.

Showing posts with label history of srilankan movies. Show all posts
Showing posts with label history of srilankan movies. Show all posts

Saturday, March 6, 2010

SriLanka Film History....

’රාජකීය වික‍්‍රමය’ හැදුණේ අවු: 83 කට පෙර

ශ‍්‍රී ලාංකික සිනමාව හෙට හැට එක්වෙනි වියට පා තබයි. හැට එක් වසරක් යනු මහා කාලපරාසයකි. මේ කාලපරාසය තුළ නිෂ්පාදනය කොට ප‍්‍රදර්ශනය කරන ලද මුළු සිංහල චිත‍්‍රපට ගණන එක්දහස් හැට පහකි. (1065) (ගිය 16 වැනි දා ප‍්‍රදර්ශනයට තැබූ හාට් ඇෆ්. ඇම්.(ඩ්ඥචපබ ජ්ර්) චිත‍්‍රපටය ද ඇතුළුව)


කඩවුණු පොරොන්දුව

මුල් ම සිංහල චිත‍්‍රපටය හැටියට හඳුන්වනු ලබන “කඩවුණු පොරොන්දුව“ මුලින් ම තිරගත කරන ලද්දේ 1947 ජනවාරි 21 වැනි දා ය. දෙවැනි චිත‍්‍රපටය වූ ‘අසෝකමාලා’ තිරගත වූයේ ද එම වසරේ දී ම ය.

මේ කාල පරාසය තුළ මිලිමීටර් දහසයෙන් නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපට පහළොවක් ද ප‍්‍රදර්ශනය තබා ඇත.

එම චිත‍්‍රපට පහළොව මෙසේ ය.

1. ගම්බද සුන්දරී (1950)
2. වනගත කෙල්ල (1957)
3. ලේ කඳුළු (1957)
4. සමාජය (1958)
5. මිරිඟුව (1960)
6. මූදින් ගෙදරට (1961)
7. සුනිලා (1963)
8. සමුදායම් (1963) මෙය දෙමළ චිත‍්‍රපටයකි.
9. සැනසුම (1966)
10. සේයාවක් පසුපස (1966)
11. පාසනිලා (1966) - මෙය ද දෙමළ චිත‍්‍රපටයකි.
12. රහස් දූපත (1967)
3. රැයත් දවාලත් (1969)
14. සුගතියක් කරා (1969)
15. සුන්දර මවුබිම (1970)

මේ අවුරුදු හැට එක තුළ වැඩි ම චිත‍්‍රපට ගණනක් ප‍්‍රදර්ශනය කළ වර්ෂය 1982 යි. එම අවුරුද්දේ ප‍්‍රදර්ශනය කරන ලද මුළු සිංහල චිත‍්‍රපට ගණන තිස් අටකි. (38) මේ අවුරුද්දෙන් පසු චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ටිකෙන් ටික පහත වැටීමට පටන් ගත්තේ ය. 1986 වන විට දේශීය සිනමාවේ බහින කලාව නොහොත් අර්බුදය පටන් ගෙන තිබිණ. එම වර්ෂයේ ප‍්‍රදර්ශනයට තබන ලද මුළු චිත‍්‍රපට ගණන දාහතකි.

* * * *

ශ‍්‍රී ලාංකික සිනමාව උපත ලබා හෙට වන විට අවුරුදු හැට එකක් සපිරෙන බව අපි මුලින් ම සඳහන් කළෙමු. එහෙත් මෙම දිනය දේශීය සිනමාවේ හැබෑ උපන් දිනය හැටියට අපට ගණන් ගත හැකි ද?

වැළලී ගිය ඉතිහාසය හාරා අවුස්සා බලන විට අපට පෙනී යන්නේ දේශීය සිනමාවේ ආරම්භය නොහොත් උපත 1947 දී නොව 1925 දී සිදු වී ඇති බවයි. ඒ අනුව බලතොත් දේශීය සිනමාවේ උපත සිදු වී ඇත්තේ මෙයට අවුරුදු හැට එකකට ඉහත දී නොව අවුරුදු අසූ තුනකට ඉහත දී ය.

අප එසේ කියන්නේ ටී. ඒ. ජේ. නූර්බායි නමැති ව්‍යාපාරිකයා සිංහල චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා එකදහස් නවසිය විසි ගණන් වල දී උත්සාහයක් දරා ඇති බැවිනි.

ව්‍යාපාරිකයකු වන නූර්බායිට මුලින් ම සිංහල චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ආශාවක් ඇති වී ඇත්තේ 1923 දී බව පොත පතේ සඳහන් වෙයි. මේ අනුව ඔහු “රාජකීය වික‍්‍රමය” (අධරචත ඒඤමඥදබභපඥ)නමින් සිංහල චිත‍්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ආරම්භ කොට ඇත්තේ දකුණු ඉන්දියානු කාර්මික ශිල්පීන් ද සහය කොට ගෙන ය. මෙම චිත‍්‍රපටයට අවශ්‍ය කතාව පමණක් නොව කැමරාව ද අධ්‍යක්‍ෂණය ද, සියලු ම කාර්මික ශිල්පීන් ද ලබා ගෙන ඇත්තේ දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයෙනි.


අශෝකමාලා

“රාජකීය වික‍්‍රමය” චිත‍්‍රපටයේ සියලු ම එළිමහන් හා චිත‍්‍රාගාර දර්ශන මෙහි දී රූගත කළ නූර්බායි ඉන් පසු එහි දළ සේයා පටත් රැගෙන දකුණු ඉන්දියාව බලා පිටත්ව ගියේ එහි සංස්කරණ කටයුතුත්, පිටපත් මුද්‍රණයත් නිම කර ගැනීම සඳහා ය.

”රාජකීය වික‍්‍රමය” චිත‍්‍රපටයේ සියලු ම වැඩ කටයුතු (1925) අවසන් කිරීමෙන් පසු නිෂ්පාදක නූර්බායි එහි පිටපතක් බොම්බායේ දීත්, සිංගප්පූරුවේ දීත් ප‍්‍රදර්ශනය කළ බව පැරැණි සටහන්වල සඳහන් වෙයි.

නූර්බායි, ‘රාජකීය වික‍්‍රමය’ චිත‍්‍රපටයේ පිටපතකුත් රැගෙන ලංකාවට පැමිණීමට සූදානම් වෙමින් සිටිද්දී කිසියම් කුමන්ත‍්‍රණකාරි පිරිසක් විසින් එම පිටපතට ගිනි තැබූ බව ද පැරැණි වාර්තාවල සඳහන් වෙයි. ඉන් පසු සිදු වූයේ කුමක් දැයි කිසි තැනක සටහන් නොවෙයි.

”රාජකීය වික‍්‍රමය” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ හිටපු මුදල් ඇමැතිවරයකු වන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විසිනි. දිනක් එතුමා හමු වී මේ ගැන විමසීමක් කළෙමි. චිත‍්‍රපටයේ වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසු 1925 දී එය බොම්බායේ දී ප‍්‍රදර්ශනය කළ බවත්, පසුව කිසියම් පිරිසක් විසින් එය ගිනි තබා ඇති බව තමාට නිෂ්පාදක නූර්බායි ගෙන් දැන ගැනීමට ලැබුණ බවත් ඇන්. ඇම්. මා සමග කීය. ‘රාජකීය වික‍්‍රමය’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑම සඳහා තමන්ට නූර්බායි රුපියල් සියයක මුදලක් ගෙවූ බවත් ඇන්. ඇම්. අප සමග පැවසී ය.

1947 දී ප‍්‍රදර්ශනය කරන ලද මුළු සිංහල චිත‍්‍රපට ගණන දෙකකි.
මේ 61 වසර තුළ සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කර ඇත්තේ මේ ආකාරයෙනි.

1948 චිත‍්‍රපට 03 යි.
1949 චිත‍්‍රපට 02 යි.
1950 චිත‍්‍රපට 01 යි.
1951 චිත‍්‍රපට 02 යි.
1952 චිත‍්‍රපට 03 යි.
1953 චිත‍්‍රපට 06 යි.
1954 චිත‍්‍රපට 05 යි.
1955 චිත‍්‍රපට 07 යි.
1956 චිත‍්‍රපට 07 යි.
1957 චිත‍්‍රපට 07 යි.
1958 චිත‍්‍රපට 09 යි.
1959 චිත‍්‍රපට 09 යි.
1960 චිත‍්‍රපට 08 යි.
1961 චිත‍්‍රපට 06 යි.
1962 චිත‍්‍රපට 05 යි.
1963 චිත‍්‍රපට 09 යි.
1964 චිත‍්‍රපට 14 යි.
1965 චිත‍්‍රපට 18 යි.
1966 චිත‍්‍රපට 20 යි.
1967 චිත‍්‍රපට 21 යි.
1968 චිත‍්‍රපට 20 යි.
1969 චිත‍්‍රපට 21 යි.
1970 චිත‍්‍රපට 15 යි.
1971 චිත‍්‍රපට 14 යි.
1972 චිත‍්‍රපට 19 යි.
1973 චිත‍්‍රපට 13 යි.
1974 චිත‍්‍රපට 22 යි.
1975 චිත‍්‍රපට 28 යි.
1976 චිත‍්‍රපට 27 යි.
1977 චිත‍්‍රපට 24 යි.
1978 චිත‍්‍රපට 25 යි.
1979 චිත‍්‍රපට 27 යි.
1980 චිත‍්‍රපට 32 යි.
1981 චිත‍්‍රපට 35 යි.
1982 චිත‍්‍රපට 38 යි.
1983 චිත‍්‍රපට 33 යි.
1984 චිත‍්‍රපට 34 යි.
1985 චිත‍්‍රපට 23 යි.
1986 චිත‍්‍රපට 17 යි.
1987 චිත‍්‍රපට 17 යි.
1988 චිත‍්‍රපට 12 යි.
1989 චිත‍්‍රපට 11 යි.
1990 චිත‍්‍රපට 20 යි.
1991 චිත‍්‍රපට 24 යි.
1992 චිත‍්‍රපට 26 යි.
1993 චිත‍්‍රපට 24 යි.
1994 චිත‍්‍රපට 27 යි.
1995 චිත‍්‍රපට 23 යි.
1996 චිත‍්‍රපට 24 යි.
1997 චිත‍්‍රපට 22 යි.
1998 චිත‍්‍රපට 16 යි.
1999 චිත‍්‍රපට 20 යි.
2000 චිත‍්‍රපට 17 යි.
2001 චිත‍්‍රපට 26 යි.
2002 චිත‍්‍රපට 26 යි.
2003 චිත‍්‍රපට 26 යි.
2004 චිත‍්‍රපට 22 යි.
2005 චිත‍්‍රපට 15 යි.
2006 චිත‍්‍රපට 19 යි.
2007 චිත‍්‍රපට 16 යි.

ආතර් යූ. අමරසේන

Monday, January 4, 2010

මා බෙහෙවින් ගරුකරනා පුද්ගලයෙකුගේ අදහස්...

චිත‍්‍රපටයක් බලන්න ඕන කියලා හිතලා සිනමා ශාලාවකට යන්න හදද්දී මගේ මිත‍්‍රයෙක් කීවා මම ඔයාට සල්ලි දෙන්නම් ගෙදර ඉන්න කියලා...

අද චිත‍්‍රපට -ටෙලි නාට්‍ය හැදෙන්නේ දඩි බිඩියේ

ඇන්ඩෲ ජයමාන්න

ඔහුගේ දායකත්වය සිංහල සිනමාවට නැතුවම බැරි යුගයක් තිබිණි. වරෙක ලාංකීය සිනමා අධ්‍යක්‍ෂකවරුන් රැසකගේ සිනමා නිර්මාණ පිටුපස කැමරාව වත්තන් කරගත් මේ සොඳුරු මිනිසා එදා මෙදා තුර රිදී තිරයට එක්කළ සිනමාපට ද විශාලය.

ඔහුගේ කලා දිවිය දශක පහකට ආසන්නය. ‘හාරලක්‍ෂය, හඳයා, හංසවිලක්, තුන්වැනි යාමය, සතිපූජා, සුද්දිලාගේ කතාව, සෙයිලම, සිරිමැදුර, විසිදැල, මංගල තෑග්ග, ජුලියට්ගේ භූමිකාව ඇතුළු සිනමාපට රැසක කැමරා අධ්‍යක්‍ෂකවරයා ද ඔහුම විය.

එසේ හෙයින් වසරේ හොඳම කැමරාකරණය වෙනුවෙන් OCIC, සරසවි, මෙන්ම ජනාධිපති සම්මානයට ද ඔහු පාත‍්‍ර විණි. ඒ එදාය. දශක පහක් ගෙවුණ ද මෙතරම් නිර්මාණ කරණයේ නියැළුණු ඔහු අද හා හූවක් නැති තරම්ය.

මොහොට්ටිගේ දොන් ඇන්ඩෲ ෆීලික්ස් ජයමාන්න නොහොත් ඇන්ඩෲ ජයමාන්න නම් ප‍්‍රවීණ සිනමාවේදියා හා අප සංවාදයකට එළඹුණේ මේ නිහඬතාවය බිඳ දැමීමේ අරමුණෙනි.

මොනවද ඔබ මේ දවස්වල කරන්නේ කියන තැනින් අපි පටන් ගමු.

ඇත්තටම මේ දවස්වල කලා කටයුතු නම් කිසිම දෙයකට සම්බන්ධ වුණේ නැහැ. මගේ හිතේ අදහසක් තියෙනවා ටෙලිනාට්‍යයක් කරන්න ඕන කියන දේ.

නමුත් මේ කාලය ඒ කටයුත්තට එතරම් යහපත් නැහැ කියලයි මට හිතෙන්නේ. දැන් මගේ ළමයින් තුන්දෙනාම විදේශගත වෙලා. මම මගේ ගම් පළාත මීගමුවට වෙලා සුළු වශයෙන් වාර්තා වැඩසටහන් කරගෙන ඉන්නවා.

නමුත් ඔබ සම්මානයට පාත‍්‍රවුණ සිනමා වේදියෙක්. මෙතරම් අත්දැකීම් ඇති ඔබ නිහඬවම කලාවෙන් ඈත්වීම සාධාරණ නැහැ කියලයි මට හිතෙන්නේ.

ඔව් ඒක හොඳ ප‍්‍රශ්නයක්. මම වැඩකරන ක‍්‍රමයක් තියෙනවා. නමුත් අද මේ බොහෝ දෙනෙක් කටයුතු කරන ආකාරය ගැන ලොකු කලකිරීමක් තියෙනවා. අද මොකක්ද චිත‍්‍රපටයක් ටෙලිනාට්‍යයක් කරනවා කියන්නේ දවස් දෙකෙන් තුනෙන් ඉවරයි.

මුල් කාලයේ මට මතකයි අපි හවසට එකතුවෙලා අධ්‍යක්‍ෂක, නිෂ්පාදක, නළුනිළියන්, කැමරාමන් හැමෝම එකතුවෙලා නිර්මාණය ගැන කතා කරනවා.

හෙට දවස ගැන සැලසුම් කරනවා. සිනමා රූපයක් ගන්නවා කියන්නේ මඟුල් ගෙදරක ඡායාරූප ගන්නවා වගේ වැඩක් නෙවෙයි.

විශේෂයෙන්ම කැමරා ශිල්පියාට තිරනාටකය පිළිබඳ දැක්මක්, ජීවිතය ගැන දැක්මක් අධ්‍යක්‍ෂකවරයාගේ දර්ශනය පිළිබඳ දැක්මක් තිබිය යුතුයි. නමුත් අද එවැනි තත්ත්වයක් නැහැනේ. ඉතිං කොහොමද ඒ අය එක්ක වැඩ කරන්නේ.

ඔබ කියන විදිහට මේ කිසිම දෙයක් සිදු නොවුණත් අද බොහෝ සිනමාපට ටෙලිනාට්‍ය බිහි වෙනවනේ.

හැබැයි ඒවා දිහා බලද්දී තේරෙනවා නිර්මාණයේ තරම. අද රූපවාහිනිය කියන දේ එෆ්.එම්. රේඩියෝවක් වගේ වෙලා. හැබැයි අදට වඩා බොහෝ දෙනෙක් කතා කරන්නේ මුල් කාලයේ කළ ටෙලිනාට්‍යයනේ.

ඒ වායේ තිබුණා මේ නිර්මාණාත්මක කම. ඉස්සර චිත‍්‍රපටයක් කරලා අධ්‍යක්‍ෂක හෝ ඒ ශිල්පීන් සිනමා ශාලාව අසලට ගිහින් ඉන්නවා මිනිසුන් කියන්නේ මොකක්ද කියලා අහගෙන ඉන්න. හේතුව මේ මිනිසුන්ගේ කටෙන් එළියට එන වචනය ඒ නිර්මාණකරුවන්ට කෝටියක් වටිනවා. මේ ප‍්‍රතිචාර පුදුම විදිහට ඊළඟ නිර්මාණ වලට උත්තර සපයනවා.

යම් කලකිරීමකින් ද ඔබ කතා කරන්නේ.

කලකිරීමක් නෙවෙයි දුකයි. මුල් කාලයේ චිත‍්‍රපට හැදුනේ උළෙලවල් සඳහා නෙමෙයි ජනතාවටයි. ගීතයක් පවා ලියැවුණේ හේතුවක් ඇතිව. බලන්න ගායකයෙක් විදිහට ගත්තම ජෝතිපාල අදටත් ජනපි‍්‍රයයි.

මේක සිනමාවේ රූපවාහිනියේ පමණක් නෙවෙයි සමස්ත කලාවෙම සිදුවෙලා තියෙන දෙයක්. හොඳ කෙටිකතාවක් නවකතාවක් මෑත කාලයේ බිහිවෙලා තියෙනවද බලන්න. ඇති අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්. අතීතය ගැන කතා කරද්දී විශාල කලා ලෝකයක් තිබුණේ.

සේකර මහත්මයලා, සිරිල් බී පෙරේරා වැනි අයගේ ආභාෂය අත්දැකීම් ගනිද්දි අපි මොන තරම් නිර්මාණාත්මක වුණාද? මම උදාහරණයක් කියන්නම් අපේ පැරැණි රංගන ශිල්පියෙක් මේ මෑතකදී මට කියනවා අපි ෂූටිං ඉවරවුණාම කැමරා පෙට්ටිවලට කැමරා ලයිට් පැක් කරනවා වගේ වාහනවලට දාලා එහෙට මෙහෙට යවනවා කියලා.

මුල් කාලයේ එහෙම නැහැ ෂූටිං ඉවරවුණත් අපි නිර්මාණය ගැන කතා කරනවා.

සුමිත්ත අමරසිංහ, ඩී.බී. නිහාල්සිංහ, ඩොනල්ඩ් කරුණාරත්න, විලී බ්ලේක් වැනි එවක නමගිය කැමරා ශිල්පීන් අතර ඔබත් එක් පුද්ගලයෙක්. මේ අතීතය ගැන සිහිපත් කළොත්.

මේ හැම කෙනෙක්ම හොඳ අවබෝධයකින් සිනමාවට අවතීර්ණ වුණ අය. මට මතකයි මුල් කාලයේ යම් යම් නිර්මාණ සඳහා මට කැමරාව මෙහෙයවන්න දුන්නත් හරියට මම ඉගෙන ගන්නකම් ඒ දේ කළේ නැහැ.

‘හාරලක්‍ෂය’ චිත‍්‍රපටයට මට කතා කරද්දී මට ඒ අභියෝගය භාරගන්න පුළුවන් තැනක හිටියේ. කැමරා ශිල්පියෙක් වුණා කියලා ඔහු කැමරාව පිටුපස හිටියට වැඩක් නැහැ. තිර නාටකය, ආලෝකය, සංස්කරණය, චරිත නිරූපණය මේ සියලු දේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. අද වෙන්නේ මොකක්ද ෆොටෝ ටිකක් එකට එකතු කරලා ගැට ගහන එකනේ.

ඔබ හරහා බිහිවුණ බොහෝ නිර්මාණකරුවන් ඉන්නවා. බොහෝ පාඨමාලා කැමරාව, සංස්කරණය, රූපවාහිනිය, සිනමාව පිළිබඳ ඔබ කළා. ඒ හැමදේම ඇන හිටියද?

(සිනාසි) මම පාඨමාලා කළා නම් තමයි. ඒ හරහා බිහිවුණ ගොඩක් දෙනෙක් අද වෘත්තිය මට්ටමේ නියැලිලා ඉන්නේ. නමුත් පහුවෙනකොට අපට වෙච්ච දේ තමයි අපි කැමරාව ඉගැන්නුවට පස්සේ කිසි කෙනෙක් පංතියට එන්නේ නැහැ.

එතනින් පස්සේ ඒ අය ඉගෙන ගෙන ඉවරයි කියලයි හිතන්නේ. සංස්කරණය, රංගනය, පිටපත් රචනය මේ කිසිම දෙයක් දන්නේ නැතුව කැමරාව අතට අරන් වැඩට බහිනවා. මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕන කැමරාවට මොළයක් නැහැ අපේ මොළයයි එතෙන්ට දාන්න ඕන කියන දේ.

අද තාක්‍ෂණය එන්න එන්නම දියුණුයි. මේ දියුණු තාක්‍ෂණය සිනමා කැමරාව පිටුපසත් තියෙනවා නේද?

සත්තකින්ම. මොන දේ දියුණු වුණත් කැමරා ශිල්පියාට ඇහැක් විතරක් තිබිලා මදි. ඔහුට හොඳ දැනීමක්, කන්දෙකක්, ඉවක් අවබෝධයක් තියෙන්න ඕන. අද අපි තරග කරන්නේ මේ මොහොතේ ඇමරිකාවේ ශිල්පීන් හදන රූප රාමුත් එක්ක කියන දේත් අමතක කරන්න හොඳ නැහැ.

ඔබ අවසන් වරට කැමරා අධ්‍යක්‍ෂණයෙන් දායක වුණේ ‘එක මලක පෙති’ චිත‍්‍රපටයට. හොඳයි ඔබ මෑතකදී නැරඹූ චිත‍්‍රපටය ගැන කතා කළොත්.

‘එක මලක පෙති’ චිත‍්‍රපටයට දායක වුණාට පස්සේ තවම මම සිනමා නිර්මාණයකට දායක වුණේ නැහැ. ඒ වගේමයි පසුගිය මාස දෙක තුන තුළ චිත‍්‍රපටයක් නම් බැලුවේ නැහැ යම් යම් පෞද්ගලික වැඩකටයුතු නිසා. මේ මෑතකදී කොහොම හරි චිත‍්‍රපටයක් බලන්න ඕන කියලා හිතලා සිනමා ශාලාවකට යන්න හදද්දී මගේ මිත‍්‍රයෙක් කීවා මම ඔයාට සල්ලි දෙන්නම් ගෙදර ඉන්න කියලා.

ඔබේ පුතාලත් කලා නිර්මාණ සඳහා දායකත්වය ලබා දුන්නත් අද ඔවුන් විදේශගත වෙලා.

ඇත්ත පුතාලා තුන්දෙනාම මාත් එක්ක වැඩකළා. නමුත් යම් යම් හේතූන් මේ ක්‍ෂේත‍්‍රයේ ඇස ගැටුණ නිසා එයාලට මේක එපාම වෙලයි විදේශ ගතවුණේ. මුල් කාලයේ අපට තිබුණ වගේ පරිසරයක් ඒ අයට නැහැ.

අර කතාවක් තියෙනවනේ “චිත‍්‍රපට කරන එක නම් හොඳයි හැබැයි බත් කන්න රස්සාවකුත් කරපං පුතේ” කියලා. ඉතිං ඒ අය විදේශගත වෙලා කලාවෙන් ඈත්වීම ගැන දුකක් මට නැහැ.