමාණයට යාන්තමින් හෝ කිට්‌ටුවට යාමටවත් බැරි විය.

මෙම ප්‍රතිඵලයට අනුව මේ ජනපතිවරණයේ ජයග්‍රහණය ලැබූ එකම පුද්ගලයා ජනපති මහින්ද පමණක්‌ නොවේ. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහද මෙවර ඡන්ද ප්‍රතිඵලයත් සමගම විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාගත්තේය. එක්‌සත් ජාතික පක්‍ෂය තුළ ඔහුගේ නැතිව ගොස්‌ තිබූ නායකත්වයේ ස්‌ථාවරය නැවත වරක්‌ ආරක්‍ෂාකර ගැනීමට මෙහිදී රනිල් සමත් වී තිබිණි.

රනිල් සිටියේ ඔහුට පක්‍ෂ නායකත්වය අහිමි වෙන්නට ඔන්න මෙන්න අඩියකය. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ඉදිරිපත්a කරන්නට ඔහු කැමැති වූයේද පක්‍ෂයේ අනිත් විවේචකයන්ගේ ඉල්ලීමට පිටුපාන්නට බැරි නිසාය...

දැන් රනිල්ට කියන්නට හරි අපූරු උත්තරයක්‌ තිබේ...

ඔයගොල්ල කිව්වනේ මම නැතුව වෙනත් පොදු අපේක්‍ෂකයෙක්‌ ඕන කියලා. පොදු අපේක්‍ෂකයෙකුට මහින්දව පරද්දන්න පුළුවන් කියලනේ යුද වීර සරත් ෆොන්සේකාව දැම්මේ... කෝ.. එයාට මම ගනිපු තරම්වත් ඡන්ද ගත්ත පුළුවන් වුණාද...

මේ පිළිබඳව කතා කරන විට මා මතකයට නැගෙන්නේ පසුගිය දිනක ඩලස්‌ අලහප්පෙරුම මැතිවරණ වේදිකාවකදී කියපු කතාවකි...

"වහින අවස්‌ථාවල අකුණු ගහනකොට අපේ ගමේ ගොඩේ උදවිය කරන දෙයක්‌ තියනවා. ඒ තමයි ගෙවල්වල තියන අලවංගු, උදළු, පිහි ඔක්‌කොම මිදුලට වීසි කරනවා හෙණ වදින එකෙන් බේරෙන්න. එහෙම කළාම හෙණ වදින්නේ එළියේ තිබෙන අලවංගු උදළුවලට කියල විශ්වාසයක්‌ අපේ ගමේ මිනිස්‌සුන්ට තියනවා. අන්න ඒ වගේ රනිල් වික්‍රමසිංහ 27 වනදා උදේට නොවරදවාම තමන්ට වදින අකුණු පහරින් බේරෙන්න එළියට දාපු අලවංගුව තමයි
සරත් ෆොන්සේකා...

බුලිත ප්‍රදීප් කුමාර

Monday, January 25, 2010

ඇත්ත කතාව,,,,


පොරොන්දු ඉටු කිරීමේ ඇත්ත කතාව

ලංකා ඉතිහාසයේ තවත් තීරණාත්මක ජනාධිපතිවරණයක කට ළඟට අපි පැමිණ සිටිමු. දශක තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවති කොටි ත්‍රස්‌තවාදීන්ගේ ශාපය නිම කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම ජනාධිපතිවරණය මෙයයි. මෙය මුළු රටම මැතිවරණ උණුසුමෙන් උණුසුම් වී ඇති මොහොතකි. එසේම ජනතා සිත්සතන් ආකූල ව්‍යාකූල කළ දැඩි තරගකාරී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක අවසානයටද අප පැමිණ ඇත. ප්‍රධාන ජනපති අපේක්‌ෂකයන් දෙදෙනාම සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනු ලැබුවත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගතව ඇති ප්‍රතිපත්තිමය කරුණුවලටත් වඩා ජනතාව වැඩි අවධානයක්‌ යොමු කළ බව පෙනී ගියේ මැතිවරණ වේදිකාවේ කියන කතා වලටය. එහෙත් ප්‍රධාන ජනපති අපේක්‌ෂකයන් දෙදෙනාම ක්‍රියාත්මක කිරීමට ජනතාවට ප්‍රතිඥා දී තිබෙන්නේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත කරුණුය. ඒ නිසා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයකට හෝ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ඒ නිසා සියලූම කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමට අපහසු වුවත්, ප්‍රධාන ජනපති අපේක්‌ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගත ආර්ථිකමය වශයෙන් වැදගත් කරුණු කිහිපයකට අපි අවධානය යොමු කරමු.

ජනාධිපති අපේක්‌ෂකයන් දෙදෙනාම නොයෙකුත් සහන පොරොන්දු රාශියක්‌ ජනතාවට ලබා දී ඇත. මෙකී සහන පොරොන්දු ගැන වෙන වෙනම කතා කරනවාට වඩා සහන පොරොන්දු ඉටු කිරීමේ පොදු යථාර්ථය පිළිබඳව අපි හඳුනාගැනීම වඩා වැදගත්ය. එවිට එකී සහන පොරොන්දු ඉටු කිරීමේ ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව ඔබටම අවබෝධ කර ගැනීමට පහසුය.

සහන පොරොන්දු ඉටු කිරීමේ දී සිදු වන ප්‍රධාන රාජ්‍ය මුල්‍ය බලපෑම් දෙකකි. එනම් රජයේ වියදම් ඉහළ යැමට තුඩු දීම සහ රාජ්‍ය ආදායම් අඩුවීමට හේතුවීම යන කරුණු දෙකයි. උදාහරණයක්‌ ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කිරීම නිසා එය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය වියදම් ඉහළ යයි. ප්‍රධාන ජනපති අපේක්‌ෂකයන් දෙදෙනාම රාජ්‍ය සේවක වැටුප් නැංවීමකට පොරොන්දු ලබා දී ඇත. වැඩි කරන වැටුපේ ප්‍රමාණය කුමක්‌ වුවත්, පොදු ප්‍රතිඵලය රජයේ වියදම් ඉහළ යැමයි. එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදු තවත් අඩු කරන බවට ලබා දී ඇති පොරොන්දුව ඉටු කිරීමේ දී සිදුවන්නේ රජයේ බදු ආදායම අඩු වීමයි. මෙලෙස කවුරුන් බලයට පත් වී සහන පොරොන්දු ඉටු කළත් එහිදී රජයේ වියදම් ඉහළ යැම සහ රාජ්‍ය ආදායම් අඩු වීම යන ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම සිදු වන්නකි. මෙහි අවසාන ප්‍රතිඵලය රජයේ සමස්‌ත අයවැය හිඟය ඉහළ යැමයි. එනම් රජයේ ආදායම් සහ වියදම් අතර පරතරය ඉහළ යැමයි.

එසේ නම් සහන පොරොන්දු ඉටු කිරීම සඳහා යම් වියදමක්‌ දැරීමට සිදු වෙනවා නම් හෝ ආදායම් අහිමි වීමක්‌ සිදු වෙනවා නම් එහි බර දරන්නේ කවුද? මෙය අප තේරුම් ගැනීම ඉතා වැදගත්ය. රජයට වියදම් දැරීම සඳහා මුදල් සොයා ගන්නේ ජනතාවගෙන් බදු අය කර ගැනීමෙනි. අප දන්නා පරිදි අවසාන වශයෙන් රාජ්‍ය වියදම් දරනු ලබන්නේ මහා භාණ්‌ඩාගාරයයි.

මහා භාණ්‌ඩාගාරයට ආදායම් ලැබෙන්නේ ජනතාවගෙන් රැස්‌ කරගන්නා බදු මුදල් වලිනි. රාජ්‍ය වියදම් දැරීමට රාජ්‍ය ආදායම් ප්‍රමාණවත් නොවන විට (අයවැය හිඟයක්‌ පවතින විට) එය පියවා ගනු ලබන්නේ රජයක්‌ විසින් ණය ගැනීමෙනි. දේශීය වශයෙන් ගත්තත් විදේශීය වශයෙන් ගත්තද එම රාජ්‍ය ණය බර පැටවෙන්නේද මහජනතාව මතය. රජයේ ණය වගකීම දරනු ලබන්නේ පොදු මහජනතාව විසිනි.

මේ නිසා සහන පොරොන්දු ඉටු කිරීමේදී අපට (හෝ යම් පිරිසකට) "යමක්‌ දෙනවා" යන්නෙහි තේරුම ඊට සමාන මුදලක්‌ අපෙන් නැවත ගන්නවා (බදු වශයෙන් අයකර ගන්නවා) යන්නයි. ඒ නිසා මහින්ද රාජපක්‌ෂ මහතා බලයට පත් වුවත්a ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති වුවත් මේ කියන සහන පොරොන්දු ඉටු කර ගැනීමට සිදු වන්නේ ජනතාවගෙන්ම බදු මුදල් අය කර ගැනීමෙනි. එසේ නැතුව මහින්ද රාජපක්‌ෂ හෝ සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ පුද්ගලික ධනයෙන් නොවේ. ඒ නිසා සෑම රාජ්‍ය වියදමකම බර දරන්නේ මහජනතාව නිසා ඔය සහන පොරොන්දු ඉටු කිරීමේ බර පැන දරන්නේ වෙන කවුරුත් නොවේ. අතිමහත් බහුතර පොදු මහජනතාවයි. එහෙත් මෙකී වියදම් පියවා ගැනීම සඳහා ආදායම් රැස්‌ කර ගැනීමේ ක්‍රමවේද ගැන තවමත් අපට හරිහැටි පැහැදිලි නැත.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු තවත් සහන ගණනාවක්‌ රාජ්‍ය සේවකයන්ට ලබාදීමට ජනාධිපති අපේක්‌ෂකයන් දෙදෙනාම පොරොන්දු වී ඇත. ජෙනරාල් සරත් ෆොන්සේකා රාජ්‍ය සේවක මාසික වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීමට ද, ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා රාජ්‍ය සේවක මාසික වැටුප රුපියල් 2500 කින් ඉහළ නැංවීමට ද පොරොන්දු ලබා දී ඇත. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි නොකළ යුතු බව හෝ රජයක්‌ විසින් ජනතාවට කිසිදු සහනයක්‌ ලබා නොදිය යුතු යෑයි අප කියන්නේ නැත. එහෙත් මේ සහන ලබා දීමේදී රටේ ආර්ථික තත්ත්වය, රාජ්‍ය මුල්‍ය තත්ත්වය යනාදියද සලකා බලා සමස්‌ත ජනයාගේ අසහනය වර්ධනය නොවන පරිදි සුදුසු සහන සුදුසු ප්‍රමාණවලින් ලබාදීම වඩාත් වැදගත් වේ. නැතහොත් ඔය කියන සහන නිසා රටේ සමස්‌ත ජනයාගේ අසහනය වර්ධනය වන්නට පුළුවන. කුමන අපේක්‌ෂකයා ජනපති වුවත් රජයේ නිල ආර්ථික උපදේශක වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මේ අවස්‌ථාවේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවේ අදහස කුමක්‌ද? "මෑත කාලීන ආර්ථික ප්‍රවණතා" නමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෑතදී නිකුත් කළ වාර්තාවේ 42 වැනි පිටුවේ ඇති සඳහන මෙසේය.

"ඵලදායිතාවයෙහි වැඩිදියුණු කිරීම් සඳහා කාර්යක්‌ෂම වැඩ පිළිවෙළක්‌ රහිතව රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම, අහිතකර රාජ්‍ය මූල්‍ය ප්‍රතිවිපාක සහ වැටුප් මිල දඟරය තුළින් උද්ධමනය මත පීඩනයක්‌ ඇති කරයි. අඛණ්‌ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක අවශ්‍යතාව පවතින උද්ධමනය සාපේක්‌ෂක පහළ මට්‌ටමක පවතින, පරිසරයක රාජ්‍ය අංශයේ වැටුප්වල සැලකිය යුතු ඉහළ නැංවීමකට ඉඩ සැලසීම එතරම් ඥාණාන්විත නොවේ."

මේ අනුව අපට පැහැදිලි වන්නේ මේ අවස්‌ථාවේදී රාජ්‍ය සේවක වැටුප් විශාල වශයෙන් ඉහළ නැංවීම සුදුසු දෙයක්‌ නොවන බවයි. ඒ තුළින් යළිත් උද්ධමනය ඉහළ ගොස්‌ සමස්‌ත ජනයාගේ "අසහනය" වර්ධනය විය හැකිව තිබෙන බවයි. කවරක්‌ නමුත් විපක්‍ෂයෙන් ඉදිරිපත් වන තර්කවලින් පැවසෙන්නේ වංචාව දූෂණය නතර කිරීමෙන් සහ ඇමැති මණ්‌ඩලය අඩු කිරීමෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සහන පොරොන්දු ඉටුකළ හැකි බවයි. මෙය කළ හැකි දෙයක්‌ ද යන්නත් අපි විමසා බැලිය යුතු කරුණකි.

වංචා හා දූෂණ පිළිබඳ සඳහන් කිරීමේදී ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරන කාරණා තුනක්‌ ලෙස මහා පරිමාණ වැට්‌ බදු වංචාව, හෙජින් ගිවිසුම් නිසා වන පාඩුව සහ ඇමැති මණ්‌ඩලය නඩත්තු කිරීමට අති විශාල මුදලක්‌ දරමින් තිබීම වැනි කාරණා ප්‍රමුඛ කාරණා ලෙස ඉදිරිපත් වෙයි. මේ වැට්‌ බදු වංචාවට තෙල් සංස්‌ථාවේ දූෂිත හෙජින් ගිවිසුම්වලට එරෙහිව පුවත්පත් කලාවේදීනි වශයෙන් අප ඕනෑ තරම් විවේචන ඉදිරිපත් කර ඇත. ඇමැති මණ්‌ඩලය වැඩි බවද ඇත්තය. මේවා තුළින් අති විශාල මහජන ධනයක්‌ නාස්‌ති වූ බවද ඇත්තය. එහෙත් මේ අතරම මේ කරුණු කාරණා සම්බන්ධයෙන් විශාල මහජන නොමඟ යෑවීම් සිදුකරමින් තිබීම ද කනගාටුවට කරුණකි. මෙයින් ප්‍රධාන කරුණක්‌ ලෙස ඇමැති මණ්‌ඩලය නඩත්තු කිරීමට යන වියදම පිළිබඳ අසත්‍ය තොරතුරු ඉදිරිපත්ව තිබීම පෙන්වා දිය හැකිය. මේ පිළිබඳ මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට දැක්‌වූයේ මෙවන් අදහසකි.

"පසුගියදා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ප්‍රසිද්ධ පුවත්පත්වල පළකර තිබූ එක්‌තරා දැන්aවීමක මෙසේ සඳහන් කර තිබුණා. එනම් "ආණ්‌ඩු පක්‍ෂයේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම කුමන අන්දමකින් හෝ අමාත්‍යවරයකු වී ඇත්තේ ලෝකයේ හාස්‍යයට ලක්‌වෙමිනි. සුදු අලියෙක්‌ බඳු මේ දැවැන්ත අමාත්‍ය මණ්‌ඩලය නඩත්තු කිරීමට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන 1890 කි." යන්නයි. මේ සඳහන සම්පූර්ණ අසත්‍යයක්‌. 2009 වසරේ ඇමැති මණ්‌ඩලය වෙනුවෙන් වැය වූ සත්‍ය වියදම රුපියල් බිලියන 1.89 ක්‌ (රුපියල් කෝaටි 189 ක්‌) පමණයි. ඒ නිසා ඇත්ත වටිනාකම දහස්‌ ගුණයකින් වැඩි කර මෙසේ මහජනතාව නොමඟ යවන්නේ ඇමැති මණ්‌ඩලය අඩු කිරීමෙන් සියලු ප්‍රශ්න විසදෙන බව පෙන්වා දීමටයි."

ඇමැති රංජිත් සියඹලාපිටිය කියන ඉලක්‌කම සත්‍ය නම් මුළු ඇමැති මණ්‌ඩලයම අහෝසි කළ ද ඉතුරු කරගත හැකි උපරිම මුදල රුපියල් කෝටි 189 ක්‌ පමණකි. ජෙනරාල් සරත් ෆොන්සේකා පවසන පරිදි රාජ්‍ය සේවක මාසික වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීම සඳහා පමණක්‌ යන වාර්ෂික වියදම රුපියල් බිලියන 144 ක්‌ (රුපියල් කෝටි 14400 ක්‌) වෙයි. එසේම ජෙනරාල් ෆොන්සේකා බලයට පත් වුවත් වැට්‌ වංචාවේ මුදල් හෝ හෙජින් ගිවිසුම් නිසා සිදු වන අලාභයට අදාළ මුදල ඔය කියන ඉලක්‌aකම් වලින් ආර්ථිකයට අලුතින් ලැබෙන්නේ නැත. ඒ නිසා වංචා හා දූෂණ නැතිකර ඇමැති මණ්‌ඩලය අඩුකර, ජෙනරාල් සරත් ෆොන්සේකා දැනටමත් ජනයාට ලබාදී ඇති සහන පොරොන්දු ඉටුකළ හැකිය යන්න ඇත්තක්‌ නොවේ. අවසානයේ සිදු වනු ඇති එකම දෙය මේ සියලු සහනවල බර මහජනයාට දරන්නට සිදුවීමෙන් ඒ අයගේ අසහනය වර්ධනය වීමයි.

වංචාවට, දූෂණයට සහ අක්‍රමිකතාවට ලක්‌වන සෑම රුපියලක්‌ම මහජන මුදල් නිසා ඒවා වළක්‌වා ගැනීමට ගත හැකි හැම පියවරක්‌ම ගත යුතුය. ඒවාට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. වංචා හා දූෂණ නිසා රජයට සිදු වූ අලාභයෙන් කොපමණ ප්‍රමාණයක්‌ වුවත් නැවත අයකර ගත හැකි නම් ඒවා අය කරගත යුතුමය. ඒ ගැන කිසිම තර්කයක්‌ නැත. වංචා හා දූෂණ නවතා, ඇමැති මණ්‌ඩලය අඩුකිරීමෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සහන පොරොන්දු ඉටුකළ නොහැකිය යන්න ඇත්ත තත්ත්වය වුවත් රුපියලකින් හෝ මහජන මුදල් නාස්‌තියට හෝ දූෂණයට ලක්‌වන්නට ඉඩ දිය යුතු නැත.

වැට්‌ බදු වංචාව වළක්‌වා ගැනීමටත්, දූෂිත හෙජින් ගිවිසුම් වලට වගකිව යුත්තන්ට එරෙහිවත් මේ රජය හරිහැටි ක්‍රියාත්මක නොවූ බවද කිව යුතුමය. ඒ නිසා දැවැන්ත මහජන මුදල් සම්භාරයක්‌ රටට අහිමි විය.

යුද ජයග්‍රහණයෙන් පසුව රටට උදා වූයේ ස්‌වර්ණමය අවස්‌ථාවකි. ඒ අවස්‌ථාවේදී රට මෙන්ම ජාතියද එක්‌සේසත් විය. එහෙත් යුද්ධයෙන් පසුව රට ගොඩනැඟීම සඳහා උදාවූ ඒ මහඟු අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මේ රජය කටයුතු නොකළ බවට වූ චෝදනාවක්‌ද තිබේ.

යුද ජයග්‍රහණය දේශපාලන වාසි තකා පමණක්‌ යොදා ගනිමින් රට ගොඩනැඟීමට තිබූ මහඟු අවස්‌ථාව පැහැර හැරිය බව ඇතැමුන් පෙන්වා දෙන කරුණයි. මේ ජනපතිවරණය නිසා දැන් ජාතියද බෙදී වෙන් වී ඇත. කවුරු බලයට පත් වුවත් රට ගොඩනැඟීමේදී, ආර්ථික යුද්ධය ජය ගැනීමේදී මේ අවාසිදායක බලපෑම් ද නැතුවා නොවේ. එහෙත් දැන් ඒ සියල්ල සිදුව හමාරය. දැන් කිරීමට ඇත්තේ සිදුවූ හානිය හැකිතාක්‌ අවම කර ගනිමින් ජනවාරි 27 වැනිදා සිට ජාතියේ යහපත උදෙසා රට ගොඩනැඟීමට එකමුතුව නිසි පියවර ගැනීමයි. ප්‍රධාන ජනපති අපේක්‍ෂකයන් දෙදෙනාම මෙය සිතට ගත යුතු බව අපේ හැඟීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

බොරුව

බොරුව හා තර්ජනය...,
බොරුව හා තර්ජනය

මෙම ඡන්ද ව්‍යාපාරයේ අප කාගේත් අවධානයට යොමුවිය යුතු කාරණා කීපයක්‌ ඇත. මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය යනු අප කවුරුත් දන්නා හඳුනන පැරණි ප්‍රපංචයකි. අපේ අවධානයට යොමුවිය යුත්තේ කලින් මැතිවරණවලදී දක්‌නට නොලැබුණු අළුත් අංග කීපයක්‌ පිළිබඳවයි. සර්වජන ඡන්දය හඳුන්වා දීමෙන් පසු පවත්වන ලද කිසිම මැතිවරණයකට වඩා මෙම ඡන්දයේදී වැරදි තොරතුරු හා පට්‌ටපල් බොරු විශාල කාර්ය භාරයක්‌ ඉටුකර තිබීම වඩාත්ම භයානක අංගයයි. වෙබ් අඩවි, විද්යුත් තැපෑල හා එස්‌. එම්. එස්‌. පණිවුඩ මේ වැරදි තොරතුරු හා පච ප්‍රචාරය කිරීමට භාවිතා කොට තිබීම අනාගත ඡන්ද ව්‍යාපාර කෙබඳු ස්‌වරූපයක්‌ ගනීදැයි අප තුළ බියක්‌ ඇති කරයි. මේ කාරණයේදී ප්‍රධාන චූදිතයා වන්නේ විපක්‍ෂයයි. ආණ්‌ඩුව රාජ්‍ය මාධ්‍ය තුළ විපක්‍ෂයට ඉඩක්‌ නොදී තමන්ගේ ඡන්ද වැඩවලට පමණක්‌ භාවිතා කර තිබුණද ඒ ප්‍රශ්නය මෙම රාජ්‍ය මාධ්‍යය පුද්ගලීකරණය කිරීමෙන් එක පෑන් පහරකින් විසඳිය හැකි එකකි. නමුත් වෙබ් අඩවි හා විද්යුත් තැපෑල හරහා පච ප්‍රචාරය කිරීම එතරම් පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක්‌ නොවේ. එම නිසා මෙය අනාගතයේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් හානියක්‌ වීමට ඉඩ ඇත.

මෙම ඡන්ද ව්‍යාපාරය දෙස ආපසු හැරී බැලුවොත් විපක්‍ෂය විසින් මුලින්ම රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව ජන මතයක්‌ ගොඩනැඟීමට උත්සාහ කළේ පවුලේ සාමාජිකයන් කොළඹ හා වෙනත් නගරවල වටිනා දේපොල හා ව්‍යාපාරික ස්‌ථාන විශාල ගණනක්‌a අයථා ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගෙන ඇති බවට කටකතා පැතිරවීමට කටයුතු කිරීමෙනි. මෙසේ මිලදී ගත්තා යෑයි කියන දේපල අතර ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලය පිහිටා තිබුණු ඉඩම, කොළඹ 5, බලපොකුණ පාරේ විශාල නිවසක්‌, තංගල්ල බේ හෝටලය, මාතර ලලිතා හෝටලය, ගාල්ලේ ලයිට්‌හවුස්‌ හෝටලය, ෆොaට්‌ට්‍රස්‌ හෝටලය ඇතුළු විශාල දේපොල ප්‍රමාණයක්‌ සඳහන් වෙයි. මෙවැනි දේවල් පැවැසීමෙන් රාජපක්‍ෂ පවුල අයථා ලෙස පොහොසත්වීම පිළිබඳව සමාජය තුළ කෝපයක්‌ ඇති කරන ලදී. ඒ සියලුම චෝදනා බොරු වුණත් මේ කටකතා වැරදි යෑයි කීමට කිසිවකුත් ඉදිරිපත් නොවූ නිසා ඒවාට කාලයක්‌ මුළුල්ලේ වර්ධනය වීමට ඉඩ ලැබිණි.

රාජපක්‍ෂ පවුල දේපල මිලදී ගත්තා යෑයි කියන කටකතාවලට සමගාමීව තවත් බොරු ප්‍රචාර දියත් කරන ලදී. රටේ සෑම තැනකම දක්‌නට ලැබෙන විශාල ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් රාජපක්‍ෂ පවුල මහා පරිමාණයෙන් හරි හම්බ කරගන්නා බව කියමින් බොරු ගණන් සහිත විද්යුත් තැපැල් පණිවුඩ සෑම තැනකම යැමට පටන් ගත්තේය. එම බොරු ප්‍රචාර ද අදාළ ව්‍යාපෘතිවල වියදම් දෙගුණයකින් වැඩිකොට ඒ සියල්ල රාජපක්‍ෂ පවුල විසින් ගසාකන බවට කියන ලදී. පසුව මේ සියලු චෝදනා එක විද්යුත් තැපැල් පණිවුඩයකට ගෙන විශාල ව්‍යාපෘති, නැතිනම් මිලදී ගැනීම් 14 කින් රුපියල් බිලියන 430 ක මුදලක්‌ ගසාකෑ හැටි ගැන කියන ලදී. අපි ඉකුත් සතියේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ මෙකී "එකතු කළ කෘතියේ" අන්තර්ගතය ගැනය. නමුත් මේවාට ද කලින්ම කිසිවකු උත්තර දුන් නැති නිසා විපක්‍ෂය මේ බොරු මත තවත් බොරු ගොඩනැගීමට පටන් ගත්තේය. කලින් හොරෙන් නිර්නාමිකව යවන ලද ප්‍රචාර පසුව විපක්‍ෂයේ නිල මතය බවට පත්වී මේ ගණන් හිලව් රූපවාහිනි සාකච්ඡාවල ද සඳහන් වීමට පටන් ගත්තේය.

එපමණක්‌ නොව මේ හොරකම් කළා යෑයි කියන මුදල් ආපසු ලබාගෙන ඒවායින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු වෙනත් දේවල් කිරීමට හැකි බව ඔවුන් කීමට පටන් ගත්තේය. මේ සියල්ලම එකක්‌ උඩ එකක්‌ ගොඩ නැඟුණු පච කන්දක්‌ විය. රාවය කර්තෘ වික්‌ටර් අයිවන් මහතා කාට හෝ එරෙහි දූෂණ චෝදනා ඉදිරිපත් කරනවා නම් යම් තරමකට හෝ පිළිගත හැකි සාක්‍ෂි ද ඉදිරිපත් කළ යුතු යෑයි කියා සිටිය ද කිසිදු සාක්‍ෂියක්‌ ඉදිරිපත් වූයේ නැත. සාක්‍ෂි ඉදිරිපත් වූයේ අනෙක්‌ පැත්තටය. බැසිල් රාජපක්‍ෂ මිලදී ගත්තා යෑයි කියන මාතර ලලිතා හෝටලයේ අයිතිකරු තම ව්‍යාපාරය කිසිවකුට විකුණා නැති බවට බැනරයක්‌ ද ප්‍රදර්ශනය කළේය. ගෝඨාභය රාජපක්‍ෂ මිලදී ගත්තා යෑයි කියන ඇපලෝ රෝහල තම ව්‍යාපාරය අයිති ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම හරහා ආණ්‌ඩුවට බව කියමින් දැන්වීම් පළ කළේය.

මේ මුළු ඡන්ද ව්‍යාපාරයේම වංචනික ස්‌වභාවය ඉස්‌මතු කරන තවත් කාරණයක්‌ වන්නේ දෙමළ ජාතික සන්ධානය පිළිබඳ ප්‍රශ්නයයි. සරත් ෆොන්සේකාගේ කඳවුර පවසා සිටින්නේ තමන්ට දෙමළ ජාතික සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමක්‌ නැති බවයි. දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් ද සිංහල ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ කියා සිටින්නේ තමන්ට ෆොන්සේකා සමඟ කිසිදු ගිවිසුමක්‌ නැති බවයි. එසේ වුවත් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු දෙමළ ප්‍රේක්‍ෂකයන්ට කතා කරන විට කියා සිටින්නේ එයට හාත්පසින්ම විරුද්ධ දෙයකි. ඔවුන් කියා සිටින්නේ ෆොන්සේකා මහතා සමඟ ගිවිසුමක්‌ ඇති බවත් විදේශීය රටවල සාක්‍ෂිකරුවන් ඉදිරියේ අත්සන් කරන ලද නිසා මෙකී ගිවිසුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බවත්ය. කේ. තුරෙයිරත්නසිංහම් මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශයක්‌ දෙමළ විද්යුත් මාධ්‍යයකට කර තිබූ අතර ඔහුට පසුව තවත් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනකුත් එවැනිම ප්‍රකාශ දෙමළ විද්යුත් මාධ්‍යයන්ට කර තිබිණි. මේ ප්‍රශ්නයේදී අපි විශ්වාස කළ යුත්තේ මොන කතාවද?

2005 දී ජනතා විමුක්‌ති පෙරමුණ හා හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂට සහයෝගය ප්‍රකාශ කර සිටි විට ඔවුන් ලිත ගිවිසුම්වලට අත්සන් තැබුවේය. හෙළ උරුමයට මහින්ද රාජපක්‍ෂ ගැන නොතිබුණු විශ්වාසයක්‌ දෙමළ සන්ධානයට සරත් ෆොන්සේකා ගැන තිබේ යෑයි විශ්වාස කළ හැකිද? මේ ආකාරයට විපක්‍ෂය විසින් දෙමළ සන්ධානය ලවාම සිංහල මිනිසුන්ට එක්‌ කතාවකුත් දෙමළ මිනිසුන්ට ඊට වෙනස්‌ කතාවකුත් කීම අතිශයින්ම භයානක දෙයකි. මේ අනුව සිංහල මිනිසුන් ඔවුන්ට ඡන්දය දාන්නේ නොදෙනවාය යන පදනම මතය. නමුත් දෙමළ මිනිසුන් ඔහුට ඡන්දය දමන්නේ අනිවාර්යයෙන්ම ලැබෙනවාය යන පදනම මතය. මෙය මේ රට නැවතත් මහා ව්‍යාකූලත්වයකට ඇද දමන වට්‌ටෝරුවකි. 1994 දීත් ඉන් පසුව 2001 දීත් පවත්වන ලද මැතිවරණවලදී එකල සිටි විරුද්ධ පක්‍ෂයත් දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති තමන්ගේ ස්‌ථාවරය ඉතා විවෘතව ප්‍රකාශ කරන ලදී. එකී ඡන්දවලදී සිංහල ඡන්දදායකයන් මෙන්ම දෙමළ ඡන්දදායකයන් ද ඡන්දය දුන්නේ විවෘතව ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියකටය. එකල සිංහලයන්ට එක දෙයකුත් දෙමළ අයට තව දෙයකුත් කීමට විපක්‍ෂයට උවමනාවක්‌ නොවීය. නමුත් මෙම ඡන්දයේදී මේ තරම් කොලය වසා ගැසීමට ඇති උවමනාව කුමක්‌ද? දෙමළ ජාතික සන්ධානය ගැන මිනිසුන්ට තිබෙන සැකය සාධාරණය.

මහා බ්‍රිතාන්‍යයේ විශාල පිළිගැනීමක්‌ ඇති "ද ඉකොනොමිස්‌ට්‌" සඟරාව කොටි සංවිධානය පරාජයවී මාස ගණනක්‌ ගතවී තිබුණද අද වනතුරුත් ඔවුන් දෙමළ ජාතික සංධානය හඳුන්වන්නේ "කොටි හිතවත් දෙමළ ජාතික සංධානය" යනුවෙනි." ඉතින් සිංහල මිනිසුන්ට ඔවුන් ගැන සැකයක්‌ තිබීම පුදුමයට කාරණයක්‌ ද? අද ලංකාවේ කොටි සංවිධානයක්‌ නැත. සිටිය සියල්ලෝම එක්‌කෝ පරලොවය. නැතිනම් සිර කඳවුරු වලය. නමුත් මහා බ්‍රිතාන්‍යයේ තවමත් කොටි දහස්‌ ගණනින් සිටී. "ද ඉකොනොමිස්‌ට්‌" සඟරාව "කොටි හිතවාදී දෙමළ ජාතික සංධානය" වශයෙන් ඔවුන්ව හඳුන්වන්නේ ඒ නිසාය.

මෙකී ඡන්ද ව්‍යාපාරයේ රජයන මේ පච හා ඇස්‌බැන්දුම් වැඩවලට අමතරව තවත් අයගේ අවධානයට යොමුවිය යුතු කාරණයක්‌ වන්නේ විපක්‍ෂ වේදිකාවේ මතුවෙන කැකෑරෙන වෛරයයි. මේ මුළු ඡන්ද ව්‍යපාරය තුළම විපක්‍ෂයේ අපේක්‍ෂකයාගේ මුහුණේ සිනාවක්‌ නොවීය. අඩුම වශයෙන් පෝස්‌ටරයක හෝ රූපවාහිනී දැන්වීමකවත් ඔහු සිනාසෙනු කිසිවෙක්‌ දැක නැත. 1982 දී ජනතා විමුක්‌ති පෙරමුණේ රෝහණ විඡේවීරවත් ඒ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නැත. ජ.වි.පෙ. ආත්ම පරිත්‍යාගය හා ජනතාව වෙනුවෙන් දිවි පිදීම වැනි දේවල් ගැන කථා කළ නිසා ඔවුන්ට සිනාසීමට ඇති හැකියාව නැතිවී ඇතැයි අද ජීවත් වන තරුණ පරපුර සිතනු ඇත. නමුත් 1982 දී රෝහණ

විඡේවීර ජනාධිපති අපේක්‍ෂක හැටියට හැම තැනම ගියේ සිනාමුසු මුහුණෙන්ය. ඔහුගේ පෝස්‌ටර් වල සිනහව දත් බෙහෙත් දැන්වීමකට වුවත් ගත හැකි ආකාරයේ එකක්‌ විය. නමුත් මෙම ඡන්ද ව්‍යාපාරයේදී කිසිදු සිනහවක්‌ නැති හැම විටම රවාගෙන සිටින අපේක්‍ෂකයන් ජ.වි.පෙ. විසින් තෝරාගෙන ඇත. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ සිනහව මුළු පළාතක්‌ම එළිය කිරීමට හැකි එකක්‌ විය. නමුත් අද?

මේ රැවුම් සමග එන ගෙරවුම් ද ලොමුදැහැගන්වන සුළුය. විපක්‍ෂයේ අපේක්‍ෂකවරයා හුදෙක්‌ම පෞද්ගලික වෛරය හා කෝන්තර මුල් කර ගනිමින් තරගයට ඉදිරිපත් වී ඇති බව ඉතාමත්ම පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔහු මුළු ඡන්ද ව්‍යාපාරය පුරාම කළේ ප්‍රසිද්ධ වේදිකාවේ සිට සමාජයේ සියලු කොටස්‌ වලට 27 වනදායින් පසුව බලාගන්නම් යෑයි කියා තර්ජනය කිරීමය. මේ ආකාරයට පොලිස්‌ නිලධාරීන්ගේ කෝට්‌ ගැලවීමටත්, හමුදා නිලධාරීන් යුද අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, ආර්ථික විශේෂඥයන් රටින් පන්නා දැමීමටත්, ඔහුට එරෙහි වන සියල්ල බෝගම්බර හා වැලිකඩ සිරගත කිරීමටත් පොරොන්දු වී ඇත.

මෙසේ තමන්ට බලය ලැබුණ හොත් ජනගහනයෙන් බාගයක්‌ පමණ සිරගත කිරීමටත් ඉතිරි අයගෙන් තවත් පිරිසක්‌ රටින් පන්නා දැමීමටත් ජනවරමක්‌ ඉල්ලන අපේක්‍ෂකයකු සර්වජන ඡන්දය ලැබීමෙන් පසු මේ රටේ කිසිදාක සිට නැත. බලය ගැනීමට පෙර ඔහු හැසිරෙන්නේ මේ ආකාරයට නම් බලය ගත් පසු ඔහු කුමන ආකාරයකට හැසිරේවි දැයි සිතාගත හැක.

ලංකාව මේ වන විට දශක 3 ක යුද්ධයකින් යන්තම් ගැලවී ඇත. රට පුරාම මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්‌ම ක්‍රියාත්මක වෙමින් පවතී. ඡන්දයට දින ගණනක්‌ තිබියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන්ම ලංකාව දුප්පත් රටවල් ගොඩින් ඉවත්කර මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටක්‌ හැටියට ප්‍රකාශයට පත් කොට ඇත. රටේ අනාගතය සඳහා ඉතා සුබ පෙරනිමිති පෙනෙන්නට තිබෙන මෙවැනි අවස්‌ථාවක මෙතරම් වෛරයකින් හා ක්‍රෝධයකින් පුපුරන්න හේතුවක්‌ තිබෙනවාද? 1982 ජනාධිපතිවරණයේදී තම ජීවිතයේ කිරීමට බලාපොරොත්තු වූ සියලු දේ ව්‍යර්ත වී තිබුණු රෝහණ විඡේවීරවත් මේ ආකාරයට වෛරයෙන් පිපිරුවේ නැත. ඔහුවත් කිසිදාක ප්‍රසිද්ධ වේදිකාවෙන් මිනිසුන්ට තර්ජනය කළේ නැත.

විධායක ජනාධිපති ක්‍රමයකදී ආණ්‌ඩුව යනු ජනාධිපතිවරයාය. රටක්‌ දේශපාලන වශයෙන් ස්‌ථාවර වනවාද නැත්ද යන්න තීරණය වන්නේ ජනාධිපතිවරයාගේ පෞරුෂය මතය. චJද්‍රිකා කුමාරතුංග විසින් බලය ගත්දා සිට හත් අවුරුද්දක්‌ යනතුරු විපක්‍ෂයට අඩම්තේට්‌ටම් කිරීම නිසා මුළු රටම අස්‌ථාවර වූ හැටි කාටත් මතක ඇත. මෙසේ ජනාධිපතිවරිය විසින් ඇතිකරන ලද දේශපාලන අස්‌ථාවරභාවය නිසා රටේ ආර්ථිකයද පසුබෑමකට ලක්‌විය. එකල ආර්ථිකයේ පසුබෑමට කිසිදු බාහිර හේතුවක්‌ නොවීය. උදාහරණයක්‌ වශයෙන් 2008 දී හටගත් ආකාරයේ දරුණු ලෝක ආර්ථික අවපාතයක්‌ එකල නොවීය. 1970 ගණන් වලදී සිරිමාවෝ බණ්‌ඩාරනායක ආණ්‌ඩුව අසාර්ථක වීමට හේතු වූ ලෝක ඛණිජ තෙල් අර්බුදය හා ලෝක ආහාර අර්බුදය වැනි කාරණා කිසිවක්‌ 1995 දී නොවීය. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වීමත් සමගම මුළු ආර්ථිකයම එක්‌ වරම පසුබෑමකට ලක්‌ විය. 1998 වන විට ආසියාවේ රටවල් කීපයක මූල්‍ය අර්බුදයක්‌ හටගත්තද එය ලංකාවට දැනුනේ නැත. එයට හේතුව ඊට අවුරුදු 3 කට පෙර සිට ලංකාව පැදුරටම වැටී තිබීමය. ඉන් පල්ලෙහාට වැටෙන්නට තැනක්‌ තිබුණේ නැත. ජනාධිපතිවරයා සමබර මානසිකත්වයකින් නොසිටිය හොත් සියල්ල අවසානය. චන්ද්‍රිකා කුමාරතුංග රට පාලනය කළ මුළු අවුරුදු 12 ටම රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට නොහැකි වූයේ ඇයගේ මුළු කාලයම විපක්‍ෂයට ආඩම්තේට්‌ටම් කිරීමේ නොනවතින ව්‍යාපෘතියට යොමු වී තිබුණ නිසාය. මීට කලින් සිටි මානසික සමබරතාවයක්‌ නැති ජනාධිපතිවරුන් පවා සියලු විරුද්ධවාදීන් සිරගත කිරීමට ජන වරමක්‌ ඉල්ලමින් බලයට පැමිණියේ නැත.

විපක්‍ෂයේ අපේක්‍ෂකයා ප්‍රසිද්ධ වේදිකාවෙන් කාට හෝ එරෙහිව තර්ජනයක්‌ කළ විට පැමිණ සිටින සෙනග ඔල්වරසන් නගයි. විපක්‍ෂ රැස්‌වීම්වලට එන සෙනගින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන් වන නිසා මේ තර්ජන හා ගර්ජන ඔවුන්ට 1988-89 සමයේ සුන්දර මතකයන් නැවත සිහිගන්වනවා විය හැක. එකල ජ.වි.පෙ. ඕනම පහල මට්‌ටමේ සාමාජිකයකුට එක දුරකතන ඇමතුමකින්, එක තුන්ඩු කෑල්ලකින් ඕනම දෙයක්‌ කරවාගැනීමට හැකි විය. ජ.වි.පෙ. ට 1971 දී හෝ 1989 දී සම්පූර්ණ කිරීමට නොහැකි වූ දෙය දැන් එ.ජා.ප. යේම ඡන්ද පාවිච්චි කොට අත ළඟටම පැමිණ ඇතැයි යන හැඟීම ඔවුන්ට පහළවී ඇතුවා විය හැක. අද මේ රට මුහුණ දෙන්නේ කොටි උවදුරටත් වඩා දරුණු තර්ජනයකටය. කොටියාට දෙමළ මිනිසුන් පාලනය කළ හැකි වුවද අපව පාලනය කළ නොහැකි විය. හෙට දිනයේදී සියලුම ජනතාව, විශේෂයෙන්ම තරුණ පරපුර ඉතාම කල්පනාකාරීව තීරණයක්‌ නොගත හොත් මේ රට යළිත් ගොඩ නොඑන අගාධයක වැටෙන බව සහතිකය.

Sunday, January 24, 2010

දේශය පාවා දුන් අධමයෙක්,....


රනිල් කියන්නෙ කොයිතරම් පොන්න දේශය පාවා දුන් අධමයෙක්ද කියන එකට උදාහරණයක් මට ලැබුනා ...මු කොටින්ගේ ජීටීවී කියන නාලිකාවට කරල තියෙන කතාවෙන්...අපේ රටේ අහින්සක මිනිස්සුන්ට කියලා දීපල්ලා යහලුවෙනි මේ වගේ පාදඩයෝ ගැන...


http://lankanthoughts.blogspot.com
බලන්න මේ යහළුවාගේ වෙබ් අඩවිය මට නුඹ ගැන ආඩම්බරයි ...මේ වෙබ් අඩවියේ ලිපිනය හෝ මෙම අකුරු ක්ලික් කරන්න...

සරත්ගේ බළලා මල්ලෙන් එළියට,,,,

"අවසාන අවස්‌ථාව මෙයයි" බළලා මල්ලෙන් එළියට

ජනවාරි මස 18 වැනි සඳුදා ජාතික පුවත්පතක සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්‌ෂකට ජයපතා පළකළ දැන්වීමකි.

මේ අවසාන අවස්‌ථාව යන කියමනේ අරුත් දෙකක්‌ ඇත.

එකක්‌ "සරත් ෆොන්සේකා මැතිතුමාගේ දේශපාලන පිම්මේ අවසානයයි." අනෙක "රටේ නිදහසේ අවසානය" යන්නයි.

අපේ රටවාසීන්ට විශාල ශාපයක්‌, අපලයක්‌ ඇති බව හැමදාම කවුරුත් කතා කළ දෙයකි.

විවිධ දුක්‌ දොම්නස්‌ අවසන් වෙමින් රටේ නිදහසේ ජීවත්වීමේ වරප්‍රසාදය ලබමින් සිටින ජනතාවට එය අහිමි කරන්නට විදේශීය එල්ටීටීඊය, ධනබලය, විදේශීය අධිරාජ්‍යවාදී බලවේග අද ක්‍රියාත්මක වී අවසානය.

ප්‍රභාකරන්ගේ මළගමින් දෙමළ ජනතාවගෙන් බහුතරයක තිබුණ දුර්වල මානසික තත්ත්වය අහෝසි විය. මේ රටේ සිදුවූ ප්‍රාතිහාර්යයට සමස්‌ත ලෝකවාසීන්ම පුදුම වූහ. දෙමළ ජනතාවගෙන් නොමග ගිය කොටස්‌ හරි මාවතට පිවිසියේය.

නමුත් බල තණ්‌හාව නිසා අප රට නැවත උගසට තබන්න, බලයට කවදාවත් එන්නට ඉඩක්‌ නැති සුළු පිරිසක්‌ විසින් නටන ගරානැටුම නිසා අද රටේ විකෘති භාවයක්‌ ඇතිවී ඇති බව නොකියාම බැරිය.

විදේශීය ධනබලය, ත්‍රස්‌තවාදය නැවත පණගන්වන්නට යන මේ උත්සාහය ගැන සකල ලංකාවාසී ජනතාවම ඇස්‌ හැර හොඳ සිහියෙන් බලත්වා. මේ විපතට අපට ළඟා කරන්නට උත්සාහ ගන්නා සැමගේ අතීතය ඉතිහාසය හාරා අවුස්‌සා බලත්වා.

සෑම මගී බස්‌ රථයකම, දුම්රිය පෙට්‌ටියකම සෙනඟ ගැවසෙන සෑම තැනකම ඉතා සියුම් ලෙස උපක්‍රමශීලීව කතා ගොතන කප්පන්කරුවන් හා බ්‍රොaකර්වරුන් රටවාසීන්ගේ මානසික තත්ත්වය වෙනස්‌ කිරීමට විශාල උත්සාහයක්‌ ගන්නා බව ඔබ දන්නවාද?

විවිධ බොරු ගොතමින් රටේ ජනතාව නොමග යෑවීමට අද මුදල් බලය උපයෝගී කරගෙන ඇත. වගා නොකර රටකට අවශ්‍ය ආහාර නොලැබේ. කන බොන අයගෙන් අඩු තරමින් මිරිස්‌ පැළයක්‌වත් සිටුවන අය සිටීද? එසේනම් පිටරටින් ගෙනෙන ආහාරවල මිල පාලනයක්‌ රජයට කළ හැකිද?

සියල්ල රජයෙන් ඉල්ලාගෙන කන බොන රටවල් ලෝකයේ විරලය. ඉන්දීය ජනතාව ඉතා දුප්පත්ය., අසරණය. නමුත් ස්‌වශක්‌තියෙන් නැගී සිටීමට ඔවුන්ට චිත්ත ධෛර්යය තිබේ. රජයෙන් කිසිවක්‌ ඔවුන් බලාපොරොත්තු නොවේ. මේ නිසාම අද දුප්පත්කම ජයගෙන ඉන්දියාව සීග්‍ර දියුණුවකට පත්වෙමින් සිටී.

සමහර දුර්වල, මෝඩ ත්‍රිරෝද රථ රියදුරන්, ත්‍රිරෝද රථ අයිතිකරුවන් කිසිම දැනුමක්‌ අවබෝධයක්‌ නැතිව තම ව්‍යාපාරයෙන් මහජනයා ගසාකමින් රටේ ජනතාව නොමග හරින බව නොකියාම බැරිය. පිටරට රැකියාවකට ගිය අය තමා දන්නා වෘත්තීය අමතක කර, ලෙහෙසි රක්‌ෂාවක්‌ ලෙස මේ ත්‍රිරෝද රථ ව්‍යාපාරය කරති. මහන්සියක්‌ නැති, දුශ්චරිතය වගාකරන මේ ව්‍යාපාරයේ යෙදී සිටින හුඟදෙනකුම රට ගැන හෝ තම දරුපවුල ගැන හෝ කිසිම හැඟීමක්‌ හෝ ආදරයක්‌ නැත.

මේ රටේ දුප්පත් අහිංසක අයට නැගි සිටීමට ත්‍රිරෝද රථවලට බැංකු ණය ලබාගැනීමේ පළමු වරප්‍රසාදය හිමිකර දුන්නේ ගංගාරාමයයි. ඒ පිළිබඳව රිචඩ් පීරිස්‌ සමාගමෙන් විමසා බැලිය හැක.

ත්‍රිරෝද රථ ව්‍යාපාරික අය තම රට ගැන සිතා තම දූදරුවන් ගැන සිතා බියෙන් ගත කළ කාලය ගැන සිතා, අපට ලැබුණ නිදහස උඩ ඔවුන්ටද ලැබුණ වරප්‍රසාද අමතක නොකර යුද්ධයේ භයානක දර්ශන දුටු ඒ අය මීට වඩා යමක්‌ රටට කරන්නට ඇති අවස්‌ථාව අහුරා මහජනයා මුළා නොකරන්න, කරන දුර්වල කතාබහෙන් වැළකී රටේ ජනතාවට සත්‍ය කතාකර රටට ඇතිවූ නිදහසේ අරුත ප්‍රකාශ කිරීමට ඔවුන්ගේ මානසික තත්ත්වය යහපත් වේවා.

කම්මැලියන්, අලසයන් කළයුත්ත නොකළ යුත්ත නොදන්නා දුරදිග දක්‌නා නුවණක්‌ නැති උපාය නුවණ නැති දුර්වල මිනිසුන්ට අද අතීතය අමතකය.

බඩගින්න, බඩු මිල, අගහිඟකම් ගැන කතාකරමින් රට ගිනි වද්දති.

අඩුතරමින් පාන් ගෙඩිය ගන්න බෑගයක්‌ වත් රැගෙන නොගොස්‌ එයටත් අනවශ්‍ය මුදලක්‌ වැය කරන, නාස්‌තිය ගැන නොසිතන, කන දේට වඩා නොකා වීසිකරන, ජනතාවක්‌ අපේ රටේ බහුතරයක්‌ ලෙස සිටිති. බඩට කෑමක්‌ නැතත්, සුරාව, සූදුව අත්නොහරින, තම දූදරුවන්, අඹුදරුවන් ගැන නොසිතන බහුතරයක්‌ රටේ සිටිති.

නිරෝගිකම ආරක්‌ෂා නොකරගෙන රෝහල් පිහිට පතන කම්මැලියන් බොහෝය. කපාගත් ගොයම්, වී ටික අපතේ නොයා ගැනීමට තරම් කම්මැලි ජනතාවක්‌ සිටින මේ රටේ තත්ත්වය මේ තරමින්වත් ආරක්‌ෂාවීම පුදුමයකි. වැසි ජලය බිඳුවක්‌වත් අපතේ නොහෙළන්නට තරම් තායිලන්ත, චීන, ජපන්, වියට්‌නාම් ආදී ජාතීන් උත්සාහවන්තය. මේ රටේ වැසි ජලය ආරක්‌ෂා කර ප්‍රයෝජනයට ගන්නා පිරිස සියයකට එකක්‌වත් නැති තරම්ය.

ස්‌වාභාවික සම්පත්වලට පයින් ගසා නාස්‌තිය ගැන අවබෝධයක්‌ නැතිව කුසීතයන් ලෙස ජීවත්වන අයට පොරොන්දු දෙන අය අගනේය. ඒ පසුපස ගමන් කරන්නේය. නමුත් රටේ ධනයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, රාජ්‍ය සේවයට, සංවර්ධනයට වෙන්වන බව සිතන අය අඩුය.

පගාවට පුරුදු හුඟදෙනෙක්‌ රාජ්‍ය සේවකයන් බව අසන්නට ලැබේ. ඔවුන්ට අගහිඟකම් නැත. නමුත් පගාකරුවන් රටේ ජනතාව නොමග යවන බව අපට අසන්නට ලැබේ.

කළ වැරදි ගැන සිතට ගෙන ඒවායෙන් මිදී රට ජාතිය ගැන කල්පනා නොකර නැවත යුද්ධයකට මුල පුරන්නට ඉඩ නොදී අපට ලැබුණ පූර්ණ නිදහස නැතිකර නොගෙන දෙමළ ජනතාවගේ මානසික තත්ත්වය අවුල් නොකර මුදලට කෑදර නොවී, බඩගින්න අඩුව ගැන ඉවසිලිවන්තව, රටේ උපදින්නට ඉන්න ජනතාවට නිදහසේ ජීවත්වීමට ඉඩතබා කවුරුත් ඇස්‌ ඇර බැලීමට කාලය එළඹ ඇත.

දුප්පත් ජනතාවට "ජනසවි" සංකල්පය හඳුන්වා දුන්නේ ගංගාරාමයයි. එය අද "සමෘද්ධි" නමින් හැඳින්වේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආර්ථික අතින් අහේනියට පත් රටක බලය ගත්විට ජී. එස්‌. ටී. බදු ක්‍රමය ගැන අදහස්‌ ඉදිරිපත් කළේ ගංගාරාමයයි. එදා - මෙදා රටේ දියුණුවට සංවර්ධනයට ගංගාරාමය සිදු කළ, සිදුකරන සේවය අතිවිශාලය.

වෘත්තීය පුහුණු සංකල්පය රටට හඳුන්වාදී නොමග යන තරුණ තරුණියන් යහමගට හරවා හොඳ ආර්ථිකයක්‌ ලබන්න, විදේශීය රටවලට යන්නට මග පෙන්වීමට මුල් වූයේ ගංගාරාමයයි.

රටේ වගාවට, ගෙවතු වගාවට නව පණක්‌ දීමට උත්සාහ කළේ ගංගාරාමයයි. නමුත් අද ඇති ගෙවතු වගාවක්‌ නැත. ඒවා කරන්නට රටවාසීන් කම්මැලිය. ගොවියා රජ කළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමාය. මොනම රජයක්‌වත් සහල් කිලෝවකට, වී කිලෝවකට නියමිත මුදලක්‌ නියම නොකළේය.

මහින්ද රජ සමය ඒ කටයුත්ත කළ නිසා ගොවියා රජවිය. රජයෙන් මොනයම් ආධාරයක්‌ නොලැබුණත්, රජය දුන් ස්‌ථාවර මිල ගොවියන්ට ස්‌වශක්‌තියෙන් නැගී සිටීමට රුකුලක්‌ විය. එසේම රජය විසින් පොහොර සහනාධාරයක්‌ද දෙන ලදී.

බබ්ලිව්. දහනායක අගමැතිතුමා "අමුඩය අපේ ජාතික ඇඳුම" බව ඔප්පුකරමින් ඒ ඇඳුමින්ම පාර්ලිමේන්තුවට ගියේය. අද අමුඩ ගසන ගොවියන් නැත. නමුත් සිංහලකම, ගොවිකම පෙන්වන්නට 26 වැනිදා අමුඩය ගසාගෙන පාරට බැස ගොවියා රජ කළ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා නැවත බලයට පත්කරන්නට ගොවිජනතාව මෙන්ම ගොවි පවුල්ද ඒකරාශී විය යුතුය.

තේ වගාකරුවන්ට ලෝක ආර්ථිකය බිඳ වැටෙද්දී ඔවුන් ආරක්‌ෂා කරගත්තේ මහින්ද රජයයි. පොහොර සහනාධාරය ද ඒ අවස්‌ථාවේ ලබාදෙන ලදී. දැනටද එය දෙනු ලැබේ. එදාට තේ ගොවියන්ද අමුඩය ගසාගෙන ඡන්දපළට යැම වටී. තේ ස්‌ටෝරුකරුවන්, අපනයන කරන අයට මේවා මතක නැත.

අපත් එක්‌සත් ජාතික පක්‌ෂයට ළැදිව රටට වැඩකළ අය වෙමු. ඉන්දියන් හමුදාව ලංකාවට ගෙන එන විට ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ට විරුද්ධව "කළුකොඩි ව්‍යාපාරය" ආරම්භ කළේ ගංගාරාමයෙනි.

අපට දේශපාලන භේද, ජාති භේද, ආගම් භේද හෝ කුල භේද කිසිවක්‌ නැත. අද සිංහල ජාතියට, දෙමළ ජාතියට, මුස්‌ලිම් ජාතියට වෙන්නට යන දේ ඔබට නොපෙනේද? දෙමළ ත්‍රස්‌තවාදීන් මුදලට ගත් කොන්ත්‍රාත්කරුවන් - හවුල් කරුවන් අද වෙළෙඳපොළේ අපේ නිදහස අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබේ.

මෝඩයෙනි, පරණ ශාපයෙන් මිදියල්ලා, ව්‍යාපාරිකයනි, දේශපාලනයට විසිකරන, නැවත ජාතිවාදය අවුස්‌සා රට ගිනි තැබීමට සූදානම් වන වන්දිභට්‌ටයන්ට සල්ලි නොදෙත්වා. පිටරටින් එන ඩොලර්, යුරෝ, පවුම් ආධාර ඒ අයට ඉහවහා ගොස්‌ ඇති බව දැනගනිත්වා.

රජයට එල්ලවන තවත් චෝදනාවක්‌ වන්නේ මන්ත්‍රී සැමට ඇමැතිකම් දීම ගැනය. රජයක්‌ නොතිබුණා නම් යුද්ධයක්‌ අවසන් කළ හැකිද? යුද්ධය තිබෙද්දී විපක්‌ෂය හදිසි නීතිය දීර්ඝ කරන්න කැමැත්ත දුන්නාද? නැත.

රජයක්‌ නොතිබෙන්න යුද්ධය එසේ අවසන් කරන්න පුළුවන් වනවාද? අද එය අවසන් කර නැද්ද? විපක්‌ෂවලින් මන්ත්‍රීවරුන් රජයට ආවේ විපක්‌ෂයේ පිරිහීම උඩය. ඒ ආපු අය රටට වැඩක්‌ නොකළාද? ඇමැති කමක්‌ නොදෙන්න ඒ මන්ත්‍රීවරු ආණ්‌ඩු පක්‌ෂයේ තබාගන්න නීතියෙන් ඉඩක්‌ තිබුණාද? ඒ නිසාම ඇමැතිකම් වැඩි වුණා මිස ජනාධිපතිතුමා සිය කැමැත්තෙන් එය සිදුකළා නොවේ. කළයුතු දේ කළා මිස කැමැත්තෙන් කළ දේ නොවන බව දන්නේ කවුද? මේ විස්‌තරය හේතු සාධක නොදන්නා අයටය.

කෙසේ හෝ රජය ගැටගසාගෙන ලෝක අපවාදවලට බිය නොවී නොසැලී ලෝක ආධාරවලට පයින් ගසා වසර දෙකක්‌ තුළ රටට නිදහස ලබාදුන්නේ කවුද? අද එය අමතක ද? ඩී. එස්‌. සේනානායක අග්‍රාමාත්‍යතුමා 1948 නිදහස ලබාගත්තේය. 2008 මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා එය නැවත ස්‌ථාපනය කරන ලදී. නමුත් බ්‍රිතාන්‍ය පාලනය අධිරාජ්‍යවාදී පාලනය එයට කැමති නැත. ආයුධ තැරැව්කරුවන්ද එයට අකැමැතිය.

අද මහින්ද රාජපක්‌ෂ බිම දැමීමේ සටන මෙහෙයවන මේ බලවේග ගැන ගම්බද ජනතාවටද, අහිංසක ජනතාවටද තේරුමක්‌ නැත. අද සුදු ඇඳගෙන ත්‍රස්‌තවාදය නැතිකිරීම ගැන සතුට පළකරන සමහර සංවිධාන එදා අප රට ලෙයින් නහවන්නට ක්‍රියාකළ අය බව අප හඳුනාගත යුතුය. ඔවුන් අද පවා ගෝනිබිල්ලන් පැත්තට රිංගාගෙන වෙනත් භාවනාවක යෙදෙන බවක්‌ කිව යුතුය. ඔවුන්ට දර්ශනයක්‌ නැත. යමක්‌ කරන්නට අවබෝධයක්‌ හෝ දැනුමක්‌ ද නැත. ඔවුන්ට අවශ්‍ය බලය පමණි. කියන්නත් වාලේ කියන, අද කියන දේ හෙට මතක නැති, රටේ ඒකීය භාවය ගැන ආදරයක්‌ නැතිව සල්ලි ගස්‌ යට බුදියන අය රටේ බලය ලබාගැනීම සඳහා දෙන බොරු පොරොන්දු ඒ අයට දෙන්න කවදාවත් බැරිය. ඒ නිසා "අවසාන අවස්‌ථාව මෙයයි" යන්න පිළිබඳව හොඳ සිහියෙන් සිටිත්වා. ඒ මේ ලිපියේ මාතෘකාවයි. "සීරුවෙන් සිටීන්, ලෙෆ්ට්‌ - රයිට්‌" කරන්න සියලු රටවාසීන්ට අනිවාර්ය කරන්න උත්සාහ ගන්න දුර්වලයන්ට ශක්‌තිය, බලය දෙන්න සූදානම් වූ ඒ සඳහා ක්‍රියාකරන්නා වූ සකල ලංකාවාසී ජනතාවට අත ළඟ එන අනිත් අපලයෙන් බේරෙන්න උත්සාහ ගැනීමට සිහිනුවණ යෙදීමට කාලය එළඹ ඇත.

"කෙළින් කතා කරන්නත්, බිම වාඩිවෙන්නත් කාගෙන්වත් අවසර අවශ්‍ය නැත."

රටට පූර්ණ නිදහසක්‌ ලැබී, ආර්ථිකය සංවර්ධනය කරන්න අඩිතාලම දාන මේ මොහොතේ එය කඩා බිඳ දමන්නට උත්සාහ නොකරන ලෙසට සකල ලංකාවාසී ජනතාවගෙන් ආදරයෙන් හා කරුණාවෙන් ඉල්ලමි.

පාර්ලිමේන්තුවට භික්‌ෂුන් යන්න හොඳය. රටවාසීන්ට යම් දැනුමක්‌ අවබෝධයක්‌ දෙන්න අපට නිදහස නැත. එරවිලි තර්ජනවලට එදත්, අදත්, කවදත් බය නැති අපට අවංකව යමක්‌ ලියන්න, කියන්න, කරන්න නිදහස තිබේ. මේ රටේ අහිංසක ගැහැනු ළමුන්ට මැහුමෙන් ලබාගන්න තිබුණ රැකියාව අද අධිරාජ්‍යවාදීන් ලවා නතරකර ඇත. ඔවුන් බලයට ආපසු දෙන බවක්‌ කියාය. රටට ආදරය ඇති අය කරන වැඩද ඒ?

යුද්ධ අධිකරණයක්‌ මවාපාමින් රටේ පාලකයන් බිය වද්දා ඇත. හිරගෙවල් ශුද්ධකර, හිස්‌කරන්නට නියෝග නිකුත්කර ඇත. පැය 24 න් හිරගත කරන බවට ප්‍රකාශ නිකුත්කර ඇත. හිරේ දැම්මත් ශුද්ධකළ තැනකට දැමීමට සිතීම ගැනත් පුදුමවිය යුතුය. එවැනි ඥනයක්‌ පහළවීමද වර්ණනා කළ යුත්තකි. මුට්‌ටිය නොදා හිස දන්දීම ගැන ලියූ ලිපිය ඒ සියලු කටයුතුවලට ගැලපෙනු ඇත. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාට ඇති චෝදනාව ඡන්ද වැඩිපුර පැවැත්වීමයි. සල්ලි ගියත් ඒ මහජන නිදහස යනු අපට හැෙZඟන දෙය වේ.

"අවසාන අවස්‌ථාව මෙයයි" යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ද? හමුදා පාලනයක්‌ද? අපගේ නිදහස නැති කිරීමද? නිවාස අඩස්‌සියද? වෙඩි උණ්‌ඩයද? ප්‍රජාතන්ත්‍රවාදය නැතිකිරීමද? "බළලා මල්ලෙන් පනී" යන පැරණි කියමන සිහිගන්වමින් "නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි" යන කියනමනද සිහිපත් කරමින් රට වෙනුවෙන් කැපවෙන්න, රටේ ආර්ථිකය ගොඩනගන්න තම පවුලේ සමගිය, සංවර්ධනය, ගමේ දියුණුව, ආගමික වත්පිළිවෙත්වල ආශීර්වාදය ඇතිකරගන්න සැම උත්සාහ ගෙන වසරක්‌ දෙකක්‌ දුක්‌විඳ මේ රට ගොඩගන්න සැමට යහපත් අදහස්‌ සංකල්පනා ඇති වේවායි පතමු.

මේ රටේ දේශපාලනඥයන්ට ආර්ථික විද්‍යාඥයන්ට මොළේ තිබුණා නම් ජීවන වියදමින් සියයට තිහක්‌ හතළිහක්‌ එක දිනකින් පහත දැමිය හැකිය. එදා බඩුවක්‌ ණයට දුන්නේ සතියට දෙකට පමණි. අද නිෂ්පාදකයාගේ නිෂ්පාදනවලට වෙළෙඳපොළ ගෙවීම් කරන්නේ මාස 6 කට පසුවය. එවිට නිෂ්පාදකයා තමා ගත් බැංකු ණය, නිෂ්පාදන විදයමට සියයට පනහක තරම පොලියක්‌ ගෙවීමට සිදුවන නිසා භාණ්‌ඩවල මිල සියයට පනහකට වඩා මිල නංවනු ලැබේ. දුක්‌ විඳින්නේ, ජීවන බර වැඩිවන්නේ පාරිභෝගිකයාටමය. ජීවන වියදම වැඩිවූයේ මේ අයුරිනි. මෙවැනි ක්‍රමයක්‌ ලෝකයේ වෙනත් කිසිම රටක නැත. ණය ක්‍රමය තහනම් කර ගනු-දෙනු අත්පිට මුදලට සිදුකරන නීතියක්‌ පැනවූවා නම් ජීවන වියදම එක දවසෙන් 50% ක්‌ අඩු කළ හැකිය. වෙළෙන්දා එදාට අත්පිට මුදලට අලෙවි කෙරේ. නිෂ්පාදකයා අනතුරේය, මහජනයා පොදුවේ දුකට පත්වේ.

මුගුණවැන්න මිටිය වෙළෙඳපළට දාන ගොවියාට එයට මුදල් ලැබෙන්නේ මාසයකට, දෙකකට හෝ මාස තුනකට පමණ පසුවය. මෙවැනි දෙයක්‌වත් අවබෝධ කරගන්නට අපේ අයට පිණක්‌ නැත. ඒ අප කාගේත් අකුශලයයි. පරණ පව් භුක්‌ති විඳිය යුතුය. එක්‌සත් රටක සියලු ජාතීන් සමගියෙන් ජීවත්වන්නට කාටත් නුවණ පහළවේවා. Æති ප්‍රශ්න ගැන කතාකරන අයට අම්මා - තාත්තා, සහෝදර - සහෝදරියන් නැද්ද? පවුලකට සමගිය අවශ්‍යය, රාජපක්‌ෂ පවුල තුළ තිබූ සමගිය රටේ ආරක්‌ෂාවට, ත්‍රස්‌තවාදය නැසීමට හේතුකාරණා විය.

හොරකම්, වංචා සාධාරණව ඔප්පු කළ හැකිය. කළ හොඳ දේ අමතක කර රට නැවත වළට දාන්නට සූදානම් නොවන්න. නිශේධ බලතල ඇති ජනාධිපති කඩුව විශ්වාස වන්තයෙකු අතට දීම සුදුසුය. ආධුනිකයන් ඉදිරියට ගන්න ළඟ ළඟම එන මහ මැතිවරණය සුදුසුම පිළිතුරයි. එයින් බලය විමධ්‍යගත කළ හැක.


ගලබොඩ සිරි Æණිස්‌සර නායක ස්‌ථවිර
(ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ)

Saturday, January 23, 2010

හතළිස්‌ දවසක දේශපාලන පළපුරුද්ද,,,


ජනපතිවරණය ගැන ඔබෙන් ඉතිහාසය අසන ප්‍රශ්නයක්‌!

ඉතිහාසය යළි යළිත් වක්‍රාකාරව ගමන් කරන බව සත්‍යයකි. මෙය අපට මතක්‌ වන්නේ අද ද සිදුවෙමින් පවත්නා දේවල් දක්‌නාවිටය. විශේෂයෙන් මෙවර ජනාධිපතිවරණ තරගබිම දෙස බලන විට සිංහලයන්ගේ ඉතිහාසය වන මහාවංශයේ සඳහන් අතීත සිදුවීම් සිහියට නැඟෙයි. අද ප්‍රධාන අපේක්‌ෂකයන් වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යන දෙදෙනා තරගබිමේ සිට උණුසුම් අදහස්‌ හුවමාරු කර ගනිති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ රටටත් ජනතාවටත් පරිසරයටත් සතා සිව්පාවටත් තිස්‌ අවුරුද්දක්‌ තිස්‌සේ මහා විනාශයක්‌ කළ කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කොට ජනතාවට කිව නොහැකි තරමේ සහනයක්‌ ලබාදුන්, බෙදී තිබුණ මව්බිම නැවත එකට යාකරමින් එය නව සංවර්ධන මාර්ගයකට යොමු කළ වර්තමානයේ ජනප්‍රියත්වයේ ඉහළටම නැග ගත් නායකයාය.

ජෙනරාල්තුමා මහින්දගේ අනුමැතියෙන් හමුදාපතිකම ලබා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මහඟු යුද කළමනා කාරිත්වයත්, ගගන, නාවික හමුදාවල සෘජු දායකත්වයක්‌ නිසා යුද්ධය ජය කණුව වෙත මෙහෙයවූ නායකයා විය. මෙහි දී යුද්ධයේ සේනාධිනායකයා වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාය. අවසාන අදියරේ මේ ත්‍රස්‌ත යුද්ධය ලෝක යුද්ධයක්‌ තරමටම ලෝක අවධානයට යොමු වූවක්‌ බවට පත් වූ නිසා කොටින්ට ආවඩන බටහිරයන්ගේ දැඩි බලපෑම් සහ විවිධ කොන්දේසිවලට මුහුණ දීමට සවිමත් පිටකොන්දක්‌ ඇතිව සිටි රාජපක්‍ෂ ජනාධිපති සමත්වීම රටේ වාසනාවක්‌ විය. කොටි නායකයන් බේරාගැනීමට සටන් විරාමයක්‌ සඳහා බලපෑම් කිරීමට වීරයන් ලෙස (අවි) අමෝරාගෙන ආ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර් ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැවේ තාවුල්ලේ රුක්‌සෙවනට කැඳවා සාකච්ඡා පවත්වමින් කීවේ දැන් සටන් විරාමයකට ඉඩක්‌ නැති බවයි.

කොටි හිතවාදී මේ බටහිර බලවේගත් දේශීය කොටි හිතවාදීනුත් ජනාධිපතිගෙන් පිළිගැනීම සඳහා යොදාගත් හොඳම උපක්‍රමය වූයේ ඔහුගේම යුද හමුදා නායකයා ජනාධිපති තරගයට යොමු කරවීමයි. මේ අපේ ගම්වල ව්‍යවහාරයට අනුව ඌරගෙ මාලූ උරගේ පිටේම තියා කැපීම" වැනි ක්‍රියාවකි. ජනාධිපති ත්‍රස්‌ත යුද්ධය අවසන් කර ගැනීමට යෙදවූ යුද නිලධාරියා ලවාම ඔහු පැරද වීමට අවස්‌ථාව යොදා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත. මෙය දැන් ඉතා තියුණු තරගයක්‌ බවට පත්ව ඇත.

මෙහිදී ඉතිහාසය ඔස්‌සේ අපේ මතකයට නැගෙන්නේ මෙයට අවුරුදු 2100 ගණනකට පෙර ද්‍රවිඩ ආක්‍රමණිකයන්ට මුහුණදුන් වළගම්බා රජු හා සම්බන්ධ සිදුවීමකි. දුටුගැමුණු රජුගේ ද මුනුබුරකු වූ වළගම්බා රජ ද්‍රවිඩ සතුරන්ගෙන් බේරීම සඳහා පැනගොස්‌ වනගත ප්‍රදේශයන්හි අවුරුදු දාහතරක්‌ පමණ කාලය ගත කළේය. ඒ කාලය තුළ ඔහුට උදව් කළේ බෞද්ධ භික්‍ෂුහුය. මෙහිදී තිස්‌ස නම් තෙරුන් වහන්සේ තමන් දන්නා තනසීව නම් ගම් ප්‍රධානියාට රජු සහ ඒ පිරිස භාරකොට ආරක්‍ෂාවත් ආහාර පාන ආදී පහසුවත් සලසා දුන්නේය. මෙසේ කල් ගත කරන රජු කුම්භීලක නම් තෙරුන් වාසය කළ වලස්‌ගල විහාරයේ බුද්ධ පූජා පින්කමක්‌ කිරීමට සූදානම් කරවීය. රජු සමග සිටි ඇමැතිවරු රජු විහාරයට එන්නට පෙර විහාර මලුව පිරිසිදු කිරීම සඳහා එම ආකාසෙච්තියාංගනයට නැංගාහ. එය පිsරිසිදු කර නිමවා ඇමැතිවරුන් පහළට එන්නට ප්‍රථම රජු සහ දේවිය අහස්‌ චෛත්‍ය පියගැටපෙළ නගිමින් සිටියහ. එම පඩිපෙළ දිගේම පහළට බසිමින් සිටි ඇමැතිවරුන්ට පහළට බස්‌නා අන්මගක්‌ නොවූයෙන් බැසීම නවතා රජුට ගෞරව වශයෙන් එහිම අයිනකට වී වාඩිගත්හ. එසේ හිඳසිටි අටදෙනාගෙන් "කපිසීස" නම් ප්‍රධාන ඇමැතියා දැක වාඩිවී සිටියා නොවේදැයි කිපී ඔහු මැරවීය. මෙතරම් කුඩා වරදකට අපගේ ප්‍රධාන යෝධයා මරාදැමීම ගැන කලකිරීමට පත් ඉතිරි ඇමැතියන් සත්දෙනා රජු අතහැර දමා යන්නට ගියහ. එසේ යන අතර මගදී මංපහරන සොරුන් විසින් ඔවුන් ළඟ තිබූ වස්‌ත්‍ර ඇතුළු බොහෝදේ පැහැර ගනු ලැබූහ. එනිසා කොළ අතු හැඳගත් මේ සයදෙනා අතර මග හම්බුගල්ල විහාරයට ගොස්‌ තිස්‌ස තෙරුන් වහන්සේ හමුවූqහ.

ඔවුන්ගෙන් තොරතුරු විචාළ තෙරහු තමන්ට ලැබී තිබුණු වස්‌ත්‍ර, තෙල්, හාල් ආදියෙන් ඔවුන්ට සංග්‍රහ කළහ. ආහාර ගෙන විඩා දුරු කර ගැනීමෙන් පසු ඇමැතියන්ගෙන් තොරතුරු විචාල තෙරුන් වහන්සේ දැන් තෙපි කොයි යවුදැයි විචාළහ. එවිට ඔවුහු සියලූ තොරතුරු නොඅඩුව ප්‍රකාශ කළහ. එවිට තිස්‌ස තෙරුන් වහන්සේ සම්බුදු සසුනටත් රටටත් ආදරය කරන මේ යෝධයන්ගේම උපකාරයෙන් බලය ලබාගෙන මේ රජුටම රටත් සම්බුද්ධ ශාසනයත් දියුණු කළ හැකි යෑයි සිතා මොවුන් නැවත රජු සමග එක්‌ කිරීමට අදහස්‌ කොට ඔවුන්ගෙන් මේ ප්‍රශ්නය ඇසීය.

රටත් සම්බුද්ධ ශාසනයත් නඟා සිටුවීම කළ හැක්‌කේ දමිළ ආක්‍රමණිකයන් සමග එකතුව කටයුතු කිරීමෙන්ද? නැතහොත් රජු සමග එකතුවීමෙන්ද?

"ස්‌වාමීනි, රජු සමග එකතුවීමෙන් රටත් බුදු සසුනත් දියුණු කළ හැකිය" මෙසේ ඔවුන්ගේ අදහස්‌ දැන ගැනීමෙන් පසු තිස්‌ස තෙරුන් වහන්සේ ඇමැතිවරුන් නැවත රජු වෙත කැඳවාගෙන ගොස්‌ කරුණු කියා මිත්‍ර කරවීමෙන් රජු ශක්‌තිමත් කරවීය. ඉන් ටික කලකට පසු වළගම්බා රජ සේනා රැස්‌කොට ගෙන අනුරාධ පුරයට පැමිණ සටන් මෙහෙයවා ද්‍රවිඩ ආක්‍රමණිකයන් ජයගෙන සම්බුද්ධශාසනයත් රටත් නඟාලීය.

ඒ අවුරුදු දෙදහස්‌ එකසිය ගණනකට පෙර හම්බුගල්ල විහාරයේ තිස්‌ස තෙරුන් වහන්සේ ඇසූ ප්‍රශ්නයම අපි අද ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් මෙසේ අසමු.

"බෙදුම්වාදී උවදුර මුලිනුපුටා දමා මේ රට නඟාලිය හැක්‌කේ සතළිස්‌ අවුරුද්දක දේශපාලන පළපුරුද්දක්‌ ඇති ජනාධිපති මහින්ද රාජපක්‌ෂ බලයට පත් කිරීමෙන්ද? නැතහොත්

"හතළිස්‌ දවසක දේශපාලන පළපුරුද්දක්‌ පමණක්‌ ඇති "ජනරාල්තුමා බලයට පත් කිරීමෙන්ද"?

යන්න මෙරට ජනතාව ඉතා මැදහත්ව සහ කෘතඥතාපූර්වකව කල්පනා කර බලා තීරණය කළ යුතුව ඇත.
විජයසිරි වෙත්තමුනි

Friday, January 15, 2010

Norway Money 4 election and Truth of Behind ...

මිතුරනි සාවධානව නරඹන්න මේ දේශපාලන පොරපිටිය ඔබට ඇත්ත නැත්ත තේරුම් යාවී...,




මෙන්න එදා අප රට පාවා දුන් අපතයන්...

මෙන්න එදා අප රට පාවා දුන් අපතයන්, මුන් දැන් ආයේ එකතු වෙලා රට කන්න......ස්තූතියි සිසිර මට මේ වීඩියෝව එවීම ගැන...


long ago we know most UNP politicians acted like traitors of Sri Lanka. Because they are with LTTE in many times. For an example just see some...

Thursday, January 14, 2010

ඇත්ත ඇති සැටියෙන් කීමට අපිට හැකියාවක් තියෙන්න...

ඇත්ත ඇති සැටියෙන් කීමට අපිට හැකියාවක් තියෙන්න ඕනේ එදා සරත් කියපු දේවල් මෙදා අපේ මිනිස්සුන්ට
අමතක නම් ඒවා ආයෙම පෙන්නන්නත් ඕනේ ,ඒකයි අද මේ වීඩියෝ ක්ලිප්ස් ඇතුල්කළේ..., මීට දින ගණනකට කළින් කියපු දේවල් අද ඒ කටින්ම නැහැ කියනවනම් ඒ වගේ එකෙකුට රටක පාලනයක්
දෙන එක තියා ......ඒ වගේ ලැජ්ජාවක් නැති එකෙකු ගැන හිතන එකත් මට නම් ලැජ්ජයි..




දයාබර රටට ආදරේ මිතුරනී පුළුවන් නම් ඔබගේ මිතුරන්ටත්

මේ වෙබ් අඞවියේ ලිපිනය පාස් කරපියව්... ස්තූතියි





ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියල එදා තප්පුලෑපු මී හරකගේ කතාව තමයි මේ...



කිළිනොච්චි නෙවි පාමන්කඩ...
මේ අනිත් මී හරකා මූ එදා අපහාස කළේ එහෙමයි මේ වගේ තවත් අවජාතක අපතයෝ නැවත පාර්ළිමේන්තුවට යවන එක නවත්වන්න පෙළ ගැසෙමු..


Tuesday, December 22, 2009

අලිමoකඩ කියා පාමන්කඩ....

අපේ අයට ඕනම දෙයක් අමතක වීමට ගත වන්නේ බොහෝ ටික දිනකී...එදා දෙමළ නාසි වාදයෙන් බැට කෑ සිoහළ ජනතාවට අද ලැබී ඇති නිදහස අවැදගත්ය..එදා අලිමoකඩ කියා පාමන්කඩ යන බව කියමින් හමුදාවට සිනහවූ ගොන් තඩියන් අද නැවත එදා සිටි හමුදා නායකයා සමග සන්ධාන ගතව ඇත..එදා මහ කොටියා උගේ ගුබ්බෑයමටවී සාම කොන්දේසිය අත්සන් කරද්දී කොළඹ සිට ඌගේ පාමුළ ආසන්නයට ගොස් එය අත්සන් කොට අපේ රට ජාතිය පාවා දුන් නපුoසකයා..සහ සෙසු අමන හිවල් රැළ අද අපේ රටේ මිනිසුන් කොටවමින් සිටින මොහොතකදී ඉස්සර චතුර පමුණූව ලියු ලිපියකට ඔබගේ මතකය ගෙනයන්නයි මා අදහස් කළේ...

pYx`krn~ @s`y` gQy mrN@y~ pLmR sAZ`v..!

@n`v#m|br\ 26 v#nQq` svs 5.25 t pmN kQlQ@n`c|cQ@y~ jyn~wQngr\ hQ pQhQtQ el~. tW. tW. I. nQvs~nykt gOvn~ hmRq`@v| mQg~ y`n` mgQn~ el~l krn lq pYh`rykQn~ @v|lEpQl~@l~ pYx`krn~ wOv`l lb` a#wQ bv rjy mgQn~q, whvRr# kr a#w. @k@s~ nmRw~ @m| pYh`ry pQLQb[v el~. tW. tW. I. m`{& j`ly mgQn~ kQsQvk~ pYk`X @n`k@L~ ey sQy s`m`jQkyn~@g~ cQw~w @@{r\yyt blvw~ phrk~ vn bv @h`[Qn~ qn~n` nQs`y. e~ pRvwq sm|pRr\N@yn~m v`rNy vQy. ikOw~ irQq` @n~;n~ pRvw~pwt sQy wWr# lQpQy lQymQn~ dW. bW. es~. @jyr`j~ sthn~ kr wQbR@N~ jyn~wQngr\ @vw v#tRNR @b`~m|b 12 n~ ekk~ pYx`krn~@g~ bAkry mw pwQw vW a#wQ bvyQ. @m| @b`~m|b@yn~ em bAkr@y~ @k`tsk~ kd` v#tW a#wQ awr pYx`krn~@g~ @k`n~qt urhQst h` aw~vlt wOv`l sQqEvW a#w. in~ psR el~. tW. tW. I. @y~ wQlWpn~ @@vq& e~kky mgQn~ @k`tQ n`yky`t pYwQk`r kr a#wQ awr vn~nQ@y~ rj@y~ @r`~hlk @s~vy krn @@vq&vr#n~ kQhQp@qnkOq pYx`krn~t pYwQk`r lb`qWm s[h` k#qv`@gn @g`s~ wQbQNQ.

XWY lAk` gOvn~ hmRq`v @klQn~m wm` @s`y` p#mQN a#wQ bv pYx`krn~t @n`v#m|br\ 26 v#nQq` av@b`~{vn~nt a#w. @n`v#m|br\ 02 v#nQq` gOvn~ pYh`rykQn~ wmQl~ @sl~vm| mQy gQy pRvw as` pYx`krn~ hV` v#tW a#wQ awr sQy n`yky` @m@s~ @X`~kvnR qEtR @k`tQ s`m`jQk@y`~q vQmwQyt pw~v a#w. @k@s~ nmRw~ q#n~ @klQn~m pYx`krn~ mrN byQn~ w#wQ@gn wQ@b|. @m| vs@r\qW el~. tW. tW. I. yt sQy s`m`jQkyn~ @q@qhskt vd` ahQmQ vRvw~ wmQl~ @sl~vm|@g~ avsn~ @g_rvy qk~vn~nt gQ@y~ sQy v#dQmnn~ qr#v` vn c`l~s~ a#n~wnWq smgy. @mvr mh`vWr qQn pYk`X@y~qW @k`tQ n`yky` wmQl~ @sl~vm|v h#qQn~vR@y~ sQy b`l @s`@h`yRr` @lsy. b`l @s`@h`yRr` @s`y` p#mQNQ bAkr\ bs~tr\ @b`~m|b q#n~ v#dQmhl~ @s`@h`yRr`q @s`y` p#mQN a#w. ikOw~ @n`v#m|br\ 29 v#nQq` pYAX pRvw~ @s~vy smg s`kc|C`vkt ek~@vmQn~ a`rk;k @l~km| @g`~T`xy r`jpk; mhw` pYk`X k@L~ a`rk;k hmRq` @k`tQ n`yky` psR ps pn~nmQn~ sQtQn bvyQ.

gOvn~ pYh`r@yn~ pYx`krn~ @b|r#Nq ikOw~ 14 v#nQq` rjy ayv#y Cn~q@yn~ jy g#nWm @k`tQ n`yky`t blvw~ phrk~ vR bv nm| p#h#qQlQy. ayv#y Cn~q@y~qW rjy pr`jy krn~nt @k`tQ hQwv`qW bl@v|g @d`lr\ mQlQyn gNnQn~ @mrtt @p`m|p kL bv rhsk~ @n`@v|. e@hw~ @m| vQj`wQk kOmn~wYNy pYx`krn~@g~ av`sn`vt XYW lAk` m`w`v@g~ v`sn`vt pr`jy vQy. ayv#y pr`jy vRv`nm| sQqEvn~@n~ kOmk~q? rt n#vw m#wQvrNykt wl~lE vn awr uwO@r\ yRq~{yq awrmg nwrvnR a#w. @k`tQn~ vd`w~m vRvmn`@vn~ bl` sQtQn yRq vQr`my ovRnt hQmQvnR a#w. ayv#y @m@hyRm pr`jyvWmw~ smgm XYW lAk` nQqhs~ pk; "m" kN~d`ymtq aw~vn~@n~ s~vx`vQk mrNykQ. rt ivryQ @prt v@rv| kQy` p#v#w~vR jnrLQn~q kQsQm v`sQyk~ aw~vR@y~ n#w. sQqEvR@y~ ej`p n`yk rnQl~ vQkYmsQAh XYWlnQp nQr\m`w^ es~. db|. a`r\. dW. bN~d`rn`yk mhw`@g~ r$py a#lvR @v|qQk`vk kw` kQrWm pmNQ. jnrL nQs` a#l~m#rW sQtQ ek~sw~ j`wQk p`k;Qkyn~t ym| pY@b`~{yk~ a#wQ vRv`t ey q#v#n~w @q~Xp`ln bl@v|gyk~ vR@y~ n#w. mn~q r@tQ bhRwr jnw`vt @m| a`N~dRRv @k@rhQ vWqQ b#s vQ@r`~{y qk~vn~nt wrm| pYX~nyk~ wQbR@N~ n#w.

XYW lAk` mRs~lQm| @k`AgYs~ n`yk rvRf~ hkWm| r`jpk; rjy h#rqm` vQpk;yt en vQt qYvQd sn~{`n mn~wYWvr# mhw~ pYWwQ@yn~ aw~@p`lsn~ @qn~nt vRh. e@hw~ e~ pYWwQy 14 v#nQq` svs h@yn~ psR nwr vQy. vQj`wQk kOmn~wYN pr`jy krn~nt sRqEsRm a`k`ryt jnw` vQmRk~wQ @prmRN ayv#@y~qW Cn~qy p`vQc|cQ kQrW@mn~ v#lkW sQtQ@y~y. eq` jnw` vQmRk~wQ @prmRN ayv#yt vQr#q~{v Cn~qy pYk`X kL` nm| eyQn~ v`sQy aw~vn~@n~ @qmL n`sQv`qyty. klk~ jnw` vQmRk~wQ @prmR@N~ pYbl hQwvwkO vR mAgl smrvWr mhw` ikOw~ 14 v#nQq` j.vQ.@p. gw~ wWn~qEv g#n kQsQm swOtk~ qk~vn~@n~ n#w. mn~q ohR w#nR sQhQn m`lQg`v sm|pRr\N@yn~ sRNR vQsRNR vR@y~ j.vQ.@p. wWn~qEv nQs`y.

psRgQyq` pRvw~pw~ s`kc|C`vk~ pvw~vmQn~ smrvWr mhw` pYk`X k@L~ gQ@lmQn~ pvwQn a`N~dRvt vQml~ vWrvAX mhw` ok~sQjn~ qEn~ bvyQ. e@hw~ a#w~@wn~m gQ@lmQn~ pvwQn~@n~ a`N~dRvq vQpk;yq, XYW.l.nQ.p. "m" kN~d`ymq yn~n @s`y` b#lQy yRwOy. a#w~@wn~m j.vQ.@p. n~ ok~sQjn~ bl`@p`@r`w~wO vR@y~ mAgl, XYWpwQ h`, rnQl~ hvRl mQs a`N~dRv nm| @n`@v|. j`wQk sx`v pQhQtRvq~qW XYWlnQp @yn~ mn~wYWvr# 17 k~ @g@nnv` y#yQ kW mAgl smrvWr mhw`t a`N~dR@vn~ vQpk;yt @g@nn~nt h#kQ vR@y~ vQjyq`s r`jpk; h` anRr bN~d`rn`yk pmNQ. e@hw~ @m| @q@qn`m ayv#yt vQr#q~{v Cn~qy x`vQw k@L~ n#w.

vQj`wQk sn~{`ny h` ek~vWmt p#mQNQ anRr bN~d`rn`yk aq @q~Xp`ln an`}x`vyt pw~v a#w. sQy v#dQmhU @s`yRrQy@g~ up@qs~ mw mAgl XYWpwQ hvRlt ek~vWm nQs` aq ohRt vQsRm|p`yq ahQmQ vW wQ@b|. hQtpR jn`{QpwQnQ cn~qYQk` kOm`rwOAg mhw~mQyq r`jpk; rjy bQ[vtQtn~nt sQy p#rNQ hQwvwOn~ smg @n`@yk~ kOmn~wYN kLq e~v` s`r\}k vR@y~ n#w. ayv#y wOn~vn vr Cn~qy q` vQpk;yt gQy anRr bN~d`rn`yk hqQsQ@y~m p`r\lQ@m|n~wO@vn~ pQtv gQ@y~ wm` jn`{QpwQwOmQy hmRvn~nt yn bv pvsmQnQ. e~ avs~}`@v|qW j.vQ.@p. @m| ayv#yt vQr#q~{v Cn~qy @n`@qn bv bN~d`rn`yk mhw`t q#n gn~nt l#bW wQbQNQ. ohR hQtpR jnpwQnQy@g~ nQvs kr` gQ@y~ mAgl@g~ aUw~m k#rFl~lq pr`jy vn bv pYk`X krn~nt bv p#h#qQlQy. "@qs#m|br\ 14 @m@hyRm pQtRps vQ@q~X bl@v|g r`XQyk~ vR bv nm| p#h#qQlQy. vQ@X~;@yn~m hQtpR @n`~r\vWjQy`nR w`n`pwQ @j`n~ @vs~@b`g~ sAc`rk vWs` lb`@gn @k`LBt p#mQN @m| kOmn~wYNy jygYhNy krvn~nt @b`@h`~ uw~s`hyn~ q#r$ bv pYkt rhskQ. vQ@X~;@yn~m @k`l~lEpQtQ@y~ bl@v|g @mn~m @k`l~lEpQtQ@y~ pQhQtQ w`n`pwQ k`r\y`lq r`jpk; rjy @gn yn j`wQkv`qW v#dpQLQ@vL smg kQsQqE k#m#w~wk~ n#h#. ovRnt avX& @k`tQn~t phr @n`@qn rt @fdrl~ krn @k`l~lEpQtQ@y~ n`yk@ykQ. e@hw~ e~ n`yky`t sQAhl jnw`v k#m#wQ n#w.

@qs#m|br\ 14 @m@hyRm pr`jyvWmw~ smgm yRq ayv#y jygw~@w~y. vQj`wQk bl@v|g sWsWkd vQsQvQy. @qs#m|br\ 14 @m@hyR@mn~ a`N~dRv pr`jyvWm qkQn~nt s`m`n& mhjny` wOL k#m#w~wk~ vR@y~q n#w. vQ@X~;@yn~ bhRwr sQAhl @b_q~{ jnw`v s$m vQtm pYk`X k@L~ @m| rjy @k@s~ @h`~ a`rk;` kL yRwO bvyQ. bhRwr sQAhl jnw`v wOL @m| rjy apYs`qyt pw~v n#wQ bv vQkl~p pYwQpw~wQ @k~n~qYy ikOw~ @n`v#m|br\ m`s@y~ sQqEkL smWk;Ny mgQn~q @hLQv wQ@b|. em smWk;Nyt shx`gQ vR sQAhl j`wQkyn~@gn~ 87% k~m pYk`X kr a#w~@w~ rjy vd` s`r\}kv vd` @h`qQn~ yRq~{y kr@gn yn bvy. e~ anRv kvr pYX~n wQbRNq @m| @qmL n`sQv`q@yn~ rt glv` g#nWm s[h` rjy @gnyn v#dpQLQ@vL pQtRps jnw`v sQtQn bv p#h#qQlQy.

hqQsQ@y~ @h`~ @qs#m|br\ 14 @m@hyRm jygYhNy kL` y#yQ apQ sQwmR. evQt sQqEvn~@n~ kOmk~q? jnpwQvry` p`r\lQ@m|n~wOv vQsRr#v` h#r m#wQvrNyk~ p#v#w~vWmt ktyRwO krnR a#w. e~ m#wQvrN@yn~ jy gn~nt rnQl~:mAgl sn~{`nyt h#kQq? kQsQ@s~w~ n#w. @qmL j`wQk sn~{`nyt mn~wYWvr# 22 k~ n#vww~ pw~ kr g#nWmt h#kQvn~@n~q? kQsQ@s~w~ n#w. enQs` @bqEm|v`qW kOmn~wYN jygYhNy krn~nt h#kQvn~@n~ n#w. n#vww~ jnpwQvry`@g~ n`ykw~v@yn~ yRwO rjyk~ pQhQtRvnR a#w. kvrk~ nmRw~ hqQsQ@y~ m#wQvrN p#v#w~vW@mn~ rtt aw~vn @swk~ n#w. eyQn~ p`dR vn~@n~ @qmL n`sQv`qQn~t e@rhQv sQqEvn @m@hyRm|vlty.

ek~sw~ j`wQk pk;y sQy @qs#m|br\ 14 @m@hyRm pr`jy vR psR q#n~ pYk`X krn~@n~ rj@y~ bhRwry adR kQrWmt wmn~t h#kQvR bvyQ. eyQn~ @h`~ ym| k`lkn~nQ swOtk~ l#bWm h#r aq @vn @qyk~ krn~nt ej`pyt @n`h#kQy. mWt @pr a`rk;k @l~km| ivw~ kL yRwO y#yQ ej`py mh` hVk~ @gn gQy awr q#v#n~w yRq jygYhN hmR@v| ej`p n`yky`@g~ hV pRs~sk~ bvt pw~vQy. psRv mQg~ gnR@qnR g#n pvsmQn~ mAgl XYWpwQ hvRl r`jpk; rjyt @c`~qn` el~l krn~nt uw~sh gw~wq avs`n@y~ e~v` hQs~ pYk`X vR@y~ @m| qE;Qw y#yQ kQyn mQg~y`n` vlQn~m wmQl~ @sl~vm|@g~ hQs mwt bAkr\ bs~tr\ @b`~m|b pwQwvW@mnQ. psRgQyq` a`rk;k am`w&`AX@y~ v#y XWr\; vQv`qy p#v#w~@vq~qW pv` mh` hVQn~ mQg~ gnR@qnR g#n @n`@yk~ pYk`X kL kQsQ@vk~ em v#y XWr\; vQv`q@y~q kw`vk~ krn~nt @h`~ p#mQNQ@y~ n#w.

@qmL n`sQv`qy h` vQj`wQk bl@v|g ek~v sAvQ{`ny kL @qs#m|br\ 14 @m@hyRm pr`jy vRvq ovRn~ n#vww~ @m| rjyt e@rhQv kvr @h`~ kOmn~wYNyk~ qQyw~ krvn~nt k#skvmQn~ sQtQnv` vQy h#kQy. pYx`krn~@g~ bAkry mwtw~ @b`~m|b v#@tq~qW @qmL n`sQv`qQn~t wvqErtw~ ivs`@gn sQtQn~nt aphsR vnR a#w. e~ nQs` iqQrQ@y~qW kYQy`w~mk vWmt nQymQw sQylE @q~Xp`ln kOmn~wYN pQLQb[v s#b$ @q~X@p~YmWn~ vd` avqQ@yn~ sQtQy yRwO k`ly eL#B wQ@b|.

cwOr pmRNRv

2007/12/23