.

Showing posts with label paris. Show all posts
Showing posts with label paris. Show all posts

Saturday, December 19, 2009

ශීත සෘතුව...


මේ දවස්වල ශීත සෘතුව ...හැම යුරෝපීය රටකම හිම වැටෙනවා ඊයේ මම ජීවත්වන පැත්තට ලොකු හිම පතනයක් කඩා වැටුනා.පැරිසිය බලා යන RER විදුලි දුම්රියක් ස0ඥා පද්ධතියේ දෝෂයක් නිසා පැය කිහිපයක් මෙසේ නැවතී තිබුනා...












Monday, November 23, 2009

නිමා නොවුනු සිත්තමක්...



හිත ගෙවෙනකම්ම හිතනවා
හිත දුවන්නන් වාලේ දුවනවා....
අතීතයට .මෑතට සහ ඈතට දෝලනය වෙනවා...,
ඒ අතර ඔබත් ඉන්නවා...,
ගෙවුනු සෑම සිදුවීමකම කෙටි හෝ සටහනක් සිතට නගාගෙන
රසවිදින්ට පුලුවන් ...
ඒත් අනාගතය රසබර සිතිවිල්ලක් විතරයි...ඒ නොපැමිණිනු අනාගතයට මම ආදරෙයි...
හරියට ඒක නිමා නොවුනු සිත්තමක් වගෙයි...
ජීවිතයේ විඩාව සමග වියපත් වන මා ...,ජීවිතයට නව අරුතක් සොයනවා..
හෙට ඒ දිනය උදවේවිද...???

සුමිත් ජයන්ත ඩයස්

දිනය 21 /10 /09 වේලාව 14 .00
පෑරිසියේ දුම්රිය මෑදිරියක් තුලට වී ක‍ටු ගෑ සටහනක්...