.

Showing posts with label itn. Show all posts
Showing posts with label itn. Show all posts

Monday, November 30, 2009

කවුරුත් නොදන්න බොහෝ දේ.....



click above picture
වුරුත් නොදන්න බොහෝ දේ මගේ මතකයේ තිබෙනවා.ඔය දැන් රූපවාහිණී නාලිකාවල මහා ජනමාධ්ය පොරවල් ලෙසට ඉන්න හුග දෙනෙක් මුලින්ම රූපවාහිණී කැමරාවකට මුහුණ දුන්නේ මගේ වැඩසටහනකදී මගේ ඉදිරියේදී

ඒ අතර
මියගිය මා හිත මිත්‍ර
රෝහණ කුමාර

ලසන්ත වික්‍රමතු0ග
වික්ටර් අයිවන් , අනුර හොරේෂස්

බන්දුල පද්මකුමාර වැනි අයත් ඉන්නවා...

Sunday, November 29, 2009

මහින්ද අබේසුන්දර සම්පාප්ත්‍රිය....


හින්ද අබේසුන්දර කියන්නේ හරි අපූරෑ ජාතියක මිනිහෙක් .මම 1998 දී අයි ටී එන් එකේදී පටන් ගත්ත සන්නස කියන වැඩසටහනට ආගිය කතා කියන කොටසත් ඇතුල් කරන්න හිතිලා.ඒකේ නිවේදකයා හැටියට මම අරන් හිටිය ලක්බිම පුවත්පතේ ගැමුණු රත්නායක ට කියල තමයි මුලින්ම මහින්ද අබේසුන්දර ව ගත්තේ...මට මතකයි කොළබ වික්ටෝරියා උද්්‍යාණයෙදී කළ ඒ රූපගත කිරිමේදී..මිනිහා ඇඹරැණ හැටි...මල්ලී මෙවා ඉතින් කවදා කාපු ටකරන්ද කියලයි කිව්වේ.
වැඩසටහන නිසා මිනිහා ජනප්‍රිය උනා.එයා ලක්බිමට ලිව්ව ආගිය කථා පෙළම නැවත කැමරාව ඉදිරියේ කියන එක තමයි කලේ ..එකම එක දේ කිහිප වතාවක් රූපගත කරන්නේ එක පාරම කියවගන්න බැරිඋනාම..අපි කියන්නේ නානවා කියලා...ඉතින් ඔය සන්තෑසියම තමයි ඒ දවස් වල මිනිහටත් උනේ..., එකම දේ නැවත නැවත රූපගත කළා අපිත්..මිනිහ ගේ ජීවිතේ ප්‍රථම වතාවට තමයි කැමරාවකට මුහුණ දුන්නේ...ඒ දවස් වල අයි ටී එන් එකේ පුවෟත්ති අංශය බාරව හිටියේ මම ..ඔන්න සති දෙකකට විතර පස්සේ දවල් වරුවක මහින්ද අයියා ආවා මගේ කාමරයට....ඇවිත් කිව්වා මල්ලී මම මේ ආවේ ලොක්කා හම්බුවෙන්න කියලා.ඒ කියන්නේ සභාපතිව..ඒ වෙලාවේ ඒ මිනිහත් හිටියේ නැහැ මම කිව්වා ඉතින් ඒ එනකම් වාඩිවෙලා ඉන්න කියලා මගේ මේසේ ඉස්සරහ පු‍ටුවත් දීලා කන්න බොන්නත් අරන් දීලා .සභාපති එනකම් තියගෙන හිටියා. ඒ කාළේ සභාපති වෙලා හිටියේ කවුරුත් දන්න ..අපි කිරිගුණයා කියන ආදර වචනයෙන් හදුන්ව්න මෑන්.කොයි වෙලාවේ බැලුවත් ඔ‍ෆිස් එකේ නැති .දේශපාලනයෙන් ආපු තක්කඩියෙක්.
ඉතින් මේ ඉතින් මේ මහින්ද සභාපති ආවා විතරයි මල්ලී මම මිනිහව හම්බුවෙලා එන්නම් කියලා.ගියා...ඊට ටික වෙලවකට පස්සේ .මට සභාපතිගේ ඔ‍ෆිස් එකෙන් ලියුම්ක් ආවා අත්සන් කරලා භාරගන්න...මොනාද දන්නවද ඒකේ තිබුනේ ...
වහාම ක්‍රියාත්මක වන අයුරු මාව වෙනත් අංශයකට මාරු කරල කියල...අනිත් දවසේ සිට මිනිහා මගේ පු‍ටුවේ...
ම්හින්ද අබේසුන්දර රූපවාහිණියට ආවේ අන්න එහෙමයි...

සුමිත් ජයන්ත ඩයස්